27/11/2025
සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම මම අද ඔයාලට අරාබි අය කන කෑමක් අරගෙන ආවා..මොනවද දන්නවද ෆැලෆීල් කියලා තමයි මේකට කියන්නෙ..මේක හරිම රසවත් කෑමක් හරියට අපේ පරිප්පු වඩේ වගේ..ඔයාලත් හදලා බලන්න කැමතිනම්..
ඕන කරන දේවල් පහතින්
කඩල 300g.
අමු මිරිස් කරල් 4,5.
අමු ඉගුරැ කැබැල්ලක්.
සුදුලූණු බිකි 3,4.
තරමක ප්‍රමාණයේ ලුණු ගෙඩියක්..
රස අනුව ලුණු.
පාස්ලි කොල හෝ කොත්ත මල්ලි කොල 50g.
ආටා පිටි මේස හැදි 02 ක්
තල ඇට මේස හැන්දක් (තියනවානම් විතරක් අවශ්‍යම නෑ)
බැඳගැනීම සදහා තෙල්.
හදන විදිය පහලින්..
පලමුව කඩල ටික හොදට හෝදගෙන පෙගෙන්න දාගන්න ඕන..මේක අඩුම පැය 6ක් වත් පෙගෙන්න අවශ්‍යයි..කඩල ටික පෙගෙන්න දානකොට බේකින් පව්ඩර් ටිකක් දාගෙන පොගව ගන්න..එතකොට කඩල හොදින් පෙගෙනවා..
දැන් කඩල ටික හෝදලා අරන් ග්රයින්ඩර් එකට දාගෙන ඒකට සුදුලුණු,ඉගුරැ,අමුමිරිස්,,ලුණු, පාස්ලි හෝ කොත්තමල්ලි කොල ටික දාගෙන හොදින් අඹර ගන්න හරියට අපි පරිප්පු වඩේ හදන්න පරිප්පු අඹර ගන්න ප්‍රමාණයට ග්රයින්ඩර් එකක් නැති අයට මිරිස් ගලේ දාලා අඹරලා හරි වංගෙඩියක දාලා කොටලා හරි ගන්න පුලුවන්. ඒ විදියට කරනවා නම් පාස්ලි හෝ කොත්තමල්ලි කොල ටික හීනිවට කපලා එකතු කරගන්නත් පුලුවන්. හොදින් ඇඹරැනාට පස්සේ භාජනයකට දාගෙන ඒකට ආටා පිටි ටික දාගෙන හොදට මිශ්‍ර කරගන්නවා මේකට පාන් පිටි දාන්නත් පුලුවන්,ඊට පස්සේ තල ඇට තියනවානම් මේස හැන්දක් විතර මිශ්‍රණයට එකතු කරගෙන පුංචි පුංචී බෝල හදාගන්නවා..මේ සදහා මේස හැන්දක් උනත් පාචිච්චි කරලා අපේ වඩේ හැඩයට උනත් හදාගන්න පුලුවන්..මේ බෝල හදනකොට ගොඩක් අතින් තද කරගන්න හොද නෑ එතකොට ෆැලෆීල් ඇතුල බැදෙන්නෙ නෑ ..ඒවගේම හයිය වෙනවා..
ඊට පස්සේ බැඳගැනීම සදහා භාජනයකට තෙල් දාගෙන තෙල් ටික හොදින් රත් කරගන්නවා.මෙහිදී
තෙල් ෆැලෆීල් බෝල වැහෙන ප්‍රමාණයට තිබිය යුතුයි.ලිපේ ගින්දර අඩුකරගෙන කලින් හදා ගත්ත ෆැලෆීල් බෝල දුඹුරැ පැහැයට එනතුරැ හොදින් බැඳගන්නවා..
හදලා ඉවරයි..මේ ෆැලෆීල් රස්නෙන් කනකොට හරිම රසයි..ඔයාලට මේක ගාර්ලික් සෝස් හෝ තක්කාලි සෝස් එක්ක කන්න පුලුවන්නම් මාරම රසයි..ඔයාලත් කැමති නම් හදලා බලන්න, රස කාරක නෑ ගුණයෙන් ඉහලයි..😊Good day to everyone!
Today I brought you a dish that Arabic people eat. Do you know what it is? It’s called Falafel. This is a very delicious dish, just like our Parippu Vade (Dhal Vade). If you would like to try making it, here is how.
Ingredients Needed:
Chickpeas: 300g
Green chili pods: 4-5
A piece of raw ginger
Garlic: 3-4 cloves
A medium-sized onion
Salt to taste
Parsley leaves or Coriander leaves: 50g
Atta flour (wheat flour): 2 tablespoons
Sesame seeds: 1 tablespoon (Only if you have them, not essential)
Oil for frying.
Method of Preparation:
Soaking: First, wash the chickpeas well and set them to soak. They need to soak for at least 6 hours. When soaking, add a little baking powder to the water; this helps the chickpeas soak thoroughly.
Grinding: Now, wash the soaked chickpeas again and put them into a grinder. Add the garlic, ginger, green chilies, onion, salt, and the parsley or coriander leaves. Grind everything well. The consistency should be similar to how we grind dhal for Parippu Vade.
Mixing: After grinding well, transfer the mixture to a bowl. Add the Atta flour and mix well (you can use all-purpose/bread flour for this too).
Shaping: If you have sesame seeds, add about a tablespoon to the mixture now. Then, form small balls. You can use a tablespoon to help shape them, or even shape them flat like our traditional Vade.
Important: When making the balls, do not press them too hard with your hand. If you do, the inside of the Falafel won't fry properly, and they will become hard.
Frying: Pour oil into a pan for frying and heat it well. There should be enough oil to cover the Falafel balls completely. Lower the flame, add the Falafel balls you prepared, and fry them until they turn a golden brown color.
All done! These Falafels are very delicious when eaten hot. They taste incredible if you can eat them with garlic sauce or tomato sauce.
If you like this, give it a try! It has no artificial flavor enhancers and is high in nutrition. 😊