S H A N

S H A N Single Life

කොරියාවට ගිහින්, හොඳට හම්බ කරලා, ලස්සනට ගෙයක් දොරක් හදාගෙන ජීවිතේ ජයගන්න තිබ්බ තරුණ ජීවිතයක්... 🥹 ජීවිතේට ප්‍රශ්න එනවා ත...
13/07/2026

කොරියාවට ගිහින්, හොඳට හම්බ කරලා, ලස්සනට ගෙයක් දොරක් හදාගෙන ජීවිතේ ජයගන්න තිබ්බ තරුණ ජීවිතයක්... 🥹 ජීවිතේට ප්‍රශ්න එනවා තමයි, ඒත් ඒ හැම දේකටම අවසාන විසඳුම මේක නෙවෙයි. ඇත්තටම මේක හිතාගන්න බැරි අකල් වියෝවක්. 💔
​අද රෑ නිදාගන්න කලින් අහම්බෙන් දැකපු ඒ ලයිව් වීඩියෝ එක මාව මුළුමනින්ම ගැස්සුවා. තමන්ගෙම ජීවිතේ නැති කරගන්න හැටි ලයිව් එකකින් දකිද්දි දැනුන හැඟීම වචන කරන්න බෑ. හැමදේටම වඩා, අවසානයේ ඒ අහිංසක අම්මා තමන්ගෙ පුතා එල්ලිලා ඉන්නවා දැකලා,

වේදනාවෙන් කෑගහලා අඬපු විලාපය තාමත් මගේ කන් අස්සේ දෝංකාර දෙනවා. 😭 කිසිම අම්මෙකුට, කිසිම දවසක මෙන්න මේ වගේ දුකක් නම් අත්විඳින්න ලැබෙන්න එපා!
​මීට වඩා කොච්චර ප්‍රශ්න, බරපතල ගැටලු තියාගෙන දරු පවුල් ජීවත් කරවන්න මිනිස්සු පොරබදිනවද? විසඳගන්න බැරි තරම් මොන වගේ ප්‍රශ්නයක්ද ඒ දරුවට තිබුණේ? 🥺

​මොන තරම් දරුණු ප්‍රශ්නයක් ආවත්, කරුණාකරලා තමන්ගේ ජීවිතේ නැති කරගන්න නම් හිතන්න එපා. ඒකෙන් කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ; සිද්ධ වෙන්නේ වටපිටේ ඉන්න, තමන්ට ආදරේ කරන අයට කවදාවත් විසඳන්න බැරි ලොකු ප්‍රශ්න වැලක් ඉතුරු කරලා යන එක විතරයි. ජීවිතේට එන හැලහැප්පීම් දරාගන්න පුළුවන් උපරිම ශක්තිය සහ ඉවසීම හිතට ගන්න. ❤️

​🥺 ජීවිතේ තනිවම විසඳගන්න බැරි, හැමදේම එපා වුණු මොහොතක් ආවොත්, ඒ වෙලාවට තනියම තීරණ ගන්න එපා. ළඟම ඉන්න යාළුවෙක්ට, විශ්වාසවන්ත කෙනෙක්ට ඔබේ හිතේ බර කියන්න. ඒ අමාරු මොහොත පහු වෙනකන් හිත හයිය කරගන්න. එහෙමත් නැත්නම්, පැය 24 පුරාම ක්‍රියාත්මක ජාතික මානසික සෞඛ්‍ය උපකාරක අංකය වන 1926 ට කතා කරන්න. 🙏
​මගේ කරුමෙකටද මන්දා මට ඒ වීඩියෝ එක දකින්න ලැබුණේ. ඒ අම්මාගේ කෑගැසීම තාම හිත ඇතුළේ වැඩ කරනවා, ඇස් පියාගන්න බෑ. මට හිතෙනවා සෑහෙන දවසක් යනකන් මට ලේසියෙන් නින්ද යන එකක් නැහැ කියලා. ඒ රූප රාමු ඇස් ඉදිරියේ මැවි මැවී පේනවා. 😞
​මේ වගේ අවාසනාවන්ත දේවල් මින් ඉදිරියට කවදාවත් අහන්න, දකින්න නොලැබේවා!
දිනේෂ් සහෝදරයා, ඔබට නිවන් සුව අත්වේවා! 🕊️✨

゚ ゚viralシ ゚viralシfypシ゚

Address

Emirates Mall
Dubai
0

Website

Alerts

Be the first to know and let us send you an email when S H A N posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share