Laksala Dubai Market

Laksala Dubai Market Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Laksala Dubai Market, Digital creator, Dubai.

UAE වාසය කරන ශ්‍රීලාංකීය අපේ අයට අත් වැලක් වෙන්න නම් දරාපු හොදම තැන. පුළුවන් හැමෝම follow කරලා like කරලා අපිට එකතු වෙන්න. ආදරෙයි හැමදාමත්. ❤️❤️❤️❤️❤️

Regulated UAE Business Operating under Trade License No. 1108820 issued by Economy & Tourism Dubai.

Laksala Dubai Market - දොළොස් වන කොටස (Part 14) 🌹අපේ කාලයේ යුවතියකගේ නොසැලෙන වීර්යයේ කතාව...ඉතින් පීටස් සිල්වා ගේ අභාවයෙ...
14/08/2026

Laksala Dubai Market - දොළොස් වන කොටස (Part 14) 🌹
අපේ කාලයේ යුවතියකගේ නොසැලෙන වීර්යයේ කතාව...

ඉතින් පීටස් සිල්වා ගේ අභාවයෙන් පසු හේමන්ත ද සිල්වා ඒ කියන්නේ පීටස් සිල්වා ගේ පුතා වැලිගම පුවක් වත්තේ නිවසට යාම් ඊම් කළේය. මධුවන්තිලත් ඔවුන්ගේ ව්‍යාපාර තියෙනේ ප්‍රදේශයට කතරගමට යන්න හිතාගෙන කාලය ගෙවී ගියාය. දැන් පුංචි හිරුනි මොන්ටිසෝරි යන වයස. මම ඉහත යම් අවස්ථාවකදී ඒ ගැන සදහන් කලා මට මතකයි. ෆෙඩ්රික් විජේසුරියත් දැන් වයසට යමින් ඉන්න කාලයේ උනත් තමන්ගේ ව්‍යාපාර වලින් ඈත් උනේ නැති තරම්. සුනේත්‍රා සහ ඔහු සුපුරුදු පරිදි සියලු දේ කරගෙන දැන් වෙන කොටත් විවාහ වී නැති පාසල් යන දරුවන් වත් බලා කියාගෙන වාසය කලෝය. මේ අතර දේශපාලන වෙනස්කම්ද ලංකාව අතුලත සිදුවිය. ෆෙඩ්රික් විජේසුරිය මේ කිසිම දේශපාලනයකට නැතත් ඔහුගේ ව්‍යාපාරය සමග එකතු වුනු මිත්‍රයන් හිටියා දේශපාලනය කරන. ගොඩක් ලගින්ම ඉන්න යහළුවන් හිටියා. ඉතින් ඔය වගේ හිටිය එක යාලුවෙක් ගෙන් නම් ෆෙඩ්රික් විජේසුරිය්ට පුදුම කරදරයක් තිබුණි. " අනේ ෆෙඩ්රික් උබට ගොඩක් කැමති මට ඒ චන්දය අරගෙන දීපන්, මම මේ ගමට රටට හොදට සලකනවා උබ දන්නවනේ මාව". කියල හැම තිස්සෙම කරදර කළා.
ඉහින් ඔන්න දවක් අව කියන්නකෝ. කතාව රසවත් හරියට dan ඇවිත් තියෙන්නේ අපිව follow කරලා තියාගන්න. 🌹🌹🌹🌹🌹🌹

14/08/2026

යශෝධරා පිලිමයට වැදුම් පිදුම් කිරීම කාන්තාව වූ හැම දෙනාටම වගේ පිරිමි අයටත් ඒ අයගේ ජිවිතේ අලුතින් පටන් ගන්න අලුත් විදියට ආශීර්වාදයක්‌ වෙනවා මේ යසෝදරා තෙරණියන්ට වැද නමස්කාර කිරීම. තමන් කර තිබෙන සමහර නොදැන හෝ වරදවල් අහෝසි වී යනව.
ඉතිං කාන්තාවන් ගැනම සිතා අපි නිර්මාණය කල මේ 13" පිලිමය, 20Step පැමිණ හෝ නිවසටම ගෙන්වාගෙන ගත හැක.
පහත තියෙන අපේ link එක follow කරලා තියා ගන්න. ඔයාලට විශේෂ වට්ටම් අපේ ආයතනයෙන් ලබා ගත හැක.

𝐋𝐀𝐊𝐒𝐀𝐋𝐀 𝐃𝐔𝐁𝐀𝐈
🇱🇰Twenty Step🇦🇪

www.twentystep.com
https://g.co/kgs/5jW3Kmc

Shop No.S14,
Building No.M05,
Persia Cluster,
International City,
Dubai, UAE.
04-5706166
+971507155642
+971507254872

14/08/2026

Good morning All❤️❤️❤️❤️

Rasa Style - දහතුන් වන කොටස (Part 13) 🌹අපේ කාලයේ යුවතියකගේ නොසැලෙන වීර්යයේ කතාව... 📖✨💐පීටස් සිල්වාගේ රෝගී තත්ත්වය දින කි...
13/08/2026

Rasa Style - දහතුන් වන කොටස (Part 13) 🌹
අපේ කාලයේ යුවතියකගේ නොසැලෙන වීර්යයේ කතාව... 📖✨

💐පීටස් සිල්වාගේ රෝගී තත්ත්වය දින කිහිපයකින් හොඳ අතට හැරී ඔහුට නිවසට පැමිණීමට හැකි විය. ඒ නිසා සියලු දෙනාම හරිම සතුටින් හා සැනසීමෙන් නැවත තම තමන්ගේ වැඩකටයුතු සඳහා නිවෙස් බලා ගියහ.

මේ හැම දේම වෙද්දී පීටස් සිල්වාගේ ලොකු පුතා තවමත් නිවසට පැමිණියේ නැත්තේ පීටස් සිල්වා දුන් දැඩි අණ නිසාය. ඔහු කීවේ, "සිසිලියා නෝනේ, ඔය ගොනව නම් මෙහෙ එන්න දෙන්න එපා. මෝඩයා ඉගෙන ගන්න යැව්වම කරත්තයක් පදව පදවා ඉන්න ගත්තා. දැන් ඉතින් ඒක පදව පදවා ඉන්න කියන්න ඕනේ... මෙහෙ එන්න තහනම් නෝනෙ" යනුවෙනි.

කෙසේ වෙතත්, වෙලාවක් ලැබුණු ගමන් මැදගමට ගොස් ලොකු දුව, පුතා සහ මිනිපිරී බලා එන පීටස් සිල්වා මුදලාලි සැනසුනේ ලොකු දුවගේ කෙළිපොඩිත්තගේ මූණ දැකීමෙනි. මේ අතර දැනගන්න ලැබුණේ ලොකු පුතාගේ බිරිඳ නැති වුණා කියන පණිවිඩයයි. නමුත් ලොකු පුතා නැවත දැකීමට හෝ හිත හදා ගැනීමට පීටස් සිල්වා මුදලාලිට කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නැත.

තම බිරිඳ සිසිලියා පුළුවන් හැම වෙලාවකම පෙරැත්ත කළත්, පීටස් සිල්වා ගලක් මෙන් දැඩිව ජීවත් විය. සිසිලියා නෝනා ඒ නිසා පන්සල මත්තේම හිත හදාගෙන දූලා දෙనాත් බලාගෙන කාලය ගත කළාය.

මේ අතර හදිස්සියේ ඇති වූ හෘදයාබාධයකින් පීටස් සිල්වා කිසි කෙනෙකුට සිතාගන්නවත් වෙලාවක් නොදී එකවරම මෙලොව හැර ගියේය.
ඉතින් කෝටි ගානක දේපල කවුරු බලා ගනීද, සිසිලියා ද සිල්වට පුළුවන් වේවිද ඒවා හැම එකක්ම පාලනය කරන්න. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. Follow කරලා.. මේ සත්‍ය කතාවක අතීතය තවම ගාලා ගෙන යන්නේ.... අවසානයේ දී කියන්නම් මෙහි ඇත්තම අයව. ඉතිං අපිත් එක්ක හැමදාම රැදෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹

Laksala Dubai Market - දොළොස් වන කොටස (Part 12) 🌹අපේ කාලයේ යුවතියකගේ නොසැලෙන වීර්යයේ කතාව... 📖✨💐​මේ වගේ ලස්සන සුන්දර කාල...
12/08/2026

Laksala Dubai Market - දොළොස් වන කොටස (Part 12) 🌹
අපේ කාලයේ යුවතියකගේ නොසැලෙන වීර්යයේ කතාව... 📖✨

💐
​මේ වගේ ලස්සන සුන්දර කාලයක් හිරුනිගේ ගෙවී යද්දී, වලව්වේ ජීවිතය මධුවන්තිටද කැමති පරිදි ගෙවාගෙන යාමට රන්දුලගේ නිවසින් කිසිදු බාධාවක් නොවීය. රන්දුලගේ නැගණියන් මධුවන්තිට බොහෝ සේ ආදරය කළේ, ඇය හැමවෙලාවකම හැමෝටම උදව් කරමින්, කාගේවත් හිත නොරිදවා, සිනහවෙන් ජීවිතය ගත කළ නිසාය.
​නමුත් තෙරුනිගේ මව—ඒ කියන්නේ නිරුපමා—ඊට හත්පසින්ම වෙනස් කෙනෙක් විය. ඇය ඉතාමත් සුන්දර, ලස්සන කාන්තාවක් වූ අතර, මෝටර් රථ පදවන්නට ද දක්ෂතාවක් තිබුණි. ඊට අමතරව ඇය බතික් ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගියාය. රන්දුලගේ මල්ලි පැඟිරි, රෙදි සහ හාල් ව්‍යාපාර සිදු කළ නිසා, ඔවුන්ගේ අතේ හැම වෙලාවකම යහමින් මුදල් තිබුණේය. මධුවන්තිට එතරම් විශාල ව්‍යාපාර නොතිබුණත්, රන්දුලට තිබූ ව්‍යාපාරය ඇයට සියලු දේ කරගැනීමට හොඳටම ප්‍රමාණවත් විය.
​මෙම කාලය වන විට මධුවන්තිගේ පවුලේ ද බොහෝ වෙනස්කම් සිදුවී තිබුණි. මධුවන්තිගේ අයියා වන හේමන්ත්ත, දඩබ්බර කමින් කරගත් විවාහය බිඳී යාම නිසා කොළඹට වී වාසය කළේය. මේ අතර, හේමන්ත්තගේ බිරිඳට හදවතේ සිදුරක් තිබූ බැවින්, ඇය සිව්වන වරටත් මව් పదවිය බලාපොරොත්තු වන අතරතුර හතිය වැඩිවී අକාලයේ මෙලොව හැර ගියාය.
​ඒ වන විට හේමන්ත්තට ලස්සන දියණියන් දෙදෙනෙක් සහ පුතෙක් සිටි අතර, මවගේ වියෝවෙන් ඒ දරුවෝ තනිකමට පත් වූහ. කෙසේ වෙතත්, හේමන්ත්තගේ බිරිඳගේ අවිවාහක නංගි වන කසුනිකා, දරුවන් රැක බලා ගැනීමේ අදහසින් ගම්පහ ඉබුලානේ පිහිටි එම නිවෙසටම වී වාසය කරන්නට වූවාය.
​මේ අසීරු කාලය වන විට මධුවන්තිගේ පියා, ලොකු පුතාගේ ප්‍රශ්න නිසා සිතේ ඇති වූ සිත්කලකිරීම් සහ ජීවිතයේ ගැටලු සමඟ පොරබදා වයසට ගොස් තිබුණි. දවසක් තලවකැලේ සිට කොළඹ බලා එන අතරතුර, ඔහුට හදිසියේ අසනීපයක් වැළඳුණි. කොළඹට ළඟා වන තෙක් ඉවසައިගත නොහැකි වූ තැන, ඔහු ළඟම තිබූ හදිසි ප්‍රතිකාර ඒකකයකට (Nursing Home) ඇතුළත් කෙරුණි.
​මධුවන්තිගේ පියාට ඉදිරියේදී තව මොන වගේ සිදුවීම්වලට මුහුණ පාන්න වේවිද? කෝටි ගණනක් වටිනා දේපළ කවුරු බලාගනීවිද?
Follow කරලා අපිත් එක්ක ​රැදී ඉන්න. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

With Aruna and Dilini – I'm on a streak! I've made it onto their weekly engagement list 8 weeks in a row. 🎉
12/08/2026

With Aruna and Dilini – I'm on a streak! I've made it onto their weekly engagement list 8 weeks in a row. 🎉

මෙවැනි නිර්මාණ අපෙන් ලබා ගත හැක. 050 715 5642 /+971507254872
12/08/2026

මෙවැනි නිර්මාණ අපෙන් ලබා ගත හැක.
050 715 5642 /+971507254872

Address

Dubai

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 11:00 - 23:00
Wednesday 10:00 - 23:00
Thursday 10:00 - 23:00
Friday 10:00 - 23:00
Saturday 10:00 - 23:00
Sunday 11:00 - 23:00

Telephone

+971507155642

Alerts

Be the first to know and let us send you an email when Laksala Dubai Market posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Laksala Dubai Market:

Shortcuts

Share