Thanu & Sandu

Thanu & Sandu Diary With Mr & Mrs🌈

සුන්දර සරල ජිවිතේ...🌈

ඔන්න අපේ පළවෙනි Vidieo එක Upload කරා🌈❤️
26/05/2025

ඔන්න අපේ පළවෙනි Vidieo එක Upload කරා🌈❤️

Hi Gys...,ඉස්සරහට ලස්සන ලස්සන Vidieos බලන්න පුලුවන්😇 එහෙනම් Subscribe කරලා Like කරලා Share කරලා Support එකක් දෙන්න ❤️🌈
26/05/2025

Hi Gys...,
ඉස්සරහට ලස්සන ලස්සන Vidieos බලන්න පුලුවන්😇 එහෙනම් Subscribe කරලා Like කරලා Share කරලා Support එකක් දෙන්න ❤️🌈

සුන්දර සරල ජිවිතේ...🌈

විවාහ ජීවිතයේ කලක් ගත වුණාම ,තමන්ගේ partner ගැන කිසිම හැඟීමක් ,දැනීමක් නැති පුද්ගලයෙක් වගේ හැසිරෙන්නේ ඇයි...🤔🌹 කේන්ති ගි...
14/02/2025

විවාහ ජීවිතයේ කලක් ගත වුණාම ,තමන්ගේ partner ගැන කිසිම හැඟීමක් ,දැනීමක් නැති පුද්ගලයෙක් වගේ හැසිරෙන්නේ ඇයි...🤔

🌹 කේන්ති ගියාම, කටට එන වචන ඔක්කොම ඔහේ කියලා දානවා....බනින ඔයාට එවා නිකන්ම නිකන් වචන වුණාට ...ඒ දරුණු වචන...ඔබ ආදරය කරන පුද්ගලයාගේ හිත දරුණු විදිහට රිදෙන්න පුළුවන් .

🌹 ඔයා ආදරය කරන කෙනා...ඔයාගේ ළඟටම වෙලා ඉන්නවට ඔයා කැමති වුණාට ....එයා ,
එයාගේ පවුලේ අය , නෑදැයන්, යාහළුවෝ එක්කත් කාලය ගත කරන්න කැමතියි කියලා ...හිතුනේ නැද්ද ...

🌹 ඔයා ආදරය කරන පුද්ගලයා ...ගෙදර වැඩ, රාජකාරි වැඩ, අධ්‍යාපන කටුයුතු , දරුවන්ගේ වැඩ එක්ක....මොන තරම්....ශාරීරික ,මානසික වෙහෙසකට පත්වෙලා ඉන්නවා ද කියලා හිතෙන්නේ නැද්ද ...

🌹 ඔයා ආදරය කරන පුද්ගලයා ....ඔයාගේ අවධානය , ආදරය බලාපොරොත්තු වෙන් , ඉන්නවා කියලා හිතෙන්නේ නැද්ද ...

🌹 ඔයා ආදරය කරන පුද්ගලයා ...ඔයත් තනියම කාලය ගත , කතා කරන්න...බලාගෙන ඉන්නවා කියලා හිතෙන්නේ නැද්ද ...

🌹 ඔයා ආදරය කරන පුද්ගලයා , අසණීප වෙලා ඉන්න කොට ...ඔයාගේ ,අවධානය බලාපොරොත්තු වෙනවා කියලා හිතෙන්නේ නැද්ද ....

කාට හෝ මනුස්සෙක්ට ...තමන් ආදරය කරන කෙනා ගැන කාලයක් යනකොට මෙහෙම හිතෙන්නේ නැත්තම් , ඒ මනුස්සයා මහා ආත්මාර්ථකාමි මනුස්සයෙක්.

( කාලයක් යනකොට කිව්වේ...ඕනෑම කෙනෙක් ,මුල්කාලේ පුදුම ආදරයකින් ඉදලා ඊටපස්සේ ,ඒක දියවෙලා යනවා🥴)

සමහර මිනිස්සු ඉන්නවා , තමන්ගේ partner එක්ක ඉන්නේ වෛරක්කාරයෝ වගේ.😕

අවුරුදු ගානකට කලින් ,කියපු ,කරපු දේවල් හිතේ තියාගෙන ඉදලා...පළිගන්න, මිනිස්සු ඉන්නවා .😕

විවාහ ජීවිතයට , ඔයා කාව හෝ තෝරා ගන්නවා නම්, ඒ පුද්ගලයා හරහා ...

යම් යම් පීඩාවන් වෙන්න පුළුවන් .

අඩුපාඩු වෙන්න පුළුවන් .

එහෙම වුණා කියලා , තරහා කාරයෝ වගේ හැසිරෙන්න එපා .

අනෙක් කෙනාගේ හැඟීම් ගැන කිසිම අවබෝධයක් නැතුව ජීවත් වෙන්න එපා.

මොන තරම්....දැන උගත් , වත්කම් තිබුණත් , ආදරය කියන කොටසදි...ඕනෑම මනුස්සයෙක් බැඳෙන්නේ හැඟීම් වලින්.

එවා තේරුම් ගන්න.

හැමතිස්සේම මතක තියාගන්න ...ඔයාගේ ආදරය ...ඔයාගේ partner ට දැනෙන්නේ ...ඔයාගේ වචන , හැසීරීම් වලින් කියලා .

හිතේ තියෙන අටමඟල් කාටද පේන්නේ 🥴

හොඳට මතක තියාගන්න ...ඔයාගේ ආදරය ...ඔයා හොඳින් ඔයාගේ partner ට පෙන්නුවේ නැත්තම් ,එයා ලොකු මානසික පීඩාවට වගේම...depression වලටත්, හරිම පහසුවෙන් ගොදුරු වෙන්න පුළුවන් කියලා .

ආදරයක් හින්දා ...මිනිස්සු විඳවන හැටියක් 🥴

ගැහැනු /පිරිමි දෙපාර්ශවයටම අඳාලයි .

06/02/2025

ජීවිතේ ඉන්නෝන එහෙම කෙනක්...!🌸
🖇️උඹත් එක්ක ජීවිතේ බෙදාගන්න පුළුවන් කෙනෙක්.කිසිම ලෝබකමක් නැතුව උඹ වෙනුවෙන් කාලය වැය කරන කෙනක්. උඹේ සතුට වෙනුවෙන් , උඹේ හිනාවක් වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙච්ච කෙනෙක්.උඹට ජීවිතේ ඉන්නෝන උඹ කඩන් වැටෙන වෙලාවට උඹත් එක්කම බිම පතබෑවෙන නෙවෙයි, උඹව අල්ලගන්න පුළුවන් කෙනෙක්. ඒ විශ්වාසය තියෙන කෙනෙක්.උබට ඕනි උඹේ පංතියෙ, උඹේ ලගින් වාඩිවෙලා යන්න පුළුවන් කෙනෙක්. උඹ හිටගන්න පොළොවෙම උඹත් එක්ක හිටගන්න පුළුවන් කෙනෙක්.පුංචි,පුංචි දේවල් එක්ක ඔට්ටු වෙලා ඒව මහා ලොකු දේවල් කරගෙන , හේතු හදාගෙන උබව වැරදිකාරයෙක් කරන කෙනෙක් නෙවෙයි. උඹ නිවැරදි වෙන තැනට වැඩ කරන කෙනක්.හැම වෙලාවෙම නැති උනත් ඕනි හැම වෙලාවකම උඹත් එක්ක ඉන්න පුළුවන් කෙනක්. උබව තනිනොකර උඹත් එක්ක ජිවිතේ ට මුහුණ දෙන්න පුළුවන් කෙනක්.උඹට ඕනි උඹව විශ්වාස කරන කෙනක්. උඹව හිර නොකර නිදහස් කරල උඹට ලෝකය දකින්න , විදින්න ඉඩ දීල පැත්තකින් ඉදන් උඹව පරිස්සම් කරන කෙනක්.ඇත්තටම උඹේ ජීවිතේ ඉන්න ඕනි,උඹත් එක්ක ජීවිතේ විදවන්න නෙවෙයි උඹත් එක්ක එකතුවෙලා ජීවිතේ විදින්න පුළුවන් කෙනෙක්.💞

ගැහැණියකට ලැබෙන්න ඕනේ මේ වගේ පිරිමියෙක්...ලෝකයක් තමන්ට ඇඟිල්ල දික් කළත් තමන්ගේ පැත්තේ හිටගන්න පිරිමියෙක්...තමන්ගේ හීන, බ...
05/02/2025

ගැහැණියකට ලැබෙන්න ඕනේ මේ වගේ පිරිමියෙක්...

ලෝකයක් තමන්ට ඇඟිල්ල දික් කළත් තමන්ගේ පැත්තේ හිටගන්න පිරිමියෙක්...

තමන්ගේ හීන, බලාපොරොත්තු මරලා දාන්නේ නැති, අඩියක් පස්සට ගියත් ආයෙමත් ඔයාව අඩි දහයක් ඉස්සරහට අතින් අල්ලන් අරන් එන පිරිමියෙක්...

ජීවිතේ වැටෙන හැම වේලාවේ ම හයියට අල්ලගන්න පුලුවන් පිරිමියෙක්ව, වැටී වැටී තියෙන හැම අඩියකට ම වාරුවක් වෙන පිරිමියෙක්ව...

එහෙම පිරිමි ලැබෙන ගැහැණු හරි ම පින්වන්තයි...🥺🤍🫶

සමහර කොල්ලො ඉන්නවා...❤️තාත්තා කෙනෙක් වගේ තමන්ගෙ කෙල්ලව පරිස්සම් කරන..කොච්චර වැරදි කරත් බැනලා බැනලාආයෙම ලගට තුරුල් කරගෙන ...
03/02/2025

සමහර කොල්ලො ඉන්නවා...❤️

තාත්තා කෙනෙක් වගේ තමන්ගෙ කෙල්ලව පරිස්සම් කරන..

කොච්චර වැරදි කරත්
බැනලා බැනලා
ආයෙම ලගට තුරුල් කරගෙන ආදරේන් ඒ
දේවල් කියලා දෙන..

අසනීපයක් උනාම
කෑවද බිව්වද
බෙහෙත් ගත්තද කියලා ඇහුවට වඩා..
හැම තප්පරේම
හැම විනාඩියෙම
හැම පැයේම
පිස්සුවෙන් වගෙ හිතින් හිත හිත දුක් විඳින..

උබේ ප්‍රශ්න උගෙ කරගෙන
ඒවාට උත්තර හොයන්න
උබත් එක්කලම ඉන්න..

උබත් එක්ක කොච්චර කොහෙ ඇවිදින්න ගියත්
උබේ අතින්ම අල්ලගෙන පරිස්සමින් එක්කගෙන යන..

උගෙ හිත කොච්චර නපුරු උනත්
දඩබ්බර උනත්
උබේ ලග හුරතලෙන් ඉන්න..

අම්මා තාත්තාට පවුලෙ අයට පස්සෙ උබවම විතරක්
ජීවිතේ කරගත්ත..

උබෙ මත්තෙම නැහීගෙන
උබටම විතරක් ආදරේ කරගෙන🤗
උබ වෙනුවෙන්ම ජීවත් වෙන..

ඔව්...!
මේ වගෙ පිරිමි හිත් හොයාගන්න හරි අමාරුයි
දැන් සමාජෙදිනම්..

ඒත්
උබට ඇත්තටම ආදරේ කරන කොල්ලෙක් ඉන්නවනම්
උබව ඌ ඉස්සරහ ආදරේයි කියලා නිරුවත් කරන තැනට ගෙන්න ගන්නෑ බන්..🙂❤

කසාද බදිනකල් පොඩි එකෙක් වගේ බලාගෙන.
පරිස්සමින් කරන්නෙ
ඇත්තම ආදර කතාවක් විතරයි බන්..

දෙයක් කියන්නම්..
උබට හම්බුනොත් ඔය වගෙ කොල්ලෙක්
රැකගනිම් මොන දේ නැතිවුනත් උබේ..

ලස්සන
සල්ලි දවසක හම්බකරන්න පුළුවන්
ඒත් ආදරේ හම්බකරන්න බෑ

සමහරවිට ඒ වගෙ කොල්ලෙක් හම්බුනොත්
මේ ලෝකෙ ඉන්න පිංවන්තම කෙල්ලත් උඹ වේවි..❤️❤️❤️❤️❤️❤️❤️

Hy gys....🤝😍
02/02/2025

Hy gys....🤝😍

Address

Muweillah Commercial
Sharjah
1907

Website

Alerts

Be the first to know and let us send you an email when Thanu & Sandu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thanu & Sandu:

Share