Amaya's Charms

Amaya's Charms 🌿 Slow Living & Cottage Garden
📸 Food Photography
🌸 Flowers • Food • Family Life
📍 Adelaide, South Australia
✨ Finding joy in simple moments
(1)

19/09/2026

සෙනසුරාදා උදේවල් කියන්නේ ටිකක් හෙමින් ජීවිතේ විඳින්න ලැබෙන වෙලාවක්… 🤍🌿

කැෆේ එකක වගේ හදාගත්ත කෝපි එකක් ☕️
Egg toast එකක් 🍳🍞
ගෙවත්තේ මල් පැල ටිකත් එක්ක පොඩි වෙලාවක් 🌸🌿

ලොකු දේවල් ඕනෙම නෑ…
මේ වගේ පුංචි සතුටු තමයි weekend එක ලස්සන කරන්නේ. 🥰

ඔයාලගේ සෙනසුරාදා උදේ කොහොමද? 🤍

17/09/2026

මේ දවස් වල අයිස් කෝපි පිස්සුව....ටික දවසකින් behind the scene of food photograpy වීඩියෝ එකක් ගේන්න බැරි උනානේ. ඔන්න අද ගෙනාවා ලගදි හදාගත්ත අයිස් කෝපි එකේ පිංතූර ගන්න හැටි පෙන්නන වීඩියෝ එක. අන්තිමට තියෙන්නෙ මම ගත්ත පිංතූර ටික... ලස්සනද කියන්නකෝ... පොඩි dark moody ගතියක් එන්නයි මේ විදිහට කරේ.. 🧊☕️

16/09/2026

මේ දවස්වල මට Spring එක දැනෙන්නේ මෙහෙමයි… 🌿

ගෙදර ඉන්න දවසට උදේට iced coffee එකක් ☕️
ලග පාත පිපෙන cherry blossoms 🌸
එහෙ මෙහෙ පියාඹන පුංචි butterflies 🦋
පැළවලට වතුර දාන එක 💦
පොතක පිටුවක් හෙමින් පෙරළන එක 📖
ඒ අතරේ රසට noodles ටිකක් හදාගන්න එක 🍜

ලොකු දේවල් නෙවෙයි…
දවසේ මේ වගේ පුංචි පුංචි මොහොතවල් තමයි Spring එක ලස්සන කරන්නේ. 🤍

Adelaide Spring එක මේ දවස්වල හරිම සුන්දරයි.
මම නම් මේ පුංචි moments ටික හෙමින් විඳිනවා… 🌸🌿

ඔයාලට Spring එක දැනෙන්න පටන් ගත්තේ මොන වගේ දෙයක් නිසාද? 💕

සමහර දාට රෑට කන්න හදන ටක් ටික් ටුක් කෑමක් මේක.මීට් බෝල්ස් ටිකක් ගෙනල්ලා air fryer එකේ දාලා හදා ගන්නවා. Baguette bread එක...
15/09/2026

සමහර දාට රෑට කන්න හදන ටක් ටික් ටුක් කෑමක් මේක.
මීට් බෝල්ස් ටිකක් ගෙනල්ලා air fryer එකේ දාලා හදා ගන්නවා. Baguette bread එකක් අරන් ඇවිත් (මම ගන්නෙ sourdough baguette එක) ඒක තුනට කපා ගෙන මැදින් දෙකට පලා ගන්නවා subway එකේ submarine එකක් වගේ.
Pizza sauce ටිකක් එතනට දාලා, මීට් බෝල්ස් ටික තියලා උඩින් චීස් ටිකක් ඉහලා ආයෙ airfryer එකට විනාඩි 3 ක් වගේ දාලා ගන්නවා.
උඩින් thyme වගේ මොනවා හරි herb එකක් තියනවා නම් තියාගෙන උණුවෙන් කන්න තියෙන්නේ..
මේ අපේ ගෙදර ගොඩක් ආසවෙන් කන ලේසි කෑමක්..🌭

14/09/2026

අද අපේ පුංචි garden එකේ කැරට් ටිකක් “thinning” කළා 🥕🌱

කැරට් පැළ එකිනෙකට ළඟින් වැඩුණොත්, ලස්සනට ලොකු කැරට් හැදෙන්න අවශ්‍ය ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ නිසා පුංචි පැළ කිහිපයක් ඉවත් කරලා, ඉතිරි පැළවලට වැඩෙන්න පුංචි ඉඩක් දුන්නා. 🌱

හැබැයි ඉවත් කළ පුංචි කැරට් ටිකවත් අපතේ ගියේ නැහැ. 🥕
ඒවා quick stir-fry එකකට එකතු කළා. කැරට් කොළ ටිකත් lunch එකට එකතු වුණා. 🌿🍽️

වත්තෙන් අපේ කෑම මේසයට…
පුංචි දෙයක් වුණත් අපතේ නොයවා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. 🤍

ඔයාලා කැරට් කොළ සලාද කාලා තියනවද? රසයි නේ? 🌿

අදත් ගෙනාවේ පිංතූර කතාවක්.. මේ දවස් අතිශයෙන්ම කාර්‍යබහුලනිසා රෑට නිදා ගන්න ටිකක් රෑ වෙනවා. ඉතින් අද ඉරිදා උදේ නිසා ටිකක්...
13/09/2026

අදත් ගෙනාවේ පිංතූර කතාවක්.. මේ දවස් අතිශයෙන්ම කාර්‍යබහුල
නිසා රෑට නිදා ගන්න ටිකක් රෑ වෙනවා. ඉතින් අද ඉරිදා උදේ නිසා ටිකක් පරක්කු වෙලා නැගිට්ටේ. ඒ නිසා මම උදේට Snickers chocolate වලින් inspire වෙච්ච iced coffee එකක් හදාගෙන backyard එකේ පොඩි රවුමක් දැම්මේ කෝපි එක බොන ගමන්. එතකොට දැක්කේ Nasturtium පැල වල මල් එන්න පටන් ගෙන කියලා. Nasturtium කියන මුලු පැලයම edible. ඒකෙ මල්, කොල ඒ ඔක්කොම මට food photograpy වලට බය නැතිව පාවිච්චි කරන්න පුලුවන්.
ඊට පස්සෙ කැරට් වගාව පොඩ්ඩක් thin කරන්න හිතුවා. මොකද කැරට් ඇට පැල කරාම ඒවා ගොඩක් ලගින් පැල වෙලා එතකොට කැරට් වලට ලොකු වෙන්න ඉඩක් නෑ නෙ. ඉතින් චූටි කැරට් ගලවලා කොල වලින් සලාදයක් හදන්න හිතුවා. අද දවල්ට කන්න ඉව්වේ රතු බත් වලට, වට්ටක්කා උයලා, මීට් බෝල්ස් මිරිසට හදලා කැරට් කොල සම්බෝලය. Baby කැරට් ටික හෝදලා තියා ගත්තේ රෑට pan එකේ දාලා පොඩ්ඩක් fry කරලා චිකන් එක්ක කන්න. හවසට ඉතින් ආසාවට ටින්කිරි තේ එකක් බිව්වා cheese and crackers එක්ක.
හෙට ඉදන් අලුත් සතියක්.. අලුත් සිතිවිලි එක්ක සුබ සතියක් වේවා.

12/09/2026

Adelaide වසන්තයේ ලස්සන උදෑසනකට, ගෙදර හදන උණු උණු waffles ටිකක්… 🌸🧇☕️

Batter එක mix කරලා, waffle maker එකට දාලා, golden වෙලා එනකම් බලන් ඉඳලා… අන්තිමට ටිකක් drizzle කරලා රස බලන එකත් වෙනමම සතුටක්. 🤎

වත්තේ මල් පිපිලා, හිරු එළිය ටික ටික වැටෙන මේ දවස්වල, උදේ කෑමත් වසන්තයට ගැළපෙන්න ටිකක් ලස්සන කරගන්න හිතෙනවා. 🌿🌸

මේ තමයි මගේ lens එකෙන් Adelaide Spring Edition එකේ තවත් පුංචි මොහොතක්.
එන්න, මේ වසන්තයත් මාත් එක්ක රසවිඳිමු. 🤍

🌸 Adelaide Spring… මගේ කැමරාවෙන් 📷🌿වසන්තය ආවා කියලා අපිට දැනෙන්නේ හැමදාම මල් පිපෙනවා දැකලාම නෙමෙයි නේද? 🌸චෙරි blossom අත...
11/09/2026

🌸 Adelaide Spring… මගේ කැමරාවෙන් 📷🌿

වසන්තය ආවා කියලා අපිට දැනෙන්නේ හැමදාම මල් පිපෙනවා දැකලාම නෙමෙයි නේද? 🌸

චෙරි blossom අත්තක පාටකින්…
කෝපි බිඳුවක් වැටෙන හැටි බලන මොහොතකින්… ☕
උදේට හදාගන්න smoothie bowl එකකින්… 🥣
එහෙමත් නැත්නම් කාලෙකට පස්සේ ආයෙත් අරගෙන යන කැමතිම lipstick පාටකින්… 💄

මේ පුංචි පුංචි දේවල් එකතු වෙලා තමයි මට නම් වසන්තය දැනෙන්නේ. 🌷

ඉතින් මේ සැරේ Adelaide වසන්තය මට පෙනෙන විදිහට, මගේ කැමරවෙන් සිතුවම් කරන්න හිතුවා. 📷💕

ඔයාලට වසන්තය ආවා කියලා මුලින්ම දැනෙන්නේ මොන දේ දැක්කාමද? 🌸

08/09/2026

නිකමට මගේ phone gallery එකේ පොඩ්ඩක් උඩට පහලට ගියාම මට පේන දේවල් වලින් කීපයක්...කෝකටද වැඩියෙන්ම කැමති කියන්න බලන්න. ❤️📸

07/09/2026

UGC කියන්නේ මොකක්ද? 🤔✨

UGC කියන්නේ User Generated Content කියන එක. සරලව කිව්වොත්, brand එකක් වෙනුවෙන් customer කෙනෙක් වගේ natural විදිහට photo, video, review හෝ lifestyle content create කරන එක. 🎥📸

ඒක influencer කෙනෙක් වගේ තමන්ගේ followers ලාට promote කරන එකම නෙවෙයි. Brand එකට ඔවුන්ගේ products/services ගැන authentic, relatable content create කරලා දෙන එක තමයි මෙහි අදහස. 🤍

මේ මෑතකදී මම Slendier වෙනුවෙන් create කරපු UGC content එකක්. ✨

Photography, videography, editing එක්ක මේ වගේ brand content create කරන එක මගේ content creator journey එකේ මම හරිම ආස කරන කොටසක්. 🌿

පුංචි පුංචි projects වලින් ඉගෙන ගනිමින්, මගේ portfolio එකත් ටිකෙන් ටික build කරගෙන යනවා. 🤍✨

Slendier

Address

Adelaide, SA

Website

Alerts

Be the first to know and let us send you an email when Amaya's Charms posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share