𝐌𝐚𝐱 𝐓𝐕 I 𝐌𝐚𝐱 𝐑𝐚𝐝𝐢𝐨 - 24X7 Sri Lankan Media Network in Australia

  • Home
  • Australia
  • Adelaide, SA
  • 𝐌𝐚𝐱 𝐓𝐕 I 𝐌𝐚𝐱 𝐑𝐚𝐝𝐢𝐨 - 24X7 Sri Lankan Media Network in Australia

𝐌𝐚𝐱 𝐓𝐕  I 𝐌𝐚𝐱 𝐑𝐚𝐝𝐢𝐨 - 24X7 Sri Lankan Media Network in Australia Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐌𝐚𝐱 𝐓𝐕 I 𝐌𝐚𝐱 𝐑𝐚𝐝𝐢𝐨 - 24X7 Sri Lankan Media Network in Australia, Radio Station, Adelaide.

𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝 𝐅𝐑𝐄𝐄 𝐀𝐩𝐩 : https://apps.apple.com/au/app/max-radio/id6747970562
𝐖𝐚𝐭𝐜𝐡 𝐍𝐨𝐰 : https://www.youtube.com/
𝐏𝐥𝐚𝐲 𝐒𝐭𝐨𝐫𝐞 : https://play.google.com/store/apps/details?id=com.maxradio.infinitixx

සිරියාවේ පිහිටි අල්-රොජ්  සිරකඳවුරේ රැඳී සිටි තවත් ඔස්ට්‍රේලියානු කාන්තාවන් සහ දරුවන් කණ්ඩායමක් එම කඳවුරෙන් පිටත්ව ඇති අ...
26/05/2026

සිරියාවේ පිහිටි අල්-රොජ් සිරකඳවුරේ රැඳී සිටි තවත් ඔස්ට්‍රේලියානු කාන්තාවන් සහ දරුවන් කණ්ඩායමක් එම කඳවුරෙන් පිටත්ව ඇති අතර, ඔවුන්ද මේ වනවිට ඔස්ට්‍රේලියාව බලා පැමිණෙමින් සිටින බව සඳහන් වනවා. මියගිය සහ සිරගත කර ඇති ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ සටන්කාමීන්ගේ පවුල්වල සාමාජිකයන් රඳවා තබා ගන්නා මෙම අල්-රොජ් කඳවුරෙන්, පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී අදාළ පිරිස පිටත්වූ බව නිරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරනවා. මීට පෙර මෙම මාසය මුලදීද වසර ගණනාවක් පුරා මෙම කඳවුරේ අසීරු තත්ත්ව යටතේ පසුවූ කාන්තාවන් සිව්දෙනෙකු සහ දරුවන් නවදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවට පැමිණි අතර, ඔවුන් මෙල්බර්න් සහ සිඩ්නි ගුවන් තොටුපළවලට පැමිණි වහාම ෆෙඩරල් පොලිසිය විසින් ඉන් කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ නමුත්, මෙම කාන්තාවන් සහ දරුවන් නැවත ගෙන්වා ගැනීමට තමන් කිසිදු සහයක් නොදක්වන බව ඔස්ට්‍රේලියානු රජය දිගින් දිගටම අවධාරණය කර සිටියා. නමුත්, ඔවුන් ඔස්ට්‍රේලියානු පුරවැසියන් වන බැවින් ඔවුන්ට අවශ්‍ය ගමන් ලියකියවිලි ලබාදීමට රජය බැඳී සිටින අතර, ඔවුන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීම වැළැක්වීමට තමන්ට කළ හැකි දෙයක් නොමැති බවද ෆෙඩරල් රජය පිළිගෙන තිබෙනවා. මේ අතර, මෙම පිරිස් නැවත පැමිණීම හරහා ඔස්ට්‍රේලියානු ජනතාවගේ ආරක්ෂාව අනතුරේ වැටෙන බව පවසන විපක්ෂය, ඔවුන්ගේ පැමිණීම වැළැක්වීමට රජය මීට වඩා පියවර ගත යුතු බවට චෝදනා එල්ල කරනවා. නමුත් ඔවුන් ඔස්ට්‍රේලියානු පුරවැසියන් වන බැවින්, ඔවුන්ගේ නැවත පැමිණීම අවහිර කිරීමට කිසිදු නීතිමය පදනමක් හෝ බලයක් රජයට නොමැති බව නීති විශාරදයන් පෙන්වා දෙනවා.

Follow our page for the latest Australian and Sri Lankan news updates.
Download our app for FREE and enjoy it on the go !
𝐀𝐩𝐩 𝐒𝐭𝐨𝐫𝐞 : https://apps.apple.com/au/app/max-radio/id6747970562
𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐏𝐥𝐚𝐲𝐒𝐭𝐨𝐫𝐞 : https://play.google.com/store/apps/details?id=com.maxradio.infinitixx

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් කාන්තාවන් වෙනුවෙන් වඩාත් යහපත් සෞඛ්‍ය සේවාවක් සැපයීමේ අරමුණින්, ඉතිහාසයේ පළමු වරට ආර්තව...
26/05/2026

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් කාන්තාවන් වෙනුවෙන් වඩාත් යහපත් සෞඛ්‍ය සේවාවක් සැපයීමේ අරමුණින්, ඉතිහාසයේ පළමු වරට ආර්තවහරණ සංක්‍රාන්ති සමය සහ ආර්තවහරණය පිළිබඳ ජාතික දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ජාතික වැඩසටහන මඟින් කාන්තාවන්ට තමන් තුළ මතු වන රෝග ලක්ෂණ වඩාත් හොඳින් වටහා ගැනීමටත්, විශ්වාසදායක සෞඛ්‍ය තොරතුරු වෙත ප්‍රවේශ වීමටත්, අවශ්‍ය ප්‍රතිකාර සහ සහයෝගය ලබා ගැනීමට ඇති විශ්වාසය ඉහළ නැංවීමටත් උපකාරී වන බව රජය පවසනවා. නාරිවේද ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ විවිධ ප්‍රජාවන් සමඟ මෙන්ම, මෙම අත්දැකීම්වලට මුහුණ දෙන කාන්තා කණ්ඩායම්ද යොදා ගනිමින් සිදුකළ පුළුල් පර්යේෂණ ඇසුරින් මෙම දැනුවත් කිරීමේ ව්‍යාපාරය නිර්මාණය කර තිබෙනවා. මීට පෙර බොහෝ කාන්තාවන් මෙම තත්වයන් පිළිබඳව හෝ ඊට පවතින ප්‍රතිකාර සහ සහයෝගීතා සේවා පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු නොමැතිව මෙම අවධියට පා තබන බව, ආර්තවහරණය සහ ආර්තවහරණ සංක්‍රාන්ති සමය පිළිබඳ මින් පෙර පැවැති සෙනෙට් සභා පරීක්ෂණයකදී හෙළි වී තිබුණා. එසේම සමාජය තුළ මේ සම්බන්ධයෙන් පවතින අනවශ්‍ය ලැජ්ජාව හෝ අපකීර්තිය පිළිබඳවද එහිදී අවධාරණය කෙරුණා.

කෙසේ හෝ මෙම ගැටළු වලට ආමන්ත්‍රණය කිරීම සඳහා මෙම ජාතික ව්‍යාපාරය ආරම්භ වී තිබෙන අතර, කාන්තාවන්ට විශ්වාසදායක සෞඛ්‍ය තොරතුරු, ප්‍රායෝගික සම්පත් සහ සහය ලබාගත හැකි නව වෙබ් අඩවියක්ද මේ වනවිට නිර්මාණය වී තිබෙනවා. මෙම ජාතික ව්‍යාපාරය ඔස්ට්‍රේලියානු රජය විසින් කාන්තා සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කරන ලද ඩොලර් මිලියන 792.9 ක දැවැන්ත පැකේජයේ එක් කොටසක් බවද රජය පවසනවා. එම පැකේජය ප්‍රකාශයට පත් කළ දා සිට මේ දක්වා කාන්තාවන් 800,000කට අධික පිරිසක් PBS වැඩසටහන යටතේ ලැයිස්තුගත කර ඇති නව ප්‍රතිකාර සඳහා මිල අඩු ඖෂධ වට්ටෝරු මිලියන 3කට වඩා ලබාගෙන තිබෙන බව දත්ත පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ආර්තවහරණය ආශ්‍රිත හෝමෝන ප්‍රතිකාර සඳහා ලබාදුන් නව PBS සහන හේතුවෙන් කාන්තාවන් 430,000කට ඩොලර් මිලියන 70කට වඩා වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට හැකිව තිබෙනවා. මීට අමතරව, 2025 ජූලි 1 වැනිදා සිට මෙඩිකෙයාර් රක්ෂණය යටතට මෙය ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවන් 105,000කට ආසන්න පිරිසක් ආර්තවහරණය පිළිබඳ සෞඛ්‍ය සේවාවන් ලබාගෙන තිබෙන බවද සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරනවා.

Follow our page for the latest Australian and Sri Lankan news updates.
Download our app for FREE and enjoy it on the go !
𝐀𝐩𝐩 𝐒𝐭𝐨𝐫𝐞 : https://apps.apple.com/au/app/max-radio/id6747970562
𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐏𝐥𝐚𝐲𝐒𝐭𝐨𝐫𝐞 : https://play.google.com/store/apps/details?id=com.maxradio.infinitixx

26/05/2026

𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐨𝐮𝐫 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 page for the latest Australian and Sri Lankan news updates.

𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝 𝐨𝐮𝐫 𝐀𝐩𝐩 for FREE and enjoy it on the go !
𝐀𝐩𝐩 𝐒𝐭𝐨𝐫𝐞 : https://apps.apple.com/au/app/max-radio/id6747970562
𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐏𝐥𝐚𝐲𝐒𝐭𝐨𝐫𝐞 : https://play.google.com/store/apps/details?id=com.maxradio.infinitixx

𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐮𝐬 MaxTV - No 1 Sri Lankan Media Network in Australia - YouTube

සිඩ්නි නුවර පුරා පසුගිය දිනවල පොලිසිය විසින් සිදුකළ විශේෂ වැටලීම් මාලාවකදී ඩොලර් මිලියන 3කට වඩා වැඩි වටිනාකමකින් යුත් නී...
26/05/2026

සිඩ්නි නුවර පුරා පසුගිය දිනවල පොලිසිය විසින් සිදුකළ විශේෂ වැටලීම් මාලාවකදී ඩොලර් මිලියන 3කට වඩා වැඩි වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්වැටි සහ ගිනිඅවි සොයා ගැනීමට සමත්වූ බව පොලිසිය පවසනවා. පසුගිය සෙනසුරාදා බටහිර සිඩ්නි වලට අයත් ග්‍රේස්ටේන්ස්, හැබර්ෆීල්ඩ් සහ රෝස්හිල් යන ප්‍රදේශවලදී පොලිස් නිලධාරීන් විසින් සැකකටයුතු වාහන නවතා පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී සිදුකළ මූලික පරීක්ෂාවන් වලදී නීතිවිරෝධී දුම්වැටි අඩංගු පෙට්ටි සහ ඩොලර් 34,500ක මුදලක් සොයාගෙන ඇති අතර, එහිදී පුද්ගලයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා. මීට අමතරව පොලිස් නිලධාරීන් විසින් ග්‍රේස්ටේන්ස්හි නිවසක්ද පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි තිබී නීතිවිරෝධී දුම්වැටි 700,000කට අධික ප්‍රමාණයක් සහ ගිනිඅවි පහක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව මෙම සමස්ත වැටලීම්වලදී සොයාගත් නීතිවිරෝධී දුම්වැටි ප්‍රමාණය මිලියන 1.3කට අධික වන අතර, ඒවායේ වත්මන් වෙළඳපල වටිනාකම ඩොලර් මිලියන 3.38ක් පමණ වන බව බලධාරීන් ඇස්තමේන්තු කරනවා.

මෙම ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයට නීතිවිරෝධී දුම්කොළ නිෂ්පාදන සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබෙනවා. නීතිවිරෝධී දුම්කොළ ජාවාරම හේතුවෙන් මේ වන විට ඔස්ට්‍රේලියාව පුරා සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා විශාල අශයෙන් සිදුවන අතර, එම තත්වය මර්දනය කිරීම සඳහා ෆෙඩරල් පොලිසිය මෙන්ම ප්‍රාන්ත පොලිස් බලධාරීන්ද මෙහෙයුම් දියත් කර තිබෙනවා.

Follow our page for the latest Australian and Sri Lankan news updates.
Download our app for FREE and enjoy it on the go !
𝐀𝐩𝐩 𝐒𝐭𝐨𝐫𝐞 : https://apps.apple.com/au/app/max-radio/id6747970562
𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐏𝐥𝐚𝐲𝐒𝐭𝐨𝐫𝐞 : https://play.google.com/store/apps/details?id=com.maxradio.infinitixx

දකුණු ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ක්‍රියාත්මක වන දැවැන්තම යටිතල පහසුකම් ව්‍යාපෘතිය වන නිරිතදිග ඇඩිලේඩ්හි නොනවත්වා ධාවනය කළ හ...
26/05/2026

දකුණු ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ක්‍රියාත්මක වන දැවැන්තම යටිතල පහසුකම් ව්‍යාපෘතිය වන නිරිතදිග ඇඩිලේඩ්හි නොනවත්වා ධාවනය කළ හැකි මහාමාර්ග ව්‍යාපෘතියේ සුවිශේෂී කඩඉමක් පසුකර තිබෙන බව යටිතල පහසුකම් අමාත්‍යවරිය පවසනවා. එනම්, මෙම ව්‍යාපෘතිය සඳහා විශේෂයෙන්ම සැලසුම් කරන ලද, මහා පරිමාණ උමං විදින යන්ත්‍ර තුනෙන් පළමු වැන්න නිල වශයෙන් වැඩ ඇරඹීමට සූදානම්ව තිබෙන බව ඇය තවදුරටත් සඳහන් කරනවා. ඇල්බනීස් ෆෙඩරල් රජය සහ මැලිනවුස්කාස් ප්‍රාන්ත රජය එක්ව ඩොලර් බිලියන 15.4ක ඒකාබද්ධ අරමුදලක් මගින් ක්‍රියාත්මක කරන මෙම ඓතිහාසික ව්‍යාපෘතියේ තවත් සුවිශේෂී පියවරක් ලෙස, මෙම උමං විදින යන්ත්‍ර තුනම ඔස්ට්‍රේලියාවේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙරමුණ ගත් කාන්තාවන් තිදෙනෙකු සිහිපත් කරමින් නම් කිරීමටද රජය පියවර ගෙන තිබෙනවා. කාන්තාවන්ට ඡන්ද අයිතිය මෙන්ම මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ අයිතිය දිනා දීමේ සටනට නායකත්වය දුන් මේරි ලී, කැතරින් හෙලන් ස්පෙන්ස් සහ එලිසබෙත් වෙබ් නිකෝල්ස් අනුස්මරණය කරමින් මෙම යන්ත්‍ර නම් කර තිබෙනවා. ඒ අනුව මේරි ලෙසින් හැඳින්වෙන මෙම පළමු උමං විදින යන්ත්‍රය ක්ලොවෙලි පාර්ක් සිට ඇන්සාක් අධිවේගී මාර්ගය දක්වා කිලෝමීටර් 4.5ක උමඟ කැපීමේ දැවැන්ත කාර්යය සඳහා මේ වනවිට සම්පූර්ණයෙන්ම සූදානම් කර තිබෙන බව ප්‍රාන්ත රජය සඳහන් කරනවා. මීට අමතරව අනෙක් උමං විදින යන්ත්‍ර දෙකද මෙම වසර අවසානයට පෙර මෙහෙයුම් සඳහා එක්වීමට නියමිතව තිබෙනවා. සමස්ත ව්‍යාපෘතිය සඳහා මාස 24ක පමණ කාලයක් ගතවනු ඇතැයි රජය ඇස්තමේන්තු කර තිබෙනවා.

මෙම යන්ත්‍ර තුනම සතියේ දින හතේම, පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර දිනකට මීටර් 8ත් 10ත් අතර ප්‍රමාණයක උමං කැපීමට නියමිත බවද පැවසෙනවා. දශක ගණනාවක් තිස්සේ සාකච්ඡාවට පමණක් සීමා වූ මෙම නොනවත්වා ධාවනය කළ හැකි South Road ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට තම රජයට හැකිවීම පිළිබඳව තමන් ආඩම්බර වන බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රධාන ඇමති පීටර් මැලිනවුස්කාස් ප්‍රකාශ කරනවා. මෙමගින් රියදුරන්ට River Torrens සහ Darlington අතර පවතින රථවාහන සංඥා ලාම්පු 21ක් මගහැර යාමට අවස්ථාව ලැබෙන බැවින්, අධික වාහන තදබදය පවතින වේලාවන්හිදී ගමන් කාලය මිනිත්තු 40කින් පමණ ඉතිරි කරගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

Follow our page for the latest Australian and Sri Lankan news updates.
Download our app for FREE and enjoy it on the go !
𝐀𝐩𝐩 𝐒𝐭𝐨𝐫𝐞 : https://apps.apple.com/au/app/max-radio/id6747970562
𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐏𝐥𝐚𝐲𝐒𝐭𝐨𝐫𝐞 : https://play.google.com/store/apps/details?id=com.maxradio.infinitixx

පසුගිය ඉරිදා දහවල් කාලයේ ක්වීන්ස්ලන්තයේ ඈත උතුරු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී සිදු වූ දරුණු මෝර ප්‍රහාරයකින් 39 හැවිර...
26/05/2026

පසුගිය ඉරිදා දහවල් කාලයේ ක්වීන්ස්ලන්තයේ ඈත උතුරු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී සිදු වූ දරුණු මෝර ප්‍රහාරයකින් 39 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මේ අවස්ථාවේදී කේන්ස් නගරයට කිලෝමීටර් 160ක් පමණ දකුණින් පිහිටි කැසෝවරි වෙරළ තීරයේ කිලෝමීටර් 30ක් පමණ දුරින් වූ මුහුදු සීමාවේදී පුද්ගලයන් සිව්දෙනෙකු සමඟ බෝට්ටුවකින් මොහු ගමන් කරමින් සිට ඇති බව සඳහන් වනවා. මෙම පුද්ගලයා දියේ සිටියදී මෝර ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඊයේ උදෑසන කාලයේ සිටම ප්‍රදේශවාසීන් එම කලාපයේ ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු bull shark වර්ගයේ මෝරුන් ගැවසෙනු දැක තිබූ බවද පැවසෙනවා. ප්‍රහාරයෙන් පසු ප්‍රතිකාර ලබාදීම සඳහා ඔහුව හල් ගඟේ බෝට්ටු අංගනය වෙත රැගෙන විත් ඇති අතර, එහි අදාළ වෛද්‍ය කණ්ඩායම් සූදානමින් සිටියද, බෝට්ටු ජැටිය මතදීම ඔහු මෝර ප්‍රහාරයෙන් ලැබූ තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදු වූ කෙනඩි ෂෝල් මුහුදු ප්‍රදේශය විනෝදයට මසුන් දඩයමේ නිරත වන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය ස්ථානයක් බව පැවසෙනවා.

මහා බාධක පරයට සමීපව පිහිටා ඇති මෙම අනතුර සිදු වූ හල් හෙඩ්ස් ප්‍රදේශය, ස්නෝකලින් සහ ස්කූබා ඩයිවින් ක්‍රීඩාවන් සඳහා මෙන්ම නිවර්තන දූපත් නැරඹීමට පැමිණෙන සංචාරකයන් අතරද විශේෂ ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් වනවා. කෙසේ නමුත් මෙම මරණයත් සමඟ මේ වසර තුළ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ තුන්වන මෝර ප්‍රහාර මරණය මෙය ලෙස සටහන් වනවා. මේ වසර මුලදී සිඩ්නි නුවර පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් වෙරළ සහ ගංගා ආශ්‍රිතව කිවුල් දිය සහිත තත්ත්වයක් නිර්මාණය වූ අතර, එය බුල් මෝරුන් ගැවසීමට වඩාත් සුදුසු පරිසරයක් බව විශේෂඥයින් පවසනවා. ඒ අනුව දියට බැසීමේදී ප්‍රවේසම් වන ලෙසින් බලධාරීන් සෑමදෙනෙකුටම අනතුරු හඟවනවා.

Follow our page for the latest Australian and Sri Lankan news updates.
Download our app for FREE and enjoy it on the go !
𝐀𝐩𝐩 𝐒𝐭𝐨𝐫𝐞 : https://apps.apple.com/au/app/max-radio/id6747970562
𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐏𝐥𝐚𝐲𝐒𝐭𝐨𝐫𝐞 : https://play.google.com/store/apps/details?id=com.maxradio.infinitixx

සිඩ්නි සිට ලන්ඩන් සහ නිව්යෝර්ක් බලා සෘජුවම පියාසර කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබූ Project Sunrise ව්‍යාපෘතිය තවත්...
26/05/2026

සිඩ්නි සිට ලන්ඩන් සහ නිව්යෝර්ක් බලා සෘජුවම පියාසර කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබූ Project Sunrise ව්‍යාපෘතිය තවත් පසුබෑමකට ලක්ව තිබෙනවා. Airbus සමාගමේ සැපයුම් දාමයන්හි ඇතිවූ ගැටලු හේතුවෙන්, මෙම ව්‍යාපෘතිය සඳහා විශේෂයෙන්ම නිෂ්පාදනය කෙරෙන නව ගුවන් යානා ලබාදීම තවත් මාස හතරකින් ප්‍රමාද වන බව එම සමාගම දැනුම් දී ඇතැයි ක්වන්ටාස් නිවේදනය කරනවා. වත්මන් ගෝලීය සැපයුම් දාම අර්බුදය සමස්ත A350 ගුවන් යානා නිෂ්පාදන කාලසටහනටම බලපා ඇති බව මෙහිදී Airbus සමාගම පෙන්වා දෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට මෙම අතිදීර්ඝ සෘජු ගුවන් ගමන් සේවාවේ අත්දැකීම ලබාගැනීම සඳහා 2027 අප්‍රේල් මාසය වනතුරු බලා සිටීමට සිදුවනවා. මෙම ව්‍යාපෘතිය යටතේ පැය 18කට වඩා වැඩි කාලයක් අඛණ්ඩව පියාසර කිරීම සඳහා Airbus සමාගම විසින් පිටුපස මැද ඉන්ධන ටැංකියේ අතිරේක ලීටර් 20,000ක් රඳවා තබාගත හැකි විශේෂ ගුවන් යානා නිෂ්පාදනය කරනු ලබනවා. දැනට පවතින එක නැවතුමක් සහිත සාමාන්‍ය ගුවන් ගමන් මාර්ගවලට සාපේක්ෂව, මෙම සෘජු ගුවන් සේවාව හරහා සමස්ත ගමන් කාලයෙන් පැය හතරක් පමණ ඉතිරි කරගත හැකි බව ක්වන්ටාස් සමාගම පවසනවා.

වර්තමානයේදී පර්ත් නුවර සිට ලන්ඩන් බලා පැය 18ක සෘජු ගුවන් ගමන් සේවාවක් ක්වන්ටාස් ක්‍රියාත්මක කරන අතර, නව ව්‍යාපෘතිය මගින් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිඩ්නි වැනි නගරවල සිට සෘජුවම ලන්ඩන් සහ නිව්යෝර්ක් වෙත පියාසර කිරීමට ක්වන්ටාස් බලාපොරොත්තු වෙනවා. දෙවන ලෝක යුද සමයේදී ගුවන් කාර්ය මණ්ඩලයට එකම ගුවන් ගමනකදී සූර්ය උදාවන් දෙකක් දැකගත හැකි වන පරිදි අඛණ්ඩව ගුවනේ රැඳී සිටිමින් ක්වන්ටාස් සමාගම සිදුකළ ඓතිහාසික Double Sunrise ගුවන් ගමන්වලට උපහාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය Project Sunrise ලෙස නම් කර තිබෙන බව ක්වන්ටාස් ප්‍රකාශ කරනවා.

Follow our page for the latest Australian and Sri Lankan news updates.
Download our app for FREE and enjoy it on the go !
𝐀𝐩𝐩 𝐒𝐭𝐨𝐫𝐞 : https://apps.apple.com/au/app/max-radio/id6747970562
𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐏𝐥𝐚𝐲𝐒𝐭𝐨𝐫𝐞 : https://play.google.com/store/apps/details?id=com.maxradio.infinitixx

Address

Adelaide, SA
5000

Website

https://www.youtube.com/@MaxTVAustralia

Alerts

Be the first to know and let us send you an email when 𝐌𝐚𝐱 𝐓𝐕 I 𝐌𝐚𝐱 𝐑𝐚𝐝𝐢𝐨 - 24X7 Sri Lankan Media Network in Australia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share