රසිකයා

රසිකයා Viral content shared in Your Facebook Feed.
රසිකයා අතීතය මකල අනාගතය ලියන්න පටන් ගනින් මිත්‍රයා

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (15) අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විය ඇය 91 වන වියේ ප...
27/12/2025

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (15) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විය ඇය 91 වන වියේ පසුවුණි.

වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය.

ඇය මේ වනවිට ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ.

සිනමාවේ සදාකාලික 'ගී රාජිනිය' ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත.

1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගෙවුණු දසක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය දක්වා තිබේ.

අපේ රටේ හැම ආපදාවකදීම ජනතාව ඉන් මුදාගැනීමට අසීමිත කැපකිරීම් කළේ අපේම රණවිරුවෝ ❤️🙏රසිකයා
05/12/2025

අපේ රටේ හැම ආපදාවකදීම ජනතාව ඉන් මුදාගැනීමට අසීමිත කැපකිරීම් කළේ අපේම රණවිරුවෝ ❤️🙏
රසිකයා

මේ දවස්වල වැඩිපුර කතබහ වෙන දෙයක් තමයි ඉන්දියාවෙන් සහ පකිස්ථාන රටවල් වලින් ලංකාවේ විනාශ උන පාලම් වෙනුවට එවපු තාවකාලික පාල...
05/12/2025

මේ දවස්වල වැඩිපුර කතබහ වෙන දෙයක් තමයි ඉන්දියාවෙන් සහ පකිස්ථාන රටවල් වලින් ලංකාවේ විනාශ උන පාලම් වෙනුවට එවපු තාවකාලික පාලම් නොහොත් bailey bridges. මේවගේ විශේශත්වය වන්නේ ඕනිම තැනකට රැගෙන යාමට පුලුවන් වීම, සැකිල්ල කොටස් එකතු කරලා හදලා තියෙන එක සහ බරට ඔරොත්තු දීම.

ඇත්තටම ලංකාව මේ වගේ පාලම් පාවිච්චි කරපු පලවෙනි අවස්ථාව මේක නෙමෙයි. මේ පිංතූරයේ තියෙන්නේ 2023 ස්ථීර පාලමක් හදනකන් අනික් පැත්තෙන් හදලා තියෙන බේලි බ්‍රිජ් එකක්. මහවැලි ජල සුරක්ෂිතතා අයෝජන වැඩසටහන යටතේ සිදුකෙරෙන ව්‍යාපෘතිය යටතේ තමයි මේ ඉදිකිරීම් වෙන්නේ.

1940-1941 දෙවන ලෝක යුද්ධ කාලයේදී බ්‍රිටිශ් හමුදා වැඩවලට තමයි මේ පාලම් මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ. ඩොනල්ඩ් බේලි තමයි මේ ආකෘතිය මුලින්ම යෝජනා කරේ. එයා සිහි වෙන්න තමයි මේ පාලම් වලට බේලි බ්‍රිජ් කියන නම දාලා තියෙන්නේ. 🇱🇰❤️

C.O.P.I.D

හදිසි ආපදා සහන මල්ල 🥹❤️.
05/12/2025

හදිසි ආපදා සහන මල්ල 🥹❤️.

05/12/2025

🚨දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවෙයි‼️

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දින ගණනක වෙහෙසකර මානුෂීය මෙහෙයුමෙන් පසු ඉන්දියානු ගලවා ගැනීමේ විශේෂඥ කණ්ඩායම  (NDRF) මෙරටින් නික්මයයි.   🫂❤️🙏           ...
05/12/2025

දින ගණනක වෙහෙසකර මානුෂීය මෙහෙයුමෙන් පසු ඉන්දියානු ගලවා ගැනීමේ විශේෂඥ කණ්ඩායම (NDRF) මෙරටින් නික්මයයි.

🫂❤️🙏

30/11/2025

ජීවිතේ ගැනවත් පොඩ්ඩක් හිතපල්ලා | ගෑස් ගහගන්න වෙන්නෙ අහවල් එකේ තමයි ඇඹරිලා ගියොත්😣😴🥹

30/11/2025

🇱🇰 ජාතික රුධිර අවශ්‍යතාවය ඉහලගොස් ඇත.රුධිර දායක පුද්ගලයින් හෝ සංවිධාන සිටී නම් අමතන්න. 🩸
Dr.නන්දිත
077 3773262
( මධ්‍යම ලේ බැංකුව) 🇱🇰

බුලත්කොහුපිටිය ගග වැරලිය නාය යාම් තත්වය නිසා නිවාස 6 ක් පමණ සම්පූර්ණයෙන් නෑ.අවතැන් වූවන් 200 ක් 250 ක් පමණ දේදුගල පාසලේ ...
28/11/2025

බුලත්කොහුපිටිය ගග වැරලිය නාය යාම් තත්වය නිසා නිවාස 6 ක් පමණ සම්පූර්ණයෙන් නෑ.අවතැන් වූවන් 200 ක් 250 ක් පමණ දේදුගල පාසලේ නතර කරලා ඉන්නවා.. ඒ අයට මේ වෙලාවේ ඇදුම් පැළදුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය වල අඩුවක් තියෙනවා.පුළුවන් හැමෝම සහය වෙන්න.

අවධානම් තැන්වලින් දැන්වත් අයින් වෙන්න.🙏

Address

51 Lowe Street
Dunmore, QLD
4407

Website

Alerts

Be the first to know and let us send you an email when රසිකයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share