The Diary 96

The Diary 96 Meet Ramesh & Sachee from “the diary 96” a young couple sharing their travel experiences, health and beauty tips with the community.

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ නත්තලක් වේවා...
24/12/2025

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ නත්තලක් වේවා...

22/12/2025

පුංචි පුංචි අත් වලින් හැඩවුන, පුංචි පුංචි ආදරනීය වචන වලින් පිරීගිය, අපේ ගෙදර ආදරනීය නත්තල වෙනුවෙන් ලෑස්ති උනේ මෙහෙමයි...🥰❤️

අද නම් ඉතිං summer උනත් summer කියලා දැනෙන්නෙ නැති, මුලු පරිසරයම අඳුරෙන් පිරිලා ගිය, සීතලම සීතලත් එක්කම වැස්සත් තිබුන දව...
21/12/2025

අද නම් ඉතිං summer උනත් summer කියලා දැනෙන්නෙ නැති, මුලු පරිසරයම අඳුරෙන් පිරිලා ගිය, සීතලම සීතලත් එක්කම වැස්සත් තිබුන දවසක්.. Vacation නිසා අපි හැමෝම ගෙදර හිටියත් අද නම් කොහෙවත් යන්නෙ නෑ කියලාමයි අපි හිතන් හිටියෙ..

ඔන්න ඉතිං මේ සීතල දවසෙ, Ginger cookie එකක් එක්ක Hot Chocolate එකක් තිබුනා නම් කියලා මතක් කලේ අපේ පුංචි පුතා.. ඒක කල් තියලාම කියලා තිබ්බ එයාගෙ request එකක් නිසා Ginger bread Cookies හදන්න ඕන දේවල් මම කලින්ම ගෙනල්ලයි තිබුනෙ.. ඔන්න ඉතිං හවස අපි වැඩෙව් පටන් ගත්තා.. Kitchen එකේ වැඩක් පටන් ගත්තම අපේ ගෙදර හරියට Help කරන්න අය නම් ඉන්නවා. ඒ නිසාම cookies හැදිලා ඉවර වෙන්නත් කලින් dough එකෙන් බාගයක්ම ඉවරයි... පුංචියට icing චුට්ටකුත් දාලා ලස්සන කලාට icing නැතුව එන Ginger cookie එකේ රස කියලා නිම කරන්න බෑ.. ඔන්න ඔහොම ඉතිං තවත් දවසක් ගෙවිලා ගියා... ඔයාලා මොනවද හැදුවෙ christmas එකට???

21/12/2025

පුතා ගොඩාක් කල් ඉඳන් Ginger bread cookies හදමු කිය කිය හිටපු නිසා ඔන්න අද එයා එක්ක gingerbread cookies හැදුවා.

ඔන්න ඉතිං Melbourne ඉන්න අපිට summer vacation පටන් ගත්තා... පහුගිය කාලෙ පුරාවටම අපේ පුංචි Mitchell ගෙ To do list එකේ උඩි...
20/12/2025

ඔන්න ඉතිං Melbourne ඉන්න අපිට summer vacation පටන් ගත්තා... පහුගිය කාලෙ පුරාවටම අපේ පුංචි Mitchell ගෙ To do list එකේ උඩින්ම තිබුන දෙයක් තමයි beach යන එක.. ඉතිං එදා දවසත් හරිම ලස්සන නිසා අපි හිතුවා Rosebud beach එකට යන්න.. මේ අපි Rosebud Beach ගිය 2වෙනි පාර. චූටි බබාලා ඉන්න අයට නම් ඒ beach එක කියාපු තැන.. මොකද පරිස්සමට බබාලා එක්ක enjoy කරන්න පුලුවන්.. හරිම වෙනස්, ලස්සන ජෛව විවිධත්වයකුත් තිබුනා.. ලස්සන Starfish, Sea snails, Sea cucumber වගේ අයත් අපිට බලාගන්න පුළුවන් උනා.. ඉතිං ගොඩාක් හවස් වෙනකම් හරිම ලස්සන දවසක් තමයි ගෙවුනෙ..ගිහින් එන්නම්...

අද තමයි අපේ පුංචි Mitchell බබාගෙ Childcare එකේ last day එක.. Next year ඉඳලා එයා යන්නෙ Kindergarten. මගෙන් ගොඩක් අය අහන ප...
19/12/2025

අද තමයි අපේ පුංචි Mitchell බබාගෙ Childcare එකේ last day එක.. Next year ඉඳලා එයා යන්නෙ Kindergarten. මගෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක්නෙ බබා childcare යනවද, කොයි කාලෙද පටන් ගත්තෙ කියලා. එයාට හරියටම අවුරුදු 1යි මාස 7ක් වගේ කාලෙදි තමයි එයා Childcare යන්න පටන් ගත්තෙ.. ඒ මට වැඩ කරන්න ඕන නිසාම නෙවෙයි, මොකද මගෙ shifts හරිම adjustable. එයාට සෙල්ලම් කරන්න, යාලුවො අඳුරගන්න ඕන නිසා සතියටම එක දවසක්, ඒ දවසෙ පැය 4ක් වගේ.. එයාගෙ teachers ලා request කරපු නිසාම දවසක පැය ගාන මම වැඩි කලත් එයාට අවුරුදු 3ක් වෙනකම්ම එයා සතියට එක දවසක් තමයි childcare ගියේ...

ඉතිං පුංචි පැංචා ටිකෙන් ටික ලොකු වෙද්දි childcare එකේ හරිම ආදරනීය දවස් තමයි ගෙවුනෙ.. ඒ වගේම එයාගෙ ජීවිතේට හම්බුන හරිම ආදරනීය ගුරුවරුන්ටත් සමුදීලා එයා කරපු වැඩේ නිසා මගේ ඇස් වලටත් කඳුලු ආවෙ මටත් නොදැනිමයි.. ඒ එන්න කලින් එයාගෙ යාලුවන්ට ගිහින් තදින් බදාගෙන හිටිය එක.. Jayden, Solomon, Prisha, Miles,Abhinav මේ එයාගෙ ලඟම යාලුවො.. පුංචි හිතට දැනුන දුක නිසාමද මන්දා ඇස් අඟ කඳුලු බිංදුවක් දිලිසි දිලිසි තිබුනා. "මගෙ පුතාට දුකයිද" "ඔව් අම්මා. බබාට miss වෙනවා එයාලව, බබාගෙ friends ලව" දරාගන්න බැරි දුකකින් වගේ ඒ හෙලපු සුසුමෙන්ම මට එයාගෙ හැඟීම්වල බර දැනුනා.. 🥹ගිහින් එන්නම්... ආදරෙයි හැමෝටම..

09/12/2025

23/11/2025

අපේ පුංචි Mitchell ගෙ අලුත් journey එක...

එයාට හැමදේම ඕනෙ කිව්වෙ Dinasour theme එකට... පුංචි Mitchell ගෙ Dinasour Birthday Party එක...
19/10/2025

එයාට හැමදේම ඕනෙ කිව්වෙ Dinasour theme එකට... පුංචි Mitchell ගෙ Dinasour Birthday Party එක...

18/10/2025

පුංචි එයාගෙ, පුංචියට සමරපු 3 year birthday එක... 🎂

ගොඩක් අය අපෙන් අහලා තිබුනා Indonesia වල අපි ගිය තැන් ගැන විස්තර... මොකද Bali ඇරුනම අපි ගියේ ගොඩක් අය යන්නෙ නැති Islands ...
26/09/2025

ගොඩක් අය අපෙන් අහලා තිබුනා Indonesia වල අපි ගිය තැන් ගැන විස්තර... මොකද Bali ඇරුනම අපි ගියේ ගොඩක් අය යන්නෙ නැති Islands කීපයකට... ඉතිං අපි හිතුවා vedio series එකක් කරන්න... ලඟඳිම ඔයාගෙ Indonesia travel කරන්න ඉන්න යාලුවව mension කරන්නත් අමතක කරන්න එපා...🥰❤️

Address

Melbourne, VIC

Alerts

Be the first to know and let us send you an email when The Diary 96 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Diary 96:

Share