Lankans Aussie Diary - ඔසී දිනපොත

Lankans Aussie Diary - ඔසී දිනපොත IT Systems Engineer | Forex Trader | Traveler | Vlogger | Mystic | Content Creator | Counselor | 🇱🇰 | 🇦🇺

02/01/2026

ලෝකෙ වෙන මොන රටේද විදේශියකන්‍ට එක ගානක්, ලෝකල්ලට එක ගානක් ගන්නෙ?

සුද්දොන්ගෙන් ගසාකන එක මුලින්ම නවත්තන්න ඕනෙ රජය!!

සීගිරිය බලන්න ලෝකල් කෙනෙක්ගෙන් රු 100 සුද්දගෙන් $30 !!
දළඳාව බලන්න ලෝකල්ලට free.
විදේශිකයන්ට $30.

එහෙ නම් ඇයි රු200 පික්මී රයිඩ් එක 800 යන්න අසාදාරන?

කිසිම නියාමනයක් නැතුව විදේශිකයො ගසා කන්න රජයට පුලුවන් නම්, ටැක්සි කාරයටත් පුලුවන් වෙන්න ඕනෙ ගසා කන්න 😄.

ඇයි පොඩි මිනිහට මේ අසාධාරනේ??

31/12/2025

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!
2026

31/12/2025

සංජාන තමන්ගෙ පාර්ට්නර් සමලිංගිකයෙක් කියල දැනවෙනව පෝස්ට් එකක් දාල තිබ්බ.
සමහරු බැනල තිබ්බ කොල්ලගෙ නම කැත කරනව කියල, ඒත් මට හිතෙන විදිහට නම් මේ සමලිංගික කොල්ලො සමාජ අපවාදයෙන් මිදෙන්න කෙල්ලො බඳින එක කෙල්ලට කරන පට්ටම අසාදාරණයක්.

මගෙ ජීවිතේ මට ගෑණු ළමයි 3 දෙනෙක් හම්බවුනා සමලිංගික පිරිමින්ට කසාද බන්දල දුන්න. ගොඩක් අය පිරිමිය සමලිංගිකයෙක් කියල දැනගන්නෙ මාස කීපයක් ගියාම, එක්කො කොල්ල රෑට ගෙදර එන්නෙ නෑ, එක්කො කොල්ල කෙල්ල එක්ක ඉන්නෙ නැ.

කොල්ලගෙ හැසිරීම වෙනස් කියල දැනගන්නකොට සමහර විට කෙල්ල ගැබ් අරන්. ඉතිං කෙල්ලට මේ වෙන අසාදාරෙනේ සුලුපටු නෑ.

මගේ ඉල්ලීම උඹ සමලිංගිකයෙක් නම් කෙල්ලගෙ ජීවිතෙ අවුල නොකර කොල්ලෙක් හොයාගෙන පාඩුදෙ ඉඳපන්. සංජාන වුනත් මේ ස්ටේසස් එක දාන්න ඇත්තෙ සමාජයෙන් එල්ල වෙන පීඩනෙ දරාගන්න බැරුව.

ස්තූති .
ආශීර්වාද් බෝපෙආරච්චි.

28/12/2025

ලංකාවට ඇවිල්ල යන්නත් යනව. මේ සැරෙ වැඩිය සද්ද බද්ද නැතුව යනව..
🙏😘 ගිහින් එන්නම්.

25/12/2025

උදේම වැල්ලවත් ඉඳන් ගල්කිස්සට යන්න යන්න පික්මී එකක් දාගත්තා ඉතිං පික්මී එකට ආවේ ලංකාවේ වේගා ආයතනය හදපු විද්‍යුත් ත්‍රිවිලර් රථයක් ඉතින් මම සුපුරුදු ත්‍රිවිල රියදුරු මහත්තයත් එක්ක කතාවට සෙට් වුණා.
"මම ඇහුව ඉතින් මේ දවස්වල බිස්නස් සරුද කියල"
"මිනිහා කිව්වා සර් දවල්ට නම් ප්‍රශ්නයක් නෑ රෑට නම් මම දුවන්නේ නෑ මට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා රෑට ත්‍රිවිලර් එක දුවන්න ගිහිල්ලා"

ඉතින් මම ඇහුවා මොනවද ඔයාට වුනම ප්‍රශ්න කියලා? ඉතින් ත්‍රිවිලර් රියදුරා කිව්වා
'සර් මම එක සැරේක පිහි පාරකුත් කෑවා මේ ත්‍රිවිල් රස්සාව කරනඅතරේ කියලා"
මම ඉතින් ඇහුවා කොහොමද පිහිපාර කෑවේ කියලා

සර් එක දවසක් රෑ අත දරුවෙකුයි අවුරුදු පහක විතර බබෙකුයි අරගෙන තරුණ ගෑනු කෙනෙක් මගේ ත්‍රීවීල් එකට ගොඩ වුණා, එයාලට යන්න ඕන වුනේ කැස්බෑවට ඉතිං මම මෙයාලා අරගෙන කැස්බෑවට ගියාම පුංචි අතුරුු පාරකින් වෙන පැත්තකට එයාලා යන්න ඕනේ කිව්වා.

මම මේ බබාලා දෙන්නයි අම්මවයි අරගෙන පාළු පාරක ඈත කොනේ තිබ්බ ගෙදරකට ගියා
ළඟට යනකොට තමයි දැක්කේ මේ ගෙදර වහලා දාපු පාළු ගෙදරක් කියලා.
ගෙදර ළඟට ආව විතරයි එක පාරටම අර දරුවා ත්‍රීවිලර් එකෙන් පැනලා එලියට දිව්වා. ඒ වගේම අම්මත් බබා අරගෙන ඉක්මනටම අර බබා පිටිපස්සේ ඇතුලට ගියා.

ඒ එක්කම පිහියක් අරගත්ත කොල්ලෙකුයි තව කොල්ලෙකුයි ත්‍රීවිලර් එක ළඟට ඇවිල්ලා අඩෝ එළියට වරෙන්,දීපන් ත්‍රීවිලර් එකේ යතුර කියලා තර්ජනය කළා.

සර් මේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක එහෙම එක පාරටම start කරන්න බෑ ඉතින් එකකොල්ලෙක් ත්‍රීවිලර් එක ස්ටාට් කරන්න හදන අතරේ අනිත් එකා මගේ බෙල්ලට පිහිය තියාගෙන හිටියා.

මම එකපාටම බොරුවට අහක බලනවා වගේගේ බලලා අර කොල්ලගේ පිහිය තිබ්බ අතට අතින් එකක් ගහලා එක පාරටම උගේ පුංචි ඇඟිල්ල දෙකට කැඩුවා.

ඌ බුදු අම්මෝ කියලා බිම වැටෙනවාත් එක්කම මම දුන්න සර් උගේ මූණ සමතලා වෙන්න ඊට පස්සේ මගේ මේ නියපොතුවලින් උගේ මුළු මූණම මම හීරුවා.

සර් මට අවුරුදු පනස් පහයි හැබැයි මම ටෙරාලත් එක්ක සටන් කරපු යුද හමුදා සෙබළෙක්. ටෙරාලත් එක්ක මූණට මූණ වෙඩි තියාගත්ත මට මේ පිහියක් අරන් ආපු කොල්ලෝ දෙන්නෙ ගේමක් උනේ නෑ සර්.

සර් ඒ වගේම මගේ ෂින් එකට තහඩුවක් දාලා තියෙන්නේ ටෙරාලගේ වෙඩිල්ලක් වැදිලා,මම ඒත් අඩුව දාපු කකුලෙන් එකෙක්ගේ කකුලට ගහපුවම ඌ එතනම අල්ලගෙන බිම වැටුනා..
උන් දෙන්නම පස්ස නොබලා දිව්ව ස ඊට පස්සේ මම ත්‍රීවිලර් එක අරගෙන එන්න ආවා පස්සේ තමයි මම දැක්කේ මගේ බඩේයි කකුලෙයි පිහි පාරවල් දෙකක් වැදිලා තියෙනවා.

ඔන්න ඕක තමයි සර් මගේ කතාව.
සර් අපි හමුදා පුහුණුව ලබපු කොල්ලෝ වයසට ගියා කියලා ඒ පුහුණුව නැති වෙන්නේ නෑ අපි නිකන් අත අත පයවනන්නෙ නෑ සර් එක්කෝ මැරෙන්නම ගහනවා එහෙම නැත්තං ආයි නැගිටින්නෙ නැති වෙන්න ගහන්න තමයි අපිට හමුදාව උගන්නලා තියෙන්නෙ.

ඉතින් මේ විරෝධාරව කෝප්‍රෙල්ගේ කතාව අහගෙන හිටපු මම එයාට ස්තුති කරලා ඒ වගේම එයාට සුව පතලා ගල්කිස්සෙන් බැහැලා මගේ ගමන යන්න ගියා.

නිමි.

24/12/2025

සුබ නත්තලක් ඔබ සැමට🎅🎅🎅🤗🤗🤗

24/12/2025

කවුද කොළඹ ඉන්නෙ? අඩියක් ගහන්න හෙට.😇

23/12/2025

බලන බලන පැත්තෙ සිරිමාවො හෑලි..නාහෙ ප්ලාස්ටර් අලව ගත්ත උන්..🙄🥹🤮

22/12/2025

නෙහාරගෙ/ඉසුරුගෙ කතාවෙන් තේරෙන්නෙ බඳින්න ඉස්සෙල්ල එකට ඉන්න එකෙ වැදගත්කම, living together අනිවාර්ය කරන්න ඕනෙ ලංකාවෙ, ඔයාලගෙ අදහස?

22/12/2025

සංජනා කියපු කතාව ඇත්ත, හැමෝටම ඕස්ට්‍රේලියාව වගෙ රටවල සෙට්ල් වෙන්න බෑ, සමහරු ආසයි ලංකාවෙ වයිබ් එකට. තමන්ගෙ මිනිස්සු එක්ක ඉන්න.
😇

21/12/2025

🤨
/(|)\
/\
මේ ඉමෝජි එක දැක්කම මතක් වෙන්නෙ කාවද?

Address

Melbourne, VIC

Alerts

Be the first to know and let us send you an email when Lankans Aussie Diary - ඔසී දිනපොත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share