The BeanBag Podcast

The BeanBag Podcast Welcome to The Beanbag Podcast - where the magic of Australia meets the warmth of the Sri Lankan spirit! 🇦🇺🌟🇱🇰

Shout out to our newest followers! Excited to have you onboard!Kalindu Basnayake, Maduranga Madubhashana, Gihan Danushka...
26/05/2026

Shout out to our newest followers! Excited to have you onboard!

Kalindu Basnayake, Maduranga Madubhashana, Gihan Danushka, Kisara Umeth Randeniya, Lakmuthu Dodamwalage, Theenuka Bandara, Risith Chanaka, Hasitha Madhushan, Lelanka Lenura, Akash Vimukthi, Hashan Madusanka, Milan Sashiru, Ravindu Dileepa, Tom Chandler, Ashen Imalsha

ඇමරිකාව භීතියට පත් කළ ලොස් ඇන්ජලීස් දාම ඝාතකයා ගැන කතාබහ! අද හවස 6ට, බීන් බෑග් පොඩ්කාස්ට් වෙතින්! අපිත් එනවා ඔයාලත් එක්ක...
20/05/2026

ඇමරිකාව භීතියට පත් කළ ලොස් ඇන්ජලීස් දාම ඝාතකයා ගැන කතාබහ!

අද හවස 6ට, බීන් බෑග් පොඩ්කාස්ට් වෙතින්!
අපිත් එනවා ඔයාලත් එක්ක ම බලන්න! ♥️
Chat එකේදි හම්බෙමු!

ලොස් ඇන්ජලීස් නගරයත්, සමස්ත ඇමරිකාවත් බියෙන් සලිත කළ, "the night st...

ලැබුවා වූ නව වසර එපිසෝඩ් වැඩි වැඩියෙන් කරන්න ලැබෙන, බැනුන් නාහා එක දිගට එපිසෝඩ් කරගන්න ලැබෙන, සර්වප්‍රකාරයෙන් සාර්තක නව ...
14/04/2026

ලැබුවා වූ නව වසර එපිසෝඩ් වැඩි වැඩියෙන් කරන්න ලැබෙන, බැනුන් නාහා එක දිගට එපිසෝඩ් කරගන්න ලැබෙන, සර්වප්‍රකාරයෙන් සාර්තක නව වසරක් වේවා කියලා ප්‍රාර්තනා කරන්න ළමයි! ♥️😌

උඹලා හැමෝටම ජයෙන් ජය ම වේවා! සිතුම් පැතුම් ඉටු වෙන, නිදුක් නිරෝගී සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!

ආදරෙයි!
සමාවෙන්න ගන්න වෙච්ච විරාමයට! ඉක්මනට ම ආයෙත් හම්බෙමු! ♥️

මීට,
බීන්බෑග් පොඩ්කාස්ට් අපි!

24/01/2026

ක්‍රිස්පි
පෝක්
ෆ්‍රයිස්
රයිස්

විත්

චෙෆ්
සහන් ♥️

24/01/2026

එපිසෝඩ් වෙනුවට රයිස් ඕඩර් දමනු ලැබේ! 😏♥️

බිඳුනු, රිදුනු, තනිවුනු හදවත්, පාද යාත්‍රාවෙන් සුවපත් කරන කසාවත්! ගිනිගෙන දැවෙන ලෝකයක, හැල්මේ දුවන ජීවිත පිරුනු ඇමරිකාවේ...
11/01/2026

බිඳුනු, රිදුනු, තනිවුනු හදවත්, පාද යාත්‍රාවෙන් සුවපත් කරන කසාවත්!

ගිනිගෙන දැවෙන ලෝකයක, හැල්මේ දුවන ජීවිත පිරුනු ඇමරිකාවේ අධිවේගී මහාමාර්ගයක නිසොල්මන් ගමනින් පාද යාත්‍රාවේ යෙදෙන කසාවත් කිහිපයකි. පැලැස්තර පිරුනු කකුල් නගමින්, යටිපතුල් තාර පාරට සමපාත කරමින් Texas ප්‍රාන්තයේ සිට washington DC දක්වා හැතැක්ම දෙදහස් තුන්සියයක් මේ හිමිවරුන් ගමන් කරමින් සිටියි.

ඉදිරියෙන් ඇදෙන්නේ, පොලිස් රථ කිහිපයකි. ඉන් පසුව ඇමරිකා එක්සත් ජනපදයට එතරම් ම හුරුපුරුදු නැති කසාවතින් සැරසුනු අවුවට පිච්චී ගිය වෙහෙසකර, නමුත් සිනා මුවින් සැරසුනු පිරිසකි. ඒ අසලින් ම ගමන් කරන්නේ හදවතක හැඩයක් නළලතේ දරාගත් එක ම එක සුරතලෙකි. ඒ ආලෝක නම් දැරූ, ඉන්දියාවන් ඇමරිකාවට ආ බලු පැටවෙකි. ඔහු ඉන්දියාවේ මේ හිමිවරුන් සිදු කළ පාද චාරිකාවකට අහම්බෙන් එක්කාසු වී ඇරඹූ ගමන, ඊට හැතැක්ම දහස් ගණනක් එහා ඇමරිකා එක්සත් ජනපදයේදීත් එක ම ආඩම්බරයෙන් ලෝක සාමය වෙනුවෙන් ඇවිදිමින් සිටියි.

යුද්ධයන් ගැන, අධි මාන්නයෙන් පිරුනු ලෝක නායකයන් ගැන, වෙඩි තබාගැනීම් ගැන පිරී ගිය රටක, සමාජ මාධ්‍යයන් නන්නාඳුනනා මේ කසාවත් වටා එකතු වන්නට වූයේ, අවිනිශ්චිත බවින් පිරවුනු සමාජයකට, සාමය වෙනුවෙන් නිසොල්මනේ ගමන් කරනා මේ කසාවත් දරන්නන් අති මහත් බලාපොරොත්තුවක් ගෙන එනා නිසා ම වන්නට පුලුවන.

2025 ඔක්තෝබරයේදී ඇරඹුනු මේ ගමන, මේ වන විට දින 78ක් පසු කර ඇත. ඒ දින 78ම ගෙවුනේ මහ මගය. මග තොට දී හමුවන නන්නාඳුනන හදවත්වලට ආශිර්වාද පිරිත් කියමින් ය. මගදී හමුවන්නන්ගේ ආගම, පැහැය, වත ගොත ඒ හිමිවරුන්ට අදාළ නැත. මේ ගමන ඔවුන් යන්නේ ම සාමය උදෙසා ය. The Walk for Peace වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම භාවනාවක් කරමින් උන්වහන්සේලා ලෝකය ම සුවපත් කරමින් සිටිති.

මෙයින් වඩාත්ම කතා බහට ලක් වුනු සිදුවීම වූයේ, පසුගිය නොවැම්බරයේ දී Texas ප්‍රාන්තයේ Dayton ආසන්නයේදී සිදුවූ අනතුරයි.
පාද චාරිකාවේ යෙදෙමින් සිටි මේ පිරිස සමගින් ගමන් කර රථයක පිටුපස Truck රථයක් ගැටුනු අතර එම අනතුර නිසා ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක් ට තුවාල සිදුවී තිබිණි.
ඉන් එක් හිමිනමකට දැඩි තුවාල තිබූ අතර ගුවන් මගින් රෝහලකට රැගෙන ගිය ගමන කෙළවර උනේ උන්වහන්සේගේ වම් පාදය උන් වහන්සේට අහිමි වීමෙනි.
හිතවතුනි, ඒ සා අකරතැබ්බයකට මුහුණ දී, සිය පාදයක් පවා අහිමි වී තිබියදීත්,Bhante Dam Phommasan නම් මේ හිමිනම, මේ මොහොතේදීත් සාමය වෙනුවෙන් ගමනේ යෙදෙමින් සිටියි.
එම ට්‍රක් රථයේ අනතුර සිදු කළ පුද්ගලයාට පවා සමාව දී ආශිර්වාද කිරීම අතිශයෙන් ම ආවේගශීලී ව හැසිරෙන රටක මිනිසුන්ව මදකට නැවතත් හිතන්නට පෙළඹවූ මොහොතක් වූවා නොඅනුමානයි.

හිතවතුනි, මේ වනවිට ඒ කසාවත් දරන උතුම් මිනිසුන්වත්, ඔවුන්ගේ තනි නොතනියට පසෙතින් උජාරුවෙන් ගමනේ යෙදෙන ආලෝක නම් බලු පැටියාවත්, ගමනේ යෙදෙන්නේ තනිවම නොවෙයි. ඔවුන් පසුකරනා හැම නගරයක ම පාහේ සිය දහස් ගණන් ජනයා ඔවුන් හා ගමනේ යෙදෙමින් සිටියි. දෙවියන් වහන්සේගේ සාමයේ පණිවිඩයට සමාන හැඟීමක් ඔවුන් මේ කසාවත් දරන්නන් තුළින් විඳිමින් සිටිනවා විය හැකිය.
ඔවුන් හැම නගරයක් පාසා ම පිරිත් සජ්ජායනය කරමින් ආශිර්වාද කරමින් සිටියි. මග දෙපස හමුවන නන්නාඳුනන මිනිසුන් මේ මහා ප්‍රයත්නය ඉදිරියේ කඳුලු වගුරවමින් දෝත් එක් කරගෙන බලා සිටියි. පෙළක් වුන් මලින් පුද දෙයි. බුද්ධාගම පිළිබඳ හාංකවිසියක් නොදන්නා ඇමරිකානුවන් පවා මේ මහා සාම වෑයම ඉදිරියේ එකාවන් ව ගමනේ යෙදෙමින් සිටියි.

අද වන විට මේ 19 දෙනෙකුගෙන් පමණ සැදුම්ගත් ස්වාමීන් වහන්සේලා පිරිස, South Carolinaවේ Columbia නගරය පසු කරමින් සිටියි.
තවත් හැතැක්ම එක්දහස් තුන්සියයක් පමණ ඔවුන් සාමය වෙනුවෙන් මේ පා ගමනේ යෙදෙනු ඇත.

ඒ හැම හැතැක්මක් පාසා ම, අවුවේදීත් වැස්සේදීත්, හදවතක හැඩය නළලේ දරාගත් සදාදරණීය සුනඛ පොවුවා, ආලෝකත් ඔවුන් හා ඒ හැම පියවරක් ම නගනවා ඇත.

♥️

ඡායාරූප : Walk for Peace ♥️
දෙමින්ත ජයසිංහ.
11.01.2026

සුබ අලුත් අවුරුද්දක් වේවා කස්ටියට ම! හීන හැබෑවෙන, ඒ හීන හැබෑකරගන්න ඕනෙ ගට නොඅඩුව ලැබෙන, ආදරේ පිරුනු අලුත් අවුරුද්දක් වේව...
01/01/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා කස්ටියට ම!
හීන හැබෑවෙන, ඒ හීන හැබෑකරගන්න ඕනෙ ගට නොඅඩුව ලැබෙන, ආදරේ පිරුනු අලුත් අවුරුද්දක් වේවා!

Wishing you all a very happy 2026 New year!
May all your dreams come true! Wishing you all the very best for a Love filled new year! ♥️

බීන්බෑග් පොඩ්කාස්ට් අපෙන්!

ලයිව් එකේ ලින්ක් එක!
29/12/2025

ලයිව් එකේ ලින්ක් එක!

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

The BeanBag Podcast අපි යමක් උපයාගත්තෙ, ඔයාලා නිසා. ඒ උපයාගත්ත හැමදේම, අපි ආයෙමත් ඒ අයිතිකාරයින්ට දුන්නා. අකවුන්ට් එකේ ත...
02/12/2025

The BeanBag Podcast අපි යමක් උපයාගත්තෙ, ඔයාලා නිසා.
ඒ උපයාගත්ත හැමදේම, අපි ආයෙමත් ඒ අයිතිකාරයින්ට දුන්නා.
අකවුන්ට් එකේ තිබ්බ අන්තිම සතේට ම වෙනකන් හින්දලා, ළඟම හිත මිතුරො කීප දෙනෙක්ගෙ සහ අපේ එකතුවෙන්, අපි රුපියල් ලක්ශ තුනක් අද ලංකාවට යැවුවා.

මේ මෙච්චර දුර ඉඳන් අපිට කරන්න පුලුවන් උපරිම දේ.
උදවු කරපු, අපේ කන්ටෙන්ට්ස් බලන හැමෝටම පින්! ♥️

The BeanBag Podcast අපි යමක් උපයාගත්තෙ, ඔයාලා නිසා. ඒ උපයාගත්ත හැමදේම, අපි ආයෙමත් ඒ හැමදේම අයිතිකාරයින්ට දුන්නා. අකවුන්ට...
02/12/2025

The BeanBag Podcast අපි යමක් උපයාගත්තෙ, ඔයාලා නිසා.
ඒ උපයාගත්ත හැමදේම, අපි ආයෙමත් ඒ හැමදේම අයිතිකාරයින්ට දුන්නා.
අකවුන්ට් එකේ තිබ්බ අන්තිම සතේට ම වෙනකන් හින්දලා, ළඟම හිත මිතුරො කීප දෙනෙක්ගෙ සහ සහන්ගෙයි මගෙයිත් එකතුවෙන්, අපි රුපියල් ලක්ශ තුනක් අද ලංකාවට යැවුවා.

මේ මෙච්චර දුර ඉඳන් අපිට කරන්න පුලුවන් උපරිම දේ.
උදවු කරපු, අපේ කන්ටෙන්ට්ස් බලන හැමෝටම පින්! ♥️

Sahan Jayasuriya
Demintha Chathuraka Jayasinghe

Address

Mount Waverley
Melbourne, VIC

Alerts

Be the first to know and let us send you an email when The BeanBag Podcast posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The BeanBag Podcast:

Share

Category