11/08/2025
ඕස්ට්‍රේලියාවේ ඉන්න අය දන්නවා එහෙ තියෙනවා එක එක වට්සැප් ග්රූප්ස්. ඒවගේ සමහර වෙලාවට පාර්ට් ටයිම් ජොබ් එහෙම දානවා අපේ අයට. මේක වැදගත් වෙන්නේ විශේෂයෙන් ඉගෙන ගන්න ගමන් රැකියා කරන නංගිලා මල්ලිලට.
ඉතින් එහෙම ජොබ් එකක් කවුරු හරි ග්රූප් එකකට දැම්මම කරන්න සහ නොකරන්න ඕන දේවල් මේවයි
කරන්න….!
අදාල නොම්මරයට කෝල් එකක් ගන්න
රැකිය්වේ විස්තරය සහ ඔයාට දැන ගන්න ඕනේ දේවල් ටික අහගන්න
රැකියාව කරන්න පුලුවන්ද බැරිද කියල කෙලින්ම කියන්න. විශේෂයෙන්ම කියන ගානට කරන්න පුලුවන්ද කියල වචනයක් දෙන්න
වැඩේ හරියට කරන්න.
නොකරන්න….
ග්රූප් එකට ජොබ් එකක් ආවම දාපු කෙනාට මැසේජ් කරලා විස්තර අහන්න එපා, කෝල් එකක් දෙන්න. දාපු කෙනා කෝල් කරන්න එපා කියල තියෙනවනම් විතරක් මැසේජ් කරන්න
පැය ගාන වැඩි කරන්න හොරට වැඩ කරන්න එපා. අවංකව කරලා සල්ලි ගන්න. ආයිත් ඔයාට කතා කරයි වැඩක් තිබ්බොත්