Aussie මචං

Aussie මචං We are Aussie Machan !!

Job opportunities in Australia with a 482 company sponsored work visa leading to Permanent Residency in two years…..…Roo...
01/02/2024

Job opportunities in Australia with a 482 company sponsored work visa leading to Permanent Residency in two years…..…

Roof tiler Minimum Requirements:-

✅with IELTS 5.0 or PTE English qualification
✅Age between 21-42 years
✅ Work experience in Construction field would be great

Special benefits:-

🔹Opportunity to migrate with the family.
🔹Partner visa with full work rights.
🔹After two to three years you will be eligible to apply permanent residence in Australia …!

තනිව හෝ පවුලත් සමගම විදෙස් ගතවීමේ අවස්ථාව. සහකාරියටත් රැකියාවක් කිරීමට ඇති හැකියාව සමග ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අවස්තාවක්.👍

සීමිත පුරප්පාඩු ගණනක් බැවින් අදම අයදුම් කරන්න. Limited vacancies are available

Contact us for more information 👇

Youtube
https://youtu.be/HkMFtirsf8c?si=wwn3ObVHVjKSlfLC

Facebook
Dowerin Education and Migration

Call or Whatsapp
☎️ +61491090445

Email
📧[email protected]

Website
http://www.dowerin.com.au

Address
🇱🇰108 , Duplication Road ( R.A De Mel) , Colombo 4
🇦🇺125 Swanston Street, Melbourne, Vic , 3000

Dowerin Education

හපොයි පව් 😂😂😂
30/01/2024

හපොයි පව් 😂😂😂

මලා 😂😂😂

ඕස්ට්‍රේලියාවට එන්නෙ කොහොමද ?  සාමාන්‍යයෙන් දවසකට අනිවාර්යෙන්ම දෙතුන් දෙනෙක්වත් මේ ප්‍රශ්නය අහනවා.  ගොඩක් අය අහන්නේ ඩ්‍ර...
12/01/2024

ඕස්ට්‍රේලියාවට එන්නෙ කොහොමද ?

සාමාන්‍යයෙන් දවසකට අනිවාර්යෙන්ම දෙතුන් දෙනෙක්වත් මේ ප්‍රශ්නය අහනවා. ගොඩක් අය අහන්නේ ඩ්‍රයිවින් ජොබ් එකක්වත් සෙට් කරලා දෙන්න බැරිද? ගෙදරක වැඩ කරන්න හරි සෙට් කරලා දෙන්න බැරිද? බැකෝ ඩ්‍රයිවින් වලට එන්න පුළුවන්ද? ට්‍රක් ඩ්‍රයිවින් ලයිසන් තියෙනවා. මොකක් හරි සෙට් කරලා දෙන්න පුළුවන් ද? ටොයිලට් හෝදන්න හරි කමක් නැහැ එන්න පුළුවන්නම්. රෙස්ටොරන්ට් එකක පිගන් හෝදන්න හරි හදලා දෙන්න. දවස ගානේ ඔය වගේ අහන සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ අතරේ teaching වලට එන්නේ කොහොමද? ඕස්ට්‍රේලියාවේ ජොබ් එකක් හොයා ගන්නේ කොහොමද? අනේ අපිවත් ගන්නකෝ කියලා කියන අයත් සෑහෙන්න ඉන්නවා. අදත් උදේ ඇස් දෙක අරිද්දිම දැක්ක ඒ වගේ මැසේජ් එකක් හින්දා ඕස්ට්‍රේලියාවට එනවනම් එන්නේ කොහොමද කියලා එක එක්කෙනාට වෙනමම කියලා එපාම වෙලා හින්දා ගොඩක් අයට දැනගන්න කියන්න පෝස්ට් එකක්ම ලියන්න හිතුනා.

මුලින්ම කියන්න ඕනේ මැද පෙරදිග රටකට යනවා වගේ ඔස්ට්‍රේලියාවට එන්න බෑ. සරලවම පළවෙනියටම තේරුම් ගන්න ඕනේ කාරණාව ඒක. driving වලට, ගෙවල්වල වැඩ කරන්න, cleaning වලට වගේ ජොබ් වලට ඕස්ට්‍රේලියාවට මිනිස්සු ගන්නේ නෑ. ඒ වගේ ජොබ්ස් කරන්නෙ මේ රට ඇතුලේ ඉන්න මිනිස්සුමයි. මේ රට ඇතුලේ ඒ වගේ ජොබ්ස් වලට ඕන තරම් මිනිස්සු ඉන්නවා.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට ජොබ් වීසා එකක් දෙන්නේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් අදාළ රැකියාවේ පුරප්පාඩු පිරවිය නොහැකි අවස්ථාවලදී පමණයි. බොහෝ විට එහෙම ඉදිරිපත් වෙන රැකියාවලට ඉහළ තරගකාරීත්වයක් පවතිනවා. මොකද ලංකාවෙන් විතරක් නෙවෙයි මුළු ලෝකෙන්ම අයදුම්පත් එනවා. එතකොට වඩාත් හොඳින් සුදුසුකම් සපුරන අයදුම්කරුවාට තමයි නිතරම වීසා ලැබෙන්නෙ. (Skill visa)

කෙනෙක් ඔස්ට්‍රේලියාවේ සිටි පමණින් ඒ කෙනාට තව කෙනෙක්ව ඕස්ට්‍රේලියාවට ගන්නවත් ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරයක් තිබූ පමණින් ඒ කෙනාට ලංකාවේ ඉන්න කෙනෙකුට වීසා දීලා ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමටවත් හැකියාවක් නෑ. එහෙම ව්‍යාපාරික ආයතනයක් තියෙනවා නම් අදාල ආයතනය ඔස්ට්‍රේලියාවේ immigration department එකේ ලියාපදිංචි වෙලා විදේශ රටවල් වලින් සේවකයන් ගැනීමට අදාල සුදුසුකම් සපුරා තිබිය යුතුයි.
එසේ සැපිරිය යුතු සුදුසුකමුත් ලැයිස්තුවක් තියෙනවා.

ඊළඟට student visa ගැන කියනවා නම් ලංකාවේ බොහෝ දෙනෙක් ඔස්ට්‍රේලියාවට එන්නේ මේ වීසා එක හරහා. නමුත් ඒ සඳහා වැය කළ යුතු මුදල් ප්‍රමාණය අති විශාලයි. තනි පුද්ගලයෙක් පැමිණියත් ලක්ෂ අසූවකට ආසන්න ප්‍රමාණයක් ශෝ මනී ලෙස පෙන්විය යුතුයි. family එනවා නම් මේ ගාන මීට වඩා වැඩි. මුදල් තිබූ පමණින්මත් එන්න බෑ. විශ්වවිද්‍යාලයක හෝ අධ්‍යාපන ආයතනයක ලියාපදිංචි වී එහි ඉගෙනීම සඳහා අයදුම් කර ඒ සඳහා සුදුසුකම් ලැබිය යුතුයි. ඒ සඳහාද සැපිරිය යුතු අවශ්‍යතා ලැයිස්තුවක් තිබෙනවා.

ඔය මොන ක්‍රමයකට මෙහෙට ආවත් ආව ගමන් මෙහේ සියල්ල පහල වෙන්නේ නෑ. ජීවිතය බින්දුවේ ඉඳන් පටන් ගන්න තමයි එන්නේ කියලා මතක තියාගෙන එන්න ඕනේ. බොහොම පුංචි කාමරයක කොතැනක හරි ඉඳලා සමහර විට දවසේ පැය 24 ටත් වඩා වැඩියෙන් වැඩ කරලා අවුරුදු ගාණක් මහන්සි වෙලා තමයි ජීවිතය ගොඩදාගන්න වෙන්නේ. එතකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ලංකාවෙ හිටියා නම් මීට වඩා සැපවත් ජීවිතයක් ගෙවන්න තිබ්බා කියලා. ඔව් මුල් කාලෙදි කන කට්ට බැලුවොත් ඇත්තටම ඒක එහෙම තමයි. හැබැයි මුල් කාලේ පහු කරගත්තට පස්සේ සතුටින් සමාදානයෙන් ඉන්න පුළුවන්.

මං දන්න කීපදෙනෙක්ම මෑතකදී විදේශගත වෙලා ඉතා අසීරු තත්ත්වවලට පත්වුණා. ඉන්නත් බැරිව ණය බර නිසා ආපහු ලංකාවට යන්නත් බැරිව හිරවුණු කීප දෙනෙක්ම මම දන්න අය අතර ඉන්නවා. ඔවුන් බලාපොරොත්තු වුණු ජීවිතය නෙවෙයි අවසානයේ ඔවුන් එහෙට ගිහින් ජීවත් වෙන්න පටන් ගත්තහම දකින්න ලැබුණේ. එහෙම උනහම ගොඩක් අය මානසිකව වැටෙනවා.

ඔබ යන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මුලින්ම තේරුම් ගන්න ඕනේ රට ඉන්න මිනිස්සු ගත කරන ජීවිත දැකලා ඒ වගේ ජීවිත එකපාර බලාපොරොත්තුවෙන් රට යන්න එපා. මොකද ඒ මිනිස්සු ඒ ජීවිත ඒ තත්ත්වෙට ගෙවන්නේ සෑහෙන කාලයක් ඒ රටවල් වල ගත කරලා. ස්ථාවර වෙලා. කොයි රටට ගියත් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ හම්බ කරන්න නම්. සැප හොයාගෙන නම් රට යන්නේ මුලින්ම කියන්න ඕනේ ගිහින් මුල් කාලෙ නම් එහෙම සැපක් ලැබෙන්නේ නෑ. මොකද ඒ රටේදි අම්මා තාත්තා හම්බ කරලා තියලා නෑනේ ඉන්න හිටින්න කන්න අඳින්න. එන ඕනම දේකට මුහුණ දෙන්න බලාගෙන සූදානම් වෙලා ගියහම ලේසි.

ඒ වගේම තමයි බොහෝ දෙනෙක් අහන කාරණයක් තමයි දරුවන්ට අධ්‍යාපනය නොමිලේ ලැබෙනවද බෙහෙත් හේත් නොමිලේ ලැබෙනවද මේ රටේදී දරුවෙක් ඉපදුනොත් පුරවැසි භාවය ලැබෙනවාද කියන කාරණා.

මේ රටේදි දරුවෙක් ලැබුණොත් ඒ දරුවට මේ රටේ පුරවැසිභාවය ලැබෙන්නේ දරුවා ඉපදෙන වෙලාව වෙනකොට දෙමාපියෝ දෙන්නාගෙන් එක්කෙනෙකුට හරි රටේ පුරවැසි භාවය තිබුණොත් විතරයි. එහෙම නැත්නම් දෙමාපියෝ දෙන්නා ඉන්න වීසා එකේම dependent වීසා එක තමයි දරුවට ලැබෙන්නේ. උදාහරණයක් විදිහට දෙමාපියෝ ඉන්නේ student visa එකක නම් දරුවට ලැබෙන්නේ ඒ වීසා එකේම dependent එක. ඒ වගේම student visa එකක insurance එකෙන් Baby Delivery cover වෙන්නෙ නෑ. ඒක මෙහෙ ඉතාම මිල අධිකයි. රෝහල් ගාස්තු ඩොලර් 15000$ කට ආසන්නයි. ලංකාවේ මුදලින් ලක්ෂ 30කට වැඩියි. ඒ නිසා ඒ සදහා සැලසුම් සහිතව එන්න. පුරවැසිභාවය සහ ස්ථිර පදිංචිය ඇති අයට මේ සියල්ල නොමිලේ ලැබෙනවා.

ඒ වගේම මෙහේ daycare හරිම මිල අධිකයි. පුරවැසි භාවය හෝ ස්ථිර පදිංචිය තියෙනවනම් ඒ ගාස්තුවෙන් වැඩි ප්‍රමාණයක් රජයෙන් ගෙවනවා. ඒ දෙක නැත්නම් සම්පූර්ණ ගාස්තුවම දෙමාපියන්ට ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට දරුවෝ එක්ක එනවනම් එක්කෙනෙකුට රස්සාවකට නොයා දරුවො බලාගන්න ගෙදර නවතින්න වෙනවා. මොකද day care fee ගොඩක් ගණන් වැඩි නිසා රස්සාවක් කරනවාට වඩා එක්කෙනෙක් ගෙදර ඉන්න එක ලාබයි.

සෞඛ්‍යයත් ඒ වගේ. පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට සහ විශේෂිත වීසා වර්ග කීපයකට විතරයි නොමිලේ. අනිත් හැමෝම සෞඛ්‍යයටත් ගෙවන්න ඕනා. රජයේ රෝහලකින් බෙහෙත් ගත්තත් මුදල් ගෙවන්න ඕන. සෑහෙන ගාණක් ඒකටත් වැය වෙනවා. බොහෝ වෙලාවට වෙනත් වීසවලින් එන අය හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් දාලා තමයි එන්නේ. ඒකත් සෑහෙන ගානක් මං හිතන්නේ.

රජයේ පෞද්ගලික කියලා නෑ දෙකම එක සමානයි. ලංකාවේ වගේ වෙනසක් නෑ. තත්ත්වයෙන් හා ගුණාත්මක බවින් නම් ඊට වඩා බොහෝ ඉහළයි.

පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ඇති අයගේ දරුවන්ට ආදායම අනුව සලකා බලා මාසිකව මුදලක් රජයෙන් ගෙවනවා. දෙමාපියන් දෙදෙනාගෙන් එක් අයෙක් නිවසට වී දරුවා බලා ගන්නවා නම් ඒ කෙනාට මුදලක් රජයෙන් ගෙවනවා. (Partner pay). දරුවා ඉපදුනාට පසුවත් baby suppliments fee කියලා ගානක් රජයෙන් ගෙවනවා. Single mom හරි Single dad කෙනෙක් හරි නම් ඒ කෙනාට දරුවො හදාගන්න රජයෙන් සම්පූර්ණ සහයෝගය දෙනවා.

ඊළඟ කාරණය තමයි මෙහෙ Teaching. ලංකාව වගේ native english නොවන රටකින් Direct මෙහෙට teaching වලට ගන්නේ නෑ. කොහොමත් ඔස්ට්‍රේලියාවේ teaching කරන්න නම් අනිවාර්යයෙන්ම ඔස්ට්‍රේලියන් සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕනේ. (AQF). ඒකට ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක ඉගෙනගෙන උපාධිය අරගෙන IELTS 7.5 overall අරගෙන , මෙහේ teacher registration board එකේ රෙජිස්ටර් වෙලා license එක ගන්න ඕනේ. ඒකට ඔය ඉහත කියූ සුදුසුකම් ටික අනිවාර්යයි. ඒක ලංකාවෙ ඉඳන් කරන්න බෑ. මොකද ලංකාවේ teaching කියලා උපාධියක් නෑ වගේම ඕස්ට්‍රේලියාවේ පිළිගත් සුදුසුකම් පිරිනමන උපාධි ආයතනයක් ලංකාවේ නෑ. එහෙම teaching වලට යවනවා කියලා කවුරුහරි කියනවනම් අහුවෙන්න එපා ඒක බොරුවක්. එහෙම එවන්න කිසිම ක්‍රමවේදයක් නෑ.

ඒත් එක්කම පහුගිය දවස්වල රැල්ලක් විදියට ගිය caregivers ලා ගන්නවා කියන ආරංචිය ගැනත් කියන්නම්. ඔව් එහෙම ගන්න ඕස්ට්‍රේලියාව සැලසුම් සකස් කරලා තියෙනවා. නමුත් ලංකාවේ අයට ඒ චාන්ස් එක ලැබෙයිද කියන්න ෂුවර් නෑ. මොකද අර මම කලින් කිව්වා වගේ ඕස්ට්‍රේලියානු අනුමත caregiver කෝස් එකක් ලංකාවෙ නෑ. (AQF) මං දන්න තරමින් එය රැකියාවට අදාළ ඕස්ට්‍රේලියානු රජයේ අනුමත caregiver course එකක් කර තිබිය යුතුයි. ප්‍රශ්නේ තමයි එහෙම එකක් ලංකාවේ නැති එක. මේ වෙලාවේ අපි ඕස්ට්‍රේලියා යවනවා කියලා ගොඩක් අය තමන්ගේ caregiver course promote කරන්න හදනවා. ඒවාටත් රැවටෙන්න එපා. ඒ වගේම UK වලට ලංකාවේ NVQ certificate එකෙන් caregiver ගත්තනෙ ඔහෙට එන්න බැරිද කියලා අහන්නෙපා. එන්න බෑ නෙමෙ ඒක මෙහෙ පිළිගන්නෙ නෑ රටට එන්න වීසා එකක් නිකුත් කරන්න තරම් සුදුසුකමක් හැටියට. හැබැයි වෙන වීසා එකකින් ආවොත් part time හරි ජොබ් එකක් සෙට් කරගන්න ඒ Certificate එක වැදගත් වෙයි.

ඒ වගේම ලංකාවෙදි ඔබ මාසයකට ඉපැයූ මුදල මෙහිදී ඔබට බොහෝ විට එක දවසකින් උපයන්න පුළුවන්. හැබැයි ඔබ මෙහි ජීවත් වීමේදී වියදම් කරන්නේ ඩොලර් වලින් බව මතක තබා ගන්න. මේ කාරණාව මම විශේෂයෙන්ම කියන්න හේතුව තමයි මගේ විදේශගත වූ මිතුරියක් ලංකාවේ සිට ඇයට ඉපැයිය හැකි ආදායම ගණන් බලා ඇයට විශාල මුදලක් ඉපයිය හැකි බව සිතුවා. නමුත් ඇය විදේශගත වී එම රටේ ජීවත් වන විට එය ඇගේ කටයුතු පවා කර ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් වුණේ නෑ. එය පිළිබඳ දැනුවත් වීම ඔබ විදේශගතවීමට පෙර බොහෝ වටිනවා. අනපේක්ෂිත කඩාවැටීම්වලට මුහුණ දීමට එවිට ඔබට සිදුවන්නේ නෑ.

student visa, සහ වෙනත් visa වලින් ආපු බොහෝ දෙනෙක් ඒ ඉගෙන ගන්න අතරතුරේ කෝස් ෆී ගෙවන්න කන්න බොන්න ඉන්න හිටින්න cleaning job කරන. රෙස්ටෝරන්ට් වල වැඩ කරන. අහුවෙන ඕනෙම ජොබ් එකක් කරනවා. බොහොම අමාරුවෙන් කට්ටක් කාලා තමයි හැමෝම ගොඩ යන්නේ. සුරංගනා හීනෙක වගේ ඉඳගෙන කෙනෙකුට ගොඩ යන්න ලැබෙනවනම් ඒ ඉතාම අල්ප වශයෙන් අතලොස්සකට විතරයි. කවුරු හරි කෙනෙක් කලින් මෙහෙ ඇවිල්ලා ඔක්කොම ගොඩනගලා තිබ්බොත් ඔන්න ඊළඟට එන කෙනාට කිසිම කට්ටක් නැතුව ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්න පුළුවන්.

ආහාර පාන නම් මිල අඩුවට ඇති තරම් ගන්න පුළුවන්. කන බොන දේවල් ගැන නම් වද වෙන්න දෙයක් ඇත්තෙම නෑ.

මෙහෙ නිවසක් මිලදී ගන්න නම් ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය තිබිය යුතුයි. එතෙක් ඔබට ගෙයක් මිලට ගැනීමට හැකියාව තිබුනත් කුලියට නැවතී සිටීමට සිදුවෙනවා. එය දළ වශයෙන් අවුරුදු හය හතක කාලයක් විය හැකියි. බොහෝවිට ඊටත් වඩා වැඩි විය හැකියි. ඒ අතරතුර ඔබට කාමර කීපයකට, නිවාස කිහිපයකට මාරුවීමට සිදුවිය හැකියි.

ඉතින් දවස ගානේ ඕස්ට්‍රේලියාවට එන්නේ කොහොමද කොහොමද කියලා අහන ගොඩක් අයට මේ පෝස්ට් එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා ඔයාලා නොදන්න විස්තර දැනගන්න.හෙට ඉඳන් ආයෙත් මේ ප්‍රශ්නෙම අහන මැසේජ් ප්‍රමාණය ටිකක් හරි අඩු වෙයි කියලා හිතනවා. 😁😁😁😁

✍️ නදිතා සිංහබාහු (උපුටා ගැනීමකි)

Address

Melbourne, VIC

Website

Alerts

Be the first to know and let us send you an email when Aussie මචං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share