12/04/2026
අදත් අපේ එකා හොඳ ඉනිමක් ගැහුවා..💙
එදා LPL එකෙන් පවා ප්‍රතික්ෂේප වෙච්චි එකා...
අද ලෝකේ දැවැන්තම ක්‍රිකට් ලීගයේ දවසින් දවස වැඩ දානවා.
මේ අපේ පැතුමා ගහපු හතරවෙනි IPL ඉනිම. මේ ඉනිම් 4න් තුනකම අපේ එකා 40+ ගැහුවා.
මුම්බායි වලට 44ක් ගැහුවා. ගුජරාට් මැච් එකේ 41ක් ගැහුවා. අදත් රාහුල් එක්ක හොඳ ඕපන් එකක් අරන් දීලා බෝල 24කින් ලකුණු 41ක් ගහනවා. අවාසනාවකට අර්ධ ශතකය අහිමි වුනත් මේ ඉනිම හතරේ පහරවල් 5කින් සහ දර්ශනීය හයේ පහරවල් ද්විත්වයකින් හැඩ වෙනවා.
විශ්වාසයි..! IPL අර්ධ ශතකයක් විතරක් නෙමෙයි,
IPL ශතකයකුත් ලග ලගම එනවා...🫡🔥
ලෝකේ ලොකුම ක්‍රිකට් ලීගයේ අපේ බැටෙක් මෙහෙම කන්සිස්ටන් පෆෝම් කරන එකම ගැම්මක්...👏
Well Played PATHUM! 💐
✍ | Rishie Bro