05/16/2026
ඉතාම කණගාටුවෙන් කිව යුතුයි.
ජනාධිපතිවරණ ඡන්ද කාලෙවත් මම කවදාවත් අනුර ආවොත් රට වැටෙයි, නැවත ආර්ථික අර්බුධයක් ඇතිවේවි කියලා කියලත් නැහැ. මොකද මම අවංකවම එහෙම විශ්වාස කළේ නැහැ.
මම හිතුවේ අවම වශයෙන් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ස්ථාවර කරපු මට්ටමෙන් සුළු අඩු වැඩියා මතින් හෝ, රට තියාගෙන යන්න අනුර සහ කණ්ඩායමට හැකිවේවි කියලා.
මම බය වුණේ රට එක තැන නැවතිලා, දියුණුවක් නොවී තියේවි කියලා. මගේ සමස්ථ තර්කයම එතන තිබුණේ.
නමුත් පේන විදියට එහෙම නැහැ. තියෙන මට්ටමිනුත් රට වැටීගෙන යනවා.
දැන් රට බොහොම තීරණාත්මක තැනක තියෙන්නේ. අපි දැන් ඉන්නේ 2021 දෙසැම්බර් අපි හිටපු තැන. රට බිංදුවටම කඩා වැටෙන දැවැන්ත ආර්ථික අර්බුධයක් අත ලඟ එන බව පේනවා.
ඒ අර්බුධය දත්ත වලින් පුරෝකථනය කරන්න පුලුවන්. නමුත් වඩා වැදගත්ම දේ ආර්ථිකය කඩා වටෙමින් තිබෙන බව ඇඟට දැනෙනවා. වැදගත්ම මේ ගට් ෆීලිං එක.
මේ කඩාවැටීමට ප්‍රධානතම හේතුව ආණ්ඩුවේ නොහැකියාව. ආණ්ඩුවේ මිනිස්සුන්ට රටක් හසුරවාගන්න බැහැ.
දෙවෙනි හේතුව ආණ්ඩුවේ වංචා, දූෂණ මූලිකත්වය කරගත් මානසිකත්වය.
එක් පැත්තකින් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය, මන්ත්‍රීවරුන්ට වැඩ බැහැ.
අනෙක් පැත්තෙන් ඔවුන්ගේ මූලික අරමුණු ගෙවල් හදාගන්න, ඉඩම් අරන් දාගන්න සහ ස්ථාවර ආදායම් මාර්ගයක් හදාගන්න.
තව පැත්තකින් ටිල්වින් තමන්ගේ පක්ෂයේ අක්මුල් රාජ්‍යයට විහිදවීමේ ව්‍යාපෘතියක ඉන්නවා.
අනිල් ජයන්තලා, හර්ෂන සූරියප්පෙරුමලා මෙවැනි වගකීමක් නොදරපු පුස්සො බව දැන් එක්ස්පෝස් වෙනවා.
හර්ෂ මේ මරාලයට කර ගැහුවොත් හර්ෂගෙත් 'ඇත්ත පාට' එක්ස්පෝස් වෙනවා විතරයි.
කොහොමවුනත් මේ වතාවේ රට වැටුනොත් කළින් වගේ රට ගොඩගන්න ලේසිත් නැහැ.
මිලියන 23 ක ජීවිත අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම අතේ.
බලන් ඉන්නවා හැරෙන්න වෙන විකල්පයක් අපිට නැහැ!
මතක තියාගන්න. දැන් අපි ඉන්නේ 2021 දෙසැම්බර් විතර.