
24/08/2023
රත් නෙළුම් හීන 🪷
දිරපු කොළ රොඩු, මැරුණු පුංචි මාළු මේ හැමදේකින්ම පිරුණු මඩ ගොඩක ඉඳලා නැගෙන ඉරුගෙ රශ්මියට පෙති දිගාරින්න සූදානමින් නෙළුම් පැළ මඩ ඇතුලෙ මුල් ඇදලා ඒ මඩවලින්ම පෝෂණය වෙලා හරියට සතුටින් පිරිච්චි ගැහැනියක් තමන්ගෙ ආදරණීය ස්වාමියාව තදින් වැළඳගන්න අටියෙන් තමන්ගෙ දෑත් දිගුකරනවා වගේ ඉර එළිය දිහාවට පුංචි පුංචි නෙළුම් පොහොට්ටු උඩට ඇදිලා ඇවිත් පෙති දිගඇරලා ඉරේ රත්තරං පාට රශ්මිය නානවා.
දවසක මටත් පුළුවන් වුනොත් ඒ නෙළුම් මලක් වගේ වෙන්න... ඉතිං මං ඉල්ලන්නෙ මාව කියවන්න... මං එක්ක ඉන්න...
මං තියඩෝරා...🌹