20/03/2024
රොස්ට් පාන් recipe 🍞
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි 600 g
2. ලුනු තේහැදි 2
3. යීස්ට් තේහැදි 2
4. සීනි මේසහැදි 2
5. පොල්තෙල් මේසහැදි 2
6. මද උනුසුම් වතුර අවශ්‍ය තරමට(200-250 ml පමන)
Dough එක knead කරගන්න පාන් පිටි මේසහැදි 1 ක් වගේම පොල්තෙල් මේසහැදි 2 ක් විතරත් ඕනි වෙනව..
මුලින්ම dry ingredients ටික එක භාජනයකට දාගන්න. ඊට පස්සෙ ඒක ටිකක් mix කරල එකට මද උනුසුම් වතුර ටික ටික දාන ගමන් හොදට dough එක knead කරගන්න. පොල්තෙල් ටිකත් මේ අතරතුරේදි එකතු කරගන්න.
( යීස්ට් ටික අලුත් කියල sure නැත්නම් වෙනම භාජනයකට සීනි + යීස්ට් දාල උනුසුම් වතුර ටිකකුත් දාල මිනිත්තු 10 වගේ තියගන්න. ඊට පස්සෙ හොදට පිපුන යීස්ට් ටික පිටි එකට දාගන්න. )
අතින් අනනවනම් මිනිත්තු 25-30 වගේ හොදට අනන්න ඕනි... Mixture එකක නම් මිනිත්තු 10-15 වගෙ ඇති.
මේකෙ පදම වෙන්නෙ අතේ නොඇලෙන තරමට soft dough එකක් හදාගන්න එක තමයි .☺️ ඒත් ටිකක් sticky ගතියට තිබුනට කමක්නැහැ.
dough එකේ පොඩි කොටසක් අතින් ටිකක් ඇදල බලද්දි කැඩිල යන්නෙ නැතිව ඇදිල එන විදියට soft dough එකක් තියෙනව නම් ඒක තමයි පදම 👌.
ඊලඟට Dough එක පිපෙන්න තියෙන බාජනේ ඇතුලෙත් හොදට oil ගාල ready කරල තියාගන්න 😃.
දැන් oil ටිකක් අතේ ගාගෙන dough එක බෝලයක් වගේ වෙන්න එකතු කරල ගන්න. 😁
ඒ අතරෙ dough එක වටේටත් අතේ තියෙන oil ටික හොදට ගාගෙන oil කරල ready කරපු බාජනේ ඇතුලෙන් dough එක තියල kitchen towel එකකින් වගේ බාජනේ වහන්න😎 . (ඒක ඔයාල කැමති පහසු විදියකට කරන්න )
මිනිත්තු 30-45 වගේ ගියාම dough එක ගොඩක් දුරට පිපිල තියෙනව. (weather එක අනුව ඒක depend වෙනව) 😇 dough එක double size උනාට පස්සෙ dough එක පොඩ්ඩක් අතින් punch කරල ආයිත් කලින් වගේ dough එක බෝලයක් වගේ හදල සමාන කොටස් 5කට බෙදාගන්න. (Roughly එක කොටසක් 120 g වගේ වෙයි. ) ☺️
දැන් ඒ එක එක කොටස dough බෝල වගේ හදල
Workingtop එක උඩ / baking tray එක උඩින් තියල kitchen towel එකෙන් වහන්න. 😃
දැන් මේ බෝල shape එකට හදාගත්ත කොටස් double size වෙනකම් තියාගන්න .⏰මේකට 30 min වගේ යනව.( ඔයාල මේක හදන දවසෙ 🌈⛅️⛈ weather එක අනුව time ⏰ එක අඩු වැඩි වේවි.)
මේ අතරතුරේදි පාන් ටික bake කරන tray එක oil paper එකක් /baking sheet එකක් දාල or තෙල් ටිකක් ගාල ready කරගන්න.🤩
දැන් බෝල shape එකට හදාගත්ත කොටස් double size උනාම ඒව එකින් එක අරගෙන රෝස් පාන් එකේ shape එක එන විදියට pan එකේ එකක් උඩින් එකක් තියගන්න.
මතක ඇතිව හැම රෝස් පාන් එකක් අතරටම oil ටිකක් ගාල ඊලග එක තියගන්න. 😁
ඔක්කොම ටිකඑහෙම හදල ආයිත් kitchen towel එකකින් වහල 30 min ⏰වගේ පිපෙන්න තියාගන්න .😃
මේ අතරෙ oven එක 175 C ට preheat වෙන්න තියාගන්න .⏰
දැන් 30 min ⏰වලින් වගේ double size උනාම රෝස්පාන් ටිකේ උඩින් තෙල් ටිකක් ගාල pre- heat කරගත්ත oven එකේ විනාඩි 20 වගේ bake කරගන්න. 🫠
හොදට උඩ කරවෙනකම්( ඔයාල කැමති තරමට ) bake උනාම oven එකෙන් එලියට අරගෙන එකින් එක වෙන් කරල ආයිත් රෝස් පාන් එකේ දෙපැත්ත ටිකක් කරවෙන්න bake කරගන්න.( විනාඩි 5-10 වගේ).🤩
මගේ video එකෙන් මේකෙ steps ටික ගැන idea එකක් ගන්න පුළුවන් වෙයි කියල හිතනව.