Moments With Didu

Moments With Didu 👋 Hello and Welcome! I’m Diduni, the face behind Moments With Didu. Here on this page, you’ll find a mix of travel vlogs, daily vlogs, and everything in between.

Thank you for being here—I’m excited to share this journey with you!

Cooking Diaries - Month of August 🙂
05/09/2025

Cooking Diaries - Month of August 🙂

පහුගිය දවස් ටිකේ තිබ්බ කාර්යබහුලත්වය නිසාම මගේ මතක පිටුවෙ මොකුත්ම ලියන්නත් බැරි උනා. මේ තියෙන්නේ ගිය දවස් ටිකේ මම හදපු ක...
30/07/2025

පහුගිය දවස් ටිකේ තිබ්බ කාර්යබහුලත්වය නිසාම මගේ මතක පිටුවෙ මොකුත්ම ලියන්නත් බැරි උනා.

මේ තියෙන්නේ ගිය දවස් ටිකේ මම හදපු කෑම වර්ග කිහිපයක් . අතරින් පතර hubbya හදපු කෑම ටිකකුත් තියනවා. කමක් නෑ ඒ ටිකත් මම හැදුවා වගේම කියන්නම්. 😁

මේ photo ටික මගේ මතකයක් විදියට එකතු කරගන්න ගමන් පුංචි කතාවකුත් කියන්න හිතුනා.

මගේ අතීතය මතක් කරලා බැලුවොත් මම ගෙදර කිසිම වැඩක් කරපු ළමයෙක් නෙමෙයි . කෑම හදන දේවල් , ගෙදර අස් කරන දේවල් හරි කැමැත්තෙන්ම කරන මම කිසිම වැඩක් කරනවට අකමැති අම්මා කෙනෙක් තමයි මට ඉන්නේ. ❤️ඉස්කෝලේ යන කාලේ පාඩම් කරන්න කියලා කිසිම වැඩක් කරන්න දුන්නේ නෑ . මම හිතන්නේ ඇත්තම හේතුව අපිට කියලා වැඩ කරවගන්නවට වඩා අම්මට ඉක්මනට ඒ වැඩ ටික කරන එක ලේසි වෙන්න ඇති.

Job එක කරන්න Colombo නැවතුනාට පස්සේ මම හිටපු boarding house එකේ උයන්න kitchen එකක් තිබුනේ නෑ . ඒ නිසාම අවුරුදු දෙකක් අපි කෑවේ කඩෙන් . යාලුවෝ එකතුවෙලා ගෙයක් rent කරන්න plan කරගෙන ඉන්නකොටම Covid නිසා ආයේ ගෙදර එන්න සිද්ද වුනා . ඔන්න ඔහොම තමයි මගේ උයන්න පුරුදු වෙන වැඩේට දිගෙන් දිගටම කණ කොකා හැඬුවේ. 🙂

මම ගෙදර ඉන්නකොට හැදුවේ විශේෂ කෑම විතරයි . එකත් මට මතකයි යුද්දයක් වගේ. ගෙදර ඉන්න හැමෝම එක එක වැඩ කරලා දෙනවා .සුදු ළුනු සුද්ද කරලා , ළුනු කපලා ඔක්කොම කරලා දෙනවා.

එහෙම ඉඳලා ලංකාවෙන් ආවට පස්සේ YouTube channel ටිකට පින්සිද්ද වෙන්න මම කෑම හදන්න ඉගන ගත්තා. කනවට වඩා ඒවා හදලා ලස්සන බලලා මම එකෙන් ලොකු සතුටක් ලබනවා. තියන වැඩත් එක්ක මම හැමදාම කෑම හදන කෙනෙක් නෙමෙයි . එත් ලැබෙන පුංචි වෙලාවේ අලුත් කෑමක් try කරලා බලන එක පුරුද්දක් වෙලා. මම හදන කෑමක් කන ගමන් husband හරි මගේ යාලුවෝ හරි ඒවා රසයි කියලා කියනකොට ඒක මට පුදුමාකාර සතුටක්. 😍

මොන වැඩේ කරත් හිතේ සතුටින් කරන්න .එතකොට වදයක් කියලා හිතෙන සමහර දේවල් enjoy කරන්න පුළුවන් වෙයි.
Daily කෑම හදන කෙනෙක්නම් ඒවා ලේසි කරගන්න plan එකකට වැඩ කරන්න.
කෑම කන time එක පවුලේ අය එක්ක එකට ගත කරන්න වෙන් කරගන්න. ඒක හැමෝටම ලොකු සතුටක් වෙයි.

ඉතින් මගේ මේ කෑම කතාවත් එක්ක මේ පුංචි tips ටික තමයි මට ඔයාලා එක්ක බෙදාගන්න ඕන උනේ.

සතුටින් ජිවත් වෙන්නනම්
පුංචි මොහොතවල් පවා විඳින්න පුරුදු වෙන්න
එතකොට ජිවිතේ ගොඩක් වෙනස් වෙයි ❤️

දිදූ
30/07/2025


අද හවස ගෙදර එනකොට ලස්සන මල් පොකුරක් කෙනෙක් deliver කරලා. ඇත්තටම මම සෑහෙන්න පුදුම උනා . ඒ ගමන්ම මතක් උනේ birthday එකක්වත්...
31/05/2025

අද හවස ගෙදර එනකොට ලස්සන මල් පොකුරක් කෙනෙක් deliver කරලා.

ඇත්තටම මම සෑහෙන්න පුදුම උනා . ඒ ගමන්ම මතක් උනේ birthday එකක්වත් anniversary එකක්වත් කිසිම දෙයක් නෑ නේද කියලා . ඉතින් ඒ වෙලාවෙම මාත් එක්ක ගෙදර ආව husband මට විහිළු කලේ 'කව්ද මේ ඔයාට මල් එවලා තියන්නේ කොල්ලෙක්වත්ද කියලා.' 🫢 මට ඉවසිල්ලක් තිබුනේ නෑ ඒ envelop එකේ තියන පුංචි note එක බලනකම් .

ඇත්තටම මම පුදුම උනා .ඒ ලස්සන මල් පොකුරත් එක්ක ඒ Thank you , note එක එවලා තිබුනේ husband ගේ office එකෙන් .🙂

මම work කරන්නේ software QA engineer කෙනෙක් විදියට .එකේ තේරුම ඒතරම් හිතන්න එපා .ඉතින් මගේ husband වැඩ කරන්නේ software engineer කෙනෙක් විදියට .සමහර දවස් තියනවා එයා ගෙදර ඉදන් වැඩ කරන . ඉතින් ඒ දවස්වලට මම එයා හදන software වල අඩුපාඩු ,වැරදි හොයනවා . UI එකේ colours හරි නෑ ,මේක වෙනස් උනොත් හොදයි, මේක හරිම කැතයි වගේ එක එක දේවල්. එයා හදන දේවල් improve කරගන්න මගේ ideas මම දෙනවා.මගේ රැකියාවට තියන කැමැත්ත නිසාම සහ අලුත් දේවල් හොයන්න තියන කැමැත්ත නිසාම මම ඒවගේ දේවල් කරනවා .

ඉතින් මේ සතියේ කොහොමහරි මම එයාට වැඩ කරනකොට මේ දෙන කරදරේ ගැන එයා office එකේදී කියලා තියනවා .එයාලගේ department head (Nicola ) තමයි මට මේ මල් පොකුර එවලා තියෙන්නේ .මම එයාලගේ company එකේ වැඩ කරන කෙනෙක් නෙමෙයි . තමන්ගේ company එක ඇතුලෙම වැඩ කරන සේවකයන්ට හරි අගය කිරීමක් ,වටිනාකමක් දෙන්නේ නැති මිනිස්සු මම දැකලා තියනවා . ඒ වගේ කතා ඕනෑතරම් අහලා තියනවා . ඒවගේ මිනිස්සු එක්ක වැඩ කරලා තියනවා . ඉතින් මම ඒ කරපු පුංචි දේට එයාලා ඒ දීපු අගය කිරීම මට මාර විදියට වටිනවා .❤️

කොහොමහරි මට මේ කතාවෙන් කියන්න ඕන උනේ මේකයි .

අගය කිරීම නැත්නම් appreciation කියන දේ කොයිතරම් මිනිස්සුන්ගේ ජිවිත වලට වටිනවද, බලපානවද කියලා .

මේක කියවන ඔයා සමහරවිට company owner කෙනෙක් වෙන්න ඇති , team lead කෙනෙක් වෙන්න ඇති .
ඔයාගේ හිතින්ම අහලා බලන්න තමන්ගේ යටතේ වැඩ කරන මනුස්සයෙක් කරන වැරදි හොඳට පේනවා වගේම එයාලා කරන හොඳ දේවල් ඔයාලට පෙනුනද කියලා .කෙනෙක්ව appreciate කරන්න සල්ලි වියදම් කරන්න ඕනෙම නෑ .සමහර වෙලාවට ඔයා කියන වචනෙත් ඇති .

ඔයා අම්මා කෙනෙක් ,තාත්තා කෙනෙක්නම් තමන්ගේ දරුවෙක් වැරද්දක් කරාම තරවටු කරන්න මතක් වෙනවා වගේම එයාගේ හොඳ ගතිගුණ වලට අගය කිරීමක් දෙන්නත් මතක තියා ගන්න.

මේක කියවන ඔයා කෙනෙක්ගේ ආදරවන්තියක් , ආදරවන්තයෙක් , husband කෙනෙක් හෝ wife කෙනෙක් වෙන්න ඇති . හැමවෙලේම තමන්ගේ partner ට වටිනාකමක් දෙන්න . එයාව අගය කරන්න . එයාගේ මහන්සියට , එයා කරන පුංචි දේකට වුනත් වටිනාකමක් දෙන්න .

කඩේකට ගියාම cashier ට හිනාවෙලා 'Thank You ' කියන්න පුරුදු වෙන්න .සමහරවිට දවසම මහන්සි වෙලා ඉන්න ඒ මනුස්සයට ඒක සෑහෙන්න සතුටු හිතෙන දෙයක් වෙන්න පුළුවන් .

ජිවිතේ සමහර දේවල් තියනවා , අපිට ඒක පුංචි දෙයක් වුනාට , අපි ඒ කරන පුංචි දේ
කෙනෙක්ගේ ජීවිතේට ලස්සන බලාපොරොත්තුවක් , සතුටක් ගේන දෙයක් වෙන්න පුළුවන්.

ඉතින් , මිනිස්සු කරන පුංචි දේටත් වටිනාකමක් දීලා ,
තව කෙනෙක්ට හිනාවක් සතුටක් ගේන්න ❤️

දිදූ

30/05/2025

………හැමදාම දෙන කැලේ මල්……….එක්සත් ජනපධයට වසන්තය උදා වෙලාදැන් හැමතෙනකම වගේ මල් පිපෙන්න අරන්ඒ ලස්සන විදිනවත් එක්කම පුංචි කත...
28/05/2025

………හැමදාම දෙන කැලේ මල්……….

එක්සත් ජනපධයට වසන්තය උදා වෙලා

දැන් හැමතෙනකම වගේ මල් පිපෙන්න අරන්

ඒ ලස්සන විදිනවත් එක්කම පුංචි කතාවක් බෙදාගන්න හිතුනා

මේ photo එකේ තියෙන්නේ මගේ office එක තියන පාර අයින

හැමදාම හවසට husband මාව ගන්න එනකම් මම මේ පාර අයිනට වෙලා තමයි බලන් ඉන්නේ

එක දවසක් මට හිතුනා මේ මල් ටිකක් කඩාගෙන ගිහින් එයාට දෙන්න

ඔයාට පිස්සුද ඔහු හිනාවෙලා එහෙම ඇහුවා

එත් එයාගේ හිනාවෙන් මම තේරුම් ගත්තා. ඒ මල් වලින් ඔහු ගොඩක් සතුටු වුනා කියලා

දැන් හවසට හැමදාම මල් දෙන එක මගේ පුරුද්දක් වෙලා.

සමහර වෙලාවල් වලට ජීවිතේට ලස්සන මතකයක් එකතු කරන්න පාරේ පිපෙන මල් ටිකකුත් ඇති. 😍

හැමෝම දන්න දෙයක් තමයි ගැහැණු අපි මල් වලට ගොඩක් ආසයි කියලා

ඉතින් ඔයාලගේ හැම විශේෂ දවසකම මල් වගේම තෑගි දීලා ඔයාලව සතුටු කරන එයාලා වෙනුවෙනුත් පුංචි දෙයක් කරලා බලන්න 😊

ඔව් ඉතින් මේ වසන්තය පුරාවටම මම ඔහුට මල් දෙයි ❤️

සරත් සෘතුවේ චාරිකාව  - Part 01ගිය අවුරුද්දේ සරත් සමයේ අපි ගියපු ගොඩක් ලස්සන චාරිකාවේ ලස්සන මතක ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන...
18/05/2025

සරත් සෘතුවේ චාරිකාව - Part 01

ගිය අවුරුද්දේ සරත් සමයේ අපි ගියපු ගොඩක් ලස්සන චාරිකාවේ ලස්සන මතක ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා .

Scotland කියන්නේ එක්සත් ජනපදයේ තියන රටවල් 4කින් එකක්. ඉතින් අපි අපේ ගමන plan කරලා තිබුනේ London වල ඉදන් Edinburgh වලට flight එකේ ගිහින් එතන ඉදන් road trip එකක් වගේ යන්න. අපි කලින්ම enterprise site එකෙන් 6දෙනෙක්ට යන්න පුළුවන් car එකක් දවස් තුනකට book කළා. අපේ Scotland චාරිකාවේ 1වෙනි නවාතැන උනේ Fort William .

Scotland කියන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි පුදුම ලස්සනක් තියන රටක්. සරත් සමයේ තැඹිලි පාටට පෙනුණු කඳු පන්ති , තැනින් තැන තිබුණු පුංචි දිය පාරවල් මනසට ගෙනාවේ අමුතුම සන්සුන් බවක්.

Fort William වල අපේ නවාතැනට යන්න කලින් අපි මුලින්ම නැවතුනේ Loch Lomond වල . Loch Lomond කියන්නේ එක්සත් ජනපදයේ පිරිසිදුම ජලය තියන විශාලතම lake එකක්. ඒවගේම එතන හරිම ලස්සන photo location එකක්.

දෙවැනි දවසේ උදේම අපි පිටත් උනේ Highlands වලට . උදේ 11 ට Glenfinnan Viaduct view point එකට යන එක තමයි , අපේ ලොකුම target එක උනේ . පුංචි කාලේ පිස්සුවෙන් වගේ බලපු , දැනටත් බලන්න ආස Harry potter ෆිල්ම් එකේ locations වගේම Hogwarts express කෝච්චිය බලන්න යන්න අපි හිටියේ ගොඩක් ආසාවෙන්.

දෙවැනි දවසේ අපේ මුල්ම නැවතුම උනේ Neptune's Staircase කියන සුන්දර engineering masterpiece එක. මේක Caledonian Canal එකේ කොටසක්.ලෝකයේ දිගම lock system එකක් උන මේ place එක ,1803-1822 අතර Engineer Thomas Telford විසින් නිර්මාණය කරලා තියෙන්නෙ. ඈතින් පෙනෙන Ben Nevis කන්ද මේ ස්ථානයට අමුතුම සුන්දරත්වයක් එක් කළා .

තැඹිලි පැහැ වර්ණයෙන් වැහිලා ගිය පුංචි අඩිපාරක් දිගේ ඊළඟට අපි ඇවිදගෙන ගියේ Glenfinnan Viaduct view point එකට. මෙතැනින් තමයි Jacobite Steam Train එක Hogwarts වලට යන්නෙ . Viaduct එකේ ඉදිවෙලා තියෙන්නේ 1901 වසරේදී. මෙය 21 arches වලින් යුත් concrete railway bridge එකක්.

ඊළඟට අපි Island skye වලට යන්න පිටත් උනා .පාරේ දෙපැත්තේ දිගටම බැටළුවෝ වගේම තව ගොවිපොළවල් වල හිටපු සත්තු මාව අරන් ගියේ Enid Blyton ගේ කතා පොත් වලට. ඒ කතා පොත් වල තිබ්බ දේවල් හැබැහින් දකිනකොට ඇතිවෙන හැගීම ඇත්තටම වචන කරන්න අමාරුයි .

ඊළඟට අපේ නැවතුම උනේ Fairy Pool වල. මේ ජලාශ්‍රය , Isle of Skye වල පිහිටලා තිබ්බ ලස්සන තැනක්.Cuillin Mountains පසුබිමෙන් ගලා එන පිරිසුදු ජලයෙන් තමයි මේ pools හැදිලා තිබුනේ . Fairiesලා නාන තැනක් නිසා මෙතනට Fairy Pool කියලා නම වැටුනා කියලා ජනප්‍රවාදයක් තියනවා.

ඒ සුන්දර අත්දැකීමත් විඳගෙන අපි Isle of Skye වල ලස්සන cottage එකක නැවතිලා එදා දවස අවසන් කළා. අපේ චාරිකාවේ ලස්සන මතක ටිකක් මේ video එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

https://youtu.be/NLnUd2cFto8?si=lN18TabOzKwndnw0

Harry potter මායාකාර ලෝකයක අතරමන් වෙන Edinburgh නගරයේ විස්තර ටික තවත් post එකකින් මම අරගෙන එන්නම් .

දිදූ

මට ගොඩක් විශේෂ කෙනෙක්ගේ උපන්දිනය අද ඉතින් හිතේ තිබ්බ දේවල් ටිකක් අකුරු කරන්න හිතුනා සුබම සුබ උපන්දිනයක් වේවා අක්කේ මම ඔය...
02/03/2025

මට ගොඩක් විශේෂ කෙනෙක්ගේ උපන්දිනය අද
ඉතින් හිතේ තිබ්බ දේවල් ටිකක් අකුරු කරන්න හිතුනා

සුබම සුබ උපන්දිනයක් වේවා අක්කේ

මම ඔයාට කවදාවත් කියලා නැති දේවල් ටිකක් අද කියන්න හිතුනා
ඉතින් මම මෙහෙම පටන් ගන්නම්
ජිවිතේ මට තේරෙන මතක ඇති කාලෙක ඉදන්ම
ඔයා තමයි මගේ දෙවැනි අම්මා
ඔයාගේ පුංචි පැටවු දෙන්නා මට ඉරිසියා කරන තරම්ම ඔයා මට ආදරේ කරා
ඔයාට නොලැබුණු හැමදේම මට ලැබෙනවට ඔයා මාරම විදියට ආස කලා
හැමදාටම වගේ අදටත් මගේ පිටිපස්සෙන් ඉන්න ලොකුම හයිය ඔයා
ඔයා නොදන්නවා උනාට මගේ ජිවිතේ role model එක තමයි ඔයා
හොඳ මනුස්සයෙක් වෙන්න තමන්ගේ ගමන පාඩුවේ යන්න මම ඉගෙන ගත්තේ ඔයාගෙන්
පොළවේ පය ගහලා ජිවත් වෙන්න හයියට ඉන්න මම ඉගන ගත්තේ ඔයාගෙන්
මට හරි ආඩම්බරෙන් කියන්න පුළුවන් මේ ලෝකේ ඉන්න හොඳම අක්කා ඉන්නේ මට කියලා
ඉතින් මම හරි ආදරෙයි ❤️
මේ ලෝකේ ඉන්න හැම නංගි කෙනෙක්ටම ලැබෙන්න ඕන ඔයා වගේ අක්කා කෙනෙක්

දිදූ

ආදරවන්තයන්ගේ දිනයේදී මට husband ගෙන් ලැබුණු මේ ලස්සන gift එකත් එක්ක පුංචි කතාවක් බෙදාගන්න හිතුනාමම ගිය සතියේ අලුත් job එ...
15/02/2025

ආදරවන්තයන්ගේ දිනයේදී මට husband ගෙන් ලැබුණු මේ ලස්සන gift එකත් එක්ක පුංචි කතාවක් බෙදාගන්න හිතුනා
මම ගිය සතියේ අලුත් job එකක් පටන් ගත්තා .ඉතින් මේ දවස්වල මට වැඩ කියලා දෙන්න මගේ යාළුවා විදියට ඉන්නේ අවුරුදු 55ක වගේ british ජාතිකයෙක්.13 වෙනිදා හවස 3නට වගේ එයා මම ගාවට ඇවිත් කියනවා sorry අද මට කලින් යන්න වෙනවා. අපි KT session එක හෙට ඉතුරු ටික කරමු.අද මට එලියට යන්න තියනවා මගේ wife එක්ක valantine සමරන්න .හෙට crowd එක වැඩි නිසා අපි අද යනවා කියලා. ඉතින් ඒක ඇහුවම මට එකපාරටම හිතුනු දෙයක් තමයි ඒ වගේ වයසක ඉන්න දෙන්නෙක් එහෙම ආදරවන්තයන්ගේ දිනය සමරනවා කියන්නේ ඒක හරි ලස්සන දෙයක් කියලා. ඉතින් මම හරිම සතුටින් එයාට wish කළා .
ජිවිතේ එක එක සැමරීම් තියනවා
ඒක උපන්දිනයක් , anniversary එකක් වගේ ඕනෑම දවසක් වෙන්න පුළුවන් .
ඉතින් මට හිතෙන්නේ ඕනම සතුටු හිතෙන පුංචි දෙයක් අපිට celebrate කරන්න පුළුවන්නම්,
ඒක ගොඩක් වටින දෙයක් කියලා
මම අහලා තියනවා සමහර අය කියනවා ආදරේට ඇයි විශේෂ දවසක් කියලා
ඔව් ඒක ඇත්ත
හැබැයි ඒ විශේෂ දවස් වලට පුළුවන් ඔයාගේ ජීවිතේ අලුත් කරන්න. පුංචි සතුටක් හරි ජීවිතේට එකතු කරන්න.
ඉතින් එහෙම ලැබෙන පුංචිම අවස්ථාවක් හරි මඟ හරින්නේ නැතුව විඳගන්න
ජීවිතේට ලස්සන මතක එකතු කරගන්න

දිදූ

ගොඩක් දවසකින් ලියන්නත් බැරි උන නිසා වගේම අලුත් අවුරුද්දේ පළවෙනි මාසේ ඉවර වෙන්න තව දවස් කීපයක් තියන නිසා මේ අවුරුද්ද ලස්ස...
29/01/2025

ගොඩක් දවසකින් ලියන්නත් බැරි උන නිසා වගේම
අලුත් අවුරුද්දේ පළවෙනි මාසේ ඉවර වෙන්න තව දවස් කීපයක් තියන නිසා
මේ අවුරුද්ද ලස්සන කරන්න පොඩි tips ටිකක් අරන් එන්න හිතුනා

අවුරුද්ද පටන් ගන්නකොටනම් හැමෝම අලුත් targets හදාගන්නවා .සමහර අය Journal එකක් හදලා එක අනුව වැඩ කරන්න ගන්නවා.
තවත් අය මොනවා හරි action plan එකක් හදාගන්නවා. action plan එකක් හදාගන්නේ කොහොමද කියලා මගේ කලින් post එකක මම ලියලා ඇති , කැමති අය කියවලා idea එකක් ගන්න .
ඒ මොකුත්ම නැති අය හිතින් හරි හිතා ගන්නවා අලුත් අව්රුද්දෙ මේ දේවල් ටික කරන්න ඕන කියලා.

ඉතින් මන් මේ කියන්න ගියේ ඔයාට මට හැමෝටම තියන ලොකුම ප්‍රශ්නයක් තමයි Busy life එකත් එක්ක ඒ දේවල් ටික ටික අමතක වෙන එක . ගොඩක් අය මහන්සි වෙලා plan එකක් හදාගත්තට එකට අනුව වැඩ කරන්න වෙන්නේ නෑ .
ඉතින් මේකට කරන්න තියන පුංචි tips ටිකක් මම ඔයාලා එක්ක share කරගන්නම් .

1. ඔයාගේ plan එක සමාලෝචනයක කරලා බලන්න පොඩි time එකක් තියාගන්න . උපරිම 30min වගේ මේ වැඩේට හොදටම ඇති.එදා දවසේ ඔයා achive කරගත්තේ මොනවද ,ඔයා සතුටින්ද හිටියේ හෙට දවසේ ඔයාගේ plan එක පොඩි note එකක් දාගන්න .

2. ඒවගේම තමයි ඔයා වැඩ කරන place එක ඇහැට ප්‍රියමනාප විදියට , ඔයාට වැඩ කරන්න ආස විදියට හදාගන්න . ලොකුවට සල්ලි වියදම් නොකර ගෙදර තියන දේවල් වලින්ම ඔයාට ඒ දේ කරගන්න පුළුවන්.

3. time එකක් තියනම් weekend එකේ පොඩි වෙලාවක් අරන් ඔයාගේ සතිය සමාලෝචනය කරලා බලන්න .

4. ඒවගේම තමයි හැම මාසෙකම අන්තිම බලන්න ඔයා ඒ මාසේ තිබ්බ ඔයාගේ targets වලට ගිහින්ද කියලා .ඊලග මාසේ plan එක අලුත් කරලා බලන්න.

5. මේ ටිප්ස් ටික කරලා බලන්නත් අමතක වෙන තරමේ වැඩ තියන කෙනෙක්නම් phone එකේ reminder එකක් දාගන්න.

එහෙම නැත්නම් අව්රුද්ද අන්තිමේ මහන්සි වෙලා plan හදලා , journal හදලා , ඒ වැඩ ටික හරියට කරේ නැත්නම් කාලය අපරාදේ වෙලා තියේවි .

අලුත් post එකක් ඉකමන්ටම අරන් එන්නම්. හැමෝටම සතුටින් ඉන්න පුළුවන් වෙන සතියක් වෙන්න කියලා පාර්ථනා කරනවා.

දිදූ

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when Moments With Didu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Moments With Didu:

Share