Stories with Didu

Stories with Didu 👋 Hello and Welcome! I’m Diduni, the face behind Stories With Didu. Here on this page, you’ll find a mix of travel vlogs, daily vlogs, and everything in between.

Thank you for being here—I’m excited to share this journey with you!

පුංචි කාලේ හරි අපුරු ඉස්කෝලේ කතා ටික වගේම කරැවන් ගෙදර ළමයි පොත් ටිකත් මම හරි ආසාවෙන් කියවපු කෙනෙක් .ඒ නිසාම දැන් මාස කීප...
16/11/2025

පුංචි කාලේ හරි අපුරු ඉස්කෝලේ කතා ටික වගේම කරැවන් ගෙදර ළමයි පොත් ටිකත් මම හරි ආසාවෙන් කියවපු කෙනෙක් .

ඒ නිසාම දැන් මාස කීපයකට කලින් අපි caravan ගෙදරක දවසක් නැවතුනා . මේක අශ්වයෝ ඇදගෙන යන caravan එකක්නම් නෙමෙයි . මුහුද අයිනේ නවත්තලා තියන එකක්. ඒක හරිම ලස්සන අත්දැකීමක් .😍

මේ ගමනේ full video එක මගේ youtube channel එකෙන් බලන්න පුළුවන් .
මට ලස්සනට voice කරන්නනම් බෑ .😑
voice කරන්නේ නැති උනාම video එක කම්මැලි වගේ කියලා හිතලා කොහොමහරි දන්නා විදියට කරා . 😅

ඔයාලා video එක enjoy කරයි කියලා හිතනවා .
අඩුපාඩුවක් තිබ්බොත් එකත් කියාගෙනම යන්න .
මොකද මේ මගේ channel එකේ පලවෙනි long video එක

දිදූ

In this video, I begin the journey with a scenic Putney ride, enjoying beautiful views and peaceful surroundings in London. Then I head to historic Canterbur...

09/11/2025

මාස දෙකකින් විතර අද තමයි මේ පැත්තට එන්න ඉඩක් ලැබුනේ ලංකාවට ගිහින් ඇවිත් අදට හරියටම සතියක් කියාගන්න තේරෙන්නේ නැති මොකක්දෝ...
31/10/2025

මාස දෙකකින් විතර අද තමයි මේ පැත්තට එන්න ඉඩක් ලැබුනේ

ලංකාවට ගිහින් ඇවිත් අදට හරියටම සතියක්
කියාගන්න තේරෙන්නේ නැති මොකක්දෝ පාළුවකින් හිත තාමත් බර වෙලා

එතකොට මොනවද මේ post එකත් එක්ක upload කරලා තියන photos
මේ මම හදපු කෑම නම් නෙමෙයි
ලංකාවේ හිටපු මාසේ ඇතුලත ආදරනීයන්ගෙන් ලැබුණු කෑම 🙂
මතක් වෙන්න තියාගන්න දීපු තෑගි බෝග 😍
මෙතන ඒ හැමදේකම photos නැති උනත් පුළුවන් වෙලාවේ මතක් වෙලා ගත්තුවා
ඇත්තටම මේ තියෙන්නේ කෑම බීමවත් තෑගිවත් නෙමෙයි
අපි දෙන්නට ආදරේ කරන ආදරනීයන්ගෙන් ලැබුණු ආදරේ

නෑයො වේයෝ කියලා කතාවක් අහලා තිබ්බට
අපිට හිටියෙම ඒ කතාව හැමදාම බොරුවක් කරපු ආදරණිය මිනිස්සු ටිකක්

"කන්න ආස දෙයක් තියනම් කියන්න. කෑම හදලා තියනවා එන්න ඕන. මොනවද ගෙනියන්න හදලා ඕන "
ඒ හිටපු මාසෙම වැඩියෙන්ම කනට ඇහුනු වචන ,එවපු WhatsApp messages

එකට ඉන්න මනුස්සයට වරදිනකම් බලන් ඉන්න ගොඩක් මිනිස්සු අතරේ
මට හිටියෙම සැපේදී නැතත් දුකේදී ළඟ ඉන්න ආදරණීය යාලුවෝ ටිකක්
යාලුවෝ විතරක් නෙමෙයි , ගෙදර තියන දේත් "දුවේ මේක අරන් ගිහින් කන්න කියලා ඔතලා දීපු යාළුවොන්ගේ අම්මලා

ඔයාලා එක්ක ගත කරපු ඒ ලස්සන මොහොතවල් වල වටිනාකම කියලා නිම කරන්න බෑ

ලෝකේ කොහේ හිටියත් , මොන දේ ලැබුනත්
දාලා යන්න ලෝබම ඒ ආදරේ , ලෙන්ගතුකම

ඉතින් ආයේ ඉක්මනටම මුණ ගැහෙමු . එතකම් හැමෝම පරිස්සමට ඉන්න. 🥰🙂

That’s just how life goes . බැඳීම් කියන්නෙම දුකක් 🥹

දිදූ 31/10/2025

#

Cooking Diaries - Month of August 🙂
05/09/2025

Cooking Diaries - Month of August 🙂

පහුගිය දවස් ටිකේ තිබ්බ කාර්යබහුලත්වය නිසාම මගේ මතක පිටුවෙ මොකුත්ම ලියන්නත් බැරි උනා. මේ තියෙන්නේ ගිය දවස් ටිකේ මම හදපු ක...
30/07/2025

පහුගිය දවස් ටිකේ තිබ්බ කාර්යබහුලත්වය නිසාම මගේ මතක පිටුවෙ මොකුත්ම ලියන්නත් බැරි උනා.

මේ තියෙන්නේ ගිය දවස් ටිකේ මම හදපු කෑම වර්ග කිහිපයක් . අතරින් පතර hubbya හදපු කෑම ටිකකුත් තියනවා. කමක් නෑ ඒ ටිකත් මම හැදුවා වගේම කියන්නම්. 😁

මේ photo ටික මගේ මතකයක් විදියට එකතු කරගන්න ගමන් පුංචි කතාවකුත් කියන්න හිතුනා.

මගේ අතීතය මතක් කරලා බැලුවොත් මම ගෙදර කිසිම වැඩක් කරපු ළමයෙක් නෙමෙයි . කෑම හදන දේවල් , ගෙදර අස් කරන දේවල් හරි කැමැත්තෙන්ම කරන මම කිසිම වැඩක් කරනවට අකමැති අම්මා කෙනෙක් තමයි මට ඉන්නේ. ❤️ඉස්කෝලේ යන කාලේ පාඩම් කරන්න කියලා කිසිම වැඩක් කරන්න දුන්නේ නෑ . මම හිතන්නේ ඇත්තම හේතුව අපිට කියලා වැඩ කරවගන්නවට වඩා අම්මට ඉක්මනට ඒ වැඩ ටික කරන එක ලේසි වෙන්න ඇති.

Job එක කරන්න Colombo නැවතුනාට පස්සේ මම හිටපු boarding house එකේ උයන්න kitchen එකක් තිබුනේ නෑ . ඒ නිසාම අවුරුදු දෙකක් අපි කෑවේ කඩෙන් . යාලුවෝ එකතුවෙලා ගෙයක් rent කරන්න plan කරගෙන ඉන්නකොටම Covid නිසා ආයේ ගෙදර එන්න සිද්ද වුනා . ඔන්න ඔහොම තමයි මගේ උයන්න පුරුදු වෙන වැඩේට දිගෙන් දිගටම කණ කොකා හැඬුවේ. 🙂

මම ගෙදර ඉන්නකොට හැදුවේ විශේෂ කෑම විතරයි . එකත් මට මතකයි යුද්දයක් වගේ. ගෙදර ඉන්න හැමෝම එක එක වැඩ කරලා දෙනවා .සුදු ළුනු සුද්ද කරලා , ළුනු කපලා ඔක්කොම කරලා දෙනවා.

එහෙම ඉඳලා ලංකාවෙන් ආවට පස්සේ YouTube channel ටිකට පින්සිද්ද වෙන්න මම කෑම හදන්න ඉගන ගත්තා. කනවට වඩා ඒවා හදලා ලස්සන බලලා මම එකෙන් ලොකු සතුටක් ලබනවා. තියන වැඩත් එක්ක මම හැමදාම කෑම හදන කෙනෙක් නෙමෙයි . එත් ලැබෙන පුංචි වෙලාවේ අලුත් කෑමක් try කරලා බලන එක පුරුද්දක් වෙලා. මම හදන කෑමක් කන ගමන් husband හරි මගේ යාලුවෝ හරි ඒවා රසයි කියලා කියනකොට ඒක මට පුදුමාකාර සතුටක්. 😍

මොන වැඩේ කරත් හිතේ සතුටින් කරන්න .එතකොට වදයක් කියලා හිතෙන සමහර දේවල් enjoy කරන්න පුළුවන් වෙයි.
Daily කෑම හදන කෙනෙක්නම් ඒවා ලේසි කරගන්න plan එකකට වැඩ කරන්න.
කෑම කන time එක පවුලේ අය එක්ක එකට ගත කරන්න වෙන් කරගන්න. ඒක හැමෝටම ලොකු සතුටක් වෙයි.

ඉතින් මගේ මේ කෑම කතාවත් එක්ක මේ පුංචි tips ටික තමයි මට ඔයාලා එක්ක බෙදාගන්න ඕන උනේ.

සතුටින් ජිවත් වෙන්නනම්
පුංචි මොහොතවල් පවා විඳින්න පුරුදු වෙන්න
එතකොට ජිවිතේ ගොඩක් වෙනස් වෙයි ❤️

දිදූ
30/07/2025


අද හවස ගෙදර එනකොට ලස්සන මල් පොකුරක් කෙනෙක් deliver කරලා. ඇත්තටම මම සෑහෙන්න පුදුම උනා . ඒ ගමන්ම මතක් උනේ birthday එකක්වත්...
31/05/2025

අද හවස ගෙදර එනකොට ලස්සන මල් පොකුරක් කෙනෙක් deliver කරලා.

ඇත්තටම මම සෑහෙන්න පුදුම උනා . ඒ ගමන්ම මතක් උනේ birthday එකක්වත් anniversary එකක්වත් කිසිම දෙයක් නෑ නේද කියලා . ඉතින් ඒ වෙලාවෙම මාත් එක්ක ගෙදර ආව husband මට විහිළු කලේ 'කව්ද මේ ඔයාට මල් එවලා තියන්නේ කොල්ලෙක්වත්ද කියලා.' 🫢 මට ඉවසිල්ලක් තිබුනේ නෑ ඒ envelop එකේ තියන පුංචි note එක බලනකම් .

ඇත්තටම මම පුදුම උනා .ඒ ලස්සන මල් පොකුරත් එක්ක ඒ Thank you , note එක එවලා තිබුනේ husband ගේ office එකෙන් .🙂

මම work කරන්නේ software QA engineer කෙනෙක් විදියට .එකේ තේරුම ඒතරම් හිතන්න එපා .ඉතින් මගේ husband වැඩ කරන්නේ software engineer කෙනෙක් විදියට .සමහර දවස් තියනවා එයා ගෙදර ඉදන් වැඩ කරන . ඉතින් ඒ දවස්වලට මම එයා හදන software වල අඩුපාඩු ,වැරදි හොයනවා . UI එකේ colours හරි නෑ ,මේක වෙනස් උනොත් හොදයි, මේක හරිම කැතයි වගේ එක එක දේවල්. එයා හදන දේවල් improve කරගන්න මගේ ideas මම දෙනවා.මගේ රැකියාවට තියන කැමැත්ත නිසාම සහ අලුත් දේවල් හොයන්න තියන කැමැත්ත නිසාම මම ඒවගේ දේවල් කරනවා .

ඉතින් මේ සතියේ කොහොමහරි මම එයාට වැඩ කරනකොට මේ දෙන කරදරේ ගැන එයා office එකේදී කියලා තියනවා .එයාලගේ department head (Nicola ) තමයි මට මේ මල් පොකුර එවලා තියෙන්නේ .මම එයාලගේ company එකේ වැඩ කරන කෙනෙක් නෙමෙයි . තමන්ගේ company එක ඇතුලෙම වැඩ කරන සේවකයන්ට හරි අගය කිරීමක් ,වටිනාකමක් දෙන්නේ නැති මිනිස්සු මම දැකලා තියනවා . ඒ වගේ කතා ඕනෑතරම් අහලා තියනවා . ඒවගේ මිනිස්සු එක්ක වැඩ කරලා තියනවා . ඉතින් මම ඒ කරපු පුංචි දේට එයාලා ඒ දීපු අගය කිරීම මට මාර විදියට වටිනවා .❤️

කොහොමහරි මට මේ කතාවෙන් කියන්න ඕන උනේ මේකයි .

අගය කිරීම නැත්නම් appreciation කියන දේ කොයිතරම් මිනිස්සුන්ගේ ජිවිත වලට වටිනවද, බලපානවද කියලා .

මේක කියවන ඔයා සමහරවිට company owner කෙනෙක් වෙන්න ඇති , team lead කෙනෙක් වෙන්න ඇති .
ඔයාගේ හිතින්ම අහලා බලන්න තමන්ගේ යටතේ වැඩ කරන මනුස්සයෙක් කරන වැරදි හොඳට පේනවා වගේම එයාලා කරන හොඳ දේවල් ඔයාලට පෙනුනද කියලා .කෙනෙක්ව appreciate කරන්න සල්ලි වියදම් කරන්න ඕනෙම නෑ .සමහර වෙලාවට ඔයා කියන වචනෙත් ඇති .

ඔයා අම්මා කෙනෙක් ,තාත්තා කෙනෙක්නම් තමන්ගේ දරුවෙක් වැරද්දක් කරාම තරවටු කරන්න මතක් වෙනවා වගේම එයාගේ හොඳ ගතිගුණ වලට අගය කිරීමක් දෙන්නත් මතක තියා ගන්න.

මේක කියවන ඔයා කෙනෙක්ගේ ආදරවන්තියක් , ආදරවන්තයෙක් , husband කෙනෙක් හෝ wife කෙනෙක් වෙන්න ඇති . හැමවෙලේම තමන්ගේ partner ට වටිනාකමක් දෙන්න . එයාව අගය කරන්න . එයාගේ මහන්සියට , එයා කරන පුංචි දේකට වුනත් වටිනාකමක් දෙන්න .

කඩේකට ගියාම cashier ට හිනාවෙලා 'Thank You ' කියන්න පුරුදු වෙන්න .සමහරවිට දවසම මහන්සි වෙලා ඉන්න ඒ මනුස්සයට ඒක සෑහෙන්න සතුටු හිතෙන දෙයක් වෙන්න පුළුවන් .

ජිවිතේ සමහර දේවල් තියනවා , අපිට ඒක පුංචි දෙයක් වුනාට , අපි ඒ කරන පුංචි දේ
කෙනෙක්ගේ ජීවිතේට ලස්සන බලාපොරොත්තුවක් , සතුටක් ගේන දෙයක් වෙන්න පුළුවන්.

ඉතින් , මිනිස්සු කරන පුංචි දේටත් වටිනාකමක් දීලා ,
තව කෙනෙක්ට හිනාවක් සතුටක් ගේන්න ❤️

දිදූ

30/05/2025

………හැමදාම දෙන කැලේ මල්……….එක්සත් ජනපධයට වසන්තය උදා වෙලාදැන් හැමතෙනකම වගේ මල් පිපෙන්න අරන්ඒ ලස්සන විදිනවත් එක්කම පුංචි කත...
28/05/2025

………හැමදාම දෙන කැලේ මල්……….

එක්සත් ජනපධයට වසන්තය උදා වෙලා

දැන් හැමතෙනකම වගේ මල් පිපෙන්න අරන්

ඒ ලස්සන විදිනවත් එක්කම පුංචි කතාවක් බෙදාගන්න හිතුනා

මේ photo එකේ තියෙන්නේ මගේ office එක තියන පාර අයින

හැමදාම හවසට husband මාව ගන්න එනකම් මම මේ පාර අයිනට වෙලා තමයි බලන් ඉන්නේ

එක දවසක් මට හිතුනා මේ මල් ටිකක් කඩාගෙන ගිහින් එයාට දෙන්න

ඔයාට පිස්සුද ඔහු හිනාවෙලා එහෙම ඇහුවා

එත් එයාගේ හිනාවෙන් මම තේරුම් ගත්තා. ඒ මල් වලින් ඔහු ගොඩක් සතුටු වුනා කියලා

දැන් හවසට හැමදාම මල් දෙන එක මගේ පුරුද්දක් වෙලා.

සමහර වෙලාවල් වලට ජීවිතේට ලස්සන මතකයක් එකතු කරන්න පාරේ පිපෙන මල් ටිකකුත් ඇති. 😍

හැමෝම දන්න දෙයක් තමයි ගැහැණු අපි මල් වලට ගොඩක් ආසයි කියලා

ඉතින් ඔයාලගේ හැම විශේෂ දවසකම මල් වගේම තෑගි දීලා ඔයාලව සතුටු කරන එයාලා වෙනුවෙනුත් පුංචි දෙයක් කරලා බලන්න 😊

ඔව් ඉතින් මේ වසන්තය පුරාවටම මම ඔහුට මල් දෙයි ❤️

සරත් සෘතුවේ චාරිකාව  - Part 01ගිය අවුරුද්දේ සරත් සමයේ අපි ගියපු ගොඩක් ලස්සන චාරිකාවේ ලස්සන මතක ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන...
18/05/2025

සරත් සෘතුවේ චාරිකාව - Part 01

ගිය අවුරුද්දේ සරත් සමයේ අපි ගියපු ගොඩක් ලස්සන චාරිකාවේ ලස්සන මතක ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා .

Scotland කියන්නේ එක්සත් ජනපදයේ තියන රටවල් 4කින් එකක්. ඉතින් අපි අපේ ගමන plan කරලා තිබුනේ London වල ඉදන් Edinburgh වලට flight එකේ ගිහින් එතන ඉදන් road trip එකක් වගේ යන්න. අපි කලින්ම enterprise site එකෙන් 6දෙනෙක්ට යන්න පුළුවන් car එකක් දවස් තුනකට book කළා. අපේ Scotland චාරිකාවේ 1වෙනි නවාතැන උනේ Fort William .

Scotland කියන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි පුදුම ලස්සනක් තියන රටක්. සරත් සමයේ තැඹිලි පාටට පෙනුණු කඳු පන්ති , තැනින් තැන තිබුණු පුංචි දිය පාරවල් මනසට ගෙනාවේ අමුතුම සන්සුන් බවක්.

Fort William වල අපේ නවාතැනට යන්න කලින් අපි මුලින්ම නැවතුනේ Loch Lomond වල . Loch Lomond කියන්නේ එක්සත් ජනපදයේ පිරිසිදුම ජලය තියන විශාලතම lake එකක්. ඒවගේම එතන හරිම ලස්සන photo location එකක්.

දෙවැනි දවසේ උදේම අපි පිටත් උනේ Highlands වලට . උදේ 11 ට Glenfinnan Viaduct view point එකට යන එක තමයි , අපේ ලොකුම target එක උනේ . පුංචි කාලේ පිස්සුවෙන් වගේ බලපු , දැනටත් බලන්න ආස Harry potter ෆිල්ම් එකේ locations වගේම Hogwarts express කෝච්චිය බලන්න යන්න අපි හිටියේ ගොඩක් ආසාවෙන්.

දෙවැනි දවසේ අපේ මුල්ම නැවතුම උනේ Neptune's Staircase කියන සුන්දර engineering masterpiece එක. මේක Caledonian Canal එකේ කොටසක්.ලෝකයේ දිගම lock system එකක් උන මේ place එක ,1803-1822 අතර Engineer Thomas Telford විසින් නිර්මාණය කරලා තියෙන්නෙ. ඈතින් පෙනෙන Ben Nevis කන්ද මේ ස්ථානයට අමුතුම සුන්දරත්වයක් එක් කළා .

තැඹිලි පැහැ වර්ණයෙන් වැහිලා ගිය පුංචි අඩිපාරක් දිගේ ඊළඟට අපි ඇවිදගෙන ගියේ Glenfinnan Viaduct view point එකට. මෙතැනින් තමයි Jacobite Steam Train එක Hogwarts වලට යන්නෙ . Viaduct එකේ ඉදිවෙලා තියෙන්නේ 1901 වසරේදී. මෙය 21 arches වලින් යුත් concrete railway bridge එකක්.

ඊළඟට අපි Island skye වලට යන්න පිටත් උනා .පාරේ දෙපැත්තේ දිගටම බැටළුවෝ වගේම තව ගොවිපොළවල් වල හිටපු සත්තු මාව අරන් ගියේ Enid Blyton ගේ කතා පොත් වලට. ඒ කතා පොත් වල තිබ්බ දේවල් හැබැහින් දකිනකොට ඇතිවෙන හැගීම ඇත්තටම වචන කරන්න අමාරුයි .

ඊළඟට අපේ නැවතුම උනේ Fairy Pool වල. මේ ජලාශ්‍රය , Isle of Skye වල පිහිටලා තිබ්බ ලස්සන තැනක්.Cuillin Mountains පසුබිමෙන් ගලා එන පිරිසුදු ජලයෙන් තමයි මේ pools හැදිලා තිබුනේ . Fairiesලා නාන තැනක් නිසා මෙතනට Fairy Pool කියලා නම වැටුනා කියලා ජනප්‍රවාදයක් තියනවා.

ඒ සුන්දර අත්දැකීමත් විඳගෙන අපි Isle of Skye වල ලස්සන cottage එකක නැවතිලා එදා දවස අවසන් කළා. අපේ චාරිකාවේ ලස්සන මතක ටිකක් මේ video එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

https://youtu.be/NLnUd2cFto8?si=lN18TabOzKwndnw0

Harry potter මායාකාර ලෝකයක අතරමන් වෙන Edinburgh නගරයේ විස්තර ටික තවත් post එකකින් මම අරගෙන එන්නම් .

දිදූ

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when Stories with Didu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Stories with Didu:

Share