Chami Jay

Chami Jay Just a girl with a whole world infront of her✨

හදවතින්ම 🇱🇰

මම ලංකාවෙ ප්‍රධාන බාලිකා පාසලක එක වසරෙ ඉඳන් ඉගෙන ගත්ත කෙනෙක්. මම කළුයි. මොකද මගෙ තාත්තා කළුයි. හැබැයි මගෙ අම්මා සුදුම සු...
29/01/2026

මම ලංකාවෙ ප්‍රධාන බාලිකා පාසලක එක වසරෙ ඉඳන් ඉගෙන ගත්ත කෙනෙක්. මම කළුයි. මොකද මගෙ තාත්තා කළුයි. හැබැයි මගෙ අම්මා සුදුම සුදුයි. මම කළු නිසා පොඩි කාලෙ ඉඳන් සෑහෙන්න bully වෙලා තියෙනවා. කොච්චරද කියනවානම් parents meeting එකට තාත්තාට එන්න බෑ එයාගෙ තනතුර එක්ක වැඩ දාලා. එතකොට අම්මා තමා ගොඩක්ම ඒවාට ආවෙ. අම්මාව විතරක් දැකලා තියෙන අය මගෙන් මූණටම අහලා තියෙනවා ඔයාව අරන් හදා ගත්ත කෙනෙක්ද කියලා 😄

ඉතින් මට මං කළු උන එක ගැන මාරම දුකක් තිබ්බෙ පොඩි කාලෙ ඉඳන්. නෑදෑයො ආදරේට කළු දූ කිව්වත් මට තරහයි. කොහොම හරි 9-10 වසරට එද්දි මට මම කළුයි කියන එක ලොකුවට දැණුන කාලයක්. මගෙ යාළුවන්ට boyfriends / crushes තියෙද්දි මගෙන් කවුරුත් ask out කරනවා තියා යාළුවෙක් විදිහට කතා කරන්න වත් guy friends ලා නෑ. ඒ නිසා මම ගොඩක් විදෙව්වා, තියෙන සුදු වෙන චන්දනාලේප වගේ එක එක ඒවා ගෑවා. O/ls ඉවර වෙලා bleach කරන්නත් හැදුවා. ඔහොම්ම a/ls ටිකත් කරගෙන campus select වෙද්දි මම මං කළුයි කියන එක පොඩ්ඩක් accept කරන් හිටියෙ. Photo එකක් හරි දාද්දි තියෙන beauty apps වලින් මාව සුදු කරලා තමා upload කලේ ඒ කාලෙ.

හොඳ වෙලාවට campus එකේ හොඳ යාළුවො ටිකක් හම්බුණා. ඒ කොල්ලො එක්කෙනෙක්ට වත් මම කළුයි කියන එක අදාළ නැති එක මට ඇත්තටම මාරම confident එකක් උණා. එහෙම යාළුවො එක්ක එකතු වෙද්දි මගෙ හමේ පාට ගැන මට ලැජ්ජාවක් ඇති වුණේ නෑ. ඒ එක්කම මම මගෙ photo සුදු කරන එක නවත්තලා මගෙ ඇත්ත හමේ පාට photos upload කරන්න ගත්තා. Campus එකේ third year වෙද්දි මගෙ හමේ පාට මට ආභරණයක් වෙලා තිබ්බෙ. අන්තිමට campus වැඩකදි අහම්බෙන් හම්බුණ සුදුම සුදු අඩි 6ක් උස මගෙ පෙනුමට, personality එකට ආදරේ කරන boy කෙනෙකුත් හම්බුණා. දැන් මම ඉන්නෙ රට, foreigners ලා ළඟට ඇවිත්ම compliments දෙනවා skin color එක ලස්සනයි, features ලස්සනයි කියලා, british airways වල former air hostess කෙනෙක් එක පාරක් මම වැඩ කරන තැන meet වෙලා කිව්වා, you definitely should try applying for air hostess positions, with your height , skin color and that smile it would be a waste not to' කියලා 🥰

ඉතින් මම දැන් මං ඉන්න තැන ගැන සතුටුයි. ඒ කාලෙ කළු වෙන්න තියෙන බයට එක එක ඒවා inject කරගෙන, bleach කර ගත්තා නම් මේ වෙද්දි ලෝකෙ නැති ලෙඩත් හදන් මම. ඒ නිසා කියන්න තියෙන්නෙ ඔයා ඔයාට ආදරේ කරන්න, ලංකාවෙ මිනිස්සුන්ගෙ ඒ හමෙ පාට වෙන රටවල් වල හරි සීමිතයි, ලංකාවට අගේ නැති උනාට වෙන රටවල මිනිස්සු හරිම කැමතියි. ඒ නිසා බොරුවට මේ වගේ skin whitning scams වලට අහු වෙලා නිකන් තියෙන හමට වද දෙන්න එපා. ඒ වෙනුවට වතුර ගොඩක් බොන්න, approved moisturizing creams පාවිච්චි කරන්න, අදාළ vitamins ටික හරියට ගන්න, කොළ ජාති පලතුරු කන්න, එතකොට හම තව glow වෙනවා. ඒ ටික කරන්න මේ වගේ ජරාව දහස් ගණන් දීලා පස්සෙ කාලෙක අපේක්ෂා රෝහලට යන්න තියා ගන්නෙ නැතුව!!

සිබිල් වෙත්තසිංහ කිව්වා වගේ කළු කියන්නෙම මැණික්! කෝපි කෙල්ලන්ට/කොල්ලන්ට ජය❤️✨

Morning walks around the neighbourhood! Good morning everyone! ❤️       ゚viralシfypシ゚    ゚viralシfypシ゚
29/01/2026

Morning walks around the neighbourhood! Good morning everyone! ❤️

゚viralシfypシ゚ ゚viralシfypシ゚

හිරු පච කිව්වට කමක් නෑ මෙහෙම පච කියන්න එපා! ඒ ළමයාගෙ chat එකේ තියෙන plusinfo.lk එයාලාගෙ community group එක හදලා තියෙන්නෙ...
28/01/2026

හිරු පච කිව්වට කමක් නෑ මෙහෙම පච කියන්න එපා! ඒ ළමයාගෙ chat එකේ තියෙන plusinfo.lk එයාලාගෙ community group එක හදලා තියෙන්නෙ 2024 දෙසැම්බර් 30. එයාලාගෙ group එකේ export development board එකට අදාළ පළවෙනි vacancy එක දාලා තියෙන්නෙත් 2025 ඔක්තෝබර් 31. එතකොට මේ සිද්ධිය වෙලා තියෙන්නෙ පහුගිය මාස 3 ඇතුළත.

ඊට හපන් මේ කියන බොරුවෙ බරපතළකම. මේක අවුරුදු 2කට කලින් උනා කියමුකො. ඒ කියන්නෙ මේ ළමයට වයස 16යි. ළමා අපචාරයක් වෙලා තියෙන්නෙ. එහෙම කරපු මේ සිසුවාට පාසලේ ශිෂ්‍ය නායක කමත් දීලානෙ.

කියන බොරු එක්කො තාත්විකව කියන්න ඕනෙ. මොකද අපි හාවො නෙවේනේ!

゚viralシfypシ゚

මේ වෙලා තියෙන සිද්ධියට වඩා මිනිස්සු මේක ගැන කියලා තියෙන දේවල් දැක්කම බය හිතෙන්නෙ නැද්ද? Comments දැක්කම ඇත්තටම මේ වෙලා ත...
26/01/2026

මේ වෙලා තියෙන සිද්ධියට වඩා මිනිස්සු මේක ගැන කියලා තියෙන දේවල් දැක්කම බය හිතෙන්නෙ නැද්ද? Comments දැක්කම ඇත්තටම මේ වෙලා තියෙනෙ දේට වඩා මිනිස්සු මේ ගැන හිතන විදිහ භයානකයි කියලායි මට හිතෙන්නෙ. සමාජයේ වෙන මේ වගේ දේවල් දැකලා ඒ ගැන කතා කරලා තිබ්බෙ ඉතාම ටික දෙනයි. අනිත් ඔක්කොම මේක ආතල් එකකට අරන් තිබ්බෙ. එක උගතෙක් දාලා තිබ්බා men will be men ලු. තව කෙනෙක් දාලා තිබ්බා ඔක්කොම 18ට වැඩි නම් අපිට මොකෝලු. මේක දිහා බලලා මිනිස්සු හිතන්න ඕනේ සමාජෙ මේ තැනට යන එක නතර කරන්න අපි මොනාද කරන්න ඕනෙ කොහොමද කියලා. මොකද අවුරුදු 18 ක තාම ලලාට ඛණ්ඩිකාව (frontal lobe) වත් හැදිලා නැති කෙනෙක් අවුරුදු 40-50 ගුරුවරු එක්ක මෙහෙම හැසිරෙනවා කියන්නෙ ඒ ළමයාගෙ මනස කොහොමට ඇත්ද. ඊට හපන් ගුරුවරු 4 දෙනා. Pedophiles ලා 4 දෙනෙක්නෙ. කොච්චර පිරිහිලා තියෙන්න ඕනෙද ලැජ්ජාවක් බයක් නැතුව උගන්නන්න පාසලේ ළමයෙක් එක්ක එහෙම හැසිරෙන්නෙ. 5 දෙනාගෙම අනාගතය ඉවරයි නෙ ඉතින්. උගන්නන පාසෙලේම අවුරුදු 18ක ළමයෙක් එක්ක ලිංගික සබඳතා තියාගන්න එක මිනිස්සු ඇයි joke එකකට ගන්නෙ. හරිනම් බය වෙන්නයි ඕනෙ. මේ තමන්ගෙ ළමයෙක් නම්, තමන්ගෙ අක්කා, නන්ගි, wife නම් බලා ගන්න තිබ්බා මේක විහිළුවක් කරගත්ත මිනිස්සු හැසිරෙන හැටි. බය වෙන්න, තමන්ගෙ ළමයාට ඉගෙන ගන්න පාසලේදිම මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා, බය වෙන්න තමාගෙම අක්කා නන්ගි බැඳපු ගෑණි මෙහෙම හැසිරෙන්න පුළුවන් කියලා. නැත්තම් අනාගතේ ළමයෙක්ට ළමයෙක් විදිහට ඉන්න වත් සමාජයක් ඉතිරි වෙන එකක් නෑ!

23/01/2026

ලෝකෙ කඩන් වැටුණත් නින්ද ලොකු මම:

゚viralシfypシ゚

05/01/2026

🥰

05/01/2026

රූප සුන්දරියො හතරක් එකම stage එකක් උඩ 🤩

゚viralシfypシ゚

ඔහොම යන් cudu mahattaya 😌😗       #2026        ゚viralシfypシ゚
01/01/2026

ඔහොම යන් cudu mahattaya 😌😗

#2026 ゚viralシfypシ゚

28/12/2025

Zero accountability and no shame at all!!

මෙයායි Ne-Yo දෙන්නාම එකතු වෙලා තමා game එක ගහලා තියෙන්නෙ. හරි හමන් refund process එකක් නෑ. Pickme points දෙන්න හදනවා.හිතන්නකො එක්කෙනෙක් යාළුවො සෙට් එකටම ටිකට් ගත්තා කියලා. 15,000 ටිකට් 5ක් කියන්නෙ pickme pointd 75,000ක් ඒ ටිකට් ගත්ත කෙනාට විතරක් ලැබෙනවා. අනිත් අයට මුකුත්ම නෑ. මොකද ticket ගත්ත කෙනාටත් pickme points transfer කරන්න බෑනෙ.

ලංකාවෙ මේ වගෙ මිනිස්සු, company නිසා තමා රටටත් එක්කම ලැජ්ජා වෙන්න වෙන්නෙ.

Refund the money in actual cash you sc@mmers!

Amith Boteju PickMe

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when Chami Jay posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share