12/05/2025
🇬🇧 බ්‍රිතාන්‍යයේ සංක්‍රමණ නීති වෙනස් කරීමේ නව ධවල පත්‍රිකාවට අනුව පහත යෝජනා ඉදිරිපත් කර ඇත.
🛑 Earned Settlement and Citizenship යටතේ
Settlement සඳහා තිබුනු සුදුසු කම් කාල සීමාව අවුරුදු 5 සිට 10 දක්වා දිගු කරයි.
Point based system එකක් Settlement සහ Citizenship සඳහාත් යොදාගනිමින් " based on Contribution to the UK Economy and Society " මිනුම් කාණ්ඩයක් යටතේ මෙම කාල සීමාව මොන කාණ්ඩයේ Visa holders ලාට අදාල වනවාද යන්න තිරණය කරනු ඇත.
මේ වසර අවසානය වන විට පාර්ලිමේන්තුව දැනුවත් කරන බව රජය පවසයි.
🛑 Skilled Visa ලබාගැනීමට අවම සුදුසුකම උපාධි මට්ටම ( RQF 6) දක්වා නැවතත් පෙරසේ ඉහළ දමා ඇති අතර Point Based immigration පද්ධතිය හරහා visa නිකුත් කිරීම දීර්ඝකාලීන පුරප්පාඩු සහිත රැකියා සඳහා පමණක් සීමා කරනු ඇත.
🛑 Care Worker Visa යටතේ අළුතින් විදේශ ශ්‍රමිකයන් බ්‍රිතාන්‍යයට බඳවාගැනීම නවතයි. 2028 වන තුරු Transition period එකක් මගින් visa extension සහ incountry switching මගින් රට තුල සින්ටින්නන්ට care worker visa ලබා ගැනිමට ඉඩ සලස්වනු ඇත. මෙම තීරණද වෙනස්විය හැකි බවද පවසයි.
🛑 Student Visa සඳහා sponsor කරමින් අධ්‍යාපන ආයතන විසින් විදේශයන්ගෙන් ගෙන්වන ශිෂ්‍යයන්
Basic Compliance Assessments සමත් වීම සඳහා සුදුසුකම් ලබන ප්‍රතිශතය ඉහල නංවනු ඇත.
🛑 PSW (Graduate route ) හරහා හෝ අධ්‍යාපනය අවසන් කල සිසුන්ට බ්‍රිතාන්‍යයේ රැඳීමට ඉඩ දෙන කාලය මාස 18කට සීමා කරනු ඇත.
🛑 Family & Private Life යටතේ
Article 8 right to family life legal arguments අවභාවිතාව මගින් රටින් පිටුවහල් කිරීම් වැලැක්විමට උත්සහ කිරීමට එරෙහිව පියවර ගැනිමට පාර්ලිමේන්තුව හරහා Clear Framework කිහිපයක් හඳුන්වා දෙනු ඇත.
🛑 බුද්ධිමතුන් සහ අති දක්ෂයන් Global Talent visa සහ Innovator Founder visa වැනි visa මගින් බ්‍රිතාන්‍යයට ගෙන්වාගෙන ආර්ථික දායකත්වය වැඩි කිරිමට පියවර ගනු ඇත.
🛑 Asylum ඇතුලු අනෙකුත් visa අවභාවිතා කරන්නන් හා immigration අපරාධ වලට සම්බන්ධ වන අයටත් විරුද්ධව දැඩි පියවර ගනු ඇත.
🛑 විදේශීය අපරාධකරුවන් පිටුවහල් කිරීමට අදාල දැඩි පියවරද ගනු ඇත.
🛑 Adult dependant සඳහාත් main applicant සඳහාත් ඉංග්‍රීසි භාශා ඇගයීම් ක්‍රමයක් ස්තාපිත කරන අතර , හොඳින් ඉංග්‍රීසි කතාකරන අයට පමණක් මේ හරහා රටට ඇතුල් විමට ඉඩ සලසනු ඇත.
🛑Sponsored work visa සදහා ආයතන විසින් ගෙවිය යුතු Immigration skill charge 32% න් ඉහළ දමනු ඇත.
🛑 E- Identity cards හරහා eVisa හා සම්බන්ධ අනන්න්‍යතා ක්‍රමයක් විදේශිකයන්ට හදුන්වා දෙනු ඇත.
🛑 UK තුල සරණාගත භාවය නොදරන නමුත් UN මගින් සරණාගතයන් ලෙස හඳුනාගත් පුද්ගලයන්ට බ්‍රිතාන්‍යයට Sponsored visa හරහා Skilled Worker කෙනෙකු ලෙස පැමින වැඩ කිරීමට අවස්තාව ලබා දෙනු ඇත.
මෙම වෙනස් කිරීමට නියමිත නීති දැනට UK වල visa යටතේ ඉන්න අයට මොන ආකාරයෙන් බලපානවාද නැද්ද මොන දිනයේ සිට ක්‍රියාත්මක වනවාද යන්න තවමත් නිශ්චිතව පැහැදිලි කිරීමක් රජයෙන් ඉදිරිපත් කර නැත.
බොහෝ දෙනා මේ ධවල පත්‍රිකාවේ ඇති යෝජනා නීති වෙනස් කිරීම් ලෙස අර්ථකතනය කරත් තවමත් මෙම බොහෝ සංක්‍රමන නීති නිල වශයෙන් වෙනස් කර නැත. මේ යෝජනා යම් ආකාරයෙන් ඉදිරි කාලය තුල විවිධ ආයතන සහ පාර්ලිමේන්තුවේ අභියෝග වලට ලක්ව වෙනස් වීමට ඉඩ ඇති බව සලකන්න.
UK BOSA