Thara’s Diary

Thara’s Diary සබඳ අපි කදු නොවෙමු.. උනුන් පරයා නැගෙන..සුනිල දිය දහර වෙමු..එකම ගඟකට වැටෙන..🤍
(22)

ගිම්හානේ අවසාන දීර්ඝ නිවාඩුව අපිට ලැබුනේ පහුගිය සති අන්තේ.ඉතින් අපි ගියා හරීම ලස්සන හොටෙල් එකකට.මේ හොටල් එක අපි book කරේ...
18/08/2026

ගිම්හානේ අවසාන දීර්ඝ නිවාඩුව අපිට ලැබුනේ පහුගිය සති අන්තේ.ඉතින් අපි ගියා හරීම ලස්සන හොටෙල් එකකට.මේ හොටල් එක අපි book කරේ මාසෙකට කලින්.හිතුවටත් වඩා හැමදේම හරීම ලස්සනට සුවදායි විදිහට වුනාම හිතට හරිම සතුටුයි.

පින්තූර යටින් කතාව ලියන්නම්.🫰🏻

මේ දවස්වල පුතා ගෙදර නිසා එයාගේ වැඩ,එයාගේ කතා එක්ක තමයි දවස ගෙවෙන්නේ.ඊයේ එයා කියනවා "අම්මේ ඔයාට මතකද දවසක් මං ඉස්කෝලේ ඉවර...
14/08/2026

මේ දවස්වල පුතා ගෙදර නිසා එයාගේ වැඩ,එයාගේ කතා එක්ක තමයි දවස ගෙවෙන්නේ.

ඊයේ එයා කියනවා "අම්මේ ඔයාට මතකද දවසක් මං ඉස්කෝලේ ඉවරවෙලා එද්දී මට හදලා තිබ්බ චොකලට් චිප් කුකීස් 🍪 හෙට ඒවා මට හදලා දෙනවද" කියලා.ඒක කිව්වේ හරීම උද්‍යෝගෙන්. ඒ සතුට මට මූනෙන් පෙනුනා.

මට එක දෙයයි හිතුනේ.සමහර වෙලාවට ඒ පුංචි හිත්වල තදින්ම සැරිසරන්නේ අපි එයාලා වෙනුවෙන් කරන හරිම පුංචි දේවල්. ආදරණීය මතක.එයාලාට අපිව ආදරණීය කෙනෙක්ද, නපුරු කෙනෙක්ද කියලා හිතට දැනෙන්නෙත් අපි එයාලාට සලකන විදිහ එක්ක.එයාලා අපිට සමීප වෙන්නේ,අපිට ලෙන්ගතු වෙන්නේත් ඒ ආදරණීය හැගීම් එක්කමයි.

හැම මනුස්සයෙක්ම ආදරේට ලෝභයි.ගැහැණියක්,පිරිමියෙක්,දරුවෙක්,සතෙක්සීපාවෙක් කියලා සීමාමායිම් බදින්න බැරි හැගීමක් තමයි ආදරේ කියන්නේ.

ඉතින් මං එයාට පොරොන්දු වුන විදිහට උදේ කෑම ගත්තට පස්සේ කරේ කුකීස් බේක් කරන්න පටන් ගත්ත එක.පුතාටත් කරන්න ඉඩ දුන්නේ එයා මේ වගේ පුංචි පුංචි වැඩවලට
ආස නිසාමයි.

මේ වැනිලා කුකීස්.මීට කලින් චොකලට් කුකීස් බේක් කරලා නිවෙන්න තිබ්බා.මේ ටිකට ස්ප්‍රින්කල් දාන වැඩේ පුතාට බාර දුන්නා.එයා හරි ආසාවෙන් ඒ වැඩේ කරලා දුන්නේ.හැබැයි ඉතින් චොකලට් කුකීස් ලස්සනට ආවට වැනිලා කුකීස් ටික හරියට ආවේ නම් නැහැ.එහෙම තමයි ඉතින් හිටි ගමන් වැරදුනාට ඒ මතක කවදාවත් අමතක වෙන්නේ නෑ.

12/08/2026

ඒ මෙනු එක හැදුවේ මෙහෙම....❤️🥰
ආදරේ කියන අමුද්‍රව්‍යත් ඔය කෑමවලට වැටෙන්නම ඕන කෑම ටික හරි රසට පදමට උයාගන්න.ඒක තමයි රසකෑමවල රහස✨🫰🏻🤍

10/08/2026

මං ආසම උයන්න,ගෙදර ලස්සනට පිලිවෙලට තියාගන්න,ලස්සනට මල් හදන්න,වගා කරන්න.ඒක මගේ මනස සුවපත් කරන ඖෂධයක්. ඒක තමයි මගේ විනෝදාංශය.මේ හැමදේම කරද්දින් ඇහෙන පසුබිම් ගායනය මාව තව තවත් නිවනවා.

මිනිස්සුන්ට නිවෙන්න සැනසෙන්න අමුතුවෙන් දේවල් කරන්න ඕන නෑ.තමන්ගේ රැකියාව හෝ තමන් කරන ව්‍යාපාරය හෝ දෛනික කටයුතු ඇතුලේම ජීවිතේ විදින්න කාරණා ඕන තරම් හොයා ගන්න පුලුවනි.

අනිත් කාරණාව තමයි තමන්ගේ සතුට කා තුලවත් හොයන්න එපා.කවුරුත් තමන්ව සතුටු කරනකන් බලන් ඉන්න එපා.කා ගැනවත් බලාපොරොත්තු තියන් ඉන්න එපා.තමන්ට සතුටක් දිය හැකි,වටිනාකමක් දිය හැකි පලමු පුද්ගලයා වෙන්නේ තමන්මයි.සතුටින් ජීවත් වෙද්දී ඒ සතුට පිටාර ගලනවා.ඒ සතුට,ඒ නිවීම,ඒ සරලත්වය තවත් කෙනෙක්ගේ ජීවිතයකට නොදැනීම ආලෝකයක් වෙනවා.ඒක තමයි සැබෑම සතුට.

මිනිස්සු වෛරයෙන් ජීවත් වෙනවා වෙනුවට නිවීමට ආදරේ ඕන.එහෙම නිවෙන්න හේතු තමන් තුලින්ම හොයාගන්න.

ආදරෙන්,
තාරා✍🏻❤️

කාලෙකින් පින්තූර කතාවක් ලියන්න හිතුනේ ගැලරියේ එකතු වෙලා තියෙන මං විතරක් දැක්ක පින්තූර දැකලා.ජීවිතේ විදින එක කල් දාන්නත් ...
07/08/2026

කාලෙකින් පින්තූර කතාවක් ලියන්න හිතුනේ ගැලරියේ එකතු වෙලා තියෙන මං විතරක් දැක්ක පින්තූර දැකලා.ජීවිතේ විදින එක කල් දාන්නත් එපා.විදින්න තියෙන ජීවිතේ විදවන්නත් එපා.

මම දකින දෙයක් තමයි Old generation එකට වඩා අලුත් generation එකේ ලොකූ වෙනසක්,ජීවිත දැක්මේ ප්‍රබෝධයක් තියෙනවා කියලා.ලෝකය ගැන ජීවිතේ ගැන දකින විදින බහුතරයකගේ හරීම ලස්සනයි.පටු අදහස් වෙනුවට ලස්සනට ජීවිතේ දකින්න,ජීවිතේ විදින්න ලැබුන දෙයින් හොදම දෙයක් කරන්න අලුත් පරම්පරාව දන්නවා.එහෙම වුනාම ඊලගට එන generation එක මීටත් වඩා යහපත් විදිහට ජීවිතේ දකිනවා.ජීවිතේ විදිනවා.ඒක තමයි සතුටුම කාරණේ.

ජීවිතේ කියන්නේ හැමදෙයක්ම සර්වසම්පූර්ණවීම නෙමෙයි.තමන් ලද දෙයින් ජීවිතේ උපරිමේට භුක්ති විදින්නේ කොහොමද කියන එක තේරුම් අරගන්න එක.

ආදරෙන්,
තාරා✍🏻❤️

ලස්සනයිද මෙයා?😍🤗 මේ කේක් එක හදන්න පුතාත් උදව් කරා.දැන් නම් එයාත් මල් එහෙම හදන් එනවා කේක් එකෙන් තියන්න.හිත රිද්දන්නත් බෑ....
06/08/2026

ලස්සනයිද මෙයා?😍🤗
මේ කේක් එක හදන්න පුතාත් උදව් කරා.දැන් නම් එයාත් මල් එහෙම හදන් එනවා කේක් එකෙන් තියන්න.හිත රිද්දන්නත් බෑ.තාම නීට් මදි චුට්ටාගේ වැඩ.තව අවුරුදු දෙකක් යද්දි නම් කොල්ලාටත් පඩියක් දෙන්න වෙන හැඩක් තියෙන්නේ.😅😍🐣

මේ කේක් එකේ bottom tier එක structure එකක්.top tier එක real cake එකක්.ඔක්කොම ටොපර්ස්,details handmade ඒවා.කේක් එක සම්පූර්ණයෙන් කවර් කරලා තියෙන්නේ fondant වලින්.සැන්ඩ්විච් කරලා තියෙන්නේ melted chocolate mixed chocolate buttercream එකෙන්.රස බලන්න නම් ඕඩර් එකක් දෙන්නම වෙනවා ඉතින්🤭😍

04/08/2026

මේක නම්....👌🏻👌🏻😋 හදලාම රස කියනවද ඉතින්🤗😍😘

03/08/2026

හරිම limited product ප්‍රමාණයක් UK 🇬🇧 ඉදන් ලංකාවට එනවා.ඔක්කොම වගේ ෂැම්පු කන්ඩිෂනර්.ඊට අමතරව හරිම decent scent එකක් තියෙන dove එකේ සුවදම body mist එකක් එනවා.අවශ්‍ය නම් whatsapp message එකක් එවන්න.Whatsapp Only
+44 7825486225

02/08/2026

මේ තවත් අල තෙල්දැමිල්ලක්😋🤌🏻 කලින් දුන්න රෙසිපි එකට වඩා
රස සම්පුඉර්ණයෙන් වෙනස්.මේ වෙද්දි අල තෙල්දාන රෙසිපි තුනක් මම දාලා තියෙනවා.එකක් දානේ ගෙවල්වල වගේ බැදලා හදන කල් තියාගන්න අල තෙල්දැමිල්ල, ඊලගට හීනියටපෙති කපලා ලේසියෙන්ම තෙල්දාන අල තෙල්දැමිල්ල,ඊලග එක මේ රෙසිපි එක.හොදටම තැම්බිලා පොඩිවෙලා යන අල තෙල්දාන්න හොදම රසම විදිහ තමයි මේ.කරවල කෑල්ලක් එහෙම දැම්මම බත් පිගන් දෙකක් වුනත් කන්න පුලුවන් ඒ තරම් රස රෙසිපි එකක් මේ.තවත් දෙන්න තියෙන්නේ කහ බතට මම අල තෙල්දාන විදිහක් තියෙනවා.ඒ විදිහ.ඒකත් හදන වෙලාවක අරගෙන එන්නම්.මේ
ක්‍රමවලටම ඔයාලා අල තෙල් දැම්මොත් රස මටත් කියන්න.ආදරෙයී🫰🏻❤️

Address

Quandrant Road
Thornton Heath
CR77DB

Alerts

Be the first to know and let us send you an email when Thara’s Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thara’s Diary:

Shortcuts

Share