05/07/2026
🚨🚨 ඊශ්‍රායල් රැකියා නාමයෙන් සිදුවන මහා පරිමාණ වංචාවක්!
නොරැවටී පරෙස්සම් වන්න!
"ග්ලෝබල් රෙකමන්ඩඩ්" (Global Recommended) නැමැති රැකියා නියෝජිතායතනය මගින් ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසමින් මේ දිනවල සිදුකරන මහා පරිමාණ මුදල් වංචාවක් පිළිබඳවයි මේ අනතුරු ඇඟවීම. කරුණාකර මෙය කියවා ඔබත් දැනුවත් වී, අන් අයවත් දැනුවත් කරන්න.
💥 වංචාව සිදුකරන ආකාරය 💥
👉 සුපර් මාර්කට්, ක්ලීනින් සහ ඩ්‍රයිවින් (Driving) රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින් 500 - 600 කට අධික පිරිසකගෙන් රුයල් ලක්ෂ 5 සිට 10 දක්වා අත්තිකාරම් මුදල් ලබාගෙන කෝටි ගණනක වංචාවක් සිදු කර ඇත.
👉 මෙම ආයතනයට ඉහත කී කිසිදු රැකියාවක් සඳහා නීත්‍යානුකූල රැකියා කෝටාවක් (Job Order) හෝ සිස්ටම් එකේ අවසරයක් ලැබී නොමැත. සිස්ටම් එකේ අවසර ඇත්තෙ ඉදිකිරීම් රැකියාවලට පමණි
👉 අන්තර්ජාලයෙන් බාගත කළ ගිවිසුම් සංස්කරණය කර ව්‍යාජ සේවා ගිවිසුම් (Fake Contracts) සහ ව්‍යාජ ලේඛන සකසා දෙමින් ජනතාව විවෘතවම රවටනු ලබයි.
👉 සාමාන්‍යයෙන් ඊශ්‍රායලයේ සුපර් මාර්කට් රැකියාවකට යාමට අනිවාර්යයෙන්ම Skype Interview එකක් සමත් විය යුතු වුවත්, මොවුන් කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් තොරව රැකියා දෙන බව පවසා මුදල් ගරා ගනී.
⚠️ ඉදිකිරීම් (Construction) රැකියා ගැන බලාපොරොත්තු තබා සිටින අයගේ අවධානයට ⚠️
👉 මෙම ආයතනයට නීත්‍යානුකූලව ඇත්තේ ඉදිකිරීම් අංශයේ රැකියා කෝටාවන් පමණක් වුවත්, ඒ සඳහාද ප්‍රමාණයට වඩා විශාල පිරිසක් රවටා මුදල් ලබාගෙන ඇත.
👉 මුදල් සහ ගමන් බලපත්‍ර (Passports) ලබා දී වසරකට වැඩි කාලයක් ගතවීත් කිසිවෙකුට රැකියා ලබා දීමට ඔවුන්ට නොහැකි වී තිබේ.
👉 ඇත්ත වශයෙන්ම ඔවුන් සතුව ඒ තරම් රැකියා ප්‍රමාණයක් නොමැති අතර, ලබාගත් මුදල් ආපසු දීමට නොහැකි නිසා මිනිසුන්ව වසර ගණනාවක් රස්තියාදු කරමින් රඳවාගෙන සිටී.
🔥 තර්ජනය කිරීම් සහ SLBFE නිහඬතාව 🔥
👉 මුදල් හෝ ගමන් බලපත්‍ර නැවත ඉල්ලන විට මෙම ආයතනය මෙහෙයවන කාන්තාව විසින් මුදල් ආපසු නොදී තර්ජනය කරමින් බලපෑම් සිදු කරයි.
👉 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) විශේෂ විමර්ශන ඒකකයට මේ පිළිබඳව පැමිණිලි ලැබී තිබුණත්, නිලධාරීන් මුදලට යටවී වීසා ජාවාරම්කරුවන් සමඟ කටයුතු කරන බැවින් සාධාරණයක් ඉටුවී නැත.
👉 කාර්යාංශයේ සභාපති ඇතුළු ඉහළ නිලධාරීන් සියලු දෙනා "තම අතේ" සිටින බව පවසමින් අදාළ කාන්තාව කිසිදු පැමිණිල්ලකට බිය නොවන බව විවෘතවම පවසයි.
📌 ඊශ්‍රායලයේ සිටින තැරැව්කරුවන්ගෙන් ප්‍රවේසම් වන්න 📌
👉 ඊශ්‍රායලයේ සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයින්ද කොමිස් මුදල් වලට කෑදරකමින් සමාජ මාධ්‍ය හරහා මෙම වංචනික ඒජන්සිය ප්‍රවර්ධනය (Promote) කරනු ලබයි.
👉 මෙම වංචාව ඔවුන් හොඳින්ම දැන සිටියත් මුදල් වෙනුවෙන් මිනිසුන්ව බිලි දෙන අතර, අවසානයේ ඔබට මුදල් අහිමි වූ දාට මේ කිසිවෙකුත් ඔබව බේරාගන්නට එන්නේ නැත.
🛑 වංචාවට ලක්වූවන් සහ මහජනතාව ගත යුතු පියවර 🛑
✔️ බිය නොවන්න: මෙම කාන්තාවගේ කටේ සද්දයට හෝ තර්ජනවලට කිසිවෙකු බිය විය යුතු නැත. කිසිවෙකුට රටේ නීතියට ඉහළින් යා නොහැක.
✔️ සංවිධානය වන්න: වංචාවට ලක්වූ සියලු දෙනා කණ්ඩායම් වශයෙන් (සාමූහිකව) එක්වී වහාම අදාළ අංශ වෙත පැමිණිලි කර තම මුදල් සහ පාස්පෝට් වහාම ආපසු ලබා ගැනීමට කටයුතු කරන්න.
✔️ පරීක්ෂා කරන්න: ඊශ්‍රායල් රැකියාවක් සඳහා මුදල් ගෙවීමට පෙර, අදාළ ඒජන්සියට ඇත්තටම Job Order එක සහ රැකියා කෝටාව ලැබී තිබේදැයි කාර්යාංශයෙන් තහවුරු කරගන්න.
🔄 තවත් අහිංසකයෙක් අමාරුවේ වැටීම වැළැක්වීම සඳහා මෙම පණිවිඩය හැකිතාක් SHARE කරන්න! 🔄
⚠️ Disclaimer: ⚠️
📌 This post is published strictly in the public interest, with the sole intention of creating awareness and protecting innocent people from financial fraud.