02/02/2026
🏛️ Paris Opera House – Palais Garnier | 🇫🇷✨
පැරීසියේ තියෙන ලස්සනම, වටිනාම ගොඩනැගිලි වලින් එකක් තමයි Palais Garnier කියන්නේ. මෙය නිර්මාණය කර ඇත්තේ 1861 – 1875 අතර කාලයේදී, ප්‍රංශ අධිරාජ්‍යයෙක් වුණ Napoleon III ගේ නියෝගයෙන්. මේ අතිශය විශාල ව්‍යාපෘතියේ ප්‍රධාන ආර්කිටෙක්ට් වුණේ Charles Garnier. ඔහුගේ නමෙන්ම තමයි අදත් මේ ඔපෙරා හවුස් එක හැඳින්වෙන්නේ.
මේ ගොඩනැගිල්ල Beaux-Arts architectural style එකට අයත් එකක්. රන් වර්ණ අලංකාර, විශාල තීරු (columns), මූර්ති, චිත්‍ර, සහ විශාල දර්පණ – හැම දෙයක්ම එකට එකතු වෙලා මෙය සම්පූර්ණයෙන්ම රාජකීය හැඟීමක් දෙනවා 👑
ඇතුළට ඇවිත්ම මුලින්ම හමුවෙන්නේ Grand Staircase එක. මුලින් ම මෙහි පිවිසෙන්නෙකුට නම් මේ පඩිපෙළ එකිනෙක නගිද්දි ඇස් දෙකට නිදහසක් නම් ලැබෙන්නෙ නැහැ.එය එතරම් ම මනසකාන්ත දර්ශනයක්. ඒ නිසාම මෙය නාට්‍යයක් පටන් ගන්න කලින්ම සිනමා දර්ශනයක් වගේ 😍
🎭 Main Auditorium එක ඇතුළට ගියාම රතු සහ රන් වර්ණයෙන් සැරසුණු අති විශාල ශාලාවක් දකින්න ලැබෙනවා. මෙතන 2,000කට අධික ප්‍රේක්ෂකයින්ට එකවර නාට්‍යයක් නැරඹීමට පුළුවන්. ඉහළ තියෙන ceiling එක 1960 දශකයේදී ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වුණ Marc Chagall විසින් අඳින ලද්දක්. ඒ චිත්රයේ ප්‍රසිද්ධ ඔපෙරා සහ බැලේ කතා රූප වලින් දැක්වෙනවා.
මෙම ඔපෙරා හවුස් එකට සම්බන්ධ තවත් ප්‍රසිද්ධ කතාවක් තමයි “The Phantom of the Opera”. මේ කතාවට ආධාර වෙලා තියෙන්නේ Palais Garnier එකේ ඇතුළත තියෙන රහසිගත කොරිඩෝර්, බිම් යට වැව් (underground lake) සහ අද්භූත සිද්ධීන් ගැන පැරණි කතා. ඒ නිසාම මෙතනට ආවම ගුප්ත බවක් දැනෙනවා 🖤
අද වෙද්දි Palais Garnier භාවිතා වෙන්නේ ප්‍රධාන වශයෙන් ballet performances, special concerts සහ guided tours සඳහා. නාට්‍යයක් බලන්න බැරි වුණත්, ඇතුළට ඇවිත් මෙය නරඹන එකම ජීවිතේ එක වරක්වත් කරන්නම ඕන අත්දැකීමක් ✨
Paris කියන්නේ ආදරය, කලා, ඉතිහාසය එකට එකතු වෙච්ච නගරයක් කියලා සත්‍යයෙන්ම දැනෙන්නේ Palais Garnier ඇතුළට ඇවිත් එක මොහොතක් හිටියම ❤️
❤️නූ❤️
2026/2/2
🇫🇷✨