Bangtan Diary

Bangtan Diary 🌈“Our moments with Bangtan, written in purple.”💜
Join the diary. Be part of the story. 💫
(3)

💜👑 ජුනි 3: "RAP Line" එකේ ආශ්චර්යය.🌟❤️‍🔥BANGTAN පවුලේ නොබිඳෙන ආදරණීය සහ ශක්තිමත් අත්තිවාරම වූ Namsope අපේ දම් පාට ලෝකයට ...
04/06/2026

💜👑 ජුනි 3: "RAP Line" එකේ ආශ්චර්යය.🌟❤️‍🔥

BANGTAN පවුලේ නොබිඳෙන ආදරණීය සහ ශක්තිමත් අත්තිවාරම වූ Namsope අපේ දම් පාට ලෝකයට අයිති වුණු ඒ ඓතිහාසික දවස!

Namjoon / Suga / J-hope 🐨🐱🐿

"The Day the World Met Our Brightest Stars" 🌌✨

BTS IS 7. ALWAYS SEVEN. ONLY SEVEN. 💜

Dear ARMYs,

අද ජුනි 3 වෙනිදා. 2013 ජුනි මාසයේ මේ වගේ දවසක තමයි අපේ Vocal Line එකේ Debut Poster රිලීස් වෙලා, ඊළඟ දවසේ (ජුනි 4) අපේ ආදරණීය Rap Line එක ලෝකයට හදුන්වා දුන්නා. 2013 ජුනි 13 වෙනිදා M Countdown වේදිකාවෙන් මුළු ලෝකයම හොල්ලන්න කලින්, මේ හැමදේකටම පිටුපසින් දැවැන්තම පවුරක් වගේ හිටියේ BTS හි Rap Line එකයි. 💪

අද මම මගෙ BangtanDiary හි එක පිටුවක් වෙන් කරන්න හිතුවා,
එදා පුංචි දරුවෝ වගේ බයෙන්,වෙව්ලන හදවතින් හිටියත් ඒ සියල්ල යටපත් කරගෙන සහෝදර සාමාජිකයින්ට ශක්තියක් වෙමින් ලෝකය ඉදිරියට ආපු අපේ Namjoonie , Yoongi, Hobii අද වෙද්දී මුළු ලෝකයම තමන්ගේ අණසකට ගෙන ඇති ආකාරය සහ ඔවුන්ගේ අලුත්ම ජයග්‍රහණ මොනවද සහ ඔවුන් ආපු ගමනේ මතකයන් බිදක් සදාකල් මගෙ පිටු අතරට එක් කරන්න.. 🥰

❣️RM (එදා Rap Monster), Suga සහ J-Hope...

මේ නම් තුන නැත්නම් අද BTS කියලා සන්නාමයක් ලෝකයේ නැහැ. අපි හැමෝම දන්නවා BTS කියන්නේ හිප්-හොප් (Hip-Hop) කණ්ඩායමක් විදිහට බිහිවුණු ගෲප් එකක්.
ඒ හීනයට පණ දුන්නේ, 2011 තරම් ඈත අතීතයක ඉඳන් "Paldogangsan" වැනි pre-debut ගීත හරහා එකට එකතු වෙලා දහඩිය, කඳුළු, කැපකිරීම්, අපමණ උත්සාහයන් දැරූ අපේ Rap Line එකයි.🥺

👑 කණ්ඩායමේ නොසැලෙන අඩිතාලම (The Core Backbone)
RM (Kim Namjoon) – දූරදර්ශී නායකයා 🐨

Big Hit ආයතනය BTS කියන කණ්ඩායම නිර්මාණය කරන්නම මුල් වුණේ නම්ජූන් නිසයි. භාෂා බාධක බිඳදමමින්, UN (එක්සත් ජාතීන්ගේ සංවිධානය) වේදිකාවේ පවා "Love Yourself" පණිවිඩය ලෝකයට අරන් යන්න සැමට පිටුපස සිටි ශක්තියෙ සෙවනැල්ල අපේ Namjoon.

👑SUGA (Min Yoongi) – වේදනාව කලාවක් කළ ප්‍රතිභාපූර්ණ නිෂ්පාදකයා. 🐱

Underground රැපර් කෙනෙක් විදිහට තමන් විඳපු කටුක අත්දැකීම්, මානසික පීඩාවන් "No More Dream" එකේ ඉඳන් අද වෙනකම් BTS සංගීතයට මුසු කළේ යුංගි.
එයා තමයි BTS හි සංගීතයේ ගැඹුර.

👑J-HOPE (Jung Hoseok) – කණ්ඩායමේ සූර්යයා සහ නර්තන නියමුවා.🐿

Underground street dancer කෙනෙක් විදිහට ඇවිත්, රැප් කලාව මුල ඉඳන්ම ඉගෙනගෙන, BTS ලගේ choreography සහ performance වල නායකත්වය ගත්තේ හොබී. එයා නැත්නම් BTS ලගේ stage performance මේ තරම් පරිපූර්ණ වෙන්නේ නැහැ.

🔍 2013 ජුනි මස මුල් සතියේ "රහසිගත" Debut කලබලය

අද ආපසු හැරී බලද්දී හිතාගන්නවත් බැරි වුණාට,
එදා Big Hit ආයතනය මේ තුන්දෙනාව ලෝකයට පෙන්නුවේ හරිම සුවිශේෂී විදිහකට. 😌

❣️ජුනි 4 වෙනිදා - Rap Line එක හදුන්වාදීම 😎

එදා කාටවත් නොකියා, කිසිම පූර්ව දැනුම්දීමකින් තොරව Big Hit සමාගම BTS නිල වෙබ් අඩවිය හරහා මුල්ම Debut Teaser ඡායාරූප නිදහස් කළා.
ඒ ඡායාරූපවල දගකාර විදිහට කැපී පෙනුණේ අපේ නමූ - RM (එදා Rap Monster).

එදා කළු කණ්ණාඩි යුගලක් දාලා, දැඩි Hip-Hop පෙනුමකින් හිටපු ඒ කොල්ලෝ තුන්දෙනා දැකලා කලා ලෝකයම පුදුම වුණා "කවුද මේ අලුත් රැපර්ස්ලා?" කියලා.

Concept Photos සහ එදා "රැඩිකල්" පෙනුමකින් යුතු කළු සහ සුදු තේමාවන්ගෙන්, තද Street Fashion, බර රන් මාල සහ Snapback තොප්පි දාලා හිටපු Rap Line එක එදා පෙන්නුවේ සාමාන්‍ය K-pop Group එකකට වඩා වෙනස්ම, සමාජයට විරුද්ධව නැඟී සිටින කැරලිකාරී තරුණ පිරිසකගේ පෙනුමක්.😎

❣️ජුනි 5 වෙනිදා - නිල හඳුන්වාදීම (The Official Identity)

ජුනි 2 පටන් ගත් Teasers හදුන්වාදීම් වලින් පස්සේ, මුළු කණ්ඩායමේම Profile පින්තූර නිල වශයෙන් එළියට ආවේ ජුනි 5 වෙනිදා.

එතෙක් Underground ලෝකයේ 'Runch Randa' (RM), 'Gloss' (Suga) සහ 'Smile Hoya' (J-Hope) විදිහට දක්ෂතා පෙන්වපු මේ තිදෙනා, නිල වශයෙන් ලෝකය ඉදිරියේ RM, SUGA, J-HOPE වුණේ ඒ අමතක නොවන දවසේයි.

දැන් බැලුවා නේද මොනවද මෙ නම් කියලා..
ඔව් මෙ ගැන හුගක් ආමිලා දන්නෙ නැහැ..
මේ මටත් මගේ යාලුවා 'මියුංගි' කියලා දීපු රසබර කතාවල තිබුණු වටිනාම විස්තර..🥹🥰

😎🐨Runch Randa (RM) : Namjoon

BIG HIT එකට එකතු වෙන්න කලින් Underground Hip-hop ලෝකයේ Rap කරේ මේ නමින් තමයි. (Zico එක්ක පවා මේ කාලේ සින්දු කරලා තියෙනවා).

😎🐱Gloss (SUGA)

Yoongi තමන්ගේ උපන්ගම (Daegu) හි 'D-Town' කියන Underground crew එකේ ඉද්දි පාවිච්චි කරපු නම තමයි "Gloss" කියන්නේ. (Yoongi කියන නමේ තේරුම "Gloss" හෝ "Shine" කියන එක නිසයි ඒ නම දාගෙන තිබුණේ).

😎🐿Smile Hoya (J-Hope)

Hoseowon, Gwangju වල 'Neuron' කියන street dance team එකේ ඉන්න කාලේ active වුණේ "Smile Hoya" කියන නමින්.

🎤 Pre-Debut යුගයේ නොකී කතා (The Untold Hardships)

"No More Dream" හරහා ස්ටේජ් එකට එන්න කලින්,
මේ තුන්දෙනා පුදුමාකාර මානසික සහ ශාරීරික සටනක් කළා.
බිග් හිට් එකේ පුංචි පුහුණු කාමරේ (Basement Studio) දහඩිය පෙරාගෙන, දවසට පැය 15කට වඩා පුහුණුවීම් කරමින්, එයාලා එකට එකතු වෙලා BTS කලාවේ පදනම දැම්මා.😇

ඔවුන්ගේ අපමණ වූ කඳුළු මැද ලියවුණු පද පේලි අද අපි සිනහවෙමින් රසවිදිනවා..🥹

එදා BTS හි මුල්ම ඇල්බමයේ තිබුණු 'We Are Bulletproof Pt.2' සහ 'No More Dream' ගීතවල රැප් කොටස් ලියන්න මේ තුන්දෙනා නිදි නැති රාත්‍රීන් සිය ගණනක් ගෙවා දැම්මා.
තමන්ගේම පන්ති කාමරේ, තමන්ගේම සමාජයේ තරුණයින් විඳින පීඩාව ඔවුන් පෑනට පෙරළුවා.

එදා බිය වූ නමුත් අද ඔවුන් ඔවුන්ගේ ශක්තිය මුලු ලොවටම පෙන්වා අවසන්..💪

එදා Debut වේදිකාවට නගින්න තත්පර කිහිපයකට කලින් "අපිව ලෝකය භාරගනියිද?" කියලා වෙව්ලන හදවතින් ප්‍රශ්න කරපු ඒ කොල්ලෝ තුන්දෙනා, තමන්ගේ Debut එකෙන් වසර 13කට පසු, අද 2026 වෙද්දී මුළු ලෝකයකටම නායකත්වය දෙන "රජවරු" වෙලා ඉවරයි! 👑

🚀 2013 "No More Dream" සිට 2026 දක්වා ලෝකය ජයගත් ඒ මහා බලවේගය..!

ඒ වගේම එදා 2013 දී සමාජයේ අසාධාරණයට, තාරුණ්‍යයේ සිහින වෙනුවෙන් "No More Dream" කියලා කෑගැහුව Rap Line එක, අද වෙනකොට ලෝක සංගීත ඉතිහාසය උඩුයටිකුරු කරලා ඉවරයි.

ARIRANG හරහා මුලු ලොවක් එකට යා කරන සංගීතය නම් වූ විශ්වභාශාවේ පාලමෙට අත්තිවාරම වී අවසන්..❤️‍🔥

තම සහෝදර සාමාජිකයින් තම උරමතින් ලෝකයක් ඉදිරියට රැගන විත් නිහඩව, ආදරය සහ ආඩම්බරය පිරුනු හදවත් වලින් ඔවුන් දෙස බලා සිටින,
BTS හි ශක්තිමත් මුදුන් මුල Rap Line එක කීවොත් මම හිතනවා මම වැරදි නැහැ කියලා..🫂😌

2026 වෙනකම් එයාලා තියපු වාර්තා සහ ජයග්‍රහණ දෙස හැරී බලද්දී අපිට දැනෙන්නේ නිහතමානී ආඩම්බරයක්. 🩵

🏆Billboard සහ Grammy ඉතිහාසය.

Billboard Hot 100 හි අංක 1 ස්ථානයට (Dynamite, Life Goes On, Butter) රැඳෙන්නට පද රචනයෙන් සහ සංගීතයෙන් උපරිම දායකත්වය දුන්නේ මේ තිදෙනායි.
Grammy වේදිකාවේ පිට පිටම නිර්දේශ වෙන්නට තරම් ඔවුන්ගේ සංගීතය ප්‍රබල වුණා.

🏆Solo Mixtapes සහ Albums හරහා ලෝකය දිනීම.

🏆RM ගේ Mono සහ Indigo වැනි ඇල්බම් හරහා Billboard වාර්තා තැබීම.

🏆Suga (Agust D) ගේ D-Day ලෝක සංචාරය (World Tour) හරහා සෝලෝ ආර්ටිස්ට් කෙනෙක් විදිහට ලෝකයේ වැඩිම ආදායම් ලැබූ රැප් සංචාරයක් බවට පත්වීම සහ "Haegeum" ගීතය බිලියනයේ සන්ධිස්ථානය වෙත (1 Billion Streams) රැගෙන යාමට ARMY අප තවමත් දක්වන දායකත්වය.

🏆J-Hope ගේ Jack In The Box සහ HOPE ON THE STREET හරහා Lollapalooza වැනි දැවැන්ත ඇමරිකානු සංගීත උළෙලක ප්‍රධාන ගායකයා (Headliner) වූ පළමු කොරියානු කලාකරුවා වීම.

💜 අපේ හදවතේ සදාකාලික ශක්තිය🥰

Vocal Line එකේ සුන්දර හඬවල්වලට පියාපත් දුන්නේ Rap Line එක ලියපු ඒ ගැඹුරු, අර්ථවත් පද පේළි කිව්වොත් නිවැරදියි. එයාලා නැත්නම් BTS සතු මේ අනන්‍යතාවය නැහැ.
මිලිටරි සේවය නිමා කරමින්, නැවතත් 2026 දී ඔවුන් එකට එකතු වන මේ යුගයේදීත්, එදා වගේම අදටත් අපේ ශක්තිය මේ අපූර්ව තිදෙනාමයි. ✨

පුදුමය නම් එදා මෙන් අදටත් ඔවුන් තම සහෝදරයින් පිටුපසින් සිටගෙන ඔවුන්ට ශක්තියක් වෙමින් ඔවුන්ව තවත් ඉදිරියට තල්ලු කරමින් ඒ දෙස ආදරණීය පියෙක් තම දරුවන් දෙස බලා සිටින්නාක් මෙන් ආඩම්බරෙන් බලා සිටීමයි.🥹🩷

එදා ජුනි මස මුල් සතියේ Debut Teaser ඡායාරූප දිහා බලාගෙන ගැහෙන හදවතින් හිටපු ඒ කොල්ලෝ තුන්දෙනා අද ලෝකයක් පාලනය කරන රජවරු වෙලා ඉවරයි.💪🥹👑

"Teamwork makes the dream work."

එදා Underground ලෝකය හොල්ලපු ඒ Rap Line එකේ අසමසම බලය (Power) සහ ශක්තිය,
අද වන විට මුළු BTS කණ්ඩායමේම ප්‍රධානතම පදනමක් බවට පත්වෙලා හමාරයි. 🔥

නමුත්, ඒ සියල්ලටම වඩා අද BTS කියන නාමය ලෝකයම ජයගෙන තියෙන්නේ ඔවුන් හත්දෙනා අතර තියෙන ඒ අවංක, නොබිඳෙන සහෝදරත්වයේ සහ ආදරයේ ශක්තිය නිසයි.💫

එදා වගේම අදටත්, හෙටටත් ඔවුන් අපිට කියලා දෙන්නේ එකම දෙයයි...

"If you can't fly, then run. Today we will survive."
(ඔබට පියාසර කළ නොහැකි නම්, දිව යන්න. අද දවසේ අප ජීවත් විය යුතුමය.)🌟

තමන් කවුද කියලා ලෝකයටම ඔප්පු කරපු ඔවුන්, අද අපිටත් ආදරයෙන් මතක් කරන්නේ ඔවුන්ගේ ඒ සදාකාලික ආදර්ශ පාඨයයි.

"Love Yourself, Speak Yourself."
(ඔබටම ආදරය කරන්න, ඔබේ හඬ අවදි කරන්න.)🌷

Underground වේදිකාවෙන් පටන් ගෙන,
අද මුළු විශ්වයම තමන්ගේ 'Purple' ආලෝකයෙන් වර්ණවත් කරපු BTS...

සැබවින්ම ඔවුන් හත්දෙනා එක්ව ලෝකය වෙනස් කළ,
තවමත් වෙනස් කරමින් සිටින සදාකාලික පුරාවෘත්තයකි!⏳🎞️

ලෝකයක් වටිනා BTS කියන මේ අපූරු නිර්මාණය අපිට දායාද කරන්න එදා මුල්ම අඩිතාලම දාපු,
BTS හි හදවත බඳු අපේ ආදරණීය Rap Line එකට මුළු හදවතින්ම ස්තූතියි!😌🙏

ඇත්තටම, BTS වැනි අසමසම කණ්ඩායමක් මේ ලෝකයට බිහි කරලා දුන්නට,
සැබෑ 'ARMY' කෙනෙක් විදිහට මම ඔවුන්ට සදාකාලිකවම ණයගැතියි. 🫂🥹

ඒ ආදරය, ඒ සහෝදරත්වය සහ ඔවුන් අපේ ජීවිතවලට දුන්නු ශක්තිය වෙනුවෙන් මගේ හදවතේ තියෙන ආදරය සදාකාලිකයි.🍀🥀🫰

"Future gonna be okay. Look at the mirror and we'll see." 💜

එදා වගේම අදටත්, සදහටම අපේ Rap Line එකට සහ BTS ට අපි ආදරෙයි! 🐨🐱🐿️👑

Army ඔයාලට දැනෙන දේ පහලින් ලියන්න. මගෙ bangtandiary දිනපොතේ ඔබේ අදහසත් සදාකල් මතකයක්ව රැදී තියේවි..! 🥀🥰💛

BTS& ARMY FOREVER 🌈💜

- bangtandiary - 🐻‍❄️

🚫 Please Don't Copy 🥷🥷🥷🥷🥷🥷🥷

The silent root that held the storm, now standing tall as a king. 👑 So incredibly proud of you, Namjoon..! 😎🥰🩵අපමණ කුණාට...
04/06/2026

The silent root that held the storm, now standing tall as a king. 👑
So incredibly proud of you, Namjoon..! 😎🥰🩵

අපමණ කුණාටු දරාගෙන හිටපු ඒ නිහඬ මුදුන් මුල,
අද රජෙක් වගේ කෙළින් හිටගෙන ඉන්නවා.
ඉතිං අපිට නැතිද ඔයා ගැන මාරම ආඩම්බරයක්..! 🥹

කවදාවත් තමන් වෙනුවෙන් ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවී, ඒ ආලෝකය තමන්ගේ සහෝදරයින්ට උපරිමයෙන්ම ලබා දුන් සහ අදටත් නොවෙනස්ව ලබාදෙන නායකයෙක්. 😌
එයාලට පියාඹන්න දීලා එයා පස්සට වෙනවා, හරියට තමන්ගේ දරුවෝ ලෝකය දිනන දිහා බලලා ආඩම්බරෙන් හිනාවෙන තාත්තෙක් වගේ නිහඬව සෙවණැල්ලක ඉඳන් සතුටු වෙනවා..! 🥹💙

මුළු BTS කියන මහා වෘක්ෂයම එකට අල්ලාගෙන ඉන්න ගැඹුරු, නිහඬ මුදුන් මුල ඔහුයි.. 💪
හරියට ආරක්ෂාකාරී තාත්තෙක් වගේ, එයා තමන්ගේ සහෝදරයින්ට හිරු එළිය විතරක් දකින්න සලස්වලා, දරුණුම කුණාටු තමන්ගේ උරහිස් මතින් දරාගත්තා..🥺

ලියනවනම් අපමණයි,
අකුරු කරන්නට ඔබ නමින්..
අදට ඇති නවතින්නම් මම,
ඔබට බැදි සෙනෙහෙ සිතින්..! 🫂🥰

Thank you Namjoonie oppaa..
අපිට BTS ලබා දුන්නට..! 🩵💫

- bangtandiary - 🐻‍❄️

The warmest heart cloaked in beautiful laughter. BTS’s home, and ARMY’s comfort. 🥀💫🩷එක කුස නොඉපදුනත්, ආදරණීයම මල්ලිලා හය...
04/06/2026

The warmest heart cloaked in beautiful laughter. BTS’s home, and ARMY’s comfort. 🥀💫🩷

එක කුස නොඉපදුනත්, ආදරණීයම මල්ලිලා හය දෙනෙක්ට තව තවත් ඉහළට යන්න පුළුවන් වෙන්න එයා තමන්ගේ උරහිස් පහත් කරලා දුන්නා.
ඒක නිකන්ම නායකත්වයක් නෙමෙයි, පවුලක හදවතක් සතු ආත්මාර්ථකාමීත්වයෙන් තොර සැබෑ ආදරයයි.
Bangtan පව්ලේ මාතෘත්වයේ සංකේතය..! 🥹🥰

World Wild Handsome "Kim Seokjin"..! 🌸

- bangtandiary - 🐻‍❄️

#

Behind that cold gaze lies a heart that bleeds poetry and lives for music..! 🎹🎸ඔව්ව්ව්... ඒ සීතල බැල්මට පිටුපසින් තියෙන්...
04/06/2026

Behind that cold gaze lies a heart that bleeds poetry and lives for music..! 🎹🎸

ඔව්ව්ව්...
ඒ සීතල බැල්මට පිටුපසින් තියෙන්නේ,
කවියක් විදිහට ගලායන සහ සංගීතය වෙනුවෙන්ම ජීවත් වෙන ආදරණීය හදවතක්..!

" නිහඩ ආදරවන්තයා - යුංගී..! " 🥹🫂🥀💫

- bangtandiary - 🐻‍❄️

He is the human version of sunshine, bringing warmth and light wherever he goes..! ☀️🐿️🌻😍I'm your hope, You are my hope,...
04/06/2026

He is the human version of sunshine,
bringing warmth and light wherever he goes..! ☀️🐿️🌻😍

I'm your hope,
You are my hope,
I'm... J-Hooope..! 🥹🥰

- bangtandiary - 🐻‍❄️

Just looking at him is enough to heal a bad day..! 🥀🍀💫- bangtandiary - 🐻‍❄️
04/06/2026

Just looking at him is enough to heal a bad day..! 🥀🍀💫

- bangtandiary - 🐻‍❄️

Some faces are like a comforting melody on a rainy day. Just pure peace... 🌧️🎻🐥හරියට ජිමින් වගෙ..දෙවියො හරි ඉවසීමෙන් සහ ...
04/06/2026

Some faces are like a comforting melody on a rainy day. Just pure peace... 🌧️🎻🐥

හරියට ජිමින් වගෙ..
දෙවියො හරි ඉවසීමෙන් සහ සතුටින්ම හිටපු මොහොතක කරපු අපූරු නිමවුමක්..! 💫🧡
මායාවක්..! 🥀🥰

- bangtandiary - 🐻‍❄️

Looking at him makes me wish I could freeze time forever... ⏳🥀💫🥹- bangtandiary - 🐻‍❄️
04/06/2026

Looking at him makes me wish I could freeze time forever... ⏳🥀💫🥹

- bangtandiary - 🐻‍❄️

HAVE A SAFE FLIGHT KOOKIE..! ✈️💜💫Gimpo ජාත්‍යන්තර ගුවන්තොටුපළේන් අද jungkookie ඔහුගෙ පෞද්ගලික කාලසටහනකට අනුව ජපානයට යන බ...
04/06/2026

HAVE A SAFE FLIGHT KOOKIE..! ✈️💜💫

Gimpo ජාත්‍යන්තර ගුවන්තොටුපළේන් අද jungkookie ඔහුගෙ පෞද්ගලික කාලසටහනකට අනුව ජපානයට යන බව කොරියානු මාධ්‍ය සදහන් කරනවා..

සුපුරුදු ලෙසම කලුපාට හැදි ඔහු අදත් වෙනද වගේම කඩවසම්..!🥰
අපේ ආදරණීය ජංකූ...
ආරක්ෂිත ගුවන් ගමනක් වේවා..! 💙

Jungkook at Gimpo International Airport, presumably heading to Japan on a personal schedule.

He's so beautiful 🥰
Have a safe flight..! ✈️

- bangtandiary - 🐻‍❄️

Address

Tel Aviv

Website

Alerts

Be the first to know and let us send you an email when Bangtan Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share