Daily VK

Website

Daily VK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Daily VK, Digital creator, Lanka, Varanasi.

✨ Daily Journey VK ✨
Exploring new places, sharing real moments, and capturing the beauty of everyday life 🌍✨ From travel adventures to simple daily vibes – join me on my journey! 🚶‍♂️📸

📍 Travel | 🎥 Daily Life | 🌟 Real Stories

03/10/2026

ඉන්දියාවේ වාරනාසි නගරයේ ගමන් කරන අතරේ හමුවුණු ලිචී පළතුර රස වින්දා. මේක බිහාර්වල වගා කරන Shahi ලිචී වර්ගයක්. කිලෝ 1ක් INR 120යි. රඹුටන් වගේ පෙනුනත් කෙදි නැහැ, ඇටේ පොඩ්ඩක් වෙනස්. රස්නෙ කාලෙට කන්න හරිම හොඳ පළතුරක්. මගේ ඉන්දියානු සංචාරයේ සම්පූර්ණ ගමන බලන්න මගේ YouTube චැනලයට යන්න.

02/10/2026

ඉන්දියාවේ නාරියල් පානී (කුරැම්බා) බොමු
Trying Nariyal Pani in India 🥥

හදවත් 5000 ස පුජනීය බරණැස් නුවරදී සම්පූර්න වූ වගයි. සැමට ස්තූතිය.
01/10/2026

හදවත් 5000 ස පුජනීය බරණැස් නුවරදී සම්පූර්න වූ වගයි. සැමට ස්තූතිය.

01/10/2026

වාරණාසි (Varanasi / Banaras) හි ප්‍රසිද්ධ Sweet Paan (Banarasi Meetha Paan) සාදනු ලබන්නේ දුම්කොළ (To***co) හෝ පුවක් (Betel nut) නොමැතිව, රසවත් සහ සුවඳවත් ද්‍රව්‍ය රැසක් එකතු කිරීමෙනි. නගරයේ සංස්කෘතික අංගයක් වන මෙය ආහාර ගැනීමෙන් පසු මුව ප්‍රබෝධමත් කර ගැනීමට (Mouth freshener) බහුලව භාවිත කෙරේ.

තමිල් නඩුවේ චෙන්නායි නගරයේ අවසාන පැය කිහිපය. මගේ චෙන්නායි සංචාරය කියන්නේ නගරයේ පාරම්පරික උරුමය, නවීන දියුණුව සහ දකුණු ඉන...
01/10/2026

තමිල් නඩුවේ චෙන්නායි නගරයේ අවසාන පැය කිහිපය.

මගේ චෙන්නායි සංචාරය කියන්නේ නගරයේ පාරම්පරික උරුමය, නවීන දියුණුව සහ දකුණු ඉන්දීය ආහාර රස එකට මුසු වුණු නොමැකෙන මතකයන් පිරුණු ගමනක්.
ගමනේ පළමු නැවතුම වුණේ චෙන්නායි නගරයේ හදවත බඳු Chennai Central සහ Egmore දුම්රිය ස්ථානයි. Chennai Central එක ඉදිරිපිට හිටගනිද්දී, ඒ දැවැන්ත රතු පැහැති ගොතික් ගොඩනැගිල්ලත්, උසට නැගී සිටින ඔරලෝසු කණුවත් මාව අතීතයට ගෙන ගියා වගෙයි. දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ කලබලකාරී බව, දුම්රිය හෝන් හඬවල් සහ ඒ කාර්යබහුලත්වය මැද මට දැනුණේ මුළු චෙන්නායි නගරයේම හදගැස්මයි. ඊට නොදෙවෙනි Egmore දුම්රිය ස්ථානයේ තිබුණු පැරණි ඉන්දු-සැරසනික් රාජකීය පෙනුම සංචාරකයෙක් විදිහට මගේ හිතට ලොකු කුතුහලයක් සහ ගෞරවයක් එකතු කළා.
එතැනින් පසු චෙන්නායි නගරයේ තද අව්වෙනි, අධික රථවාහන තදබදෙනුයි බේරෙන්න මම තෝරාගත්තේ Chennai Metro සේවාවයි. ඒක ඇත්තටම වෙනස්ම අත්දැකීමක්! ශීතකළ, ඉතාමත් පිරිසිදු modern මෙට්‍රෝ කෝච් එක ඇතුළට ආවම මුළු ඇඟටම ලැබුණේ ලොකු සැනසීමක්. උඩින් දිවෙන පාලම් (Elevated tracks) මතින් මෙට්‍රෝ එක වේගයෙන් ඉගිලෙද්දී, වීදුරු ජනේලයෙන් පහළ පෙනෙන චෙන්නායි නගරයේ කාර්යබහුල වීථි දෙස බලාගෙන යාම ගමනට තවත් සුන්දරත්වයක් එකතු කළා.
නමුත් මගේ මුළු ගමනේම මාව වඩාත්ම ත්‍රිල් කරපු මොහොත ආවේ M. A. Chidambaram (Chepauk) Stadium එක අසලට යද්දී. Chennai Super Kings (CSK) කණ්ඩායමේ නිවහන වුණු ඒ ප්‍රසිද්ධ ක්‍රීඩාංගණය ඉදිරිපිටට යද්දීම මුළු පරිසරයම කහ පැහැයෙන් බැබළෙනවා වගේ මට දැනුණා. මහා දැවැන්ත MS Dhoni ගේ බැනර්, "Whistle Podu" පාඨ සහ CSK එකට ආදරේ කරන කහ හමුදාවේ (Yellow Army) අසීමිත ජෝශය මුළු ප්‍රදේශය පුරාම පැතිරිලා තිබුණා. තරඟයක් නැති දවසක වුණත්, ඒ Stadium එක අසලදී මගේ ඇඟ කිලිපොලා ගිය ඒ ජවය සහ ලොකු ගැම්ම, චෙන්නායි ගමන මගේ ජීවිතයේ කිසිදා අමතක නොවන අත්දැකීමක් බවට පත් කළා.
කාවේරි ගංගාවෙන් සමුගෙන නැවත හමුවෙමු ගංගානම් ගංගාව අසබව බරණැස නොහොත් වරනාසියේ දී.

දුම් දමන උණුසුම් චපාති කෑල්ලක් කඩාගෙන, සැරට පදමට හදපු චිකන් හොද්දෙ ගිල්ලලා එක කටක් කද්දී දැනෙන රස විස්තර කරන්න වචන නැහැ!...
30/09/2026

දුම් දමන උණුසුම් චපාති කෑල්ලක් කඩාගෙන, සැරට පදමට හදපු චිකන් හොද්දෙ ගිල්ලලා එක කටක් කද්දී දැනෙන රස විස්තර කරන්න වචන නැහැ! 🫓🍗 ඒකටම හරියන්න රසම රස සබ්ජි (Sabji) එකයි, සැර පදම තවත් වැඩි කරන අමු මිරිස්, අමු ළූණු සහ ඇඹුල් අච්චාරු ටිකයි... 🧅🌶️ මේ ඔක්කොගෙම සැර ගතිය බැලන්ස් කරලා බඩට සනීපයක් දෙන්න අන්තිමට කන්න 'Amul Masti' දහි (Curd) එකකුත් තියෙනවා නම් තවත් මොනවාද ඉතින්! 🥛😋 කෑම රස විඳින අයට නම් මේක දිව්‍ය ලෝකයක්! 👇😍

ඉන්දියාවේ ඊලඟ ගමනාන්තය? ඔබ කැමති කොහේ නරඹන්න ද? ✈️🇮🇳අපගේ ඊළඟ සංචාරය වෙනුවෙන් ඔබ වඩාත්ම කැමති ස්ථානය තෝරන්න අපිට උදව් කරන...
30/09/2026

ඉන්දියාවේ ඊලඟ ගමනාන්තය? ඔබ කැමති කොහේ නරඹන්න ද? ✈️🇮🇳
අපගේ ඊළඟ සංචාරය වෙනුවෙන් ඔබ වඩාත්ම කැමති ස්ථානය තෝරන්න අපිට උදව් කරන්න! මේ ලස්සන ස්ථාන අතරින් ඔබ බලන්න කැමතිම තැන කුමක්ද?
Help us pick our next adventure! Which of these amazing places in India do you want to explore with us?
எங்களது அடுத்த பயண இடத்தை தேர்வு செய்ய எங்களுக்கு உதவுங்கள்! இந்த இடங்களில் நீங்கள் எதைப் பார்க்க விரும்புகிறீர்கள்?

1️⃣ බරණැස (වරණාසි) Bnaras
2️⃣ මනාලි Manali
3️⃣ බුද්ධගයාව Bushgaya
4️⃣ අග්‍රා Agra
5️⃣ සාංචි Sanchi
6️⃣ රාජස්ථානය Rajasthn
👇 ඔබ කැමතිම ස්ථානයේ අංකය නැත්නම් නම පහලින් Comment එකක් දාගෙන යන්න!
📌 තවත් ලස්සන Travel Videos බලන්න අපිව Follow කරන්න:
📺 YouTube:
👍 Facebook: Daily VK

29/09/2026

අනුරාධපුරයේ සිට ඉන්දියාවේ බාරාණසි (Varanasi) දක්වා ගිය මගේ Travel & Budget Vlog එක! 🚂🌊🚌

අනුරාධපුරයෙන් ගමන පටන් අරන්, යාපනය සහ KKS (කන්කසන්තුරේ) හරහා KKS to Nagapattinam ෆෙරී (Ferry) එකෙන් ඉන්දියාවට ගිය හැටි, එතැනින් Sleeper Bus එකකින් චෙන්නායි (Chennai) ගිහින්, චෙන්නායි සිට Ganga Kaveri Express කෝච්චියෙන් පූජනීය බාරාණසි නගරයට යනකම් ගිය මුළු ගමනම මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.

📸 Rameswaram Railway Station 🚉රාමායණ කතාවේ සඳහන් වන පරිදි, රාම රජු විසින් රාවණාගෙන් සීතා දේවිය මුදා ගැනීමට ලංකාවට පැමිණී...
29/09/2026

📸 Rameswaram Railway Station 🚉

රාමායණ කතාවේ සඳහන් වන පරිදි, රාම රජු විසින් රාවණාගෙන් සීතා දේවිය මුදා ගැනීමට ලංකාවට පැමිණීමට පෙර 'රාම සේතු' (Ram Setu) පාලම ඉදි කිරීමට ආරම්භ කළ පූජනීය භූමිය මෙයයි. හින්දු භක්තිකයන්ගේ ප්‍රධානතම වන්දනාමාන ස්ථානයක් වන රාමනාථස්වාමි කෝවිල (Ramanathaswamy Temple) පිහිටා ඇත්තේ ද මෙහිය.
ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් යා කරන භූගෝලීය හා සංස්කෘතික පාලම ලෙස රාමේස්වරම් හැඳින්විය හැකියි. එමෙන්ම ඉන්දියාවේ හිටපු අභිමානවත් ජනාධිපති හා විද්‍යාඥ ඩොක්ටර් ඒ. පී. ජේ. අබ්දුල් කලාම් (Dr. A.P.J. Abdul Kalam) මහතා උපත ලැබූ සුන්දර ගම්පියස වන්නේ ද මෙයයි.

28/09/2026

private 1AC Coupe Room පහසුකම්
Ganga Kaveri Express (12669) - Chennai to Varanasi 🚂✨

චෙන්නායි ඉදන් වාරාණසි දක්වා Ganga Kaveri Express එකේ 1st Class AC (1AC) Cabin එකක ගිය සුපිරි Travel Experience එක! 🇱🇰➡️🇮🇳

මෙම වීඩියෝවෙන් බලන්න:
private 1AC Coupe / Room පහසුකම්
train එක ඇතුළේ තියෙන clean Shower Room & Toilets
දීර්ඝ දුම්රිය ගමනකට මෙහි තියෙන සපපසුව

ඔයාලත් India Travel කරන්න ඉන්නවනම් මේ වගේ First Class Train Ride එකක් Try කරලා බලන්න! 😉👇

Address

Lanka
Varanasi
221005

Alerts

Be the first to know and let us send you an email when Daily VK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share