15/09/2026
හරි ලස්සනට තම්බපු බිත්තරයක් කොහොමද එහෙම තම්බන්නේ කියලා අහන්න කලින් වගකීමෙන් කියන්නේ එහෙම තම්බන විදි මම දන්නේ නෑ. නටන වතුර එකේ විනාඩි හතක් තම්බලා අරන් බිත්තර කට්ට ගලවන්න ගිහින් කෑල්ලක් ගැලවිලා ගියා බිත්තරේ. ඉතිං හරි පරිස්සමෙන් කහ මදේ චප්ප චොරොප්පන් වෙන්නේ නැතුව බේර ගත්තා, අන්න ඒකයි මෙහෙම ලස්සනට දිලිසි දිලිසි තියෙන්නේ...
බිත්තරෙන් කෑල්ලක් ගැලවිලා ගිය එක දුක අංක එක, අංක දෙක කියන්නේ මගේ බිත්තර දැක්ක ගමන් ෆ්‍රේයාට ඕනා උනා මේ කහ මදය. අන්තීමට කහ මද නැති බිත්තරයක් මට ඉතුරු උනේ... 😩
අද රෑට කන්න කිනෝවා හදලා බිත්තර තම්බලා marry me chickpeas හැදුවා. ඒ කඩල එක හදන්න හරි ලේසියි වගේම තමා රසයි.
පෑන් එකට ඔලිව තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට පොඩියට කපපු ළූනු, සුදුළූණු එකතු කරන්න. ඒක පොඩ්ඩක් මැලවෙනකොට ඒකට sun dried tomatoes පොඩි කෑලි කපලා එකතු කරන්න.
දැන් ඒකට Italian dried herbs, cayenne pepper powder, paprika powder, tomato concentrate එකතු කරලා පොඩ්ඩක් කලවම් කරන්න.
දැන් කෑන්ඩ් කඩල වතුර පෙරලා අරන් පෑන් එකට දාන්න. ඒකට stock water/broth ටිකක් එකතු කරන්න. තව උකු පොල්කිරි එකතු කරන්න. ලුනු බලලා අවශ්‍ය නම් එකතු කරන්න.
දැන් කරි එක නටකම් මද ගින්නේ උයන්න.
අන්තීමට නිවිති ටිකක් එකතු කරලා කලවම් කරන්න...
ඒ මම ඉව්ව විදිය හැබැයි මේක ගොඩාක් වෙලාවට උයන්නේ පොල්කිරි වෙනුවට cooking cream දාලා. ඊට පස්සේ අන්තීමට Parmesan cheese එකතු කරනවා. මම ඒ දෙකම එකතු කලේ නෑ. මේ විදියට කඩල වගේම චිකන් බ්‍රෙස්ට් එකත් ඔයාට උයන්න පුළුවන්. එතකොට ඒක marry me chicken එකක් වෙනවා..
අනේ මන්දා කව්ද මේ නම් දැම්මේ කියලා... 🤭