18/12/2025
දවස ගානෙ වෙනස් වන නීති෴
සමහරු අහන දෙයක් තමයි කොලය රිනිව් කරන්න දැම්මා කොච්චර කාලයක් යනවද? පාස්පෝට් එක දැම්මා අවුරුදු තුනක් යනවද? ලන්කාවට ගිහින් අවුරුදු දෙකක් ඉඳලා එන්න බැරිද? මේවට නීති පොතේ උත්තර කවදාවත් හරියන්නෙ නෑ. ඉතාලියෙ පලාතෙන් පලාතට වෙනස් වෙනවා. හරියටම කිව්වොත් ගමෙන් ගමටත සමහර දේවල් වෙනස් වෙනවා. සමහර වැඩක් කර ගන්න ගියත් කවුන්ටරේ ඉන්න පුද්ගලයත් ඒකට බලපානවා. මේක තමයි ඇත්ත කතාව. අඩුපාඩුවක් තියෙද්දි උනත් වෙලාව හොඳනම් හැම දේම තප්පරයෙන් දෙකෙන් කර ගන්නත් පුලුවන්.
අනික තමයි ඉතාලියෙ නීති වෙනස් කරන්නත් අපි ඇතුලු පිටරැටියො ලොකු දායකත්වයක් දුන්නා. දැනට වසර විස්සකට එහා ෆැමිලියාර්(පවුලක් එකතු කරන වීසා) එකක් හදනවා කියන්නෙ සිම්පල්. මේකට අපේ අය කලේ කසාද බැඳ බැඳ ගෑණු මිනිස්සු දහ පහලවක් වටේම ඉන්න අය අම්මල තාත්තල කියලත් ගෙනාපු එක. නීති පොත් වල නැති උනාට සමහර වෙලාවට දැන් මඟුල් ඇල්බම් විඩියෝ DNA සහතිකත් බලනවා.
ඒ විතරක් නෙවෙයි ලන්කාවෙ ඉන්න දරුවො දෙමවුපියො අමුනගෙන ඒ වෙනුවෙන් නඩත්තු වියදම් ගත්තා. මෙහෙට ආපු යැපෙන්නො රස්සා කලේ හොරට. අර ප්‍රධාන ලියවිලි හිමි අයගෙන් යැපෙන්නො විදිහට පෙන්නලා කුට්ටිය පිටින් වේතනයකුත් අඩු ආදයම් සහනාදාරත් ගත්තා. ගත්තා විතරක් නෙවෙයි දැනටත් ගන්නවා. මම දන්න සමහරු ඉතාලයෙ දෙමවුපියන්ව ගෙන්නලා දොස්තර වරු ලඟ රෙජිස්ටර් කරලා ලන්කාවට යවලා මාසික බෙහෙතුත් ලන්කාවට යවනවා.
මේවා එයාලා වරප්‍රසාද කියලා කිව්වට ඇත්තටම වංචා. එහෙම කියන්නෙ පවුලක් වශයෙන් දෙන්නෙක් රැකියාව කලොත් මාසයකට යූරෝ දාහක් විතර අඩුම කපා ගන්නවා. සමහර වියදම් අපේ සුබසාදනයට. ඒත් තව කොටසක් කෙලින්ම අඩු ආදායම් ලබන අයට.
ඉතාලිජාතිකයො කියන්නෙ අපි පණ යනකල් හම්ඹකරලා දුක්විදිද්දි පිටරැටියො පවුලෙ ගෘහමූලිකයා විතරක් වැඩ කරලා අපිට වඩා හොඳට ජීවත් වෙනවා කියලා. අනික තමයි මේ ගන්න දේවල් වලට අමතරම රට අපිරිසිදු කිරීම,හොරකම්,ස්ත්‍රීදූෂණ වැඩිපුර කරන්නෙත් පිටරැටියො.
ඒ දේවල් නතර කරන්න බැරි උනත් ඉදිරියෙදි රජයට කරන වංචා වලට නම් වැට බැඳගෙන යනවා. ඒ තමයි බොරු වත්කම් පෙන්නමින් ගෙවීම් පැහැර හරින අයට. විශේෂයෙන්ම ගෙවල් අරන් පවුල් පිටින් ජීවත් වන අපේ අයත් මේ වංචාව කරනවා. බිල්වත් කුලියවත් නොගෙවා ඉන්නවා. හැබැයි ඒකත් දැන් කරන්න බෑ. නඩුතීන්දු දෙන්නෙ හොරට රස්සා කලත් කවදහරි නීත්‍යානුකූල ආදායමක් එද්දි වාරික වශයෙන් මුදල් අය කර ගන්න.
තව වැඩි කලක් යන්න කලින් සියලුම ලියවිලි,සියලුම ආදායම් වියදම් 100%ක් නීත්‍යානුකූල වෙනවා. මුලින්ම ඉතාලිය යූරෝ 500 නෝට්ටුව ඉවත් කලා. 2019 සිට මුලු යුරෝපෙම පාවිච්චි කරන්නෙ නැහැ. අනික තමයි 200. ඒකත් සොයා ගන්න නැති තරම්. ඉස්සර කාඩ් පත් වලින් ගෙවීම් කරද්දි දහයට අඩු නම් ගන්නෙ නෑ කියලා බෝඩ් ගහලා තිබ්බා. දැන් කෝපි එක, සත විසිපහක වියදමත් ගෙවන්නෙ කාඩ් පතින්. මේ දවස් වල 50ක නෝට්ටුවක් එක්ක පෝස්ට් එකක් දාලා තිබ්බා. අන්තිමට තව කලක් යද්දි දකින්න පුලුවන් ලොකුම නෝට්ටුව 50 වෙනවා.
ඉස්සර වගේ වේතනය දැන් ලේසියෙන් කෙනෙක් සල්ලි වලින් දෙන්නෙ නෑ. අනික තමයි පුංචි හරි කොන්ත්‍රාත්තුවක් නැතිව රස්සා වලට ගන්නෙ නෑ.
දැන් සමහර ගෙවීම් දරවන් දෙමවපියන් නැත්නම් කෙලින්ම ඉවත් කරනවා. ඒකට හේතුව දරුවො ඉන්නවා කිව්වට දරුවො අනිවාර්යයෙන් පාසැල් යැවිය යුතු නිසා පාසැලක ලියාපදිංචි නැත්නම් නොයනවා නම් ඉන්න බව තහවුරු කරන්න බෑ. සමහර ලියවිලි අලුත් කරද්දිත් මේ පාසැල් ගිය බව සහතික කරන ලියවිලි ඉදිරිපත් කල යුතුයි.
අලුත්ම කතාව තමයි දරුවො ගාව රස්සා නොකර ඉන්න දෙමවුපියන්ට. මේ අය ඇත්තටම රටට බරක්. නිතරම බෙහෙත්,සෞඛ්‍ය පහසුකම් මිස ඉතාලියට වියදමක් මිස කිසිම ආදායමක් නෑ. දැන් ඒ අය සඳහා බේත් කාඩ් එක(තෙස්සරා සනිතාරිය) අලුත් කරන්න යූරෝ 2000ක් අය කරනවා. දෙමවුපියන් ඉන්න එක ඔබගෙ දරුවන් බලා ගන්න වැඩිපුර රැකියා වල යෙදෙන්න පහසුවක් වෙයි. ඒත් දැන් එයාලට බේත් ගන්න නම් 2000ක් ගෙවලා ලියවිලි යාවත්කාලීන කල යුතුයි.
මෑතක රැල්ලට ඉතාලියට ඉගෙන ගන්න එන අයටත් රතු එළියක් තියෙනවා. ඒ තමයි 700ත් 1200ක් මුදලක් වසරකට බේත් ගනනවා නම් ගෙවන්න වෙන එක. හැබැයි තාම ලියවිලි නැති අය ගැන නම් කිසිම සඳහනක් නෑ. කවුරු මොනවා කිව්වත් ඉතාලි රජය අපේ අය බැන්නට වසරකට එක් පුද්ගලයෙක උදෙස යූරෝ 2000ත් 2400ත අතර මුදලක් සෞඛ්‍යය සඳහා වැය කරනවා. මේ ඇත්තටම පිටරටින් එන අය අරන් අපු සල්ලි නෙවෙයි. ඉතාලියෙ සාදාරණව හම්ඹ කරන මිනිස්සුන්ගෙ සල්ලි. මමත් බිරිඳත් දරුවො බලන්න බේබිසිටර් කෙනෙකුටත් ගෙවලා නැහීගෙන රස්සා කරද්දි දරුවො බිරිඳ තමන්ගෙ රටවල තියලා සත පහක ටැක්ස් නොගෙවා වරප්‍රසාද ඔක්කොම අරන් පිටරටට පටවනවා නම් හෝ ඉන්න රටේම වංචනිකව පාවිච්චි කරනවා නම් ඒකට මමත් කැමති නෑ. ඒකට හේතුව හොරු නඩත්තු කරන්න මමත් දායක වෙන්නෙ මොකටද කියන මානසිකත්වය.
රටක් දියුණු වෙන්න නම් මේවා සිදු විය යුතුමයි. දැනටත් සමහර ජාතීන් දරුවො හදන්නෙම වරප්‍රසාද ගන්න. ඒ ජාතියක අයෙක් තමන්ගෙ අනික් බිරින්දෑවරුත් ගේන්න ෆැමිලියාර් එකෙන් අවසර ගන්න නඩු කියලා ඒක නිෂ්ප්‍රභ වුනා.
ඒ විතරක් නෙවෙයි වාහන වල වසරෙ පාරට ගෙවන ටැක්ස්(බෝල්ලො), කුණු බිල්(තාරි) නොගෙවන අයට නම් පුරවැසි බව පවා දෙන්නෙ නෑ. නොගෙවන බිල්, නොගෙවන ණය වසර දහ පහළව ගිහිල්ලා පදිංචියක් දාපු ගමන් හොයන් එනවා. එහෙම නැත්නම් කොච්චර කට්ටි පැන පැන හිටියත් ලියවිල්ලක් අලුත් කරන තැනකදි හරි අහුවෙනවා. පුරවැසි බව ගත්ත අයත් හොඳින් මතක තියා ගන්න ලැබෙන පුරවැසි බව කුමන වේලාවක හෝ ඉවත් කල හැකි බව. වංචා කරලා පුරවැසි බව ගත්ත අයගෙන් පසුකාලයෙත් පුරවැසි බව ඉවත් කලා.
සමහරු ටැක්ස් ගෙවන්න වෙන නිස 730 හදන්නෙ නෑ. ඒත් එකතු කරලා කරලා නොම්මර හතරක විතර අඟයක් ඇවිල්ලා හීක් ගෑවිච්ච අයත් ඉන්නවා.
සමහර වාසි දිහා ඔබ බලන්නෙ අද අතට එන වාසියෙන්. බිරිඳ දෙමවුපියො තමන්ගෙ යටතෙ තියන් පාට්ටයිම් කරද්දා බලන්නෙ මුදලෙ අගය. ඒත් මේකට කොන්ත්‍රාත්තුවක් තිබ්බොත් රැකියාවෙ අනතුරක් උනොත් සුරක්ෂිත බව, ඔය කරන්න වන සමහර ගෙවීම් මඟ හැරීම වගේම පහු කාලීනව පැන්ෂන් එකකට යන්න හැකියාව එනවා.
අනික තමයි ඔබ අද වංචාවක් කරලා හුරේ කියලා තමන්ගෙම එකෙක්ට අවශ්‍යම වෙලාවක යම් වරප්‍රසාදයක් ගන්න තියෙන ඉඩ අහුරනවා.
සාදාරණ හේතු මත වරප්‍රසාද ගන්න. අනික් ගන්න පුලුවන් ඔබ වගේම අයටත් කියන්න. අවශ්‍ය වෙලාවට කරිතාස් එකෙන් හරි කන්න. ඒත් රස්සාවක් ලැබිලා තමන් ස්ථාවරයකට ආවම තව කෙනෙකුට ගන්න ඉතුරු කරලා ඉවත් වෙන්න. වරප්‍රසාද වලට ගැලපෙන්න හිඟන ජීවිත ගෙවන්න එපා. ලෝකෙ කොහෙවත් නැති ජාතියෙ ජරා මිනිස්සු ඉන්න රටක් විදිහට ඉතාලියෙ ඉන්න අපිව හංවඩු ගහන්නෙ මේ වගේ වැරදි හින්ද. ඔබ වංචා කරලා වසරකට වරක් ලන්කාවට ගිහිල්ලා රඟද්දි, ඔබෙන් බීපු කාපු මිත්‍රයොම ඔබව පාච්චල් කරනවා.
මේ යන රටාවත් එක්ක හැකි තරම් නීති ගරුකව ඉන්න. ඒක මතුවට ඔබටත් අනික් අයටත් ප්‍රයෝජනවත් වෙයි. මේ නීති ඔබ කරන දේවල් මිස කවදාවත් ලිහිල් වෙන්නෙ නෑ. තව තවත් බැමි තද වෙනවා.
ඉතාලිබුවා.
18/12/25 ඉතාලිය.