Thakshi

Thakshi W e L l C o M e T o M y L i F e ❤️🌸
(3)

28/11/2025

ලංකාවෙ දුරකථන වැඩ නෑ නේද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා.කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයහපත් කාලගුණය යහපත් වෙලා ජන ජීවිත සාමාන්‍ය තත්වයට පත් වේවා!😔🙏

අද දවල්ට            #viralpost2025シ
28/10/2025

අද දවල්ට

#viralpost2025シ

පිටරට ජීවිතේට යද්දී, අරන් යන්න අවශ්‍ය වෙන දේවල්🛫  දැන් ගොඩක් අය ලංකාවෙන් වෙන රටකට යනවනි රැකිකියාවට හෝ පදිංචියට එහෙම කෙනෙ...
25/10/2025

පිටරට ජීවිතේට යද්දී, අරන් යන්න අවශ්‍ය වෙන දේවල්🛫

දැන් ගොඩක් අය ලංකාවෙන් වෙන රටකට යනවනි
රැකිකියාවට හෝ පදිංචියට එහෙම කෙනෙක්ට මගෙ
අත්දැකීම් එක්ක දේවල් ටිකක් කියන්න හිතුවා. අපි හැමෝම අපේ රටේ කෑම වර්ග වලට ඇඩිට් වෙච්ච මිනිස්සුනි බොහෝ විට. රටෙන් එළියට ආවම පලවෙනියටම දැනෙනේනෙ කෑම සම්බන්ධවයි. 😁ලංකාවෙදි තෝර තෝර දේවල් කෑවත් ඒ දේවල් නැති වෙලා ගියාම ඒවට ආස වෙනවා. ආස හිතෙනවා ඒක ඉතිං සාමාන්‍ය මිනිස් ස්වභාවයනි. කාලයක් ගියාම ඒ රටවල් වල කෑම රටාවල් කෑමවලට හුරුවෙනවා හැබැයි ඒත් ලංකාවෙ අපෙ දේවල් වලට තියෙන කැමැත්ත අඩු වෙන්නෑ.

ඇඳුම් වගේ දේවල් රට යන කෙනෙක් ගොඩක් අරං ගියාට තේරුමක් නෑ මොකද ලංකාවේ දේශගුණයට ගැලපෙන දේවල් ඒ රටේදි ගැලපෙන්නෙනෑ. මූලිකම අවශ්‍ය ඇඳුම් ටිකක් අරං ගිහිං එහෙට ගැලපෙන දේවල් ඒ රටෙන් ගන්න එක තමයි මම හිතන්නෙ හොඳම.

මමත් මුලින්ම ලංකාවෙන් එනකොට මේ ගැන අවබෝධයක් තිබුනෙ නෑ ඉතිං ආයෙ ගිහං එනකොට මට අවශ්‍යතා ඇති උන දේවල් අරං ආවා. ඒ සමහර දේවල් මෙහෙදි ගන්න තිබුනත් අපි ගෙවන මුදලට quality දෙයක් තෝරලා ගන්න විදිහක් නැ. ඉතිං මම මේක ඔයාලා එක්ක share කරගන්න හිතුවේ කාටම හරි උදව්වක් වෙයි කියලා.

🩷 ඔයා මුලින්ම රටකට යන කෙනෙක්නම් ඔයා අසනීපයකට බෙහෙත් බොන හෝ බීපු කෙනෙක්නම් ඒ වෛද්‍ය වාර්තා ටික අරං යන්න. හදිස්සියක් උනොත් ඒක වැදගත් වෙයි.

🩷 අපි ලංකාවෙදි පොඩි පොඩි අසනීප වලට පාවිච්චි කරන දේවල් තියෙන්නෙ හෙම්බිරිස්සාව කැස්ස වගේ අසනීප වලට සමහන්,පේයාව,සිද්දාලේප,පනුබෙහෙත්, තුවාලයකට දාන බෙහෙත් කුප්පියක්, ඔළුවට දාන තෙල් එකක් වගේ දේවල්.

🩷 ඔයා කෑම හදන්න දන්නෙ නැති, නැත්නම් හදන්න ආසවත් නැති කෙනෙක් උනත් කාලයක් යද්දි අපේ කෑම හදන් කන්න ඕන කියන ආසාව එනවා මොකද මම අත්දැකීමෙන් දන්නවා ඒක විශේෂයෙන් family එකම එකට ඉන්නවනම් මේවා ගොඩක්ම වැදගත් ( ඉඳිඅප්ප වංගෙඩිය, ඉඳිආප්ප තට්ටු, ආප්ප තාච්චි, අළුවා අච්චුව, කිරිබත් අච්චුවක්, කොකිස් අච්චුවක්, හිරමනයක් පොල්කටු හැදි )

🩷 මීට අමතරව මේසෙ උඩ තියන්න පුළුවන් පොල්තෙල් පහනක්. ඔයා බෞද්ධයෙක්නම් බුද්ධ ප්‍රතිමාවක්,බෞද්ධ කොඩියක්, කෑලී සෙට් කරලා හදන්න පුළුවන් වෙසක් කූඩුවක් (වෙසක් පොසොන් වලට අපි ඉන්න තැන පුළුවන් විදිහට මේ දේවල් සමරන්න පුළුවන්.) අදහන මොනම ආගමක හරි දේවල් අමතක කරන්න එපා ඒවා තමා කවුරුත් නැති රටකදි අපේ හිත් ශක්තිමත් කරන ආශිර්වාද.

🩷 මීට අමතරව වියලි ගොරකා, සියඹලා , කරාබුනැටි කරදමුංගු,කුරුඳු, තුනපහ (ගෙදර හදපුවා ඕනනම්.) වගෙ දේවල් වැදගත්.

🩷 ඉගෙන ගන්න යන හෝ රැකියාවක් බලාපොරොත්තුවෙන කෙනෙක්නම් ඔයා කරපු Exam වල Results sheets කරපු Course වල certificates අරං යන්න උවමනා වෙන්න පුළුවන්.

🩷 අත්‍යවශ්‍යවෙන හැම Original Document එකකම English translate එකක් අරං යන්න. කොයි මොහොතක හරි ඕන වෙන්‍න‍ පුළුවන්.

ඔයාලත් මීට අමතරව තව දේවල් ගිහින් තියාන ඉන්නවනම් මටත් comment එකකින් කියන්න ඒ මොනාද කියලා 😍. මේක කියවලා මේ මොනවද අපි ඕවා ගෙනාවේ නෑ. අපි ඒ රටට හුරු උනා ගොඩයෝ නෙවයි bla bla… ගාගෙන මහන්සි වෙන්ට එපා දැක්කේ නෑ වගේ යන්ට. මං වගේ ලංකවේ දේවල් අතැරලා දාන්න බැරි ජීවින්ට උදව්වක් වෙයි කියලයි page එකේ දැම්මේ 😁. Post එක හොදයිනම් ඔය සුදු අතින් like එකකුත් දාන්න.

✍️ Thakshi
Thakshi’s kitchen

#viralpost2025シ

😏😤
25/10/2025

😏😤

සීතලම දවස් පටන් ගත්තා 🌨️❄️
24/10/2025

සීතලම දවස් පටන් ගත්තා 🌨️❄️

ගෙවල් ළග පාතින්ම අලුතින් දාලා තියෙන එළවලු කඩේ, ලංකාවේ එළවලු දාලා තියෙනවා කියන්නේ මගේ පෙර පිං මතු වේගෙන එනවා වගේ දැනුනේ. ...
22/10/2025

ගෙවල් ළග පාතින්ම අලුතින් දාලා තියෙන එළවලු කඩේ, ලංකාවේ එළවලු දාලා තියෙනවා කියන්නේ මගේ පෙර පිං මතු වේගෙන එනවා වගේ දැනුනේ. අනේ එහෙම සතුටක් 😁. ඉස්සර ලංකාවේ ඉද්දි මේවට මෙච්චර වටිනාකමක් තිබුනද ඉතින් හිතේ. සමහර දේවල් නැති වෙන්ටම ඕන අගේ දැනෙන්ට 😍😊

දවල්ට සුදු බත් එක්ක මාළු මිරිසට හදලා පරිප්පු කිරට හින්දලා කන්කුන් තෙල් දාලා 😍කාලෙකින් බත් පිගාන උස්සන් ආවා සුපිංවතුනි. ඔ...
20/10/2025

දවල්ට සුදු බත් එක්ක මාළු මිරිසට හදලා පරිප්පු කිරට හින්දලා කන්කුන් තෙල් දාලා 😍
කාලෙකින් බත් පිගාන උස්සන් ආවා සුපිංවතුනි.
ඔයාලා කාලද ඉතිං? 😍😌

19/10/2025

#viralpost2025シ

මේ...ප්‍රථම වසන්තයයි. 💚 🌱🪴🌿🍃 මිනිස්සුන්ට වඩා මම ගස් කොලන් වලට සත්තුන්ට ආදරෙයි.  අපි දෙන ආදරේට වඩා එයාලා අපිට ආදරේ වෙනවා....
08/07/2025

මේ...ප්‍රථම වසන්තයයි. 💚 🌱🪴🌿🍃
මිනිස්සුන්ට වඩා මම ගස් කොලන් වලට සත්තුන්ට ආදරෙයි. අපි දෙන ආදරේට වඩා එයාලා අපිට ආදරේ වෙනවා. දරුවෙක් වගේ බලාගත්ත නිසා එයා ලස්සනට අතු රිකිලි දාලා හැදුනා. මල් පිපුනා දැන් ගෙඩි හැදිලා. මගේ හිතෙත් මල් පිපිලා 😍🌸කොල සම්බෝල කන්න ඕන කමට ගෙනාපු එයා ඊටත් වඩා දෙයක් මං බලාපොරොත්තු නැතුවම අපිට දෙන්න හදනවා .💚දැන්නම් කොලයක් කඩන්න ලෝබයි ඉතිං. ගස් වැල් වලට අදෙර් කරන මනුස්සයෙක්ට, ආදරෙන් හදාගෙන බලාගන්න මනුස්සයෙක්ට මීටත් වඩා සතුටක් සැනසීමක් කොහෙන්ද ඉතින්
😘🪴🌿🍃



28/06/2025
ලංකාවේ විදියට කෑම පිගානක් කියන්නේ වෙනම මෙව්වා එකක් ඉතිං 👌😘කිරි මාළු ගෝවා කිරට පැෂන් කොල සම්බෝල හැමදාම කන පරිප්පු බිත්තරී...
10/06/2025

ලංකාවේ විදියට කෑම පිගානක් කියන්නේ වෙනම මෙව්වා එකක් ඉතිං 👌😘

කිරි මාළු
ගෝවා කිරට
පැෂන් කොල සම්බෝල
හැමදාම කන පරිප්පු
බිත්තරී
පපඩම්

07/06/2025

කාලය සීමිතයි පුතා ආස දෙයක් කාලා බීලා සතුටින් ඉන්න 😍🥰





住所

Kawaguchi Shi
-shi, Saitama
SAITAMA

ウェブサイト

アラート

Thakshiがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Thakshiにメッセージを送信:

共有する