20/11/2025
ජපානයේ නව පාලනය විදේශිකයන් වෙනුවෙන් නව නීති රීති ගෙන එමින් දැඩි මර්ධන කාරී ප්‍රතිපත්තියක් කරා ගමන් කරමින් පවතින බව දැන් දැන් ලොවටම අවබෝධ වෙමින් පවතී....
විදේශීය පදිංචිකරුවන් මත පැටවෙන බර වැඩිවීම පිළිබඳව වෙන කවරදාටවත් වඩා ජපානයේ ජීවත්වන විදේශීය ජනතාව සැලකිලිමත් වෙති....දැනෙති...
ඒ අතර ජපානයේ වෙසෙන ඔබ දැනටමත් දන්නා පරිදි, ජපාන වත්මන් රජය 2026 මූල්‍ය වර්ෂයේදී විදේශීය පදිංචිකරුවන් සඳහා වීසා ක්‍රියා පටිපාටි සඳහා ගාස්තු සැලකිය යුතු ලෙස වැඩි කිරීමට සැලසුම් කර ඇත....
සරලවම කිවහොත්, 2025 අප්‍රේල් 1 වන දින සිට වීසා අලුත් කිරීමට අදාලව මේ දක්වා පවතින ආදායම් මුද්දර ගාස්තු (රජයේ ගාස්තු) පහත පරිදි වේ:
වීසා දිගුව/වෙනස් කිරීම: 5,500 හෝ 6,000 JPY ( ජපන් යෙන් ) (අන්තර්ජාල හෝ සාමාන්‍ය අයදුම්පත් මත රඳා පවතී)
ස්ථිර පදිංචිකරු (PR) වීසා සදහා අය කිරීම 10,000 JPY වේ....
පහත දැක්වෙන්නේ ලබන වසරේ 2026 අප්‍රේල් සිට අපේක්ෂිත ගාස්තු වේ...
වීසා දීර්ඝ කිරීම/වෙනස් කිරීම: 30,000 සිට 40,000 JPY( යෙන්) දක්වා ස්ථිර පදිංචි (PR) වීසා: 100,000 JPY හෝ ඊට වඩා වැඩිවීමට ඉඩ ඇත....
එක්සත් ජනපදය සහ වෙනත් සමහර රටවල් තුල වීසා සදහා වැඩි මුදලක් අය කළත්, එම එක් එක් රටවලට වෙනස් ආර්ථික ප්‍රමිතියක් සහ තත්වයක් තිබේ.....
දහසක් ප්‍රාර්ථනා බලාපොරොත්තු පොදි බැදගෙන මුදලක් සොයා ඉතිරිකර ගැන්මට ජපානය තුල වෙර දරන ලාංකික අප සහෘදයන්ටත් සකුරා පිපෙන ජපානයේ මේ පිවිසෙන්නේ තවත් අමාරැ කාලයකි....
විදෙස් ජනතාව උපයා ගන්නා මුදල් සැලකිය යුතු ලෙස වක්‍රව නැවත විවිධ අයකර ගැනීමේ ක්‍රියාපටිපාටි ඔස්සේ ලබා ගනී....
පුද්ලග බදු, වීසා ගාස්තු, විශ්‍රාම වැටුප්, රක්ෂණ,නිවාස කුලී,බිල්පත් ගෙවීම් මැද ඔබ රැකියාව කලද, අනාගතයේදී ඇත්තටම අප ඉලක්ක,බලාපොරොත්තු වලට දැඩි ලෙස පහර වැදුනත්, එය අප සැමටම තවත් බාධකයක් මිස ජපාන පාලනයට එය අත්‍යවශ්‍ය ගැටළුවක් නොවේ. මෙම සියලු දේට අපටම විසඳුම් සොයා ගැනීමටද සිදුවේ.....
මන්ද මේ සියලු වැඩි කිරීමේ ඉලක්කය විදේශිකයන් සීමා කිරීමයි....
අවාසනාවකට මෙන්, මෙවැනි රජයේ තීරණ සහ ක්‍රියාමාර්ග පාලනයෙන් තොරයි............................
Nalin Japan