
08/09/2025
මේ ලෝකෙ කිසිවෙකු කිසිදිනෙක ඔබව සම්පූර්ණ ලෙස වටගා ගන්නේ නැත. මන්ද කිසිවෙකුට කිසිදිනෙක ඔබව පරිපූර්ණ ලෙස තේරුම් ගැනීමට නොහැක.
ඔබ ජීවත් වන්නේ අනෙක් අයට ඔබව තේරුම් කිරීමට සහ අනෙක් අයගේ අවධානය ආදරය සහ විශ්වාසය දිනාගැනීමටනම් ඔබට ඔබව අවබෝධකරගැනීමට නොහැකි වනු ඇත.
සිත නිදහස් මනුස්සයෙක් කියන්නෙ තමාව තේරුම් ගත්තු කෙනෙක්. ඔහුට පුලුවන් තමන් සමගම සාමයෙන් සතුටින් ජීවත් වෙන්න. ඔහුට පුලුවන් අවසානය දක්වාම හුදකලාව සමග රැඳෙන්න.
එවැනි මිනිසුන් කිසිවෙකුගේ අතකොලු හෝ ඉහල පුද්ගල ඒකකයක් තුලින් පාලනය වන කෙනෙක් හෝ අන් පුද්ගලයෙකුගේ මතයක් දරන්නෙකු නොවේ.
ඔහු තම අභ්‍යන්තරය නිවාගත් තම හදවත විවෘතකරගත් ප්‍රඥාවන්ත මිනිසෙකි. එවැනි මිනිසෙකු තුල සියල්ල පවතිනවා. එම නිසා කිසිවිටෙක අන් අයගේ සිත් දිනාගැනීම වෙනුවෙන් ඔබගේ අභ්‍යන්තර විභවය විනාශ කර නොගන්න.
මන්ද සියල්ල ආකර්ෂණය වන්නේ ශක්තිමත් විභවයකට මිස අපරිපූර්ණ මනසකට නොවේ. එම නිසා අභ්‍යන්තරය සාමය සහ විභවය ශක්තිමත් කරගන්න.
අනවශ්‍ය කතාවලට සම්බන්ධ නොවන්න. විවේචන වලට පිළිතුර දීමට ඉක්මන් නොවන්න. සියල්ල තුල නිහඬව සිටින්න. ඉවසීමෙන් කටයුතු කරන්න.
අවශ්‍යම මිනිසෙකු ඉදිරියේ පමණක් හදවතෙහි දොරටු විවර කරන්න!