10/07/2026
දරුවෙකුට අපි දෙන ලොකුම ආයෝජනය බැංකුවේ ඉතිරියක්වත්, මිල අධික තෑග්ගක්වත් නෙමෙයි... අපේ කාලයයි..💛
අද අපි හැමෝම දුවන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න, ලස්සන අනාගතයක් හදලා දෙන්න, කිසිම අඩුවක් නැති ජීවිතයක් ගොඩනඟලා දෙන්න...🧚♀️
ඒ හැම දේම වැදගත්. ඒත්, ඒ හැම දේටම වඩා දරුවෙක්ගේ හිත පුරවන්නේ අම්මාගෙයි තාත්තාගෙයි ආදරය සහ ඔවුන්ගේ කාලයයි..🌸
දවසකට විනාඩි 10ක් හරි 15ක් හරි... ෆෝන් එක පැත්තකින් තියලා, වැඩ අමතක කරලා, දරුවා එක්ක හිනාවෙන්න... සෙල්ලම් කරන්න... එයා කියන පුංචි කතා අහගෙන ඉන්න...💛
ඒ පුංචි මොහොතකින් දරුවාගේ හිතට ලැබෙන්නේ, "මම ආදරේ කරන කෙනෙක්... මම වැදගත් කෙනෙක්... මම තනි වෙලා නෑ..." කියන හැඟීමයි..✨️
දරුවන්ට අපිව අවශ්‍ය වෙන්නේ හැමදාම නෙමෙයි. ඔවුන් පුංචි වෙලා ඉන්න මේ කාලය විතරයි. ඒ කාලය ගෙවිලා ගියාම, ආයෙත් කවදාවත් ඒ පුංචි අත් දෙක අපේ අත හොයාගෙන එන්නේ නැහැ..🌹
ඒ නිසා අදම තීරණය කරන්න... දවසේ කාර්යබහුලම වෙලාවක වුණත්, ඔබේ දරුවා වෙනුවෙන් පුංචි මොහොතක් වෙන් කරන්න...✨️
අවුරුදු ගණනාවකට පස්සේ දරුවාට මතක තියෙන්නේ, ඔබ අරන් දුන්න මිල අධික දේවල් නෙමෙයි... ඔබ එයා එක්ක හිනාවුණු හැටි, සෙල්ලම් කළ හැටි, වැළඳගත් හැටි සහ ආදරෙන් කාලය ගත කළ හැටියි. ❤️👨👩👧👦
🧚♀️ දරුවෝ ලොකු වෙන්නෙ එක පාරයි... ඒ ලස්සන ළමා කාලයේ මතකයන් ඔවුන්ට තෑගි කරන්න අපිට අදත් පුළුවන්...
❤ මේ පණිවිඩය හැම අම්මා කෙනෙක්ටම, හැම තාත්තා කෙනෙක්ටම ළඟා වෙන්න Share කරන්න..👇
Like ✅ Comment ✅ Share ✅
Dil's Vibe