Ruka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruka, Digital creator, Buwanekapura, Ambanpola.

05/04/2026
05/04/2026
04/04/2026
දළ ඇතෙක් කරපු,බර විනාශයක් ගැටදිවුලේ ගව හිමිකරුට ලක්‍ෂ 30 ඉක්මවූ පාඩුවක්අඹන්පොළ කාසිකොටේ ගැටදිවුල ප්‍රදේශයේදී ඇතකු පහර දී...
30/03/2026

දළ ඇතෙක් කරපු,බර විනාශයක්

ගැටදිවුලේ ගව හිමිකරුට ලක්‍ෂ 30 ඉක්මවූ පාඩුවක්

අඹන්පොළ කාසිකොටේ ගැටදිවුල ප්‍රදේශයේදී ඇතකු පහර දීමෙන් කිරි ගවයන් අට දෙනකු මියගොස් එක් ගවයෙක් තුවාල ලබා ඇතැයි අඹන්පොල පොලිසිය පවසයි.

මෙම පහරදීම පෙරේදා (28 දා) අලුයම සිදුවී තිබේ.

අඹන්පොළ, කාසිකොටේ ගැටදිවුල ප්‍රදේශයේ දිනපතා වල්අලි රංචුපිටින් ගැවසෙන ප්‍රදේශයකි.

අඹන්පොල බැලුන්ගල ලිපිනයේ පදිංචි ඩබ්. එම්. ඉසුරු සංජීව වීරසිංහ සහ පී. එම්. සජිත් තෙන්නකෝන් යන අයට අයත් කිරි ගවයන් 17 දෙනෙක් ඔහුගේ ඉඩමේ බැඳ සිට ඇත. ඇතා පහරදීමට උත්සාහ කරන අවස්ථාවේ ඉන් කිරි ගවයන් දස දෙනෙක් ඔවුන් බැඳ සිටි ලණු කඩාගෙන දිවගොස් දිවි බේරා ගෙන තිබේ.

ලණු කඩා ගැනීමට නොහැකි වූ ගවයන් අට දෙනාට ඇතා දළවලින් ඇණ හොඬින් පහරදී මෙම මරණ සිදු කර ඇත. මෙමගින් ගව හිමිකරුට ලක්ෂ තිහ ඉක්මවූ අලාභයක් සිදු වී ඇතැයි ගණන් බලා ඇත.

මේ පිළිබඳව සොයා බැලීමට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා එදිනම හවස පැමිණ ඇත.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අඹන්පොල පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් මත පො.සැ. (48126) සී. එම්. ඩී. බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

30/03/2026

සෙල්ලමටයි හිත🦣🦣🦣

29/03/2026

🦣🦣🦣

පොලිස් පවුලට එකතු වෙන්න කැමති ඔබ සදහා 2026.03.27 වන දිනැති රජයේ ගැසට්‌ පත්‍ර අංක 2482 පරිදි ශ්‍රී ලංකා පොලිසියට හා පොලිස...
28/03/2026

පොලිස් පවුලට එකතු වෙන්න කැමති ඔබ සදහා

2026.03.27 වන දිනැති රජයේ ගැසට්‌ පත්‍ර අංක 2482 පරිදි ශ්‍රී ලංකා පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියැදුරු යන නිලයන් සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතව තිබෙනවා .

මෙම තනතුරු සඳහා උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව මුළු දිවයිනම ආවරණය පරිදි නව නිලධාරී නිලධාරීනියන් 7500 ට ආසන්න ප්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ .

මේ සඳහා අයදුම්පත් යොමු කිරීමේදී www.police.lk වෙබ් අඩවියට පිවිස join us විකල්පය තෝරා ගැනීමෙන් (Click) හෝ පහත සඳහන් QR කේතය ස්කෑන් (Scan) කර අයදුම්පත්‍රය වෙත ඇතුළු වී මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ පමණක් අයදුම්පත සම්පූර්ණ කර 2026.05.08 වන දිනට පෙර යොමු කල යුතුයි .

අයදුම්පත් යොමු කිරීමේදී යම් ගැටළුවක් වෙතොත් අයදුම්කරුවන් හට පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ පහත සඳහන් දුරකථන අංක වැඩිදුර විස්තර දැන ගැනීමේ හැකියාව පවතිනවා .

දුරකථන අංක :-
ස්ථානාධිපති / පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය:-

071-8591925

011-2505202

011-2552953

ඕව් මට පුළුවන් මුලු ලංකාවටම අවශ්‍ය පෙට්‍රල් ටික දෙන්න. මේ කතාව කියන්නෙ දැනුත් තමන්ගෙ රථවලට තමන්ම හදාගත්තු පෙට්‍රල් ගහගෙන...
28/03/2026

ඕව් මට පුළුවන් මුලු ලංකාවටම අවශ්‍ය පෙට්‍රල් ටික දෙන්න.
මේ කතාව කියන්නෙ දැනුත් තමන්ගෙ රථවලට තමන්ම හදාගත්තු පෙට්‍රල් ගහගෙන යන කෙනෙක්. ඒ වගේම හදිසි අවස්ථාවකදී ඕන කෙනෙකුට පෙට්‍රල් ටිකක් නොමිලේම දෙන මනුස්සයෙක්.
එයා පිලියන්දල

මම චමින්ද - චමින්ද ජොනික්කු Chaminda Joniqqu

මම පෙට්‍රල් හදන්න ගත්තෙ කොරෝනා කාලේ .පෙට්‍රල් ලීටර 30000 ට වඩා හැදුවා. මට පෙට්‍රල් හදන අදහස ආවේ ඒ කාලේ මිනිස්සු තෙල් පෝලිම්වල ඉන්නකොට. මට බයික් එකක් තියෙනවා කාර් එකක් තියෙනවා. ඒවා මම රැකියාවක් කරලා හම්බ කරපු සල්ලි වලින් ගත්තු ඒවා නෙවේ. මගේ ජීවිතය තමයි නව නිශ්පාදන කරන එක. ඒවා කරලා තමයි මම ජීවත් වෙන්නෙ. මම කල්පනා කලා තෙල් පෝලිමේ ඉන්නවාට වඩා හොඳයි මට අවශ්‍ය තෙල් ටික මමම හදා ගන්නවා කියලා. ඒ අනුව තමයි පෙට්‍රල් හදන්න මම පෙලඹුනේ.
මම සාර්ථකව පෙට්‍රල් හැදුවා. මුලින්ම මගේ වාහන දෙකට ගහල දිව්වා. මේක දැනගත්ත අහල පහල අයත් මගෙන් පෙට්‍රල් ගත්තා. ඊට පස්සෙ වටේ පිටේ අයත් ආවා. මගේ ගෙදර තෙල් පෝලිමක් හැදුනා. පොලීසියට ආරංචි වෙලා ඒ අයත් ඇවිත් මගෙන් බයික් වලට තෙල් ගහගෙන බෝතල්වලටත් අරගෙන ගියා. ඊට පස්සෙ එයාලා බැරල් අරන් ඇවිත් තෙල් ඉල්ලුවා මම කීවා නිකං නම් දෙන්න බැහැ කියලා. මේකට මල පැනලා මාව අල්ලගෙන ගිහින් උසාවි දැම්මා.
මගේ තෙල් රසපරීක්ෂකට යැව්වා. දැන් අවුරුදු තුනකටත් වැඩියි. තවම නඩුව යනවා. රස පරීක්ෂක වාර්තාව නම් තවමත් නැහැ. පොලීසියේ උසස් මහත්වරුත් මගෙන් තෙල් අරගෙන ගියා.
මම තෙල් හදන එකට නඩු වැටුනට පස්සෙ නවත්වන්න හැදුවත් මට රාජගිරිය ඔබේසේකරපුර කොල්ලො ඒක කරන්න දුන්නෙ නැහැ මාව එක්කරගෙන ගිහින් ඔබසේකර පුර ග්‍රවුන්ඩ් එකට එයාලා ගාඩ් එක දාගෙන මට තෙල් නිශ්පාදනය කරන්න සහය දුන්නා. එතැන තමයි ඇඳිරි නීතියයි ලොක් ඩවුන් එකයි තියෙද්දි තෙල් හදන්න පටන් ගත්තෙ. මම හදන තෙල් රු 500 ට අරගෙන කොල්ලො 1000 ට 1500 ට පිටට විකුන්නා . ඒ කාලේ මගෙ පෙට්‍රල් එහෙම ගන්න එකත් ගොඩක් අයට ලොකු උදව්වක් වුනා.
මගේ තෙල් ගහපු වාහන අදටත් කිසිම අවුලක් නැතිව දුවනවා. ගහපු අය කීවේ ඒ තෙල් පිච්චෙනවා අඩුයි ඒ වගේම පිකප් එක වැඩියි කියලා. දුම් පරීක්ෂනය අසමත් වුන මෝටර් බයිසිකලයකට මම තෙල් දුන්නා . ඊට පස්සෙ දුම් පරීක්ෂනය සමත් . ඒ කියන්නෙ මගේ තෙල්වල කාබන් ප්‍රතිශතය පවා අඩුයි.
මගේ තෙල් ගහන්න මම දුන්නෙ බයික් ත්‍රීවීලර් වලට විතරයි. කාර්වලට අරන් ගිය අය ගැහුවාද දන්නෙ නැහැ. කොහොම උනත් කවුරුවත් මට කම්ප්ලෙන් ගෙනාවේ නැහැ කිසිම වාහනයක් අවුල් වුනා කියලා. මගේ කාර් එකට අදත් මම ගහන්නෙ මම හදන තෙල් විතරයි. ඒත් මට ඒවා අලුත් කාර්වලට තවම අනුමත කරන්නෙ නැහැ. මොකද මටත් ඕනෙ මේකෙ ප්‍රමිතිය පිලි අරන් සහතික කරලාම ඒ වැඩේට බහින්න.
මම කියන්නෙ මට අවස්ථාවක් දෙන්න අනුර කුමාර ජනාධිපති තුමා එක්ක සාකච්ඡාවකට. මට පුළුවන් රජය සහයෝගය දෙනවා නම් මුලු ලංකාවට තෙල් හදන්න.
මේක රසායනික ක්‍රියාවලියක්. ඒක මම කරන්නෙ රසායනික ද්‍රව්‍ය කීපයක් එකකු කරලා. මට මහ පරිමාන රසායනාගාර කම්හල් නැහැ. ඒත් රජය මට සහයෝගය දෙනවා නම් මට පුළුවන් මුලු ලංකාවටම පෙට්‍රල් හදන්න. රජය ජනතාවට දෙන්න පොරොන්දු වුන රු 150 තෙල් ලීටරය දෙන්නත් පුළුවන්.
මම උසස් පෙලට වෙන කම් විතරයි ඉගෙන ගත්තෙ ඒකත් වාණිජ අංශයෙන්. උසස් පෙලින් පස්සෙ තමයි මට හිතුනෙ මම රටට වැඩක් කරන්න ඕනෙ නවතම දේවල් හොයා ගන්න ඕනෙ කියලා’

මේ කතාව කියන්නෙ පිලියන්දල චමින්ද ජෝනක්කු එහෙම නැත්නම් හැමෝම ජොනී කියලා හඳුන්වන හරි අපූරු පුද්ගලයෙක්. ඉතිං එයාගේ මේ අරුම පුදුම සොයා ගැනීම ඇත්තක්.
මේක හරියට ප්‍රමිතියෙන් යුතු දෙයක්ද කියල හොයලා බලලා ඇයි රජය මෙයාට සහයෝගයක් නොදෙන්නෙ?
ඉහත කතාවේ හැටියට නම් මේ සොයාගත් තෙල්වල කිසිම වරදක් දකින්නට නැහැ. ඒ වුනත් මේක අවංකවම හරි තත්ව පරීක්ෂනයකට ලක් කර ඒ පිලිබඳව නිවැරදි තත්ව සහතිකයක් ලබා දී චමින්ද එහෙම නැත්නම් ජොනීගෙ නිෂ්පාදනය වැඩි දියුනු කලොත් මන්නාරමේ තෙල් ලිං හාරලා මහ විනාශයක් කරනවාඩ වඩා තෙල් හාරන මුදලින් 01/ 10 ටත් වඩා අඩු මුදලක් වැය කරලා ජොනීට සපෝට් කලා නම් අපිට අවශ්‍ය තෙල් ලංකාව තුලම නිපදවන්න පුළුවන් නේද?

ඒත් තවමත් මේ රටේ කිසිදු මැති ඇමැතිවරයෙකුවත් මේ ගැන උනන්දුවක් නොදැක්වීම යනු පසුගිය දූෂිත රජයන් වල ක්‍රියාපටි පාටියම මේ රජයත් කරගෙන යාම වැනි දෙයක් බවයි පෙනෙන්ට ඇත්තේ.

ඉතිං මේ ගැන ඔබේ අදහස කුමක්ද ජොනීගෙ කියන දේ ගැන ?

තොරතුරු උපුටා ගැනීම 2025 ජූලි 20 ඉරිදා මව්බිම

28/03/2026

අද උදෑසන ගැටදිවුල අලි උමං දුම්රිය මාර්ගය හරහා ගමන් වන අලි🦣🦣🦣

27/03/2026

ගල්ගමුව ගැටදිවුල රක්ෂිතය අසල 🦣🦣🦣

Address

Buwanekapura
Ambanpola
60650

Website

Alerts

Be the first to know and let us send you an email when Ruka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share