22/10/2023
.ගොඩක් දෙනෙක් මට call කරාම අහන ප්‍රශ්න ටිකක් තියෙනවා . ඒ නිසා මෙමගින් ටිකක් හරි දැනුවත් වෙන්න ඕන නිසා Freesat ගැන මේ ටිකත් හරියට දැනගනිමු.
Freesat කියන්නේ මොකක්ද?
Freesat කියන්නේ DVB-S2X තාක්ෂණය භාවිතා කරමින් satellite හරහා මුළු ශ්‍රී ලංකාවටම Digital TV ආවරණය ලබා දෙන Television Network එකක්.
මේක ඇත්තටම free ද?
ඔව්. මෙය ප්‍රේක්ෂකයන්ට 100%ක්ම free සේවාවක්. ලංකාවේ මෙතෙක් නැති උනාට, ලෝකයේ බොහෝ රටවල මෙලෙස Free TV සාර්ථකව ලබාදෙන network බොහොම ප්‍රචලිතයි. (එංගලන්තය - Freesat, ඉන්දියාව - Freedish)
මේකේ මොන channels ද තියෙන්නේ?
Freesat කියන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික නාලිකා Digital තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයන්ට නොමිලේ ලබා දෙන ජාලයක්. ඒ නිසා මෙහි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දේශීය නාලිකා. ඊට අමතරව Pay-TV නොවන විදෙස් නාලිකා යම් ප්‍රමාණයකුත් මේ හරහා ලබා දෙනවා.
Free කිව්වට කවද හරි සල්ලි ගෙවන්න වෙයිද?
කවදාවත්ම නැහැ. මෙය 100%ක්ම හැමදාටම free සේවාවක්.
Receive කරන්න kit එකක් ගන්න වෙයිද?
ඔව්. අනෙකුත් Digital TV සේවාවන් වගේම, මෙම සේවාව ලබා ගැනීමටත් receiver කට්ටලයක් ලබා ගත යුතයි. එය දිවයින පුරා අලෙවි නියෝජිතයන් මගින් ළඟදීම ලබා ගැනීමට හැකි වේවි.
Kit එක අපටම සවි කරගන්න පුලුවන්ද ?
මෙය සවි කරගැනීම එතරම් සංකීර්ණ ක්‍රියාවලියක් නොවුනත් තත්වයෙන් උසස් සේවාවක් ලබා ගැනීම සඳහා professional installer කෙනෙක්ගේ සහය ලබා ගැනීම වැදගත්.
මේක දැනට අපි ළඟ තියෙන Free-to-Air STB වලින් බලන්න පුලුවන්ද?
Freesat ප්‍රේක්ෂකයන්ට free උනාට Free-to-Air service එකක් නෙවෙයි. මේකට අපි කියන්නේ Free-to-View කියල. ඒ කියන්නේ service එක encrypt කරලා තමයි තියෙන්නේ. ඒ නිසා මේ සඳහාම වෙන්වූ STB එකක් මිලදී ගත යුතයි. මෙයට ප්‍රධානතම හේතුව තමයි අපි විකාශය කරන නාලිකා වල විකාශය වන බොහොමයක් content වල copyrights වලට අනුව ඒවා ලංකාවේ දේශ සීමාවෙන් පිටතට යෑම තහනම් වීම. Satellite signal කලාපය පුරාම විහිදෙන නිසා ඉහත නීතියට අනුකුලව service එක encrypt විය යුතයි.
මේක ගත්තම Pay-TV ඕනේ වෙන්නේ නැද්ද?
ඔබගේ අවශ්‍යතාවය දේශීය නාලිකා සියල්ල සහ මෙමගින් නොමිලේ ලබාදෙන විදෙස් නාලිකා අවහිරයකින් තොරව Digital තාක්ෂණයෙන් කිසිම මාසික ගාස්තු ගෙවීමකින් තොරව නැරඹීම නම්, අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් ඔබට Discovery, National Geographic වගේ Pay-TV channels බලන්න අවශ්‍ය නම්, ඔබ එම සේවාව සපයන ආයතනයකින් එම සේවාව ලබා ගත යුතයි.
Freesat, Digital Terrestrial TV වලට වඩා හොඳ වෙන්නේ කොහොමද?
ශ්‍රී ලංකාව වැනි භූ විෂමතාවයෙන් අධික රටක Terrestrial Broadcasting හරිම අපහසු ක්‍රියාවලියක්. මෙය අප දැනටමත් බොහොම පැහැදිලිවම අත්විඳින දෙයක්. දැනට ක්‍රියාත්මක වෙන Analog Television උනත් මේ භූ විෂමතාවය නිසා නොපෙනෙන තැන් බොහොමයි. මේ නිසා තමයි extra terrestrial relay එකක් වන satellite හරහා broadcasting වඩාත් ප්‍රායෝගික වන්නේ. එමගින් ශ්‍රී ලංකාවේ සෑම නිවසකටම එකසේ Digital TV ආවරණයක් ලබා දිය හැකියි.
තවද විද්‍යුත් සංඛ්‍යාත වල පවතින සීමාසහිත බව සහ විෂමතාවයන් හේතුවෙන් තත්වයෙන් උසස් HD සහ 4K තත්වයේ සේවාවන් Terrestrial ඔස්සේ ලබාදීම ඉතාමත් අපහසු වන අතර, Freesat මෙම සැම අතින්ම ඉදිරියෙන් සිටියි. ඉතින් ,ඔබට මෙය අම්පාර උහන ප්‍රදේශය අවට දී මිලදී ගැනීම සහ සවිකරගැනීමට අවශ්‍ය නම් 0740004153 හෝ 0750741004 අමතා ලබා ගන්න . අප එම සේවාව ඔබගේ නිවසටම පැමින ලබා දීමට සූදානම්
නොමිලේ සැටලයිට් ටීවී නැරඹීමට අපට කතා කරන්න...100% නොමිලේ .
Freesat චැනල් ලිස්ට් එකට අයත් නාලිකා....
1. ශ්‍රී දළදා මාළිගාව HD
2. ජාතික රූපවාහිනිය
3. Channel EYE/ නේත්‍රා TV
4. ITN
5. වසන්තම් TV
6. TNL
7. සිරස TV
8. ශක්ති TV
9. TV1
10. ස්වර්ණවාහිනී
11. TV දෙරණ
12. අද දෙරණ 24
13. සියත TV
14. Star Tamil Television
15. හිරු TV
16. Supreme TV HD
17. බෞද්ධයා රූපවාහිනිය
18. රංගිරි ශ්‍රී ලංකා
19. ශ්‍රද්ධා TV
20. Verbum TV
21. Free Tube
22. Freesat Movies HD
23. Hitz99 HD
24. NHK World HD
25. Aljazeera HD
26. DW
27. ABC Australia HD
28. Arirang World
29. Zing
30. 9XM
31. B4U Movies
32. Kalignar TV
33. Srippoli TV
34. DD Sports
35. France 24
36. TV5 Monde
37. Euronews
38. TRT World
39. CGTN
40. KBS Korea
41. KBS World
42. Wion Tv
43. Fashion Tv HD
44. Educational channel 10 Dp educational maths science
මේ සියලු චැනල් වලට කිසිම ගෙවීමක් නැත. සව්කිරීමේ ගාස්තුවද ඇතුලත්ව අම්පාර උහන අවට ඔබ සදහා රැ . 15000/= කට ලබා ගත හැක . 0772012129/074 0004153/ 0750741004/Thushara.0771974018 අමතන්න .( සියලු සැටලයිට් ඇන්ටනා සව්කිරීම ,අමතර උපාංග ,දෝෂ නිරාකණය, electrical services,) — feeling blessed.