Lakvahini

Lakvahini Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakvahini, Digital creator, .

Lakvahini | ලක්වාහිනී 🍿
Your daily entertainment fix 🎬
Celebrities | Movies | Fashion | Sports
✨ Red carpets & iconic moments
⭐ New viral posts every day
👇 Follow for trending updates

10/06/2026

සුදු බෝලේ වගේ ලස්සන කෙල්ලෙක්...! 🫣❤️

10/06/2026

කිරුළු හිමිකාරියන් එකම රාමුවක! සමාජ මාධ්‍ය කැළඹූ සුන්දර හමුව ✨

10/06/2026

👑 Pageant නම් ඉතින් ශිරන්ති රාජපක්ෂ තමයි! ✨ - Pearls Of Sri Lanka Pageant

10/06/2026

චන්න සහ දසුනි එකම රූපරාමුවක.. 🥰 ‘සෙවණැලි’ (Sewanali Teledrama - Dasuni Senethma) ❤️

09/06/2026

Camera එක පිටුපසත් දාසුනිගේ ලස්සන හොරකම් කරයි! 😍Dasuni Senethma

මට නම් බෑ... කියලා උමාලිවත් අසරණ කළ බැද්දේගම ‘පුංචි මැණිකා’ චරිතය! 😢🎭(Lakvahini) - ඔන්න අදත් අපේ Gossip එකෙන් අරන් ආවා ල...
09/06/2026

මට නම් බෑ... කියලා උමාලිවත් අසරණ කළ බැද්දේගම ‘පුංචි මැණිකා’ චරිතය! 😢🎭

(Lakvahini) - ඔන්න අදත් අපේ Gossip එකෙන් අරන් ආවා ලංකාවේ ඉන්න සුපිරිම, දක්ෂම නිළියක් ගැන අලුත්ම විස්තරයක්. ඒ වෙන කවුරුත් නෙවෙයි, අපේ ආදරණීය උමාලි තිලකරත්න!

ඔයාලා දන්නවනේ මේ දවස්වල හිරු ටීවී එකේ යන "බැද්දේගම" ටෙලිනාට්‍යය ගැන? අන්න ඒකේ එන "පුංචි මැණිකා"ගේ චරිතය ගැන උමාලි අපූරු කතාවක් කියලා තියෙනවා.

මේ චරිතය උමාලිට කොච්චර බරක් වුණාද කියනවා නම්, සමහර තැන්වලදී දරාගන්නම බැරුව උමාලි "මට නම් මේක කරන්න බැහැ" කියලාත් තියෙනවලු!

හැබැයි ඉතින් ඩිරෙක්ටර් ඇතුළු ටීම් එකේ සපෝට් එක හින්දා කොහොමහරි වැඩේ ලස්සනට කරලා.

ඒ විතරක් නෙවෙයි! මේ චරිතයේ තියෙන ස්වභාවික ගතිය ගන්න උමාලිට එක විශේෂ ඉල්ලීමක් කරලාලු. මොකක්ද දන්නවද? සාමාන්‍යයෙන් නිළියන් කැමරාව ඉස්සරහට එද්දී මුහුණේ තියෙන සියුම් රෝම එහෙම Thread කරලා ලස්සන වෙලානේ එන්නේ. හැබැයි "බැද්දේගම" ඩිරෙක්ටර් කියලා තියෙනවා "අනේ උමාලි... ඕවා කිසිම දෙයක් කරන්න එපා... ඔය ඉන්න විදිහටම ස්වභාවිකව ඉන්න" කියලා!

ගමේ කෙල්ලෙක්ගේ දරිද්‍රතාවය, අහිංසකකම වගේම පට්ටම දරාගැනීමක් තියෙන ගැහැණු චරිතයක් තමයිලු පුංචි මැණිකා කියන්නේ. අන්තිමේදී හැමෝම නැතිවෙලා තනි වුණත්, තමන්ගේ ආදරයයි, විශ්වාසයයි වෙනුවෙන් නොසැලී ඉන්න චරිතයක්ලු මේක.

රෑට ආපු වීඩියෝ කෝල් Answer නොකල නිසා 'ජානු'ට චිත්‍රපට 3ක්ම නැතිවෙලා? 😱(Lakvahini) - ලස්සන, දක්ෂ වගේම ජනප්‍රිය නිළි කවිහා...
09/06/2026

රෑට ආපු වීඩියෝ කෝල් Answer නොකල නිසා 'ජානු'ට චිත්‍රපට 3ක්ම නැතිවෙලා? 😱

(Lakvahini) - ලස්සන, දක්ෂ වගේම ජනප්‍රිය නිළි කවිහාරි ගැන තමයි මේ කියන්න යන්නේ. කොළඹ ආවට පස්සේ එයාට ක්ෂේත්‍රයෙන් ආපු බලපෑම් ගැන කවිහාරි කරපු ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ගැන දැන් හැමතැනම කතා වෙනවා.

ඔන්න බලාගන්නකෝ සිද්ධිය! 😮

කවිහාරිට පහුගිය කාලේ ෆිල්ම්ස් තුනකටම ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි වැඩේ කියන්නේ... ඒ කතා කරපු ඩිරෙක්ටර්ස්ලා රෑට රෑට කවිහාරිට වීඩියෝ කෝල් ගන්න පටන් අරන්!

පළවෙනි ඩිරෙක්ටර්: කෝල් එක ගත්ත ගමන්ම කවිහාරි වැඩේ තේරුම් අරන් 'බ්ලොක්' කරලාම දාලා! 🚫

දෙවෙනි ඩිරෙක්ටර්: මෙයා කෝල් එක ගනිද්දී කවිහාරි ඉඳලා තියෙන්නේ ෂූටින් සෙට් එකේ. අපේ කෙල්ල මොකද කරලා තියෙන්නේ? ෆෝන් එක කැමරා, ලයිටින් කරන සෙට් එකේ හැමෝටම හරවලා ඩිරෙක්ටර්ට 'සප්‍රයිස්' එකක් දීලා! එතනින්ම ඒ කතාව ඉවරයි. 😂

තුන්වෙනි සිද්ධිය: ගෝල්ෆේස් ඇපාට්මන්ට් එකකට මීටින් එකකට එන්න කියලා, තව ලේඩීස්ලා දෙන්නෙකුත් ඉන්නවා කියලා. ලේඩීස්ලා ඉන්න නිසා ඕකේ කියලා. මීටින් එකට කලින් දවසේ රෑ එක්කෙනෙක්ට එන්න හම්බවෙන්නේ නැහැ, අනිත් එක්කෙනා ඉන්නවා කියලා. මීටින් එක දවසේ උදේ එයත් නැහැ කියලා. කවිහාරි ක්ෂණිකව ඒකත් බ්ලොක් කරලා දාලා!

අන්තිමේදී වීඩියෝ කෝල්ස් වලටයි, නරක යෝජනා වලටයි අහු නොවුණ නිසා කවිහාරිට ඒ ෆිල්ම්ස් තුනම නැති වෙලා තියෙනවා.

හැබැයි කවිහාරි කියන්නේ නම්, ක්ෂේත්‍රයට එන්න ආසාවෙන් නරක විදිවලින් හැදෙන්න හදන අය අතරේ, තමන්ගේ ආත්මගරුත්වය රැකගෙන, මේ වගේ බලපෑම් ප්‍රතික්ෂේප කරලා කෙලින් ඉන්න එක තමයි වටින්නේ කියලා. 👑✨

පහ වසරේදී මම අපයෝජනයකට ලක් වුණා.. කෞෂාල් රණසිංහගේ සංවේදී හෙළිදරව්ව(Lakvahini) - නීතිඥවරයකු, කතුවරයකු සහ LGBTQ+ අයිතිවාසි...
08/06/2026

පහ වසරේදී මම අපයෝජනයකට ලක් වුණා.. කෞෂාල් රණසිංහගේ සංවේදී හෙළිදරව්ව

(Lakvahini) - නීතිඥවරයකු, කතුවරයකු සහ LGBTQ+ අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු වන කෞෂාල් රණසිංහ සිය නවතම කෘතිය “මන්දස්මිත” හරහා සිය ජීවිතයේ අඳුරුම අත්දැකීම්, ළමා වියේ ලිං-ගික අපයෝජනය, සමාජ අපවාද සහ ශ්‍රී ලංකාවේ ලිං-ගික විවිධත්වය පිළිබඳ අභියෝගයන් ගැන විවෘතව අදහස් පළ කළේය.

කැලුම් විජේසූරියගේ YouTube වැඩසටහනකට එක්වෙමින් කෞෂාල් පැවසුවේ, වයස අවුරුදු 10 ක් පමණ වූ සමයේ තමන් ලිං-ගික අපයෝජනයකට ලක් වූ බවත්, එම සිදුවීම පිළිබඳ කතා කිරීමට හෝ එය වටහා ගැනීමට පවා එම වයසේ දරුවකුට හැකියාවක් නොතිබූ බවත්ය.

“පහ වසරේ ළමයෙක් තමන්ට ලිං-ගිකව සිදුවූ දෙයක් කොහොමද කියන්නේ? ඒ වගේ දේවල් ගැන කතා කරන්නවත්, තේරුම් ගන්නවත් අපිට අධ්‍යාපනයක් තිබුණේ නැහැ,” ඔහු පැවසීය.

එම අත්දැකීමෙන් පසු පාසල් ජීවිතයේදී හැසිරීම් වෙනස්වීම් ඇති වූ බවත්, අවසානයේදී ගුරුවරියකගේ මැදිහත්වීම මත සිද්ධිය හෙළිදරව් කිරීමට හැකි වූ බවත් ඔහු සඳහන් කළේය.

කෞෂාල් වැඩිදුරටත් චෝදනා කළේ, එවකට සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය තුළින් පොලිසිය පිළිබඳ විශ්වාසයක් තමන් තුළ ගොඩනැගී නොමැති බවයි. වින්දිත දරුවෙකු සමඟ කටයුතු කිරීමේදී අවශ්‍ය සංවේදීභාවය සහ අවබෝධය නොපෙන්වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

ඔහුගේ කෘතිය සහ සම්මුඛ සාකච්ඡාව තුළ තවත් ප්‍රධාන කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ LGBTQ+ ප්‍රජාව මුහුණ දෙන සමාජ හා නීතිමය අභියෝගයන්ය. තම ලිං-ගික දිශානතිය වෙනස් කිරීමට උත්සාහ කළ කාල පරිච්ඡේදයක් පිළිබඳ සඳහන් කළ ඔහු, “පරිවර්තන චිකිත්සාව” (Conversion Therapy) ලෙස හඳුන්වන ක්‍රමවේදයන් විද්‍යාත්මක පදනමකින් තොර බවත්, ලොව බොහෝ රටවල් ඒවා තහනම් කර ඇති බවත් පැවසීය.

“දරුවෙකුගේ ලිං-ගික දිශානතිය වෙනස් කරන්න උත්සාහ කිරීමෙන් ඔහු හෝ ඇය තමා ගැනම වෛර කරන, සමාජයෙන් ඈත් වූ පුද්ගලයෙකු බවට පත් විය හැකියි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

සමාජ හා පවුල් පීඩනය හේතුවෙන් LGBTQ+ පුද්ගලයන් අතර මානසික පීඩනය සහ සියදිවි නසාගැනීම් දක්වා ගමන් කරන අවස්ථා පිළිබඳවද ඔහු අවධානය යොමු කළේය. එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් දේශපාලන නායකයන්, ආගමික නායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් වගකීම භාරගත යුතු බව ඔහුගේ අදහස විය.

කෙසේ වෙතත්, තම ජීවිතයේ ශක්තිමත්ම ආධාරකය වූයේ තම පවුල බව කෞෂාල් අවධාරණය කළේය. විශේෂයෙන්ම තම මව, පියා සහ සහෝදරියන් දෙදෙනා ලබාදුන් පිළිගැනීම සහ සහයෝගය නිසා තමන්ට විවෘතව ජීවත් වීමට හැකි වූ බව ඔහු පැවසීය.

“තමන්ව පිළිගන්න, අහගෙන ඉන්න, ආරක්ෂා කරන පවුලක් ලැබීම ජීවිතයේ ලොකු වාසනාවක්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“මන්දස්මිත” කෘතිය, කෞෂාල් රණසිංහගේ පෞද්ගලික ජීවිත අත්දැකීම් පමණක් නොව, ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යුහයන්, මානව හිමිකම් ගැටලු සහ ලිං-ගික විවිධත්වය පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීමට උත්සාහ කරන කෘතියක් ලෙස සැලකේ.

හීනය සැබෑ කළ නවෝදා... දැන් ඉලක්කය ලෝක කිරුළයි! 🇱🇰❤️(Lakvahini) - ශ්‍රී ලංකාවේ නිරූපණ සහ රූ රැජිණ තරග ක්ෂේත්‍රයට නව මානයක...
08/06/2026

හීනය සැබෑ කළ නවෝදා... දැන් ඉලක්කය ලෝක කිරුළයි! 🇱🇰❤️

(Lakvahini) - ශ්‍රී ලංකාවේ නිරූපණ සහ රූ රැජිණ තරග ක්ෂේත්‍රයට නව මානයක් එක් කරමින් පැවැත්වූ “Queens of Sri Lanka” තරගාවලියේ ජයග්‍රාහිකාවන් අතරින් ඉදිරියට පැමිණි නවෝදා කාවින්දි, ඉදිරි ජාත්‍යන්තර තරගාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානම් වන බව පවසයි.

මෙම තරගාවලිය Miss Tourism, Miss Teen Tourism, Mr Tourism සහ Noble Queen යන ප්‍රධාන තරග හතරක එකතුවක් ලෙස සංවිධානය කර තිබූ අතර, එහි අවසන් මහ තරගය පසුගියදා කොළඹ වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්විණි.

තරගාවලියේ සංවිධායක සහ පුහුණුකරු චරිත් ගුණසේකර පැවසුවේ, සාම්ප්‍රදායික රූ රැජිණ තරගවලින් වෙනස් වූ සංකල්පයක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි. නිරූපණය, අධ්‍යාපනය සහ විලාසිතා සංදර්ශන එකම වේදිකාවකට ගෙන ඒම එහි විශේෂත්වයක් වූ බව ද ඔහු සඳහන් කළේය.

තරගයේ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් නවෝදා කාවින්දි කියා සිටියේ, මෙය තම ජීවිතයේ දිගුකාලීන සිහිනයක් සැබෑ වූ අවස්ථාවක් බවයි.

“මේක මගේ ලොකු හීනයක්. අද ඒ හීනය සැබෑවක් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් මගේ දෙමාපියන්, සහෝදරයන්, මගේ සමීපතමයන් සහ විශේෂයෙන්ම මගේ ගුරුවරයාට මම ස්තූතිවන්ත වෙනවා,” ඇය පැවසුවාය.

නිරූපණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සමාජයේ පවතින ඇතැම් වැරදි මතයන් හේතුවෙන් බොහෝ තරුණියන් පසුබට වුවද, නිවැරදි මගපෙන්වීම සහ විනය යටතේ ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යා හැකි බව ඇය අවධාරණය කළාය.

පුහුණුකරු චරිත් ගුණසේකර පෙන්වා දුන්නේ, රූපලාවන්‍යය පමණක් රූ රැජිණක් බිහිකිරීමට ප්‍රමාණවත් නොවන බවයි. විනය, පෞරුෂය, දැනුම, ගෲමින් සහ වේදිකා හැකියාවන් යන කරුණු සියල්ලම එකට එක්වීමෙන් සම්පූර්ණ තරගකාරියක් නිර්මාණය වන බව ඔහු පැවසීය.

“පැජන්ට් එකට මුලින් එන කෙනා සහ අවසානයේ සිටින කෙනා අතර විශාල වෙනසක් තිබෙනවා. අපි මුලින්ම ගොඩනඟන්නේ විනය. ඒක තමයි සාර්ථකත්වයේ පදනම,” ඔහු සඳහන් කළේය.

මෙවර තරගාවලියේ ජයග්‍රාහිකාවන්ට විශේෂ අවස්ථාවක් හිමිව ඇත්තේ, ජාත්‍යන්තර Tourism Pageant තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත වීම හේතුවෙනි. ඒ අනුව, විදේශගත නොවීම තම මව්බිමේ සිටම ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමේ අවස්ථාව ඔවුන්ට හිමිවනු ඇත.

චරිත් ගුණසේකර පවසන පරිදි, ජාත්‍යන්තර රූ රැජිණ තරගාවලියක් ශ්‍රී ලංකාව සත්කාරක රටක් ලෙස පවත්වන පළමු අවස්ථාව මෙය විය හැකි අතර, එය මෙරට සංචාරක කර්මාන්තය සහ නිරූපණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර වේදිකාවට ගෙන යාමට වැදගත් පියවරක් වනු ඇත.

මේ අතර, ලබන මාසයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලිය සඳහා දැඩි පුහුණුවීම්වල නිරතව සිටින බව නවෝදා කාවින්දි පැවසුවාය.

“ශ්‍රී ලංකාවේ ඉඳන්ම මගේ දක්ෂතා ලෝකයට පෙන්වන්න ලැබීම ලොකු වාසනාවක්. ඒ වගේම මේ අවස්ථාව ලංකාවට තවත් ජයග්‍රහණයක් ගෙන ඒමට මම උපරිමයෙන් සූදානම් වෙනවා,” ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර වේදිකාවට පිවිසෙන නවෝදා කාවින්දිගේ ඉදිරි ගමන, මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇතැයි ක්ෂේත්‍රයේ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

08/06/2026

චන්නයි කෙල්ලෝ දෙන්නයි! 💕 Dasuni Senethma, Channa Perera, Apsara Gunathilake (Sewanali Teledrama)

Address


Alerts

Be the first to know and let us send you an email when Lakvahini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lakvahini:

  • Want your business to be the top-listed Media Company?

Share