Ceylon Mindspace

Ceylon Mindspace Digital Creater

වර්තමානයේ භික්ෂුවගේ හැසිරීම සහ භූමිකාව පිළිබඳ සබුද්ධික /මංදබුද්ධික කථිකාවක් ආරම්භ වී ඇති සමයක මානුෂවාදී එළැඹුමකින් ඒ දෙස...
02/06/2026

වර්තමානයේ භික්ෂුවගේ හැසිරීම සහ භූමිකාව පිළිබඳ සබුද්ධික /මංදබුද්ධික කථිකාවක් ආරම්භ වී ඇති සමයක මානුෂවාදී එළැඹුමකින් ඒ දෙස බැලීම මෙහි අරමුණයි.

"භික්ෂුවකටත් රාගය ඇති විය හැකියි" යන ප්‍රකාශය සංස්කෘතිකවාදින්ට අමුතු හෝ අප්‍රසන්න අදහසක් සේ පෙනෙන්නට පුළුවන. වෙනත් ආගමිකයින්ට එය තම ආගමික දෘෂ්ටිවාදය සහතික කිරීමට රුකුල් දෙන ප්‍රසන්න අදහසක් විය හැක.
කෙසේ නමුත් ඕනෑම ගැටලුවක් දෙස නිදහස්ව බලන්න, සිතන්න හැකිනම් ගැටලුවේ දිග පළල නීර්ණය කළ හැක. නිදහස් චින්තනයට බලපෑම් කරන ජාතිය, ආගම, නීතිය, සංස්කෘතිය, ආචාරධර්ම සහ ජනමාධ්‍ය (ජනකවියේ සිට සමාජ මාධ්‍ය දක්වා) මගින් පුද්ගලයා තමන් කියවා ගනී.
නිදහස් මනසින් බැලූ කළ, භික්ෂුව යනු සාමාන්‍ය සිතුම් පැතුම් සහිත මනුෂ්‍යයෙකි. මනුස්සයෙකුට දැනෙන, බඩගින්න, ආදරය, ලිංගික ආශාව මෙන්ම රංචු ගැසීමට ඇති ආශාව සිවුරෙන් වැසිය නොහැක. පැවිදි වන්නේද රාගය, ද්වේෂය, මෝහය යන කෙලෙස් සහිත සාමාන්‍ය මනුෂ්‍යයෙකි. පැවිද්ද යනු එම කෙලෙස් නැති කර ගැනීම සඳහා ගන්නා ජීවන මාර්ගයකි. එබැවින් පැවිදි වූ සැණින් සියලු කෙලෙස් අතුරුදන් වන්නේ නැත.
රාගය යනු ලිංගික ආශාවක් පමණක් නොව, ආකර්ෂණය, බැඳීම, හිමිකාරිත්වය, සතුට සෙවීම, කැමැත්ත සහ ලිංගික සන්තර්පණය වැනි පුළුල් මානසික ක්‍රියාවලියකි. එය මනුෂ්‍ය මොළයේ ජෛවික හා පරිණාමීය පදනමක් ඇති දෙයකි. එබැවින් භික්ෂුවකගේ මොළයද අනෙක් මිනිසුන්ගේ මෙන්ම ක්‍රියා කරයි.
එහෙත් සමාජය භික්ෂුවගේ හැසිරීම සම්බන්ධයෙන් සීමා මායිම් සලකුණු කොට ඇත. එහෙත් අනෙකාගේ ජීවන හැසිරීම මෙසේ විය යුතු යැයි තීරණය කිරීම සහ බලපෑම් කිරිම සාධාරණ නොවේ. යම්කිසි හැසිරීමක් සමාජ විරෝධි සහ නීති විරෝධි නොවේ නම්, කාටත් ප්‍රශ්නයක් විය නොහැක. කෙනෙකුගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ තමන්ට පමණය.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ පවා රාගයෙන්, ක්‍රෝධයෙන් හෝ වෙනත් කෙලෙස්වලින් පීඩා විඳි භික්ෂූන් පිළිබඳ වාර්තා පාලි ත්‍රිපිටකයේ සඳහන් වේ. එම නිසා භික්ෂුවකගේ සිත තුළ රාගයක් ඇති වීම අසාමාන්‍ය දෙයක් නොවේ. අසාමාන්‍ය වන්නේ එම රාගය හඳුනා නොගෙන, පාලනය නොකර, එයට යටත් වීමයි.

බුදුදහම මිනිසා විනිශ්චය කරන්නේ ඔහුගේ සිතට ක්ෂණිකව නැගෙන සිතුවිලි අනුව නොව, ඒවා සමඟ කටයුතු කරන ආකාරය අනුවය. රාග සිතුවිල්ලක් මතුවීම එක දෙයකි. එයට අනුගත වී ක්‍රියාවට නැංවීම තවත් දෙයකි. භාවනාව, සතිපට්ඨානය සහ විනයානුකූල ජීවිතය යනු එවැනි කෙලෙස් හඳුනාගෙන ඒවා දුරු කර ගැනීම සඳහා වූ පුහුණුවයි.
අවසන දී කිව යුත්තක් තිබේ. තව කෙනෙකුගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් ගුණ දොස් විවේචකයෙකු නොවන්න. ඔබට හැකිනම් කරන්න. බැරිනම් නොකර ඉන්න. බුදුන් වහන්සේ දේශනා කළේ, ජාතිය ආගම සංස්කෘතිය විනිව්ද ගිය නිදහස් දහමකි. වර්තමාන භික්ෂුව නිදහස් ධර්මය වෙනුවට සංස්කෘතික සීමාවේ සිරගතව එකී සංස්කෘතියෙන්ම බැට කමින් සිටී.
මීට,

Ceylon Mindspace

28/05/2026

මේ දවස්වල ධර්මාධිකරනය පිළිබඳ කතා බහක් ඇත. ඇත්තටම ධර්මාධිකරනය යනු කුමක්ද? යන්න පිළිබඳ සංවාදයක් ඇති කර ගැණිම මෙහි අරමුනයි. ඒ පිළිබඳ මා කළ හැදෑරීමට අනුව,

“ධර්මාධිකරණය” කියන්නේ සාමාන්‍යයෙන් ආගමික නීති, විනය, හෝ ආගමික ගැටලු විභාග කරන ආයතනයක් හෝ පද්ධතියක්. මේ වචනය වැඩිපුරම භාවිතා වෙන්නේ බෞද්ධ සංඝයාගේ විනය හා ආගමික කටයුතු සම්බන්ධයෙන්.

බෞද්ධ පසුබිමක “ධර්මාධිකරණය” කියන එකෙන් අදහස් වෙන්නෙ:

1. භික්ෂූන් වහන්සේලා අතර ඇතිවන විනය ගැටලු විභාග කිරීම

2. විනය උල්ලංඝන සම්බන්ධයෙන් තීරණ දීම

3. සංඝ සම්ප්‍රදාය ආරක්ෂා කිරීම

5. බෞද්ධ ආයතනික විවාද හෝ ආගමික අර්ථකථන ගැටලු සම්බන්ධයෙන් විනිශ්චය කිරීම. යන්නයි

ඉතිහාසයේදීත්, විශේෂයෙන් ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය තිබූ කාලවල, සංඝයාගේ ගැටලු නිරාකරණයට “ධර්මාධිකරණ” වැනි සංවිධාන තිබුණා.

නූතන ශ්‍රී ලංකාවේ:

නිකාය මට්ටමින් විනය පරීක්ෂණ මණ්ඩල,සංඝ සභා, සහ සමහර විට “ධර්මාධිකරණ සභා”

වගේ ආකාර වලින් මේ අදහස ක්‍රියාත්මක වෙනවා.
ඒත් ඒවා ප්‍රතිඵලදායකද? අනික ධර්මය හා විනය මගින් ස්වයං පාලනය වන භික්ෂුව, නෛතික ආයතන මගින් පාලනය කිරිම මගින් බුදු දහමේ චින්තන නිදහසට බාධාවක් එල්ල වේද?
අපි කතා කරමු.

28/05/2026

"ධර්මාධිකරණය"
ඕනද🥰
එපාද😡

26/05/2026

සංස්කෘතිය රකිනවා කියලා හැම රෙද්දම හංග ගෙන ඉදලා, දැන් ඒක කුණු වෙලා ගඳ ගහන කොට, නහය වහ ගනිල්ලා කියලා කෙඳිරි ගාන්න එපා බං.

25/05/2026

නිකමට අහන්නේ "ජාතිය, ආගම වගේ Concepts නොතිබුණානම් දේශපාලකයෝ මොනවා Market කරයි ද?"

25/05/2026

අවිද්‍යාව නිසා සංකල්ප තුළ හිර වෙනවා. (ජාතිය, ආගම වගේ)

21/05/2026

ජාතිය ගැන උඩඟු වූ,
ධනය ගැන උඩඟු වූ,
ගෝත්‍රය ගැන උඩඟු වූ යම් මනුෂ්‍යයෙක්
තම නෑදෑයන්වත් හෙළා දකී නම්,(අන්‍ය ජාතීන්)
එය ඔහුගේ පරාභවයට (පිරිහීමට) හේතුවකි.”
-බුදුබණ-

07/05/2026

හාමුදුරුවෝ බණ දෙසන්න, දේශපාලකයෝ රට පාලනය කරන්න, පුරවැසියෝ නිවැරැදි නායකයෝ තෝරන්න.. "මාධ්‍යයට රටේ දිශානතිය තීරණය කරන්න ඉඩ නොදෙන්න"

07/05/2026

මාධ්‍යයේ පැවැත්ම තියෙන්නේ, දේශපාලන අවුල් හදන එක මත කියලා අපේ දේශපාලකයින්ටයි, ගරුතර ඡන්ද දායකයින්ටයි නොතේරෙන එකනේ කරුමේ !

Address

Ceylon
Anuradhapura Town
SRILANKA

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Mindspace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share