05/09/2026
නිහඬවම වෙනස් වූ මාර්ග
ඉර බැස යන එකත් ලස්සනයි කියන්නේ
වෙන්වීමක් පිටුපසත් මොකක්දෝ රටාවක් තියෙන හින්දා වෙන්න ඇති,
නමුත් ඒ වෙන්වීම අපේම ජීවිතයට එනකල්
අපි ඒ බව දැනගෙන හිටියේ නෑ...
අපේ ශරීර දෙපසකට ඇදී යද්දී,
අපෙන් කැඩී වෙන්වෙන ඒ අංශු
අහසේදී ආයෙමත් එකිනෙක පැටලෙනවා...
ගතින් වෙන් වුණත්, සිතින් වෙන්වෙන්න බැරි බව
සුළඟ පවා අපිට මතක් කරලා දෙනවා...
ගොඩක් දේවල් කියන්න තිබුණත්
නිහඬබව විතරක්ම ඉතිරි වුණු ඒ මොහොතේ,
නුඹේ අඩිපාරවල් සදහටම මගේ මාර්ගයෙන් ඈත් වෙනවා...
කාලයත් එක්ක මේ රිදුම අඩුවෙලා යාවි,
නමුත් මේ වෙරළ ඉමේ තනිවුණු ඒ සැඳෑව
මගේ හදවතේ සදහටම නතර වේවි...