කඩුල්ල

කඩුල්ල News

🤔 පොලිසියට ඔබේ PHONE එක CHECK කරන්න පුලුවන්ද? 🇱🇰 | ඔබේ අයිතිවාසිකම් හරියටම දැනගන්න! ⚖️අද කාලේ අපේ පෞද්ගලික තොරතුරු ගොඩක්...
17/08/2025

🤔 පොලිසියට ඔබේ PHONE එක CHECK කරන්න පුලුවන්ද? 🇱🇰 | ඔබේ අයිතිවාසිකම් හරියටම දැනගන්න! ⚖️

අද කාලේ අපේ පෞද්ගලික තොරතුරු ගොඩක්ම තියෙන්නේ අපේ ජංගම දුරකථනයේ. 📱 ඉතින්, පොලිසියට ඔබේ දුරකථනය පරීක්ෂා කරන්න පුලුවන්ද? ලංකාවේ නීතිය මේ ගැන මොකද කියන්නේ? මේ වැදගත් ලිපිය කියවලා ඔබේ අයිතිවාසිකම් ගැන දැනුවත් වෙන්න. 👇

පොලිසියට ඔබේ දුරකථනය පරීක්ෂා කළ හැකිද?

වර්තමාන ඩිජිටල් යුගයේ ජංගම දුරකථනය යනු පුද්ගලයෙකුගේ පෞද්ගලික තොරතුරු රැසක් ගබඩා කර ඇති අතිශය සංවේදී උපකරණයකි. 📲 එබැවින්, පොලිස් නිලධාරීන් විසින් ජංගම දුරකථන පරීක්ෂාවට ලක් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිමය තත්ත්වය පිළිබඳව පුරවැසියන් දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ. මෙම ලිපිය මගින් එම නීතිමය පසුබිම, අසභ්‍ය ප්‍රකාශන සන්තකයේ තබා ගැනීම හා සම්බන්ධ නීතිය සහ නීති විරෝධී පරීක්ෂාවකට ලක්වුවහොත් ගත හැකි ක්‍රියාමාර්ග විස්තරාත්මකව විග්‍රහ කරයි.

සාමාන්‍ය නීතිය - අධිකරණ නියෝගයක අවශ්‍යතාවය 📜

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව, පොලිස් නිලධාරියෙකුට හුදෙක් සැකයේ මත පමණක් පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් පරීක්ෂා කිරීමට බලයක් නොමැත. 👮‍♂️❌ යම් අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයකදී වුවද, පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකි අවස්ථාවක, ඔහුගේ හෝ ඇයගේ දුරකථනය පරීක්ෂා කිරීමට පොලිසියට ඒකපාර්ශ්විකව තීරණය කළ නොහැක.

එවැනි පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම්, පොලිසිය විසින් අදාළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, එමගින් ලබාගන්නා සෝදිසි වරෙන්තුවක් (Search Warrant) ඉදිරිපත් කළ යුතුය. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 18 වන වගන්තිය යටතේ "වරෙන්තුවක් සහිතව සෝදිසි කර අත්අඩංගුවට ගැනීමේ බලතල" පිළිබඳව පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව, මහේස්ත්‍රාත්වරයෙකුගේ නියෝගයක් මත පමණක් ජංගම දුරකථනයක්, පරිගණකයක් හෝ ඒ හා සමාන ඉලෙක්ට්‍රොනික උපකරණයක් පරීක්ෂා කිරීමට පොලිසියට බලතල පැවරේ. ⚖️

මෙම නීතිමය ආරක්ෂණය පුරවැසියාගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය (Right to Privacy) තහවුරු කිරීම සඳහා අතිශය වැදගත් වේ. 🛡️

අසභ්‍ය ප්‍රකාශන සහ නීතිමය තත්ත්වය 🔞

ජංගම දුරකථනයක අසභ්‍ය ප්‍රකාශන (Obscene Publications) තිබීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී, අදාළ ප්‍රකාශන සන්තකයේ තබා ගැනීමේ අරමුණ වැදගත් වේ.

1927 අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත සහ 2005 එහි සංශෝධනය

මෙම පනතට අනුව, අසභ්‍ය ලේඛන, චිත්‍ර, ඡායාරූප, වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය වස්තූන් වෙළඳාම, බෙදාහැරීම, ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම, ආනයනය හෝ අපනයනය කිරීම සහ එම අරමුණු සඳහා සන්තකයේ තබා ගැනීම වරදකි. "විකිණීමේ හෝ බෙදාහැරීමේ අරමුණින්" (for the purpose of trade or distribution) යන කොටස මෙහිදී තීරණාත්මකය. හුදෙක් පෞද්ගලික පරිහරණය සඳහා පමණක් අසභ්‍ය දර්ශන කිහිපයක් දුරකථනයේ තිබීම මෙම පනත යටතේ සෘජුවම වරදක් ලෙස අර්ථ නොදැක්වෙන නමුත්, ඒවා බෙදාහැරීමකට හෝ වෙළඳ කටයුත්තකට යොදාගත් බවට සාක්ෂි වෙතොත් අත්අඩංගුවට ගැනීමට හැකිය. 📤

දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 සහ 287 වගන්ති ද අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වැදගත් වේ.

වගන්ති 285 සහ 286

මෙම වගන්ති යටතේ අසභ්‍ය පොත්, පත්‍රිකා, චිත්‍ර, ඡායාරූප ආදිය විකිණීම, බෙදාහැරීම, ප්‍රදර්ශනය කිරීම හෝ සංසරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

වගන්තිය 287

අසභ්‍ය ගීත ප්‍රසිද්ධියේ ගායනා කිරීම, කීම හෝ උච්චාරණය කිරීම මෙමගින් වරදක් බවට පත් කර ඇත.

විශේෂයෙන්ම ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන (Child Po*******hy) සන්තකයේ තබා ගැනීම, බෙදාහැරීම හෝ නිෂ්පාදනය කිරීම ඉතා බරපතල ගණයේ වරදක් ලෙස සැලකෙන අතර, ඒ සඳහා ඉහත නීති සහ පරිගණක අපරාධ පනත යටතේ දැඩි දඬුවම් නියම කළ හැකිය. 🚨

නීතිය වෙනස් වන සුවිශේෂී අවස්ථා ⚠️

ඉහත සඳහන් කළ අධිකරණ වරෙන්තු අවශ්‍යතාවය ඇතැම් සුවිශේෂී අවස්ථාවලදී වෙනස් විය හැක.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)

ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විට, පොලිසියට සහ ආරක්ෂක අංශවලට පුළුල් බලතල හිමිවේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ, ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ යැයි සාධාරණ සැකයක් ඇති පුද්ගලයෙකු, ස්ථානයක් හෝ උපකරණයක් වරෙන්තුවක් නොමැතිව සෝදිසි කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇත. එවැනි අවස්ථාවකදී, ජංගම දුරකථනයක් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝගයක් අත්‍යවශ්‍ය නොවේ.

පරිගණක අපරාධ පනතේ විශේෂ විධිවිධාන:
2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 21 වන වගන්තිය යටතේ, "පොලිස් නිලධරයකුට අත්අඩංගුවට ගැනීමට, සෝදිසි කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට ඇති බලය" යටතේ, යම් හදිසි අවස්ථාවකදී හෝ සාක්ෂි විනාශ වීමේ අවදානමක් පවතින විට, වරෙන්තුවක් නොමැතිව වුවද සෝදිසි කිරීම් සිදුකිරීමට සීමිත අවසරයක් ලබා දී ඇත. කෙසේ වෙතත්, මෙය පොලිසියට අභිමතය පරිදි ක්‍රියාකිරීමට ලබා දුන් බලයක් නොව, ඉතා සුවිශේෂී සහ සාධාරණීකරණය කළ හැකි අවස්ථාවන් සඳහා පමණක් සීමා වූවකි.

නීති විරෝධී අත්අඩංගුවට ගැනීමකදී ගත හැකි ක්‍රියාමාර්ග 💪

ඔබගේ ජංගම දුරකථනය ඉහත සඳහන් නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින්, අධිකරණ නියෝගයක් නොමැතිව (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි විශේෂ නීතියක් යටතේ නොවන අවස්ථාවක) පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කළහොත් හෝ අත්අඩංගුවට ගනු ලැබුවහොත්, ඔබට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග කිහිපයක් පවතී.

01. නීතිඥ සහාය ලබා ගැනීම - පළමුවෙන්ම, නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. 👨‍⚖️

02. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම - ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය. 🏛️

03. මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.

04. පොලිස්පතිවරයාට හෝ ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කිරීම - අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් ඉල්ලා පොලිස්පතිවරයාට හෝ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකිය.
අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ නීතියට අනුව පොලිසියට පුරවැසියෙකුගේ ජංගම දුරකථනයක් පරීක්ෂා කළ හැක්කේ දැඩි නීතිමය රාමුවක් තුළ පමණි. ✅ තම අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වීම සහ ඒවා උල්ලංඝනයවීම වලක්වා ගන්න.

Law Guide පිටුවට නීතිඥ නාලින්ද දිසානායක මහතා ලියූ ලිපියකි.

උපුටා ගැනීමකි.

සුබ දවසක්.....
05/08/2025

සුබ දවසක්.....

👇👇
08/07/2025

👇👇

සංසෝදන වූ දඩමුදල් ඇත්නම් කරුනාකර පහලින් නිවරදි කරන්න..📝❤•  වලංගු යෝග්‍යතා සහතිකයක් නොමැතිව රිය පැදවීම – රු 4,000.00• ලිය...
08/07/2025

සංසෝදන වූ දඩමුදල් ඇත්නම් කරුනාකර පහලින් නිවරදි කරන්න..📝❤
• වලංගු යෝග්‍යතා සහතිකයක් නොමැතිව රිය පැදවීම – රු 4,000.00
• ලියාපදිංචියකින් තොරව රිය පැදවීම -රු 10,000.00
• බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම – රු10,000.00
• රක්ෂණයක් නොමැතිව රිය පැදවීම – රු20,000.00
• වැරදි අංක තහඩු සහිතව රිය පැදවීම – රු10,000.00
• රියදුරු අතර ධාවනය වන රියදුරු දෘෂ්ටි රේඛාව තුල විද්යුත් උපාංගය භාවිතා කිරීම – රු10,000.00
• රිය පැදවීමේදී ගංජා දුම්පානය – රු10,000.00
• බලපත්‍රයේ නියමයන් නොසලකා මෝටර් රථය භාවිත කිරීම -රු 30,000.00 + දින 15 ක් සිරගත කිරීම
• තහඩු නොමැතිව රියදුරු බලපත්රයක් හෝ බලපත්‍රයකින් තොරව රිය පැදවීම – රු5000.00
• බලපත්‍රයක් නොමැතිව හෝ රියදුරු බලපත්රයකින් තොරව රිය පැදවීම – රු2000.00
• බලපත්‍රයක් හෝ අවසරයකින් තොරව රිය පැදවීමට අවසර දීම – රු15,000.00
• නතර කළ විට බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රය නොතිබීම – රු10,000.00
• අනතුරක් සිදු නොවූ නොසැලකිලිමත් රිය ධාවනය – රු11,000.00
• නොසැලකිලිමත් රිය ධාවනය මගින් රථය ගැටීම- රු25,000.00
• ආසන පටියකින් තොරව රිය පැදවීම – රු 2000.00
• ආසන පටි පැළඳ නොගෙන මගීන් සමඟ ගමන් කිරීම – රු2000.00
• නිශ්ශබ්ද කලාපවල නලා ශබ්ද කිරීම – රු5000.00
• බලපෑම් යටතේ ධාවනය කරන පුද්ගලයෙකු සමඟ ගමන් කිරීම – රු12,000.00
• රථවාහන සලකුණු වලට කීකරු වීම අසමත් වීම – රු10,000.00
• රථයක් ඉස්සර කරන විට වම් පසට වන්නට ධාවනය නොකිරීම – රු5,000.00
• වමෙන් ඉස්සර කිරීම – රු5,000.00
• වෙනත් ඉස්සර කරන වාහන වලට ගමන් කිරීමට ඉඩ නොදීම – රු5,000.00
• මාර්ගයේ බාධා වන ආකාරයෙන් රථ ධාවනය- රු4,000.00
• මාර්ගය ඉදිරිය නොපෙනෙන තැනක ඉස්සර කිරීම – රු9,000.00
• හැරීවීම සඳහා වාහන දෙකක දිගට වඩා පසුපසට ධාවනය කිරීම – රු3,000.00
• 16-32 km / h කින් වේගයෙන් සීමාව ඉක්මවා – රු12,000.00
• කිලෝමීටර් 33-49 – රු20,000.00
• කිලෝ මීටර් 50 ක හෝ ඊට වැඩි – රු30,000.00
• රථවාහන සංඥානයට අනුකූල වීම අසමත් වීම – රු10,000.00
• ගමනාගමන පාලක සලකුණ සමග අනුකූල නොවීම – රු12,000.00
• වාහනයේ නිදහස් ගමන් මාර්ගයට බාධා කිරීම – රු5,000.00
• රියදුරු අතර ජංගම දුරකථන හෝ ⁣වෙනත් විද්යුත් උපාංගයක් භාවිතා කිරීම – රු10,000.00
• රියදුරු අතර විද්යුත් උපාංගයක් තබා ගැනීම – රු10,000.00

උපුටා ගැනීමකි.. 📝

හිතන්නකො නොකා නොබි හරියට අදින්නෙ පලදින්නෙ නැතුව ඇවිදින්නෙ නැතුව ඉතුරු  කරලා ලංකාවට  යන දාට ඕක උනා කියලා 🙄 අන්න ඒ නිසයි ක...
13/06/2025

හිතන්නකො නොකා නොබි හරියට අදින්නෙ පලදින්නෙ නැතුව ඇවිදින්නෙ නැතුව ඉතුරු කරලා ලංකාවට යන දාට ඕක උනා කියලා 🙄

අන්න ඒ නිසයි කියන්නෙ ජිවිතේ කියන්නෙ මේ ගතවෙන මොහොතේ විතරයි ඊයෙවත් හෙටවත් තව අවුරුදු පහකින්වත් නෙවෙයි 🙂❤️

වගකීම් වෙනුවෙන් ඉතුරු කරන්න අනාගතය සැලසුම් කරන්න හැබැයි මතක ඇතිව තමන් වෙනුවෙනුත් තමන්ව සතුටින් තියන්නත් කොටසක් අයින් කරන්න මේ ගතවෙන මොහොතෙ හිනාවෙලා සතුටින් ඉන්න ❤️🙏

🙏🙏🙏🙏🙏🙏🙏
10/06/2025

🙏🙏🙏🙏🙏🙏🙏

පහල ඇල්ල වැවේ දිය නෑමට ගිය 04ක්  මිය ගිය බවට සැක.... දෙදෙනෙකු ගේ සිරුරු හමුවේ......
08/06/2025

පහල ඇල්ල වැවේ දිය නෑමට ගිය 04ක් මිය ගිය බවට සැක.... දෙදෙනෙකු ගේ සිරුරු හමුවේ......

අද(05) උදෑසන වටිනා ජීවිත රැසක් සහ දුම්රිය දෙපාර්තමේන්තුව සතු සාගරිකා දුම්රියට සිදුවීමට ගිය විශාල අනතුර බේරාගත් වීරයා තමය...
05/06/2025

අද(05) උදෑසන වටිනා ජීවිත රැසක් සහ දුම්රිය දෙපාර්තමේන්තුව සතු සාගරිකා දුම්රියට සිදුවීමට ගිය විශාල අනතුර බේරාගත් වීරයා තමයි මේ ඉන්නේ.
පානදුර දුම්රිය ස්ථානයට ආසන්න ස්ථානයක දුම්රිය මාර්ගයේ පීල්ල කැඩී ඇති බව දැක ඔහු තමන් ඇද සිට් ටී ෂර්ට් එක ගලවා එය ඔසවාගෙන ඉදිරියට දිව විත් දුම්රිය නවතා තිබෙනවා.
ඇත්තෙන්ම ඔහුගේ ක්‍රියාව වෙනුවෙන් එහි ගමන් ගත් සියලුම ජනතාව, දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ අපගේ හදපිරි ස්තුතිය...

සටහන - Dhanushka Wickramasinghe
LankaRailways

🙏🙏🙏🙏🙏
30/05/2025

🙏🙏🙏🙏🙏

සුවහසක් රසික සිත් රංගනයෙක් සුවපත් කෙරූ හෙළ සිනමාවේ නිළි රැජිනමාලිනී ෆොන්සේකා කලාකාරිණියනීඔබතුමියට නිවන්සුව ලැබේවා
24/05/2025

සුවහසක් රසික සිත් රංගනයෙක් සුවපත් කෙරූ හෙළ සිනමාවේ නිළි රැජින
මාලිනී ෆොන්සේකා කලාකාරිණියනී
ඔබතුමියට නිවන්සුව ලැබේවා

Address

Anuradhapura
50500

Alerts

Be the first to know and let us send you an email when කඩුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share