ස්වර්ග සරණ page

ස්වර්ග සරණ page "තාරුණ්‍යය නැගිටින්න, ආදරයට යාගයක් වූ සමිදුන්
සොයා එන්න"
Roman Catholic Us ♥️

01/05/2025
21/04/2025

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2025 අප්‍රේල් 21 වන සඳුදා වයස අවුරුදු 88 දී වතිකානුවේ කාසා සැන්ටා මාර්ටා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වී තිබේ.පාස්කු සඳුදා පෙ.ව. 9:45 ට, අපෝස්තලික මණ්ඩලයේ කැමර්ලෙන්ගෝ කාදිනල් කෙවින් ෆැරල්, කාසා සැන්ටා මාර්ටා හිදී මේ බව නිවේදනය කළේය."ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පියතුමාගේ අභාවය පිළිබඳව මම දැඩි ශෝකයෙන් ප්‍රකාශ කළ යුතුයි. අද උදෑසන 7:35 ට රෝමයේ රදගුරු ෆ්‍රැන්සිස් පියතුමාගේ නිවසට ආපසු ගියේය. ඔහුගේ මුළු ජීවිතයම ස්වාමින් වහන්සේට සහ උන්වහන්සේගේ පල්ලියට සේවය කිරීම සඳහා කැප කරන ලදී. ශුභාරංචියේ වටිනාකම් විශ්වාසවන්තව, ධෛර්යයෙන් සහ විශ්වීය ප්‍රේමයෙන්, විශේෂයෙන් දුප්පත්ම සහ වඩාත්ම ආන්තික වූවන්ට පක්ෂව ජීවත් වීමට ඔහු අපට ඉගැන්වීය. ජේසුස් ස්වාමීන් වහන්සේගේ සැබෑ ගෝලයෙකු ලෙස ඔහුගේ ආදර්ශයට ඉමහත් කෘතඥතාවයෙන් යුතුව, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආත්මය ඒකීය හා ත්‍රිත්ව දෙවියන් වහන්සේගේ අසීමිත දයානුකම්පිත ප්‍රේමයට අපි භාර දෙමු.

අපට පෙර ස්වර්ගයට ගිය මිනිස්සුන්ගේ , සය වසරක අමරණීය දවසක්.....ඔවුන් තවමත් අපගේ මතක ලෝකයේජීවත් වෙති...මැරි මැරි උපදින්නේ ඔ...
21/04/2025

අපට පෙර ස්වර්ගයට ගිය මිනිස්සුන්ගේ ,
සය වසරක අමරණීය දවසක්.....
ඔවුන් තවමත් අපගේ මතක ලෝකයේ
ජීවත් වෙති...
මැරි මැරි උපදින්නේ ඔවුන් නොව අපය...
ඔවුන්ගේ ආත්මයන්ට සැනසීම ඇත්තේ,
යුක්තිය ඉටුවීම තුළද කියා අප නොදනිමු...
අප එසේ සිතමු.......
ඒ වෙනුවෙන් සැමදාම පෙනී සිටිමු....
එය නොපෙනන තරම් ඈතකට ගොස් ඇතැයි
විටෙකු අපට සිතේ..
නමුත් අපි සැමදාමත් ඔවුන් සිහි කරමු...
ඒ වෙනුවෙන් යදිමු.........✝😞

21st April 2025

Wishing you a joyful and blessed Easter filled with hope, love and new beginnings! 🤍
20/04/2025

Wishing you a joyful and blessed Easter filled with hope, love and new beginnings! 🤍

සුබවදනට පසුවදනක් 2025-04-18මහා සිකුරාදා ජේසු උපතට අවුරුදු 500 කට පමණ පෙර විසු යෙසායා දිවැසිවරයා *“ස්වාමින් වහන්සෙගේ කීකර...
18/04/2025

සුබවදනට පසුවදනක්
2025-04-18
මහා සිකුරාදා

ජේසු උපතට අවුරුදු 500 කට පමණ පෙර විසු යෙසායා දිවැසිවරයා *“ස්වාමින් වහන්සෙගේ කීකරු සේවකයා”* ලෙසින්, යමෙකු ගැන සඳහන් කරනවා.

මරණය දක්වා... ජීවිතයේ අවසාන තත්පරය දක්වා... තමන්ගේ ස්වර්ගීය තාත්තාට කීකරු වූයේ අන් කවරෙකුවත් නොව *ජේසුස් වහන්සේයි.*

කල්වාරි කඳු මුදුනට කුරුසිය උසුලාගෙන ගිහිල්ලා, ජේසු කීකරු වුනේ රෝම සොල්දාදුවන්ට හෝ පිලාත්ට හෝ නෙමෙයි. දේව තාත්තා තමන්ට ඉටුකරන්න කියා පවරපු “මෙහෙවරටයි”.*

ඒ මෙහෙවර (MISSION) කුමක්ද? ඔබ මා ඇතුළු මේ මහා මිනිස් සංහතියම විමුක්තිය කරා රැගෙන යාම යි, ජේසුට බාරදුන් ඒ භාරදූර මෙහෙවර.

දුක්විඳීම සහ කුරුසියේ මරණය කියන්නෙ ඒ තම මෙහෙවරේම කොටසක් - අත්‍යාවශ්‍යම කොටසක් බව ජේසු තේරුම් ගත් බව අද දේව වචනයෙන් හොඳින් පැහැදිලි වෙනවා.

දෙවි පියාණන් තමන්ට බාරදුන් *“මෙහෙවර”, මරණය ඉදිරියේදීවත් අත්නොහැරි ජේසුස් වහන්සේ, *“ස්වාමින් වහන්සෙගේ කීකරු සේවකයා”* වන්නේ ඒ නිසයි.

—————————

ඉතිං මේ කීකරු සෙනෙහෙවන්තයාණන්ගේ දුක්ප්‍රාප්තිය සහ උකුත් වීම අපි ආදරයෙන් අද සිහි කරමු. මොකද.... මේ තරම් මහා ආදරයකින් අපට ආදරේ කරන වෙන කිසිවෙකුත් මේ ලෝ තලයේ ඔබට මට හමුවන්නේ නැති නිසා... . ❤️✝️

සුබ වදනට පසුවදනක් 2025-02-10ශු. මාක් 6 : 53 - 56ඉන්ද්‍රජාලයක් (මැජික් එකක්) සහ ප්‍රාතිහාර්යයක් අතර පැහැදිලි වෙනසක් තිබෙන...
10/02/2025

සුබ වදනට පසුවදනක්
2025-02-10
ශු. මාක් 6 : 53 - 56

ඉන්ද්‍රජාලයක් (මැජික් එකක්) සහ ප්‍රාතිහාර්යයක් අතර පැහැදිලි වෙනසක් තිබෙනවා.

# ඉන්ද්‍රජාලයක් කියන්නේ එක්තරා විදිහක රැවටීමක්. විජ්ජාවක්. ඇස්බැන්දුමක්. සත්‍යයක් සේ මවාපෑවත් සැබවින්ම අසත්‍යයක්.

# නමුත් ප්‍රාතිහාර්යයක් කියන්නේ සාමාන්‍යයෙන් සිදුවිය නොහැකි නමුත්, සැබැවින්ම සිදුවෙන සංසිද්ධියක්. යතාර්ථයක්. සත්‍යයක්. පරීක්ෂා කර ඔප්පු කළ හැක්කක්.

ජේසුස් වහන්සේ ඉන්ද්‍රජාලිකයෙක් නොවෙයි; නමුත් උන්වහන්සේ අතින් බොහෝ ප්‍රාතිහාර්යන් සිදු වුනු බවට සුවිශේෂක කතුවරුන් හතරදෙනාම සාක්ෂි ඕනෑතරම් සපයා තිබෙනවා. ඒ අතරින් රෝගී වුවන් සුව කිරීම විශේෂයි.

# එතකොට ජේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ වෙන මොකටවත් නොව, රෝගීන් සුව කරමින් රට වටේ යන්න ද? උත්තරය *නැහැ*.
# එහෙනම්, ජේසුස් වහන්සේ රෝගීන් සුව කළේ ඒ හරහා වෙනත් ගැඹුරු උගැන්වීමක් මතුකර පෙන්වන්නද? උත්තරය *ඔව්*.

*මොකද්ද ඒ ගැඹුරු උගැන්වීම?*
ජේසුගේ ප්‍රධානතම මෙලොව කාර්යය වුනේ දෙවියන් වහන්සේ වෙතින් ලැබෙන විමුක්තිය (ගැලවීම / දේව රාජ්‍යය) අපට උදා කර දීමයි. මෙන්න මේ ගැලවීමේ මාර්ගය (හෙවත් තමන් වහන්සේ) වෙතට ජනතාව යොමු කරවාලන්නට, ඔවුන් තුළ විශ්වාසය ඇතිකරවාලන්නට, උන්වහන්සේ විවිධ ක්‍රමවේදයන් අනුගමනය කළා.

රෝගපීඩා වල බලයටත් වඩා, මරණයේ බලයටත් වඩා, කොටින්ම යක්ෂයාගේ බලයටත් වඩා *දේව බලය* ඉතා ඉහළින් බව ජීවමානව පෙන්වාලීම එයින් එකක්. ඒ නිසා තමයි උන්වහන්සේ රෝගීන් සුව කළේ, යක්ෂාවේශ වූවන් ඉන් මුදවා ගත්තේ, ලාසරස් වැන්නවුන් මරණයෙන් නැගිටෙව්වේ.

ඉතින්, *ජේසුස් වහන්සේගේ රෝගීන් සුව කිරීමේ ප්‍රාතිහාර්යයන් තුළීන් අප දැකිය යුත්තේ ඒ සුව කිරීම විතරක්ම නෙමෙයි.* එයින් ඔබ්බට ගිය ඒ ගැඹුරු උගැන්වීමයි - එනම්... දෙවියන් වහන්සේ මිනිසාට අසීමිතව ප්‍රේම කරන බව..., උන්වහන්සේ මිනිසාව සියළු ආකාර වහල්කම් සහ බැමි වලින් නිදහස් කර විමුක්තිය උදාකර දෙන බව, ඒ සඳහා දේව පුත්‍රයාණන්ව අප අදහා ගත යුතු බව...

*කෙනෙකු ඇඟිල්ල දිගු කර හඳ පෙන්නුවත්, ඇඟිල්ල දිහා විතරක්ම බලා ඉන්න කෙනෙකුට හඳ පෙනෙන්නේ නැහැ.*

ජේසුස් වහන්සේගේ බලය තුළ ඔබේ ජීවිතයේ ප්‍රාතිහාර්යක් සිදු වුවොත්, ඒ ප්‍රාතිහාර්යය දිහාම බලාගෙන ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. *ඒ හරහා උන්වහන්සේ ඔබට කියන්නේ මොනවා දැයි විමසා බැලීම නේද ඇත්තටම සිදු විය යුත්තේ?*

28/01/2025

#ස්වර්ග සරණ අපි දුක් කරදර වලින් පීඩා විදින ඔබට සහනක් දෙවියන්වහන්සේ තුලින් හොයා දීම අපගේ බලාපොරොත්තුව සහ එකම අරමුණයි ගරු ඇන්ටන් මොරිස් පියතුමා ජනවාරි 28 #ස්වර්ග සරණ අපි සමග අත් වැල් බැද ගැනීමට ඔබ සියලූ දෙනාට බැති සිතින් ආරාධනා

සුබ වදනට පසුවදනක් 2025-01-27ශු. මාක් 3:22-30*විනයධරයෝ "මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැ යි”ද, ”දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දු...
27/01/2025

සුබ වදනට පසුවදනක්
2025-01-27
ශු. මාක් 3:22-30

*විනයධරයෝ "මොහුට බෙල්සෙබුල් ආවේශ වී ඇතැ යි”ද, ”දුෂ්ටාත්මාධිපති බලයෙන් ඔහු දුෂ්ටාත්මයන් දුරු කරති”යි ද කී හ. එවිට ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා, උපමාවලින් ඔවුන්ට කතා කළ සේක.*

විනයධරයෝ කතා කරමින් හිටියාලු ජේසුස් වහන්සේට "යකෙක් වැහිලා!" කියලා. නමුත් ජේසුස් වහන්සේ ප්‍රතිචාරය වුනේ අමුතුම එකක්. ජේසු ඔවුන්ව ලඟට හඬගහනලා උපමා වලින්ම ඔවුන්ට පැහැදිලි කරලා දෙනවා ඔවුන්ගේ මතය වැරදි බවට.

ඔව්... උන්වහන්සේ *ප්‍රශ්නය හමුවේ කඩා වැටුනේ නැහැ. පැන ගියේ නැහැ. එයට මුහුණ දුන්නා. අභියෝගයට ප්‍රතිචාර දැක්වුවා.* ඒ විතරක් නෙමෙයි, ඒ ප්‍රශ්නයම අවස්ථාවක් කරගත්තා විනයධරයන්ට කතා කරන්න. ඔවුන්ගේ වැරදි අදහස් සම්බන්ධයෙන් ඔවුන්ටම අභියෝග කරන්න.

වෙන විදිහකින් කීවොත් ජේසුස් වහන්සේ *තමන් මුහුණ දුන් ප්‍රශ්නය වෙස් වලාගත්ත ආශිර්වාදයක් කර ගත්තා.*

අනුන් විසින් අපට එරෙහිව කරන කියන දේවල් නිසා, ඔබත් මමත් කොයිතරම් නම් හිතින් වැටෙනවද? ජීවිතේ නහගන්න පවා සිතනවද?

- අනුන්ගේ දොස්පරොස් අභියෝග ලෙස දුටුව
- සතුරාගේ වෛරයත් ආදරෙන් පිළිගත්ත
- හැම වැටීමක්ම නැගිටීමක් කරගත්ත
- ⁠ජීවිතේ අමිල බව තම ජීවිතෙන්ම කියා දුන්න
*ජේසු දිහා බලමු. උන්වහන්සේ මෙන් ජීවිතයට මුහුණ දෙමු - ආදරෙන්.*

27/01/2025

#ස්වර්ග සරණ අපි දුක් කරදර වලින් පීඩා විදින ඔබට සහනක් දෙවියන්වහන්සේ තුලින් හොයා දීම අපගේ බලාපොරොත්තුව සහ එකම අරමුණයි ගරු CIC කන්‍යා සොහොයුරියන් ජනවාරි 27 #ස්වර්ග සරණ අපි සමග අත් වැල් බැද ගැනීමට ඔබ සියලූ දෙනාට බැති සිතින් ආරාධනා

27/01/2025

මම කවදාවත් ඔයාට කියන්න ක්‍රමයක් හොයාගත්තට වඩා මම ඔයාට ආදරෙයි.” @

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when ස්වර්ග සරණ page posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share