Suneth Sandeepa

Suneth Sandeepa Artist 🎭
Journalist 📚📺
(1)

📚සීනි මුරුක්කු✍ Kasun Mahendra Heenatigala 🔖සරසවි ප්‍රකාශකයෝ📖පිටු 312💰මිල 1200/="ගොළු හදවතේ දම්මි සුගත්ට දුන්නෙ වෙරළු.චූ...
24/07/2025

📚සීනි මුරුක්කු
✍ Kasun Mahendra Heenatigala
🔖සරසවි ප්‍රකාශකයෝ
📖පිටු 312
💰මිල 1200/=

"ගොළු හදවතේ දම්මි සුගත්ට දුන්නෙ වෙරළු.චූටි දෙවේ, මං ඒ සන්ධියේ අපේ නෝනට දුන්නේ සීනි මුරුක්කු. ආදරේ ඇඹුල් නෑ කෙල්ලෙ. හරි ආදරේ පැණි රහයි!"

පසුගිය වසරේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අතිශය ජනප්‍රියත්වයට පත්ව අලෙවි වූ කෘතියක් වන මෙම සීනි මුරුක්කු කෙටිකතා සංග්‍රහය ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගලයන්ගේ කුළුදුල් නිර්මාණයකි. කෙටි කතා 20කින් සැදුම් ලත් මෙම කෘතියේ එකිනෙකට වෙනස් කාලීන සමාජ කතා සාරයන්ගෙන් නිර්මාණය කොට තිබේ. අතිශය ජනප්‍රියත්වයේ උණුසුම තුළ මා ද මෙම කෘතිය මිල දී ගත්ත ද කියවීමට හැකියාව ලැබූයේ පසුගිය දිනවලය.

මෙහි අන්තර්ගත බොහෝ කතා සාරයන් දෙස බැලූ විට සරල ගැමි බස් වහරක් මොහු යොදා ගෙන මෙය ලියා ඇති බවට කියවන විට මා හට හැගුණි. ඇතැම් ප්‍රකාශයන් වහෙන් ඔරෝ නැතිව කෙලින් ම ඉදිරිපත් කර තිබීමත්, අසභ්‍ය වචනත් එලෙසින් ම ලියා ඇති බවක් ද දැනුණි. ඇතැම් කරුණු කාරණා මදක් කියවා යන විට යම් කම්මැලි ස්වභාවයක් ගත්තා ද නොවේ. නමුත් මෙහි ඇතැම් කෙටි කතා අවසානයේ හිසට පොලු පහරක් වදින්නාක් මෙන් අවසන් කොට ලිවීම තුළ ඉතා උසස් ගණයේ කතාවන් ද මෙහි අන්තර්ගත කොට තිබීමේ සලකුණු තිබේ. සමස්ත කෘතිය තුළ හිතට වඩාත් සමීප වූ කතාවන් කිහිපයක් හමු විය. බට්ටා , මරණ සහතික සහ සහතික මරණ ,කහ වත ඇදි කත, ඔරායන් යන කෙටි කතා ඒ අතර වේ.

සමස්තයක් වශයෙන් ගත් කළ කෘතිය තුළ විශාල අඩුපාඩු දැක ගත නොහැකි නමුදු කියවන මගේ ශානරයන්ට යම් තාක් දුරට සමීප නොවන බවක් උසුලනා හෙයින් මන්ද මට මෙය එතරම් සාර්ථක කියවීමක් ලෙස නොහැගේ. නමුත් මෙය තවකෙකුට උසස් කියවීමක් විය හැක. එය එකිනෙකාට සාපේක්ෂ බව ද කිව යුතු ය.
✍ උපුටා ගැනීම
Hansika Liyanage ෆේස්බුක් ගිණුමෙනි.

සීත අරණේ සුපුල් නා මල 🥺 ශ්‍රී ලාංකීය සිංහල සිනමාව තුළ මා දුටු සැබෑම රංගන ශිල්පිනිය ඇයයි. ශ්‍රී ලාංකීය කලාකෙත අස්වැද්දූ හ...
24/05/2025

සීත අරණේ සුපුල් නා මල 🥺

ශ්‍රී ලාංකීය සිංහල සිනමාව තුළ මා දුටු සැබෑම රංගන ශිල්පිනිය ඇයයි. ශ්‍රී ලාංකීය කලාකෙත අස්වැද්දූ හෙළයේ මහා නිළි රැජිණිය යන්න ඇයට කිසිදු විවාදයකින් තොරව හිමිවිය යුතුම ගෞරව නාමයකි. එදා මෙදා තුර නිර්මාණ රාශියක් තුළින් ප්‍රේක්ෂක සිත් ගැඹුරෙහි තම මතකයන් රැස් කළ ඇය, "මාලනී ෆොන්සේකා" මහත්මිය තම දිවි සැරිය නිම කළ බව සංවේගයෙන් යුතුව පළ කරමි.

ඇයට අජරාමර නිර්වාණ සම්පත්තිය ලැබේවා. 🙏


පුළුවන් හැමෝම මේ වෙලාවේ ඇයට හයියක් වෙමු. ✊Rupa Pathirana  බොහොමයක් බොරුවෙන් ජීවත්වෙන රංගන ශිල්පීන් ශිල්පිනියන් අතරින් මම...
21/05/2025

පුළුවන් හැමෝම මේ වෙලාවේ ඇයට හයියක් වෙමු. ✊
Rupa Pathirana බොහොමයක් බොරුවෙන් ජීවත්වෙන රංගන ශිල්පීන් ශිල්පිනියන් අතරින් මම දැකපු නිහතමානී ම කලාකාරිනියක්. අපේ රංගන ක්ෂේත්‍රයට ඇය වත්කමක්. ඇය සමග සමග මා කළ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී ඇය පිළිබඳව බොහෝ දෙනා නොදත් කාරණා රැසක් මට දැනගන්න පුළුවන් වුණා.
ඒ අතර ඇය කියූ එක්තරා දෙයක් මගේ හිතට ටිකක් තදින් දැනුනා.
" අනේ පුතේ මම කූඹියෙක්ටවත් කරදරයක් කරන්න කැමති මනුස්සයෙක් නෙමෙයි.මම මහපොළොවේ පය ගහලා ඉන්න කැමති ගැහැනියෙක් "
එහෙව් නිහතමානී කලාකාරිනියකට මේ වෙලාවේ ඔබෙන් නොලැබෙන උදව්වෙන් පලක් නැහැ. හැමෝටම මුදලින් උපකාර කරන්න වත්කමක් නැතිවෙන්න පුළුවන්. හැබැයි හැමෝටම මේ Post එක Share කරලා ඇයට හයියක් වෙන්න පුළුවන්. මේ ඔබේ සහයෝගය අවශ්‍යම වෙලාවයි. ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන් හැමෝටම දැනගන්න මේක Share කරන්න.

❤️
20/05/2025

❤️

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Suneth Sandeepa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category