Helaahara Healthy Lanka Pvt Ltd

Helaahara Healthy  Lanka Pvt Ltd Dehydrated Foods,
Traditional healing in a modern way -
Natural herbal powders.

27/08/2026
           #දියවැඩියාව
26/08/2026

#දියවැඩියාව

09/08/2026

කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ධර්ම දේශනාවකට සහභාගී වී සිටි විශේෂ චරිතයක් අහම්බෙන් කැමරා කාචයේ සටහන් වූ දර්ශනයක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා දැඩි අවධානයට ලක්ව තිබේ. ඒ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආදරණීය බිරිඳ වන මල්ලිකා දිසානායක මහත්මියයි. ඇයගේ ඇති නිහතමානීකම සහ සරල බව පිළිබඳව බොහෝ දෙනා මේ දිනවල පැසසුම් මුඛයෙන් කතා කරනවා,.

එහෙත්, මේ අතරතුර ඇතැම් දේශපාලන කඳවුරු විසින් ජනාධිපති අනුර කුමාර මහතා ඉලක්ක කරගනිමින් නොයෙකුත් අසත්‍ය මඩ ප්‍රචාරයන් දියත් කරමින් ඉන්නවා. ඔහු විවාහ වී සිටින්නේ "පුංචි අම්මා" සමඟ බවට කෙරෙන ප්‍රචාරය මින් ප්‍රධාන තැනක්ගන්නවා . මෙම අසත්‍ය කතාවට මීට පෙර අවස්ථාවක අනුර කුමාර දිසානායක මහතා විසින්ම ලබා දුන් සංවේදී සත්‍ය පිළිතුර පහත දැක්වේ.

උපුටා ගැනීම:
''මම හිතුවා මේක කියන්න පුළුවන් උචිතම අවස්ථාව මේක කියලා, මීට පෙර වැඩිම උනොත් මා පුද්ගලිකව දෙදෙනෙකුට පවසලා ඇති, මෙය ආරක්ෂා කලයුතු කරුණක් නිසා මා මෙතෙක් කල් විශ්වාස කරපු නිසා, අපි ඉතා ඈත ග්‍රාම වල ඉපදුන මිනිස්සු, ගම්වල තිබෙන ගැටුම් අපේ ජීවිත වලත් තිබුනා, ගම්වල තිබුන පීඩනය අපේ ජීවිත වලත් තිබ්බා, ගම්වල තිබ්බ නීරස රළු ඒ ජීවිතය අපේ ජීවිත වලත් තිබ්බා, අපේ අප්පච්චිට ලොකු පරම්පරාවක් නැහැ, ඔහුගේ නාතීන් එක්කෙනෙක් දෙන්නෙක් හැර මම දන්නේ නැහැ, අපේ අම්මට ලොකු පරම්පරාවක් තිබ්බා, පරම්පරාවක් කියන්නේ පිරිසක් හිටියා, වැරදි අර්ථකතනයක් ගන්න එපා, පිරිසක් කියන්නේ සහෝදරියන් හිටියා සහෝදරයින් හිටියා, අප්පච්චි සහෝදර සහෝදරියන් මම දන්නේ නැහැ,

අපේ අම්මගේ එක නැගණියක් හිටියා ඔහු විවාහ වෙලා හිටියේ කොන්ඩේ කපන්නෙක් සමග, ඔහු විශාල ලෙස මත්පැන් පානයට හුරු වෙලා හිටපු කෙනෙක්, මට මතකයි පුංචි අම්මගේ අතේ තාම තියෙනවා කතුරු පාරක්, තමන්ගේ ස්වාමියාගෙන් එල්ල කරන ලද, ඒ පීඩනයට ඔරොත්තු දෙන්න බැරුව, ඒ ගමට ආව මිනිදෝරු මහත්තයෙක්, ඒ මහත්තයා එක්ක අනියම් සම්බන්දයක් ගොඩ නගාගෙන අපි ඉතාම කුඩා අවදියේ, මට හීනයක් වගේ මතක, ඒ මිනින්දෝරු මහතා එක්ක පුංචි අම්මා යනවා, ගම්වල කතා උනා 'සුමනා පැනලා ගියා කියලා' මට මතකයි,

ඇයට හිටියා දුවරු දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙක්, එක පුතෙක් අපේ අම්මා හදාගත්තා, ඔහු ඉපදුනේ මාර්තු මාසේ පළවෙනිදා, මම ඉපදුනේ නොවැම්බර් මාසේ 24 වෙනිදා එකම අවුරුද්දේ 1968.

අපි දෙනාම ගියේ එකම පාසලට එකම පන්තියේ, ආසන්න පුටු දෙකේ, අපි දෙන්නා නිදාගත්තේ එක ඇඳේ, අපි දෙන්නා පාඩම් කලේ එකම කුප්පි ලාම්පුවේ, අපි දෙන්න තරහා උනොත් දෙන්නම එකට පිටත් වෙනවා ඉස්කෝලෙට යන්න, යාලුවෙක් මගදී හමු උනාම ඔහු හරහා අපි දෙන්නා කතා කරනවා, අතරමැදියෙක් හරහා අපි කතා කරනවා, එතකන් අපි කතා නොකර යනවා, සාමාන්‍ය පෙලට අපි ඒකට වැඩි වුනේ, ඔහු විද්‍යා විෂයන් තෝරාගත්තා, මම ගණිත විෂයන් තෝරාගත්තා, අපේ පාසලේ විද්‍යාව සහ ගණිතය කියලා බෙදන්න තරම් ළමයි ගොඩක් හිටියේ නැහැ, අපි එකම පන්තියේ, ඔහු උත්බිත විද්‍යාව සහ සත්ව විද්‍යාව විෂයන් දෙකට වෙනම යනවා, අපි ශුද්ද ගණිතය සහ විවහාරික ගණිතය විෂයන් දෙකට වෙනම යනවා, එකට ඉඳගෙන භෞතික විද්‍යාව සහ රසාන විද්‍යාව හදාරනවා, A/L වලත් අපි එක ළඟ, අපි දෙන්නා දේශපාලනේට යන්නෙත් එකට, 1989 දෙසැම්බර් මාසේ 15 වන දින මට ඇසෙන වෙඩි ශබ්ද මානයේ ඔහු වෙඩි තබා ඝා*-ත*නය කළා, ඔහු සහ මගේ කිට්ටුම මිත්‍රයා පාසලේ ප්‍රේමසිරි, ඔවුන් එප්පාවල ඇඳගල බෝ ගහ ගාව ටයර් සෑයක දාලා විනාස කළා, මා ගෙදරට ගොස් ඉන්නවා පක්ෂෙන් පණිවිඩේ එනකන්, දින 10කට විතර පසුව පක්ෂෙන් පණිවිඩේ ආවා අයියා අත්අඩංගුවට අරගෙන කියලා, මරා දැමුවා කියලා නෙවෙයි...

ඒ අයියා හොයන්න අපේ අම්මත් පුංචි අම්මත් පන්සල්වල බෝධි පුජා තිබ්බා, කෝවිල්වල බාරහාර වුනා, සාත්තර කරුවන්ගෙන් සාත්තර ඇහුවා, මායම් වී සාත්තර කියන අයගෙන් පේන ඇහුවා, විටෙක කියනවා අඳුරු කරන ලද කුටියක ඉන්නවා කියලා, අම්මයි පුංචි අම්මයි හිතනවා හිරගෙදරක ඇති කියලා, විටෙක කියනවා සුදු වතින් ඉන්නවා කියලා, අම්මයි පුංචි අම්මයි හිතනවා භාවනා කරන තැනක ඇති කියලා, 1989 සිට අඩුම තරමේ වසර 10ක් ගතවෙන තෙක්, මා අද මෙහෙම කියන තෙක්, ඔවුන් මට වෙඩි ශබ්දය ඇසෙන්න මානයේ මියගිය බව මම පවසා නැහැ, කාලය විසින්ම ඒ සටහන් අම්මගෙත් පුංචි අමාගේත් හිතෙන් හිතෙන ඈත් වී යන්න ඇති, අවුරුදු 10කට වඩා වැඩි කාලයක් ඒවිද කොහේ සිටීවිද යන බලාපොරොත්තුවෙන් ඔවුන් ජීවිතය ගත කළා'' - උපුටා ගැනීම අවසන්

ජනාධිපති අනුර කුමාර මහතා මේ සඳහන් කරන්නේ ඔහුගේ පුංචි අම්මාගේ ලොකු පුතා වූ සුනිල් පිළිබඳවයි. 89 භීෂණ සමයේදී සුනිල් ඝාතනයට ලක්වීමෙන් පසුව, තනි වූ ඔහුගේ බිරිඳ (ඇතැම් තැනක පෙම්වතිය ලෙසද සඳහන් වේ) වූ මල්ලිකා මහත්මියට පිහිට වෙමින් ඇයගේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින්නේ අනුර කුමාර මහතායි. වත්මන් ජනාධිපති ආර්යාව වන්නේ එම මල්ලිකා මහත්මියයි.

කරුණු නොදන්නා ඇතැම් පිරිස් සහ කුහක දේශපාලන වාසි වෙනුවෙන් විකෘති කර ප්‍රචාරය කරන්නේ මෙම සංවේදී කතාන්දරයයි. අඳුරු භීෂණ යුගයක, ඈත දුප්පත් ගමක තනිවූ අසරණ ගැහැනියකට පිහිට වී ඇයට ආරක්ෂාව සහ ජීවිතයක් ලබා දීම වරදක්ද? ස්වාර්ථය පසෙකලා පරාර්ථකාමීව මෙවැනි තීරණ ගැනීමට හැකි වන්නේ ඉතාමත් දුර්ලභ ගණයේ මිනිසුන්ට පමණි. ඒ අතින් බලන කල, අනුර කුමාර දිසානායක මහතාගේ එම පරාර්ථකාමීත්වය සහ උතුම් ගුණාංගය සැමගේ ගෞරවයට ලක්විය යුත්තකි.

31/07/2026

Try it on Android, iOS, and web

Helaahara නිවසෙන්
30/07/2026

Helaahara නිවසෙන්

30/07/2026

30/07/2026

Address

No. 224, 04th Mile Post , Rajanganaya
Anuradhapura
50246

Website

Alerts

Be the first to know and let us send you an email when Helaahara Healthy Lanka Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share