26/02/2026
වී ගොවි ජනතාවට සුභ පණිවිඩයක්!
පදවි පරාක්‍රමපුර සමුපකාර සමිතියේ මැදිහත්වීමෙන්, රජයේ වී අලෙවි මණ්ඩල පරිශ්‍රයේ අලුතින් ස්ථාපිත කරන ලද නවීන වී වියළීමේ යන්ත්‍රය දැන් සේවාව සඳහා විවෘතයි.
අපගේ සේවාවන්හි විශේෂත්වය.
✅ කාලය ඉතිරි වීම: වැසි සහිත කාලගුණයකදී වුවද ඉතා කෙටි කලකින් වී වියළා ගත හැකි වීම.
✅ උසස් ප්‍රමිතිය: වී ඇටය කැඩීමකින් තොරව නියමිත තෙතමනයට (14%) වියළා දීම.
✅ සාධාරණ මිල: සමුපකාර ප්‍රතිපත්තිය මත පදනම් වූ ඉතා සහනදායී අයකිරීම්.
✅ පහසුව: වී අලෙවි මණ්ඩලයට වී ලබා දීමට පෙර එම ස්ථානයේදීම වියළා ගැනීමේ හැකියාව.
දැන් අප ඇණවුම් භාර ගනු ලැබේ!
ඔබේ අස්වැන්න අපතේ යා නොදී, ඉහළම ගුණාත්මකභාවයෙන් යුතුව වියළා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
📍 ස්ථානය: රජයේ වී අලෙවි මණ්ඩලය, පදවි පරාක්‍රමපුර.
📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අමතන්න: [0726988251]