29/03/2026
💎මැණික් දැනුම 7💎
⭐ කැපුම් වැරදි නිසා ඇතිවන දෝෂ ⭐
✴️මැණික් ගලක් කෑපීමේදී සිදුවන වැරදි හෝ අතපසුවිම් නිසා එම ගලේ වටිනාකම සහ දීප්තිය අඩු කරන ප්‍රධාන දෝෂ ✴️
1. කවුළු ඇතිවීම Windowing
ආලෝකය ගල හරහා විනිවිද යාම light leakනිසා මැද කවුලුවක් සේ පෙනේ.ගලේ පතුල Pavilion නියමිත කෝණයට වඩා අඩුවෙන් Too shallow කැපු විට මෙය සිදු වේ.ගලේ වර්ණය අඩු වීමටද දැඩිව බලපායි.
2.අදුරු පැල්ලම් Extinction
ගලේ පතුල නියමිත කෝණයට වඩා වැඩි බෑවුමකින් Too deep කැපූ විට ආලෝකය ගල තුල සිරවෙි.එවිට ගලේ ඇතැම් කොටස් ඉතා අදුරු හෝ කලු පැහැයක් ගනී.
3.කියුලට් එක මධ්‍යයේ නොතිබීම.off center- culet
ගලේ පතුලේ උල් වු කොටස culet හරියටම මැදින් නොපිහිටන විට ආලෝක පරාවර්තනය අසමසම වෙි.
4.සන්දිස්ථාන වැරදි Meetpont Errors
ගලක මුහුණත් එකිනෙකට හමුවන ස්ථාන නිවැරදිව එකම ලක්ෂයකදි හමු නොවීම නිසා ගල අක්‍රමවත් නිමාවක් පෙනේ.
5.ධාරාවෙි දෝෂ Girdle problems
ගලේ ධාරාව තැනින් තැන මහතින් වෙනස් වීම.ඉතා මහත වීම හා ඉතා කුඩා විම.කුඩා විම නිසා බිදී යාමට හෝ සීරීමට ලක් විය හැක.
6.සීරීම් සහ කුඩා සිදුරු.Pits and scratches
ගල ඔප දැමිමේ දුර්වලතා නිසා මතුපිට සිරීම්,කුඩා සිදුරු වැනි සලකුණු තිබිම මගින් ගලේ දීප්තිය luster අඩු වෙි.
🔻මෙම දෝෂ ඉවත්කර කපන ලද ගල "කතාකරන ගලක්" ලෙස හැදින්වේ.එයට උපරිම මිලක් ලබා ගත හැකි අතර විකිණීමටද පහසුය.
🖊️ SANKA GEMS
🖊️ Buddhika madhusanka