Macro Couple

Macro Couple In short, free style memory makers and virtual designer

Happy world photography day everyone ❤️
19/08/2026

Happy world photography day everyone ❤️

🌿 පුංචි අතු අගක, ජීවිත දෙකක... කතා දෙකක්...උදෑසනවත් තවම හරිහැ‌ටි අවදි වී නැති වෙලාවක මේ නිදාගෙන සිටින්නේ Potter Wasp (La...
25/07/2026

🌿 පුංචි අතු අගක, ජීවිත දෙකක... කතා දෙකක්...

උදෑසනවත් තවම හරිහැ‌ටි අවදි වී නැති වෙලාවක මේ නිදාගෙන සිටින්නේ Potter Wasp (Labus pusillus) කෙනෙක්. රාත්‍රියේ සීතලෙන් ශරීර උෂ්ණත්වය පහළ ගිය කෘමීන් බොහෝවිට උදෑසන මුල් පැය කිහිපය ගත කරන්නේ නිශ්චලවයි. හිරුගේ උණුසුම ලැබෙන තුරු ඔවුන්ගේ ශරීරය සම්පූර්ණ ක්‍රියාකාරී වෙන්නේ නැහැ.

නිදින අයගේ තනි නොතනියට, තවත් කෙනක් ඇස් ලොකු කරන් නිහඬව බලාගෙන ඉන්නවා... අඩුම පුංචි පිණි බිදුවකටවත් හෙලවෙන් නොදී,

මේ මොහොතේ ඇත්තටම මොනවා සිදුවෙමින් තිබුණාද කියලා අපි දන්නේ නැහැ.

සමහර විට...
මේ පුංචි jumping spider තම මීළඟ ආහාරය දෙස බලා සිටියා වෙන්න පුළුවන්.

නැත්නම්...
තමන්ට වඩා භයානක දඩයක්කාරයෙක් අවදි වන තුරු ආරක්ෂිත දුරක් තබාගෙන බලා සිටියා වෙන්නත් පුළුවන්.

නමුත්...
ස්වභාවධර්මයේ ලස්සනම දේ ඒකයි.
සමහර කතා වලට පිළිතුරු නැහැ.
තියෙන්නේ...
අපේ සිතුවිලි පමණයි.
මිනිත්තු කිහිපයකින්...
හිරුගේ උණුසුම ඔහුගේ පියාපත් සහ පේශීන් නැවත ජීවමාන කරාවි.
නිදා සිටි මේ නිහඬ ජීවියා,
නැවතත් දක්ෂ Hunter කෙනෙකුත්, Architect කෙනෙකුත්, Mother කෙනෙකුත් බවට පත්වෙයි. හරියට ben10 cartoon ඒකේ වගේ 🤭
ඒ අතර...
මකුළු පැංචගේ තීරණය කුමක් වෙයිද?

බලා ඉදීද? පලා යයිද? නැත්නම්...
අවස්ථාවක් ලැබෙන තුරු නිහඬවම රැඳී සිටියිද?
එය අපි නොදන්න කතාවක්. ඒයාලට ඉඩදීලා මමත් එතනින් අයින් උනා.

මේ පුංචි ලොකයේ කාලය තත්පරයකට නතර කරන,
ස්වභාවධර්මය අපෙන් අසන ප්‍රශ්න හරිම ලස්සනයි.. සරලයි.

මේ Frame එකේ පිළිතුර ඔබේ imagination එක තුළ ඇති.... ඒක හොයා ගන්න..❤️

📍 Identification
Potter Wasp (Labus pusillus)
Family: Vespidae
Subfamily: Eumeninae

📷 The Hidden World
"Every photograph tells a story. Nature lets us imagine the ending."

— Macro Couple —
Photography by Pramod Naween & Malmi H Gunathilake

🌿 අපි "කුඹලා" කියලා හඳුන්වන මේ පුංචි ජීවියා...බොහෝ දෙනෙකුට එය බිය උපදවන කෙනෙක්.නමුත්,ස්වභාවධර්මය නිර්මාණය කරන සෑම ජීවියෙ...
24/07/2026

🌿 අපි "කුඹලා" කියලා හඳුන්වන මේ පුංචි ජීවියා...

බොහෝ දෙනෙකුට එය බිය උපදවන කෙනෙක්.නමුත්,

ස්වභාවධර්මය නිර්මාණය කරන සෑම ජීවියෙකුටම, තමන්ගේම කාර්යයක් තිබෙනවා.

අද අපි හමුවෙන්නේ ස්වභාවධර්මයේ නිහඬ ගෘහ නිර්මාණ ශිල්පියෙකුව...

මේ ඉන්නේ ශ්‍රී ලංකාවේ "රන් කුඹලා" ලෙස හඳුන්වන Black & Yellow Mud Dauber කෙනෙක්.

Genus: Sceliphron

උගේ දිගු, ඉතා සිහින් "waist" එකත්, කහ සහ කළු පැහැයන්ගේ වෙනසත්, Mud Dauber කාණ්ඩයේ විශේෂ ලක්ෂණ අතරට අයත් වෙනවා.
නමුත් මේ පුංචි ජීවියාගේ විශාලතම හැකියාව පියාසර කිරීමවත්, Sting එකවත් නොවේ.
ඒ...
ඉදිකිරීමයි.
ගඟක්, වැවක් , කුඹුරක් හෝ වැසි වැටුණු පසු තෙත් මැටි ඇති තැනකින් ඉතා කුඩා මැටි බිඳක් රැගෙන එන කුඹලා,
පුංචි මැටි පබළු එකතු කරමින්,
තමාට ආරක්ෂිත යැයි හැගෙන ස්ථානයක,
කුඩා මැටි කුටියක් ගොඩනඟනවා.. එය සාමාන්‍ය කැදැල්ලක් නොවේ.‍‍‍...
ඊළඟ පරම්පරාව වෙනුවෙන් ඉදිකළ Nursery එකක්.

නමුත්...
එම කුටිය හිස්ව තබන්නේ නැහැ.
ඊළඟ ගමන,
දඩයම් කිරීමයි.
Mud Dauber කෙනෙක් බොහෝ විට මකුළුවන් දඩයම් කරයි.ඉතා නිවැරදි Sting එකකින් මකුළුවා මරා නොදමා,Paralyze කරනවා.

ඉන්පසු...
එය මැටි කුටිය තුළ තැන්පත් කරනවා.අවසානයේ,
එක් බිත්තරයක් තබා මැටිවලින් කුටිය සම්පූර්ණයෙන්ම වසා දමනවා.

දින කිහිපයකින්,
බිත්තරයෙන් පිටවන Larva, ජීවත්ව සිටින නමුත් චලනය කළ නොහැකි Spider මත පෝෂණය වෙමින් වර්ධනය වෙනවා...

ස්වභාවධර්මයට එය කෲර බවක් නොවේ.
එය...
පැවැත්මයි.
අපි බොහෝවිට ඔවුන්ගේ Sting ගැන බිය වෙනවා.
නමුත්...
ඔවුන් අපේ නිවෙසේ තිබෙන මකුළුවන්ගේ ගහනය පාලනය කරන බව දන්නේ කී දෙනෙක්ද?
ඔන්න දැන් මකුළුවන්ට බයේ ඉන්න කට්ටියගෙන් නම ආයෙත් මෙයාලට කරදරයක් වෙන එකක් නැ..

ස්වභාවික Pest Controller කෙනෙක්, මකුළුවන්ට අමතරව බෝග වගාවලට හානී කරන ගොඩක් කෘමීන් එක්ක සටන් කරන කෙනෙක්...
අපේ සීයලා ආච්චිලා මේ නිසාම වෙන්න ඇති නේද ඉස්සර ලියවුන අපේ පොත් වල, සිංදු වල මෙයා වෙනුවෙන් ඉඩක් වෙන් කලේ...

ඉතිං මේ පුංචි ඉංජිනේරුවා,
ලක්ෂ සංඛ්‍යාත වසරක Evolution මගින් නිර්මාණය වූ,
ඉදිකිරීම් ශිල්පියෙක්, දඩයක්කාරයෙක්, මවක්
සහ...
ස්වභාවධර්මයේ විශිෂ්ටතම Architect කෙනෙක්.

Macro Photography කියන්නේ අපට...
ඡායාරූප ගැනීමක් විතරක් නොවේ.
අපේ ඇසට නොපෙනෙන ලෝකයකට ඇවිදන් යන්න අපට නිර්මාණය කරපු පුංචි මාවතක්...
මේ පුංචි ලොකයේ සැඟවුණු ජීවිතයේ විශ්මිත කතා,
ඔයාලට කියන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා...

"Every tiny creature carries a story far greater than its size."

📍 Identification
Black & Yellow Mud Dauber
Genus: Sceliphron
Species identification not yet confirmed.

— Macro Couple —
Photography by Pramod Naween & Malmi H Gunathilake

🌿 සත්ව ලෝකයේ තවත් විශ්වයක් තියනවා. මේ එහේදින් කරපූ model photo shoot එකක්..මල් පෙති අතර...පිනිබිඳුවලටත් වඩා කුඩා ජීවීන්ග...
16/07/2026

🌿 සත්ව ලෝකයේ තවත් විශ්වයක් තියනවා. මේ එහේදින් කරපූ model photo shoot එකක්..

මල් පෙති අතර...
පිනිබිඳුවලටත් වඩා කුඩා ජීවීන්ගේ නගරයක්.

එහි සෑම තත්පරයක්ම තීරණය වන්නේ එකම නීතියකින්.

ජීවත් වීම,දුර්වලයාට දෙවන අවස්ථාවක් නැහැ.

එහි වේගය, ඉවසීම සහ නිහඬ බව ජීවිතයත් මරණයත් අතර වෙනස තීරණය කරනවා...

මේ ඒ පුංචි ලෝකයේ නිහඬ දඩයක්කාරයෙකුගේ කතාවයි.

මලක පෙත්තක් මත නිහඬව සිටින මේ පුංචි ජීවියා...
බැලූ බැල්මට හරියට මලේම කොටසක් වගේ.

නමුත් එය මලක් හෝ කොළයක් නොවේ.

එය තවමත් Adult අවධියට නොපැමිණි Flower Mantis Nymph කෙනෙකි.

උපන් දා සිටම Predator කෙනෙක්.

දඩයම් කරන ආකාරය කිසිවෙකුගෙන් ඉගෙන ගන්නේ නැහැ.

ජීවිතය පටන් ගන්නා මොහොතේ සිටම,
එයා දන්නවා බලා සිටිය යුත්තේ කොහොමද...
සැඟවිය යුත්තේ කොහොමද...
ප්‍රහාරය එල්ල කළ යුත්තේ කොහොමද, කවදාද කියලා.

ඒ හැම දෙයක්ම ලියා තිබෙන්නේ එහි DNA තුළයි.

මෙම පුංචි සත්වයාගේ මුළු ශරීරයම Evolution විසින් හැඩගස්වා තිබෙන්නේ එකම කාර්යයක් සඳහාය.

Survival...

එයාගේ වර්ණ,හැඩය, චලනය...

හැම දෙයක්ම නිර්මාණය වී ඇත්තේ අවට මල් හා කොළ අතර නොපෙනී යාම සඳහායි.

මෙය Camouflage පමණක් නොවේ. මෙය ජීවත් වීමේ කලාවයි.

සුළඟ හමන විට...සුළඟ සමඟ සෙලවෙයි.
මල සෙලවෙනවාද...නැත්නම් Mantis සෙලවෙනවාද...
ඒ වෙනස ගොදුරට හඳුනාගත නොහැක.

අංශක 180කට ආසන්න කෝණයකින් හැරවිය හැකි මෙම හිස,
ශරීරය නොසෙලවාම අවට ලෝකය නිරීක්ෂණය කරයි.

Compound Eyes තුළ ඇති දහස් ගණනක් Ommatidia නිසා,
අපට නොපෙනෙන කුඩාම චලනය පවා එයාට පේනවා.

නමුත්...

එයා හැම දෙයකටම පහර දෙන්නේ නැහැ.
බලා සිටියි...
ඉවසීමෙන්,ගණනය කරමින්,නිවැරදි දුර ලැබෙන තුරු.

ඉන්පසු...
තත්පරයක කොටසක්..එපමණයි...Raptorial Forelegs විදුලි වේගයෙන් ඉදිරියට විහිදෙයි.තියුණු Spines අතර සිරවුණු ගොදුරට,නැවත නිදහසක් ලැබෙන්නේ නැහැ.

Fly කෙනෙක්...
Mosquito කෙනෙක්...
Tiny Beetle කෙනෙක්...
හෝ කුඩා Spider කෙනෙක්...
ඒ සියල්ලන්ටම මේ පුංචි Mantis යනු,
ඔවුන්ගේ ලෝකයේ Apex Predator කෙනෙකි.

තවමත් මෙයා නම් Nymph අවධියේ සිටින නිසා පියාපත් නැහැ.

ඉදිරියේදී Molting කිහිපයක් හරහා,
එය ක්‍රමයෙන් Adult Flower Mantis කෙනෙකු බවට පත්වේ.

සෑම Molt එකක් සමඟම,
නව Exoskeleton එකක්,ශක්තියක්... නව දඩයම් හැකියාවකින් ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය ආරම්භ වේ.

අපි හැම නිතරම මල් දකිනවා.නමුත්...
ඒ මල් තුල තවත් ලෝකයක් ජීවත් වෙනවා.
එහි ආදරයක් තිබෙනවා.
තරඟයක් තිබෙනවා.
දඩයම් කිරීමක් තිබෙනවා.
පැවැත්ම වෙනුවෙන් සිදුවන නිහඬ සටනක් තිබෙනවා.

අපේ ඇසට ඒ ලෝකය නොපෙනෙන එකෙන්,
ඒ ලෝකය නොපවතිනවා කියලා අදහස් වෙන්නේ නැහැ.

මගේ අරමුණ,
ඔබට ලස්සන කෘමියෙක් පෙන්වීම පමණක් නොවේ.
මිලිමීටර් කිහිපයක් ඇතුළත සැඟවුණු ස්වභාවධර්මයේ විශිෂ්ටත්වය ඔබ වෙත ගෙන ඒමයි.
Macro Photography මට ඡායාරූප ගැනීමක් විතරක් නෙවෙයි. එය අපි නොදකින ලෝකයකට විවෘත වන කුඩා ජනේලයක්.

මෙය එහි පළමු කතාව පමණයි.
තවත් කතා බොහෝමයක්...
තවමත් මල් අතර,
කොළ යට,
පිනිබිඳු අසල,
අපි සොයා ගැනීමට බලාගෙන ඉන්නවා.

"In nature, the greatest stories are rarely the largest... they are simply the hardest to see."

📍 Identification: Flower Mantis Nymph (Species identification not yet confirmed)

-Macro Couple-

゚viral

ටිකක් සද්ද අඩු වුණු "මැක්‍රෝ ලෝකය" ගැන හිතුණු හුගක් කාලයක් තිස්සෙ ලියන්න හිතපු, ලිව්වත් ඔව්ව කවුරුත් දකින් නෑ දැන් කියල ...
20/06/2026

ටිකක් සද්ද අඩු වුණු "මැක්‍රෝ ලෝකය" ගැන හිතුණු හුගක් කාලයක් තිස්සෙ ලියන්න හිතපු, ලිව්වත් ඔව්ව කවුරුත් දකින් නෑ දැන් කියල නොලිය හිටපු කරුණු ටිකක්... 🖤📷

රෑ 1.40ට නිදාගන්න ඔන්න මෙන්න තියා Facebook එකේ දැකපු පෝස්ට් එකක් ළඟ මගේ ඇස් නතර වුණා. "අතහැරුණු විනෝදාංශ කියාගෙන යන්න" කියලා දාපු ඒ පෝස්ට් එක යට, ඉස්සර ලංකාවේ මැක්‍රෝ කලාව හොල්ලපු අපේ ලංකාවෙ මැක්‍රෝ සෙට් එක (Malmi ඇතුළුව) පෝලිමට "Macro, Macro" ගාලා කමෙන්ට් කරගෙන ගිහින් තිබුණා. ඒක දැක්කම හිතට සෑහෙන අප්සට් එකක් ආවා.
මට විතරක් නෙවෙයි, මගේ බිරිඳට වගේම ලංකාවේ හිටපු සුපිරිම මැක්‍රෝ වැඩ්ඩෝ ගොඩකට අද වෙනකොට ඉස්සර වගේ පෝස්ට් දදා ඉන්න උනන්දුවක් නැහැ. ඒ කාලේ ඉඳන් මම ෆලෝ කරපු, මැක්‍රෝ ගැන වීඩියෝ 400කට වඩා කරපු Micael Widel පවා මේ කලාවෙන් අයින් වෙනවා කියලා වීඩියෝ එකක් දාලා තිබුණා ටික කාලෙකට කලින්. හැබැයි ඇත්තටම අපි හැමෝම මැක්‍රෝ ෆොටෝ දාන එක අඩු කළේ අපිට සල්ලි නැති නිසා හරි, ෆේස්බුක් එකේ රීච් (Reach) අඩු වෙලා ලයික් හම්බවෙන්නේ නැති නිසා කලකිරිලා හරි නෙවෙයිනෙ!
ගහක් අස්සේ ඉන්න මැස්සෙක්ගේ ඇඟේ එල්ලිලා ඉන්න මැක්කෙක්, නැත්නම් ගෙම්බෙක්ගේ ඇඟේ වහලා ඉන්න මදුරුවෙක්ව ෆෝකස් කරන්න පැය ගණන් කටු කාපු අපිට, කවදාවත් ජනප්‍රියත්වය ගැන හිතන්නවත් වුවමනාවක් වුණේ නැහැ. අපි මැක්‍රෝ කළේ අපේ වටපිටාවෙම තිබුණත් හැමෝටම නොපෙනෙන අමුතුම ලෝකයක් මිනිස්සුන්ට පෙන්වන්න සහ ඒ ලෝකය දිහා ආදරයෙන් බලන හැටි කියලා දෙන්න විතරයි. සතියෙන් සතියට එන ට්‍රෙන්ඩ්ස් පස්සේ මැස්සෝ වගේ පන්නන කොමියුනිටියක් ඉන්න රටක, හැබැයි මම හිතුවට වඩා කාලයක්, හිතුවට වඩා ප්‍රමාණයක් මැක්‍රෝ එක්ක අවංකවම ඉඳලා තියෙනවා.
ඇල්ගොරිතම් බේස්ඩ් එක එක නෙගටිව් ට්‍රෙන්ඩ්ස් පස්සේ සෝෂල් මීඩියා පාවිච්චි කරන 85%ක්ම දුවද්දී, අද අපි කැමරාවෙන් ටිකක් ඈත් වෙලා වෘත්තීය ක්ෂේත්‍ර වලට යොමු වුණේ අපිට ලැබිලා තියෙන අවස්ථාවන්ගෙන් සමාජයට මීට වඩා යහපත් බලපෑමක් (impact) කරන්න අවශ්‍යතාවයකුත්, ඉඩකඩකුත් ඒ තැන් වල තියෙන නිසයි. පැය 8කට පඩි අරන් පැයෙන් දෙකෙන් දවසේ වැඩ ටික බාගෙට ඉවර කරලා, ඉතිරි පැය කිහිපය පුටුවක් කරක කරක, දවස් ගණන්, මාස ගණන් පුටු රත් කරන නිකමෙක් වෙන්න අපිට බැහැ. අන්තිමට බලද්දී මේ පුංචි ජීවිත කාලෙන් අවුරුදු 10ක් විතර එක දිගටම කරලා තියෙන්නේ කොහේ හරි ඔෆිස් එකක පුටුවක් කරකවපු එක විතරක් වුණු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඒ නිසා අපි අද අපේ වෘත්තීය ක්ෂේත්‍රය ඇතුළේ වැඩක් කෙරෙන්න තියෙන තැනට උපරිමයෙන්ම කරලා ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. ඒක ඇතුළේ තියෙන්නේ වෙනස්ම සැනසීමක්. දවස ඉවර වෙද්දි අපි කරපු දෙයක් තියනව ❤️
කොහොමත් අපි යන දවසට ඉතුරු වෙන්නේ අපි එකතු කරපු ජනප්‍රියත්වයක්වත්, සල්ලිවත්, බලයක්වත් නෙවෙයි—අපි සමාජයට දුන්නු දේවල් විතරයි. වැඩි වැඩියෙන් දේවල් ඉගෙනගෙන ඒ හැමදෙයක්ම සමාජයට දෙන්න අවශ්‍ය වෙලාවට දෙන්න ඕනේ. මහා දැවැන්ත මිනිස් ශිෂ්ඨාචාර පවා බිහිවුණේ එහෙම තමන් දන්න දේවල් බෙදාගත්තු මිනිස්සුන්ගෙන්.
ඉතින් ඒ නිසා, අපි කවුරුවත් මැක්‍රෝ අතහැරලා නැහැ! අපි අදටත් කැමරාවක් අතේ නැතුව හරි, අපේ ජීවිතේ ඇතුළේ ඒ ලස්සන පුංචි ලෝකය විඳිනවා.
Malmiයි මමයි හැමදාම හවසට වැඩ ඉවර වෙලා තේ එකක් බොන ගමන් බිත්ති දිගේ එන jumping spidersලා දිහා බලනවා. හදලා තියෙන පැළ වලට හවසට නවතින්න එන පුංචි මැස්සෝ, කුරුමිණියෝ දිහා පැය ගණන් බලන් ඉන්නවා. මහ කැලෑ මැද විල්ලු වල සමණල්ලු රංචු පිටින් හිටපු ඇත්හොඩ යායකින් අරන් ආපු පුංචි ඇත්හොඩ පැළයක් මල් පිපෙනකල් බලාගෙන, තට්ටු තුනක් උඩ අපේ ගෙදරට සමණල්ලු එනකල් දවස් ගණන් කරනවා.
ඉස්සර එකට හිටපු, දැන් මැක්‍රෝ පෝස්ට් දාන්නේ නැති ලංකාවේ ඉන්න, වගේම ලංකාවෙන් පිටරට ගිය හැම යාළුවෙක්ටම මට කියන්න තියෙන්නේ එක දෙයයි... ඔයාලා කැමරාව පැත්තකින් තිබ්බේ කලාවට තියෙන ආදරේ අඩුවෙලා නෙවෙයි, මේ වෙලාවෙ තමන් ඉන්න තැනින් සමාජයට, පවුලේ අයට මීට වඩා වටිනා දෙයක් දෙන්න පුළුවන් නිසයි. ඒක පරාජයක් නෙවෙයි, තමන්ගේ කාලයට නියම වටිනාකමක් දීමක්.
ආයෙත් කවදාහරි දවසක, මිනිස්සුන්ට මේ පුංචි ලෝකය ගැන ආසාවක් ඇති වෙන කාලෙක, ආයෙමත් අපිව දකියි! එතකන් හැමෝම තමන් ඉන්න තැනට, කරන දේට උපරිමයක් කරන්න. 🖤

මේ මම දැකපු කෝණය විතරයි. මීට අමතරව පොටෝග්‍රැපි වලින් අයින් වෙන්න බලපාන හේතුත් කමෙන්ට් කරගන යන්න.

මේකටත් කමෙන්ට් දෙක තුනක් වැටිල අදහස් බෙදාගන්නවත් රීච් වෙන පෝස්ට් නෙවෙයි මෙව්ව. රෑ 2.30යි මං නිදාගන්නව. මෙච්චර වෙලා ගියෙ වචන හොයන්න නෙවෙයි කාලයක් හිතේ තියන් හිටපු දේවල් ගොන්නක වචන අඩු කරන්න.

- Pramod

19/06/2026

ජීවිතේ මතකයන් වලට සොබාදහමේ පුංචිම නිමැවුම් වලිනුත් ලොකු වටිනාකමක් එකතුවෙනවා 🫶❤️

Hidden within a flower’s petals, a tiny jumping spider pauses for a moment, surrounded by a world of color. What looks l...
06/06/2026

Hidden within a flower’s petals, a tiny jumping spider pauses for a moment, surrounded by a world of color. What looks like a delicate bloom from afar becomes an entire landscape at this scale—where every petal is a shelter, every shadow a hiding place, and every step an adventure.

Nature never stops reminding us that even the smallest creatures have their own extraordinary worlds.

📷 Guess the equipments...

lk

Inside the quiet corners of nature, a wolf spider builds a different kind of home. Instead of spinning an open web, it h...
23/05/2026

Inside the quiet corners of nature, a wolf spider builds a different kind of home. Instead of spinning an open web, it hides inside a small silk-lined tunnel—like a secret pocket carved into the edge of the world.

From there, it waits patiently, using the entrance as both shelter and lookout. The silk isn’t a net for display, but a doorway to a concealed space where it can sense movement and stay perfectly still.

If you look closely enough, you might notice it peeking out for a moment—calm, alert, and completely at ease in its hidden world.

Watching, waiting, surviving.

CameraLK Store Sony - Electronics Sri Lanka
Malmi H Gunathilake Pramod Naween

Location - Sri Lanka

22/05/2026

🌿 Pramod Malmi

21/05/2026

ටිකක් සද්ද අඩු වුණු "මැක්‍රෝ ලෝකය" ගැන හිතුණු හුගක් කාලයක් තිස්සෙ ලියන්න හිතපු, ලිව්වත් ඔව්ව කවුරුත් දකින් නෑ දැන් කියල නොලිය හිටපු කරුණු ටිකක්... 🖤📷

රෑ 1.40ට නිදාගන්න ඔන්න මෙන්න තියා Facebook එකේ දැකපු පෝස්ට් එකක් ළඟ මගේ ඇස් නතර වුණා. "අතහැරුණු විනෝදාංශ කියාගෙන යන්න" කියලා දාපු ඒ පෝස්ට් එක යට, ඉස්සර ලංකාවේ මැක්‍රෝ කලාව හොල්ලපු අපේ ලංකාවෙ මැක්‍රෝ සෙට් එක (Malmi ඇතුළුව) පෝලිමට "Macro, Macro" ගාලා කමෙන්ට් කරගෙන ගිහින් තිබුණා. ඒක දැක්කම හිතට සෑහෙන අප්සට් එකක් ආවා.
මට විතරක් නෙවෙයි, මගේ බිරිඳට වගේම ලංකාවේ හිටපු සුපිරිම මැක්‍රෝ වැඩ්ඩෝ ගොඩකට අද වෙනකොට ඉස්සර වගේ පෝස්ට් දදා ඉන්න උනන්දුවක් නැහැ. ඒ කාලේ ඉඳන් මම ෆලෝ කරපු, මැක්‍රෝ ගැන වීඩියෝ 400කට වඩා කරපු Micael Widel පවා මේ කලාවෙන් අයින් වෙනවා කියලා වීඩියෝ එකක් දාලා තිබුණා ටික කාලෙකට කලින්. හැබැයි ඇත්තටම අපි හැමෝම මැක්‍රෝ ෆොටෝ දාන එක අඩු කළේ අපිට සල්ලි නැති නිසා හරි, ෆේස්බුක් එකේ රීච් (Reach) අඩු වෙලා ලයික් හම්බවෙන්නේ නැති නිසා කලකිරිලා හරි නෙවෙයිනෙ!
ගහක් අස්සේ ඉන්න මැස්සෙක්ගේ ඇඟේ එල්ලිලා ඉන්න මැක්කෙක්, නැත්නම් ගෙම්බෙක්ගේ ඇඟේ වහලා ඉන්න මදුරුවෙක්ව ෆෝකස් කරන්න පැය ගණන් කටු කාපු අපිට, කවදාවත් ජනප්‍රියත්වය ගැන හිතන්නවත් වුවමනාවක් වුණේ නැහැ. අපි මැක්‍රෝ කළේ අපේ වටපිටාවෙම තිබුණත් හැමෝටම නොපෙනෙන අමුතුම ලෝකයක් මිනිස්සුන්ට පෙන්වන්න සහ ඒ ලෝකය දිහා ආදරයෙන් බලන හැටි කියලා දෙන්න විතරයි. සතියෙන් සතියට එන ට්‍රෙන්ඩ්ස් පස්සේ මැස්සෝ වගේ පන්නන කොමියුනිටියක් ඉන්න රටක, හැබැයි මම හිතුවට වඩා කාලයක්, හිතුවට වඩා ප්‍රමාණයක් මැක්‍රෝ එක්ක අවංකවම ඉඳලා තියෙනවා.
ඇල්ගොරිතම් බේස්ඩ් එක එක නෙගටිව් ට්‍රෙන්ඩ්ස් පස්සේ සෝෂල් මීඩියා පාවිච්චි කරන 85%ක්ම දුවද්දී, අද අපි කැමරාවෙන් ටිකක් ඈත් වෙලා වෘත්තීය ක්ෂේත්‍ර වලට යොමු වුණේ අපිට ලැබිලා තියෙන අවස්ථාවන්ගෙන් සමාජයට මීට වඩා යහපත් බලපෑමක් (impact) කරන්න අවශ්‍යතාවයකුත්, ඉඩකඩකුත් ඒ තැන් වල තියෙන නිසයි. පැය 8කට පඩි අරන් පැයෙන් දෙකෙන් දවසේ වැඩ ටික බාගෙට ඉවර කරලා, ඉතිරි පැය කිහිපය පුටුවක් කරක කරක, දවස් ගණන්, මාස ගණන් පුටු රත් කරන නිකමෙක් වෙන්න අපිට බැහැ. අන්තිමට බලද්දී මේ පුංචි ජීවිත කාලෙන් අවුරුදු 10ක් විතර එක දිගටම කරලා තියෙන්නේ කොහේ හරි ඔෆිස් එකක පුටුවක් කරකවපු එක විතරක් වුණු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඒ නිසා අපි අද අපේ වෘත්තීය ක්ෂේත්‍රය ඇතුළේ වැඩක් කෙරෙන්න තියෙන තැනට උපරිමයෙන්ම කරලා ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. ඒක ඇතුළේ තියෙන්නේ වෙනස්ම සැනසීමක්. දවස ඉවර වෙද්දි අපි කරපු දෙයක් තියනව ❤️
කොහොමත් අපි යන දවසට ඉතුරු වෙන්නේ අපි එකතු කරපු ජනප්‍රියත්වයක්වත්, සල්ලිවත්, බලයක්වත් නෙවෙයි—අපි සමාජයට දුන්නු දේවල් විතරයි. වැඩි වැඩියෙන් දේවල් ඉගෙනගෙන ඒ හැමදෙයක්ම සමාජයට දෙන්න අවශ්‍ය වෙලාවට දෙන්න ඕනේ. මහා දැවැන්ත මිනිස් ශිෂ්ඨාචාර පවා බිහිවුණේ එහෙම තමන් දන්න දේවල් බෙදාගත්තු මිනිස්සුන්ගෙන්.
ඉතින් ඒ නිසා, අපි කවුරුවත් මැක්‍රෝ අතහැරලා නැහැ! අපි අදටත් කැමරාවක් අතේ නැතුව හරි, අපේ ජීවිතේ ඇතුළේ ඒ ලස්සන පුංචි ලෝකය විඳිනවා.
Malmiයි මමයි හැමදාම හවසට වැඩ ඉවර වෙලා තේ එකක් බොන ගමන් බිත්ති දිගේ එන jumping spidersලා දිහා බලනවා. හදලා තියෙන පැළ වලට හවසට නවතින්න එන පුංචි මැස්සෝ, කුරුමිණියෝ දිහා පැය ගණන් බලන් ඉන්නවා. මහ කැලෑ මැද විල්ලු වල සමණල්ලු රංචු පිටින් හිටපු ඇත්හොඩ යායකින් අරන් ආපු පුංචි ඇත්හොඩ පැළයක් මල් පිපෙනකල් බලාගෙන, තට්ටු තුනක් උඩ අපේ ගෙදරට සමණල්ලු එනකල් දවස් ගණන් කරනවා.
ඉස්සර එකට හිටපු, දැන් මැක්‍රෝ පෝස්ට් දාන්නේ නැති ලංකාවේ ඉන්න, වගේම ලංකාවෙන් පිටරට ගිය හැම යාළුවෙක්ටම මට කියන්න තියෙන්නේ එක දෙයයි... ඔයාලා කැමරාව පැත්තකින් තිබ්බේ කලාවට තියෙන ආදරේ අඩුවෙලා නෙවෙයි, මේ වෙලාවෙ තමන් ඉන්න තැනින් සමාජයට, පවුලේ අයට මීට වඩා වටිනා දෙයක් දෙන්න පුළුවන් නිසයි. ඒක පරාජයක් නෙවෙයි, තමන්ගේ කාලයට නියම වටිනාකමක් දීමක්.
ආයෙත් කවදාහරි දවසක, මිනිස්සුන්ට මේ පුංචි ලෝකය ගැන ආසාවක් ඇති වෙන කාලෙක, ආයෙමත් අපිව දකියි! එතකන් හැමෝම තමන් ඉන්න තැනට, කරන දේට උපරිමයක් කරන්න. 🖤

මේ මම දැකපු කෝණය විතරයි. මීට අමතරව පොටෝග්‍රැපි වලින් අයින් වෙන්න බලපාන හේතුත් කමෙන්ට් කරගන යන්න.

මේකටත් කමෙන්ට් දෙක තුනක් වැටිල අදහස් බෙදාගන්නවත් රීච් වෙන පෝස්ට් නෙවෙයි මෙව්ව. රෑ 2.30යි මං නිදාගන්නව. මෙච්චර වෙලා ගියෙ වචන හොයන්න නෙවෙයි කාලයක් හිතේ තියන් හිටපු දේවල් ගොන්නක වචන අඩු කරන්න.

- Pramod

Pramod Malmi

Address

Avissawella

Alerts

Be the first to know and let us send you an email when Macro Couple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Macro Couple:

Shortcuts

Share