20/06/2026
ටිකක් සද්ද අඩු වුණු "මැක්‍රෝ ලෝකය" ගැන හිතුණු හුගක් කාලයක් තිස්සෙ ලියන්න හිතපු, ලිව්වත් ඔව්ව කවුරුත් දකින් නෑ දැන් කියල නොලිය හිටපු කරුණු ටිකක්... 🖤📷
රෑ 1.40ට නිදාගන්න ඔන්න මෙන්න තියා Facebook එකේ දැකපු පෝස්ට් එකක් ළඟ මගේ ඇස් නතර වුණා. "අතහැරුණු විනෝදාංශ කියාගෙන යන්න" කියලා දාපු ඒ පෝස්ට් එක යට, ඉස්සර ලංකාවේ මැක්‍රෝ කලාව හොල්ලපු අපේ ලංකාවෙ මැක්‍රෝ සෙට් එක (Malmi ඇතුළුව) පෝලිමට "Macro, Macro" ගාලා කමෙන්ට් කරගෙන ගිහින් තිබුණා. ඒක දැක්කම හිතට සෑහෙන අප්සට් එකක් ආවා.
මට විතරක් නෙවෙයි, මගේ බිරිඳට වගේම ලංකාවේ හිටපු සුපිරිම මැක්‍රෝ වැඩ්ඩෝ ගොඩකට අද වෙනකොට ඉස්සර වගේ පෝස්ට් දදා ඉන්න උනන්දුවක් නැහැ. ඒ කාලේ ඉඳන් මම ෆලෝ කරපු, මැක්‍රෝ ගැන වීඩියෝ 400කට වඩා කරපු Micael Widel පවා මේ කලාවෙන් අයින් වෙනවා කියලා වීඩියෝ එකක් දාලා තිබුණා ටික කාලෙකට කලින්. හැබැයි ඇත්තටම අපි හැමෝම මැක්‍රෝ ෆොටෝ දාන එක අඩු කළේ අපිට සල්ලි නැති නිසා හරි, ෆේස්බුක් එකේ රීච් (Reach) අඩු වෙලා ලයික් හම්බවෙන්නේ නැති නිසා කලකිරිලා හරි නෙවෙයිනෙ!
ගහක් අස්සේ ඉන්න මැස්සෙක්ගේ ඇඟේ එල්ලිලා ඉන්න මැක්කෙක්, නැත්නම් ගෙම්බෙක්ගේ ඇඟේ වහලා ඉන්න මදුරුවෙක්ව ෆෝකස් කරන්න පැය ගණන් කටු කාපු අපිට, කවදාවත් ජනප්‍රියත්වය ගැන හිතන්නවත් වුවමනාවක් වුණේ නැහැ. අපි මැක්‍රෝ කළේ අපේ වටපිටාවෙම තිබුණත් හැමෝටම නොපෙනෙන අමුතුම ලෝකයක් මිනිස්සුන්ට පෙන්වන්න සහ ඒ ලෝකය දිහා ආදරයෙන් බලන හැටි කියලා දෙන්න විතරයි. සතියෙන් සතියට එන ට්‍රෙන්ඩ්ස් පස්සේ මැස්සෝ වගේ පන්නන කොමියුනිටියක් ඉන්න රටක, හැබැයි මම හිතුවට වඩා කාලයක්, හිතුවට වඩා ප්‍රමාණයක් මැක්‍රෝ එක්ක අවංකවම ඉඳලා තියෙනවා.
ඇල්ගොරිතම් බේස්ඩ් එක එක නෙගටිව් ට්‍රෙන්ඩ්ස් පස්සේ සෝෂල් මීඩියා පාවිච්චි කරන 85%ක්ම දුවද්දී, අද අපි කැමරාවෙන් ටිකක් ඈත් වෙලා වෘත්තීය ක්ෂේත්‍ර වලට යොමු වුණේ අපිට ලැබිලා තියෙන අවස්ථාවන්ගෙන් සමාජයට මීට වඩා යහපත් බලපෑමක් (impact) කරන්න අවශ්‍යතාවයකුත්, ඉඩකඩකුත් ඒ තැන් වල තියෙන නිසයි. පැය 8කට පඩි අරන් පැයෙන් දෙකෙන් දවසේ වැඩ ටික බාගෙට ඉවර කරලා, ඉතිරි පැය කිහිපය පුටුවක් කරක කරක, දවස් ගණන්, මාස ගණන් පුටු රත් කරන නිකමෙක් වෙන්න අපිට බැහැ. අන්තිමට බලද්දී මේ පුංචි ජීවිත කාලෙන් අවුරුදු 10ක් විතර එක දිගටම කරලා තියෙන්නේ කොහේ හරි ඔෆිස් එකක පුටුවක් කරකවපු එක විතරක් වුණු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඒ නිසා අපි අද අපේ වෘත්තීය ක්ෂේත්‍රය ඇතුළේ වැඩක් කෙරෙන්න තියෙන තැනට උපරිමයෙන්ම කරලා ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. ඒක ඇතුළේ තියෙන්නේ වෙනස්ම සැනසීමක්. දවස ඉවර වෙද්දි අපි කරපු දෙයක් තියනව ❤️
කොහොමත් අපි යන දවසට ඉතුරු වෙන්නේ අපි එකතු කරපු ජනප්‍රියත්වයක්වත්, සල්ලිවත්, බලයක්වත් නෙවෙයි—අපි සමාජයට දුන්නු දේවල් විතරයි. වැඩි වැඩියෙන් දේවල් ඉගෙනගෙන ඒ හැමදෙයක්ම සමාජයට දෙන්න අවශ්‍ය වෙලාවට දෙන්න ඕනේ. මහා දැවැන්ත මිනිස් ශිෂ්ඨාචාර පවා බිහිවුණේ එහෙම තමන් දන්න දේවල් බෙදාගත්තු මිනිස්සුන්ගෙන්.
ඉතින් ඒ නිසා, අපි කවුරුවත් මැක්‍රෝ අතහැරලා නැහැ! අපි අදටත් කැමරාවක් අතේ නැතුව හරි, අපේ ජීවිතේ ඇතුළේ ඒ ලස්සන පුංචි ලෝකය විඳිනවා.
Malmiයි මමයි හැමදාම හවසට වැඩ ඉවර වෙලා තේ එකක් බොන ගමන් බිත්ති දිගේ එන jumping spidersලා දිහා බලනවා. හදලා තියෙන පැළ වලට හවසට නවතින්න එන පුංචි මැස්සෝ, කුරුමිණියෝ දිහා පැය ගණන් බලන් ඉන්නවා. මහ කැලෑ මැද විල්ලු වල සමණල්ලු රංචු පිටින් හිටපු ඇත්හොඩ යායකින් අරන් ආපු පුංචි ඇත්හොඩ පැළයක් මල් පිපෙනකල් බලාගෙන, තට්ටු තුනක් උඩ අපේ ගෙදරට සමණල්ලු එනකල් දවස් ගණන් කරනවා.
ඉස්සර එකට හිටපු, දැන් මැක්‍රෝ පෝස්ට් දාන්නේ නැති ලංකාවේ ඉන්න, වගේම ලංකාවෙන් පිටරට ගිය හැම යාළුවෙක්ටම මට කියන්න තියෙන්නේ එක දෙයයි... ඔයාලා කැමරාව පැත්තකින් තිබ්බේ කලාවට තියෙන ආදරේ අඩුවෙලා නෙවෙයි, මේ වෙලාවෙ තමන් ඉන්න තැනින් සමාජයට, පවුලේ අයට මීට වඩා වටිනා දෙයක් දෙන්න පුළුවන් නිසයි. ඒක පරාජයක් නෙවෙයි, තමන්ගේ කාලයට නියම වටිනාකමක් දීමක්.
ආයෙත් කවදාහරි දවසක, මිනිස්සුන්ට මේ පුංචි ලෝකය ගැන ආසාවක් ඇති වෙන කාලෙක, ආයෙමත් අපිව දකියි! එතකන් හැමෝම තමන් ඉන්න තැනට, කරන දේට උපරිමයක් කරන්න. 🖤
මේ මම දැකපු කෝණය විතරයි. මීට අමතරව පොටෝග්‍රැපි වලින් අයින් වෙන්න බලපාන හේතුත් කමෙන්ට් කරගන යන්න.
මේකටත් කමෙන්ට් දෙක තුනක් වැටිල අදහස් බෙදාගන්නවත් රීච් වෙන පෝස්ට් නෙවෙයි මෙව්ව. රෑ 2.30යි මං නිදාගන්නව. මෙච්චර වෙලා ගියෙ වචන හොයන්න නෙවෙයි කාලයක් හිතේ තියන් හිටපු දේවල් ගොන්නක වචන අඩු කරන්න.
- Pramod