12/07/2025
පරිසර දිනයට සමගාමීව හොරණ වෑවිට මෛත්‍රී මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමෙන් හරි අපූරු වැඩසටහනක් සංවිධානය කරල තිබුණ. පරිසර දිනයට කරන්න පුලුවන් හරවත්ම වැඩසටහනක් තමයි පරිසරය අපි හිතනවට වඩා කොච්චර සංවේදීද, අපි හිතනවට වඩා කොච්චර සංකීර්ණද, සුන්දරද, සර්වසම්පූර්ණද කියල ඉගෙනගන්න එක.
වර්තමානයේ තරගකාරී රටාවත් එක්ක පාසල් ළමයෙක්ට ඔය මාතෘකාව ගැන හිතන්නවත් වෙලාවක් නෑ.
ඉතින් සොබාදහමේම කොටසක් විදියට ලස්සනට ජීවත්වුණ මිනිස්සුන්ට දැන් සොබාදහම මගඇරිල, පිටසක්වල ජීවීන් වගේ සොබාදහම අභිබවා යන්න උත්සාහ කරන එක පුදුමයක් නෙවෙයි.
ඒත් පරිසරය විදින්න පුංචිකාලෙම පුරුදු වුණ ජීවිත හරි සරලයි, සම්පූර්ණයි ❤️. ගහක කොලයක් යට ඉන්න පුංචි lynx spider කෙනෙක් එකම තැනක දවස් ගාණක් හෙල්ලෙන්නෙවත් නැතුව අමාරුවෙන්ද එයාගෙ බිත්තර රැකගන්න හැටි, කූඹි සෙට් එකක් එයාලගෙ කූඩිත්තො ගොවිපළ බලාගන්න හැටි අත්දැකීමෙන්ම ඉගෙනගන්න පොඩි ළමයි ඒ කාලෙ ඉදන්ම එයාල අවට ඉන්න පොඩිම දේවල් ගැන පවා හුගක් සංවේදී වෙනව. එහෙම ළමයි දවසක වැඩිහිටියො වුණාම පරිසරය රැකගන්න එක නිතැතින්ම වෙනව. ඒ වගේම එයාලට අවට සමාජය ගැන, පොඩි මිනිස්සු ගැන අමුතුවෙන් හිතන්න කියල දෙන්න ඕනි නෑ.
දැන් පාසල්වල වෙන සිද්ධි ගැන, Gen Z එකට මිස්වෙන දේවල් ගැන කතා වෙන වෙලාවක මල්ලි කරපු යෝජනාවක් එක්ක තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ. ඇත්තටම අපි පොඩි ස්ලයිඩ්ස් ටිකක් එක්ක වැඩේ පටන්ගන්න කොට කාටවත් වැඩි උනන්දුවක් තිබුණෙ නෑ. හැබැයි පොඩි සත්තු ගැන, එයාලගෙ හැසිරීම ගැන සහ එයාල මේ විශ්වයටම කොච්චර වැදගත්ද කියන එක ගැන අපේ මල්ලි කරපු ලස්සන දැනුවත්කිරීම් සහ එළිමහනේ කරපු නිරීක්ෂණත් එක්ක ඇට්ටරපැටව් කියන ලේබල් එකෙන් වැහිල ඉදපු හොද පරිසර ගවේෂකයො, පරිසර ප්‍රේමීන් රොත්තක්ම මතුකරගන්න අපට හැකියාව ලැබුණා.
ඉතින්, ඒ සංවේදී මනුෂ්‍යා අවදිකරගත් හැමෝටම සාර්ථක මනුෂ්‍යයෙක් වෙන්න සුභපතන ගමන්, මේ වගේ කාලෝචිත වැඩසටහනක් සංවිධානය කරපු nilupul මල්ලිට සොබාදම් මාතාව වෙනුවෙන් ස්තූතියි ❤️
ආයෙත් හමුවෙමු.
අපි,
nilupul
Pasindu Dilshan Abegunawaradhana
Malmi H Gunathilake
Pramod Naween
Special thanks - CameraLK Store Anushka Gunasinghe ❤️