
27/06/2023
බදුල්ල පදවියේ සිව්වන රදගුරු හිමිපාණන් වහන්සේ වන
අති උතුම් ජූඩ් නිශාන්ත සිල්වා රදගුරු හිමිපාණන්ගේ රාජගුරු අභිෂේක ගැන්වීමේ දිව්‍ය පුජාවේ නිළ වීඩියෝ පටය මේ වන විට අන්තර්ජාලය ඔස්සේ ඔබට නැරඹීමේ හැකියාව ඇත
මෙම දිව්‍ය පුජාවේ නිළ සජීවී මාධ්‍ය ආවරණ කටයූතු බදුල්ල පදවි කතෝලික ජන සන්නිවේදන කොමිසමේ නිශ්පාදකත්වය යටතේ සහෝ සිනෙමැටෝග්‍රැෆි අප වෙත පැවරීම ගැන අපි නිහතමානිව ආඩම්බර වන්නෙමු. ඉතිහාසය තුළ ඉතා කලාතුරෙකින් සිදුවන මෙවන් වැදගත් මෙන්ම දුර්ලභ අවස්ථාවක නිළ සජීවී මාධ්‍ය ආවරණ කටයුතු අපව විශ්වාස කරමින් අප වෙත පවරා දුන් එවකට බදුලු පදවියේ රදගුරු හිමිපාණන්ව සිටි අති උතුම් වින්ස්ටන් ප්‍රනාන්දු (දි.ස.නි.) හිමිපාණන්ටත් බදුල්ල පදවි කතෝලික ජන සන්නිවේදන කොමිසමේ අධ්‍යක්‍ෂ ගරු. සමීර පෙරේරා පියතුමාටත් අපේ භක්ති පූර්වක ස්තූතිය පිරි නමා සිටිමු.
අභිනවයෙන් ආලේප ලත් රදගුරු හිමිපාණන්ට සිය බැටළුවන් වෙනුවෙන් උදාරතර සේවයේ ගමනක නිරත වන්නට Saho Cinematography අපේ සුභාශිංසන.
නිළ වීඩියෝ පටය වෙත පහත ලින්ක් එක මගින් යොමු විය හැක.
Episcopal Ordination of Monsignor Jude Nishantha Silva as the 4th Bishop of Badulla Diocese.Live Production - Commission For Catholic Social Communications C...