Sachindra Dilshan Dananjaya

Sachindra Dilshan Dananjaya Governor's Media Secretary | Uva Province
ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් | ඌව පළාත

🇱🇰❤

අපට " පවනක්" වු මාලිනියනේ ඔබට සුභ ගමන් ! ❤🙏
20/08/2026

අපට " පවනක්" වු මාලිනියනේ ඔබට සුභ ගමන් ! ❤🙏

කතරගම ඇසල පෙරහැරින් ලද ආදායමෙන් කතරගම ප්‍රදේශයේ පිලිකා රෝගීන් සදහා එක් අයෙකුට රුපියල් 50000 ක මුදලක් කතරගම ප්‍රාදේශිය සභ...
19/08/2026

කතරගම ඇසල පෙරහැරින් ලද ආදායමෙන් කතරගම ප්‍රදේශයේ පිලිකා රෝගීන් සදහා එක් අයෙකුට රුපියල් 50000 ක මුදලක් කතරගම ප්‍රාදේශිය සභාවෙන් !! ❤

දහමට සවියක් - දිවියට සුවයක්! 🌸🩺අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික පූජකතුමන්ලාගේ කායික හා මානසික සුවතාවය වෙනුවෙන් ප...
18/08/2026

දහමට සවියක් - දිවියට සුවයක්! 🌸🩺

අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික පූජකතුමන්ලාගේ කායික හා මානසික සුවතාවය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ වෛද්‍ය සායනය.

දිනය: අගෝස්තු 22 (සිකුරාදා)
වේලාව: පෙ.ව. 8.00 සිට ප.ව. 4.30 දක්වා
ස්ථනය: බදුල්ල මුතියංගණ රජමහා විහාරස්ථානයේදී

මෙම සත්කාරක සෞඛ්‍ය පරීක්ෂාව සඳහා වැඩමවන/සහභාගී වන ලෙස ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සහ පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු! 🙏

සංවිධානය:
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය | සෞඛ්‍ය අමාත්‍යාංශය | බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව | බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | ඌව පළාත් සභාව | සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය | ජාතික භික්ෂු පෙරමුණ

විමසීම්:

පූජ්‍ය ප්‍රගුණවංශ හිමි: 071 2064508 | පාලිත මහතා: 076 0381861
නිශාන්ත මහතා: 074 0031090

16/08/2026
ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමා මාසෙකට ලක්ෂ 13 ත් 20 ත් අතර වියදම අඩු කරල තියනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?මේ දවස්වල සමාජ මාධ...
11/08/2026

ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමා මාසෙකට ලක්ෂ 13 ත් 20 ත් අතර වියදම අඩු කරල තියනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?

මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ මාසයකට කරන ඉතිරිය පිලිබදව දේවල් සංසරණය වන නිසා මං හිතුවා ඒ පිලිබදව යමක් ලියන්න.

ඇත්තටම ඔව්! එතුමා ගෙවන සරල ජිවන රටාවත් එක්ක අපට පුලුවන් වෙලා තියෙනවා රුපියල් ලක්ෂ 13 ත් 20 ත් අතර වියදම් අඩු කරගන්න. ඒක වෙන්නේ කොහොමද කියලා මං පැහැදිලි කරන්නම්.

2022/ 2023 රටේ ආර්ථික අස්ථාවර භාවයක් තියෙන කාලයක පවා එවකට සිටි ආණ්ඩුකාරවරු නඩත්තු කිරීම සදහා දල වශයෙන් මසකට රුපියල් ලක්ෂ 25 ක වගේ මුදලක් වියදම් කරල තියනවා.

මේ ලක්ෂ 25කට ආසන්න ගණන හැදෙන්නේ කොහොමද?

* ආණ්ඩුකාරතුමාට හිමි මුලික වැටුප සහ අනෙකුත් දීමනා

* ආණ්ඩුකාරතුමාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප් සහ අනෙකුත් දීමනා

* ආණ්ඩුකාරතුමාට හිමි නිල නිවසේ කාර්ය මණ්ඩලය සදහා වැටුප් සහ නඩත්තු කටයුතු සදහා මාසික වියදම

එතකොට දැන් කොහොමද වියදම් අඩු කරල තියෙන්නේ ?

- වර්තමාන ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමා වැටුප විදියට ලබාගන්නේ සිය මුලික වැටුප පමණයි , ඉන්ධන දීමනාව එතුමා ඇතුලු ලේකම්වරු සියලු දෙනාගෙන් ඉවත් කර ඇති අතර අවශය ඉන්ධන , ඉන්ධන ඇනවුම් මගින් ඉන්ධන පිරවුම් හලෙන් සපයයි.

එතුමාට හිමි මාසික තෙල් ප්‍රමාණය - ලීටර් 1500 ( රථ තුනක් සදහා )
එතුමාගේ මාසික තෙල් පරිභෝජනය - ලීටර් 500
ඉතිරිය - ලීටර් 1000 × ඉන්ධන මිල ( දල වශයෙන්- 414,000 )

මීට අමතරව එතුමාට හිමි නිල නිවස එතුමා භාවිතා නොකරන අතර ඒ සදහා පුද්ගලික කාර්ය මණ්ඩලයට 15 දෙනෙකු පත් කර හැකි අතර ඒ වෙනුවෙන් කිසිවෙකු පත් කර නැත.
දව වශයෙන් වැටුප් සහ නඩත්තු ඉතිරිය මාසිකව - ( දල වශයෙන්- 900,000)

දැනට වියදම් වශයෙන් මාසිකව වියදම් වන්නේ ආණ්ඩුකාරතුමාගේ සහ පුද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප් සහ මාසික තෙල් සදහා රජයෙන් දරන වියදම පමණක් වන අතර ඒ අනුව පෙර පැවති ක්‍රමවේද එක්ක සසදන විට දල වශයෙන් එතුමා මාසික ආණ්ඩුකාර තනතුරේ නඩත්තු වියදම රුපියල් ලක්ෂ 13 ත් 20 ත් අතර ප්‍රමානයකින් මාසිකව අවම කර ඇත.

වර්තමාන රජයේ බෝහෝ අමාත්‍යවරුන් , නියෝජය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, ප්‍රාදේශිය සභා සභාපති තුමන් ඇතුලු මන්ත්‍රී වරුන් බොහෝදෙනා මේ ආකාරයේ වියදම් අඩු කරගනිමින් ජනතාව පැතු වෙනස ඒ ආකාරයෙන්ම මහපොළොවේ යථාර්ථයක් කර ඇත. ❤️

11/08/2026

බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා රුපියල් මිලියන 181.5 ක වියදමින් නව ගිලන් රථ සහ උපකරණ ප්‍රදානය කෙරේ ❤️

අග්‍රාමාත්‍ය නැනිලා ඇත්තෝ සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය හුරා එක්ක කතා දමන පොඩි කැකුළි ❤️
09/08/2026

අග්‍රාමාත්‍ය නැනිලා ඇත්තෝ සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය හුරා එක්ක කතා දමන පොඩි කැකුළි ❤️

මේ අගෝස්තු 4වනදා සවස 6.00 සිට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නමුණුකුළ එළිමහන රංගපීඨයේදී චිත්‍රපටයේ අධ්‍යක්ෂක චත්‍ර වීරමන්, ...
03/08/2026

මේ අගෝස්තු 4වනදා සවස 6.00 සිට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නමුණුකුළ එළිමහන රංගපීඨයේදී චිත්‍රපටයේ අධ්‍යක්ෂක චත්‍ර වීරමන්, ප්‍රධාන චරිතය රගදක්වන සැන්ඩ්‍රා මැක්, සහ නිෂ්පාදන සැලසුම්කරණ/කලා අධ්‍යක්ෂණ ශිල්පී බිමල් දුෂ්මන්ත සමඟ එක්වී "ආයු" නරඹන්න සුන්දර ඌව වෙල්ලස්සේ ඔබ සැමට කරන උණුසුම් ඇරයුමයි!

01/08/2026

ඌව පළාත් ආණ්ඩුකාර මාධ්‍ය අංශයේ සම්බන්ධීකරණයෙන් මහියංගණ වටවන විද්‍යාලයට නව පරිගණක පරිත්‍යාගයක්

මීට සමගාමීව, මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින වටවන විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙ කර්මාන්ත කලමණාකරන තාක්ශන දෙපාර්තමේන්තුව සම්පත් දායකත්වයෙන් ජූලි 30 සහ 31 යන දෙදින පුරා විශේෂ අධ්‍යාපනික වැඩමුළුවක්ද සංවිධානය කර තිබුණි.

ඌව පළාතේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි පාසලක දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා ශක්තිමත් කිරීම සඳහා මෙම වටිනා දායකත්වය ලබාදුන් රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ සිසු ප්‍රජාව වෙත ඌව පළාත් ආණ්ඩුකාර මාධ්‍ය අංශයේ හෘදයාංගම කෘතඥතාව පළ කරමු!

හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි ප්‍රමුඛස්ථානයට පැමිණි රුමේෂ් තරංගට අපගේ උණුසුම් සුභපැතුම්! ❤🇱🇰
01/08/2026

හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි ප්‍රමුඛස්ථානයට පැමිණි රුමේෂ් තරංගට අපගේ උණුසුම් සුභපැතුම්! ❤🇱🇰

Address

Wellawaya

Telephone

+94740001648

Website

Alerts

Be the first to know and let us send you an email when Sachindra Dilshan Dananjaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share