GenZ To

GenZ To Welcome to my page your go-to destination for quality education! We're passionate about sharing

මිනිස් සම්භාවිතයෙකින් නිපදවූ ටෙඩි බෙයා එකක්...?🧸😨දින තුනකට පෙර කැලිෆෝනියාවේ මොජාවේ නගරයේ බස් නැවතුම්පොළක තබා තිබූ අමුතු ...
19/07/2025

මිනිස් සම්භාවිතයෙකින් නිපදවූ ටෙඩි බෙයා එකක්...?🧸😨

දින තුනකට පෙර කැලිෆෝනියාවේ මොජාවේ නගරයේ බස් නැවතුම්පොළක තබා තිබූ අමුතු දෙයක් පදිකයෙකුගේ අවධානයට ලක්වෙයි. ලේ පැල්ලම් සහිත, ඉතාමත් සජීවී පෙනුමක් ඇති ටෙඩි බෙයා රූපය හුදෙක් සෙරින නෙවෙයි — පළමු බැලීමේදී ඒක මිනිස් සමෙන් හදලා තියෙන්නක් වගේ!

බියෙන් ව්‍යාකූල වූ ඔහු වහාම පොලිසියට දැනුම් දෙයි. පොලීසිය සහ මරණ පරීක්ෂකවරයෙකු පැමිණ පරීක්ෂා කළ විට අනාවරණය වන්නේ — ඒක මිනිස් සමෙන් හදපු එකක් නෙමෙයි, *යථාර්ථවාදී රබර් වලින්* සාදා ඇති කලා කෘතියක් බවයි.

වැඩිදුර විමර්ශනයකින් පසුව එම නිර්මාණය අන්තර්ජාලයේ විකිණීමට තිබුණු එකක් බවත්, කෙනෙකු විසින් මිලදී ගෙන එය අනිත් අය බියවීමට යොදාගත් බවත් තහවුරු විය.

කෙටියෙන් කියනව නම් – අමුතුම කලා හැඟීමකින් උපන් ටෙඩි බෙයා කෙනෙක් නිසා නගරයම එක ගැඹුරු සෙරිනකට වැටුණා. දැන් ඔයාටත් ඔන්න ඒ වගේ එකක් ඕන නම්, *ඔන්ලයින්* තියෙන්නෙ! 🌚🧸

(මෙවැනි විකෘති නිර්මාණ තෑගි කරන්න හිතෙනවද කියලා නම් හිතන්න වෙයි 😂)

Credit - UX Charcoal

ම්ම්ම්ම් රැවුල
12/04/2025

ම්ම්ම්ම් රැවුල

ක්‍රෙමර්ස් සහා ෆ්‍රන්ගේ   2014 මාර්තු 15 වන දින සති හයක නිවාඩුවක් සදහා පැනමාවට පැමිනියහ..ඔවුන් මාර්තු 29 වන දින බෝරිකෙට්...
08/02/2025

ක්‍රෙමර්ස් සහා ෆ්‍රන්ගේ 2014 මාර්තු 15 වන දින සති හයක නිවාඩුවක් සදහා පැනමාවට පැමිනියහ..ඔවුන් මාර්තු 29 වන දින බෝරිකෙට් වෙත පැමිනිමට පෙර සති 2ක් පැනමාවෙ සංචාරය කලහ..අප්‍රෙල් 1 වන දින ඔවුන් සිය සත්කාරක බල්ලා සමග 11 ට පමන බාරු ගිනි කන්ද සහිත වනාන්තරය අසල පියනිස්තා මාවතේ බෝකොට් සට් බොහො දුරින් කදු තරනය කලහ ..ඒදින රාත්‍රි යේ ඔවුන්ගේ බල්ලා තරුනියන් නොමැතිව ගෙදරට පැමිනෙනවා.. අප්‍රෙල් 3 දින බලදාරින් වනාන්තරය තුල ගුවනින් සොදිසි කර අතර ප්‍රදේශවාසින් සෙවීම ආරම්භ කලහ..අප්‍රෙල් 6 වන දින ක්‍රෙමර්ස් සහා ෆ්‍රන්ගේ දේමාපියන් දින 10 පුරා වනාන්තරය පුරාම පුර්න පරිමානයයේ සෝදිසි කිරිමක් සදහා නෙදර්ලන්ත යේ සුනක ඒකක සහා රහස් පරික්ශක කන්ඩායමක් පැනමාවට පැමිනියහ..කොච්චර සෝදිසි කරත් ඔවුන්ගේ පුලුටක් වත් සොයා ගැනිමට නොහැකි විය. ඔවුන් විසින් අවසානයට ගත් ජායාරූප පහත දැක්වේ..

තරුනියන් නැතිවී සතියකට පසු ප්‍රාදේශීය කාන්තාවන් ර ඔවුන්ගේ බෑගයක් ,බෝනාස් ඩෙල් ටොරෝ නම් ගම්මානය අසල ගං ඉවුරක් තිබි හමු විය..ඔවුන්ගේ දුරකතනය ද එහි තිබි ඇත.. ක්‍රෙමර්ස් සහා ෆ්‍රන්ගේ පැනමා 112 සහා 911 ඇමතුම් 11 අරගේන ඇත..මාස දෙකකට පසු බෑගය සොයාගත් ස්ථානයට සමීපව බූට් එකක් සහා විසිරි ඇති ඇටකටු 33 සොයා ගන්නා ලදී. ඩි එන් ඒ පරික්ෂා වෙන් තහවුරු වූයේ ක්‍රෙමර්ස් සහා ෆ්‍රන්ගේ බවයි .

ඉතින් ඔවුන්ට සිදු වුනේ කුමක්ද යන්න අදටත් සොයා ගෙන නැත .

©praviyah
©උපුටාගැනිමක්.

⛔  මිනී මස් කා ප්‍රසිද්ධියට පත් වූ ඉසෙයි සගාවා  ⛔1981 වසර වන විට ඉසෙයි සගාවා සිය දර්ශනපති උපාධිය හැදෑරීම සඳහා ප්‍රංශයේ ස...
05/10/2024

⛔ මිනී මස් කා ප්‍රසිද්ධියට පත් වූ ඉසෙයි සගාවා ⛔

1981 වසර වන විට ඉසෙයි සගාවා සිය දර්ශනපති උපාධිය හැදෑරීම සඳහා ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙනවා.

නෙදර්ලන්ත තරුණියක වන රෙනේ හාර්ට්වෙල්ට් ඔහු ඇස ගැටුණා. විකෘති කාමාශාවක් සහිත පුද්ගලයෙකු වන සගාවා, ඇය හා මිතුරු වී ඔහු නැවතී සිටින කාමරයට පැමිණෙන ලෙස ඇයට ආරාධනා කරනවා.

රෙනේ කාමරයට පැමිණි විට ඇය ඝාතනය කර, ඉන් අනතුරුව ලිංගික අඩත්තෙට්ටම්වලට ලක් කර මාංශ කෑමේ ආශාවක් සගාවාට ඇති වී තිබුණා.

පළමු වර ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වන්නේ කිසියම් කාරණයක් හේතුවෙන් ඇයට එහි පැමිණීමට නොහැකි වූ නිසා යි.

පළමු වර ගැලවුණ ද , දෙවන වර ඇය, ඔහුගේ කාමරයට යනවා. මෙහි දී ඇයට වෙඩි තබන ඔහු, ඇය මියයාමෙන් පසු ඔනි විදිහට ලිංගික අඩත්තෙට්ටම්වලට ලක් කොට ශරීර කොටස් ද අනුභව කරනවා. මෙහි දී ඇයගේ සමහර ශරීර කොටස් පිස ආහාරයට ගන්නට තරම් ඔහු කුරිරු වී තිබුණා.

දින කිහිපයක් ගතවන විට ඇයගේ සිරුරෙහි ඉතිරි ව තිබූ කොටස් කුණු වී ගඳ ගසන්නට පටන් ගන්නවා.

මේ අනුව ඒවා විශාල සූට්කේස දෙකකට දමන ඔහු, ඒවා පැරීසියෙන් ඉවත පිහිටි උද්‍යානයක ජලාශයකට රුධිරය බේරෙමින් තිබූ සූට්කේස් දෙක විසිකිරීමට උත්සාහ කිරීමේ දී එය, එහි බලධරයින්ගේ ඇස ගැටුණා. වහා ම ඔහු අත්අඩංගුවට පත් වූ අතර, ඉතා කැමැත්තෙන් ඔහු පොලිසියට භාර වුණා.

‘මම ඇය ව මරා දැමුවේ ආහාරයට ගන්නට’යැ යි ඔහු ප්‍රීතියෙන් පවසා සිටියා. ඔහුට පොලිසියට හසු වී සිය ‘වික්‍රමය’ කියන්නට අවශ්‍යතාවක් තිබුනා.

ඔහු ඉතා දරුණු මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙකු බව ප්‍රංශ පොලිසියට තෙරුනා . එහි දී සිය හඬ අවදි කරන ඔහු පවසන්නේ, තමන්ට මනුෂ්‍ය මාංශ කෑමේ ආශාව ඇති වූයේ තමන් කුඩාකල දී සිය පන්තියේ වූ දැරියකගේ කලවා දැකීමෙන් පසු බව යි.

ඉන් අනතුරුව 1970 වසරේ දී ඔහු නිදා සිටි ජර්මානු කාන්තාවකගේ කලවා ප්‍රදේශයේ මස් කැබැල්ලක් කඩාගෙන කෑමට ටෝකියොහී දී උත්සාහ කර තිබූ අතර, වහා අවදි වූ ඇය එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා.

නමුත් ජපාන රජය ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මෙයට හේතු වූයේ ඔහුගේ අපරාධයට අදාළ ලියකියවිලි ප්‍රංශයෙන් ගෙන්වා ගැනීමට ජපානය අපොහොසත් වීමයි .

හොඳින් අධ්‍යාපනය ලබා තිබුණ ද පැරීසියේ සිදු වූ ඝාතනයෙන් පසු කිසිවෙකුත් ඔහුට රක්ෂාවක් ලබා දීමට ඉදිරිපත් වූයේ නැහැ.

කෙසේ නමුත් ඔහු හොඳින් සමාජගත වි තිබුණා. මින් ප්‍රයෝජන ගත් සගාවා, ඒ ඔස්සේ සිය පෞරුෂය ගොඩනඟාගන්නට පටන් ගත්තා. නිල් චිත්‍රපට කිහිපයක රඟපෑ ඔහු, එහි දී ද සිය සහායිකාව ‘සපා කෑවේ’ සිය අනන්‍යතාවය ප්‍රකට කරමිනුයි.

මොහු කිසි කලෙක විවාහ වූයේ නැහැ. කිසිදු තරුණියක ඔහු සමඟ ජිවත් විමට ධෛර්යයමත් නොවීම ඊට හේතුව යි. ඔහුගේ පවුල ද ඔහු ව කොන් කරනු ලැබුවා. මේ නිසා ඔහුට ගත කරන්නට සිදුවූයේ ඉතා තනිකඩ, හුදෙකලා දිවියක්. පසුකාලීන ව ඔහු හෘදයාබාධ දෙකකින් ද පීඩා වින්දා.

D look

මිනිසුන් හිටි හැටියේ ම නින්දට වැටෙන කලාචි ගමේ අබිරහස.කසක්ස්තානයේ ගමක දිවි ගෙවූ වික්ටර් , දිනක්  සිය වාහනයේන්  ළඟ ම නගරයට...
04/10/2024

මිනිසුන් හිටි හැටියේ ම නින්දට වැටෙන කලාචි ගමේ අබිරහස.

කසක්ස්තානයේ ගමක දිවි ගෙවූ වික්ටර් , දිනක් සිය වාහනයේන් ළඟ ම නගරයට පිටත් වෙනවා. එහෙත්, ඔහු නැවත ගමට පැමිණියේ නැහැ. අතරමඟ දී ඔහු කිසියම් අද්භූත අත්දැකීමකට මුහුණ දුන්නා.

“මගේ මොළය ක්‍රියා විරහිත වුණා වාගෙ යි. එච්චරයි, මට කිසිම දෙයක් මතක තිබුණේ නැහැ. රෝහලේ දී අවදි වූ විට මට වැටහුණා මං දිගු නින්දකට වැටුණු බව.”

කලාචි ගමේ මිනිසුන් මුහුණ දෙමින් සිටි අබිරහස් නිද්‍රා රෝගයට වික්ටර් ද ගොදුරු වී සිටියා. ගමනාන්තයට යන අතරතුර ඔහු කලාචි අසලින් ගමන් කළ නිසා ගම්මානයේ ශෝචනීය තත්ත්වයේ බලපෑමට ඔහු යටත් වූ බව සිතිය හැකි යි.

මෙම රෝගයට ගොදුරු වූවන් මුහුණ දෙන්නේ අධික නිදිමතට පමණක් නොවෙ යි. උදාහරණයක් ලෙස වික්ටර්ට කිසිදු හේතුවක් නොමැති ව රුධිර පීඩනය ඉහළ යෑම, හිසරදය, යන අපසහුතාවලටත් මුහුණ දුන්නා.

මෙය ඉතා බරපතළ තත්ත්වයක් වුවත්, රෝගයේ හේතු සාධකය සෙවීම පහසු වුණේ නැහැ.

රෝගය ප්‍රථම වරට සැලකිය යුතු මට්ටමින් ඉස්මතු වුණේ 2013 වසරේ. අනතුරු ව නිද්‍රා රෝගය වසංගතයක් මට්ටමට කලාචි ගමේ ඉස්මතු වීම ඇරඹුණා.

මෙම රෝගයේ ඇති භයානක ම ලක්ෂණය වන්නේ එය ඕනෑම වේලාවක වැලඳීමේ හැකියාව යි.

සිදුවන්නේ කුමක්දැ යි හරියාකාර ව නොදැන සිටි ප්‍රදේශයේ වෛද්‍යවරුන් දැඩි පීඩාවකට පත් වූ අතර, රෝගකාරකය සොයා යෑමේ දී ජලය, වාතය සහ අහස පවා ඔවුන් ගේ සැකයට භාජනය වුණා. එතනින් නොනැවතුණු වෛද්‍යවරුන්, ගම්වැසියන් පානය කළ වොඩ්කා නම් මධ්‍යසාරයත් සැලකිල්ලට ගත්තා.

නිද්‍රා රෝගයට වයස් භේදයක් නැහැ. දුටු සිහින මතකයේ තිබූ ස්වල්ප දෙනකු තම අත්දැකීම් විස්තර කර තිබූ අතර, ඒවා සියල්ල ම පාහේ බියකරු සිහින වීම විශේෂත්වයක්. මිනිසුන් ආශ්‍රයේ සිටි සුරතල් සතුන්ටත් ගැලවීමක් ලැබුණේ නැහැ.

වෛද්‍යවරුන් රෝගය හමුවේ ගොඩ නඟා ගත් සියලු පැහැදිලි කිරීම් ප්‍රතික්ෂේප වී ගියා.

නිද්‍රා රෝගයේ හේතු සාධක සොයා ගෙන යාමේ දී කලාචි ආසන්නයේ තිබෙන වසා දැමූ යුරේනියම් පතලක් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.

ක්‍රැස්නගොර්ස්ක් ලෙස හඳුන්වන මෙම පතල් නගරයේ 6500 ක පමණ ජනගහනයක් අතීතයේ ජීවත් වූ අතර, කෙමෙන් කෙමෙන් පතල් නගරයෙන් මිනිසුන් ඉවත් ව යාම නිසා එය හොල්මන් නගරයක් බවට පත් වුණා.

වසංගතය පැතිරුණු අවධියේ එහි මිනිසුන් 130 වැනි සුළු පිරිසක් ජීවත් වූ බව සඳහන්. කෙසේ නමුත්, කලාචි වැසියන් මුහුණ පා සිටින ඛේදවාචකයට පතල් නගරයේ වැසියන් හසුව සිටියේ නැහැ. යුරේනියම් පතල සක්‍රීය ව පැවති සමයේ එහි කම්කරුවන් නිද්‍රා රෝගයට ගොදුරු වූ බවක් ද වාර්තා වී තිබුණේ නැහැ.


පසුව සිදුකල පරේයේෂනයකදි බලපෑමට ලක් වූ සමහර නිවාසවල කාබන් මොනොක්සයිඩ් මට්ටම නිර්දේශිත ප්‍රමාණයට වඩා දස ගුණයකින් ඉහළ බව සොයා ගත්තා . ඉහළ කාබන් මොනොක්සයිඩ් සාන්ද්‍රණය “නිදි අසනීප” හා සමාන රෝග ලක්ෂණ මිනිසුන්ට ඇති කරන බව පවසා තිබුණා.

එ අනුව කාබන් මොනොක්සයිඩ් සහ හයිඩ්‍රොකාබන් ඉහළ සාන්ද්‍රණයක් සමඟ ඉතා කුඩා ඔක්සිජන් අගයකින් යුතු අමුතු ම සංයෝජනයක් කලාචි අහසේ වරින් වර නිර්මාණය වන බව පර්යේෂකයන් අනාවරණය කර ගත්තා.

වසා දමා තිබූ යුරේනියම් පතල්වල එකතු වූ කාබන් මොනොක්සයිඩ් වායුවේ බලපෑම වක්‍රාකාරයෙන් කලාචි ගමට දැනුණ බව විද්වතුන් නිගමනය කළා.

2014 නොවැම්බර් අග වනවිට කලාචි ගම්මානය නගරාධිපතිවරයා කලාචි වැසියන්ට නව නිවාස සහ රැකියා සොයා දි ඇත.

අවසානයේ දී මෙතෙක් තමාගේ ජීවිත පාලනය කළ නින්ද, නැවතත් ඔවුන්ගේ පාලනයට නතු වූ දින චර්යාවේ කොටසක් බවට පත් කර ගැනීමට කලාචි ගමේ වැසියන් සමත් වුණා

⛔  ගැහැණුන් මරා ඌරන්ට කන්නට දුන් ඝාතකයා ⛔⛔  ඌරු ගොවිපළ හිමියෙකු වූ රොබට් පික්ටන්, කොලොම්බියාවේ  ප්‍රචලිත ව සිටියේ නිතර ම...
03/10/2024

⛔ ගැහැණුන් මරා ඌරන්ට කන්නට දුන් ඝාතකයා ⛔

⛔ ඌරු ගොවිපළ හිමියෙකු වූ රොබට් පික්ටන්, කොලොම්බියාවේ ප්‍රචලිත ව සිටියේ නිතර ම ගණිකා සේවනයෙහි යෙදුණු අයෙකු ලෙස යි.

⛔ මොහු සාර්ථක ඌරු ගොවිපොළක හිමිකරුවෙක් . මේ නිසා ඔහු අත මුදල් යහමින් ගැවසුණා. තනි ව විසූ ඔහු සිය ලිංගික අවශ්‍යතාවන් සපුරාගත්තේ වැන්කුවර් හි මුදලට ගත් ගණිකාවන් මගින් .

⛔ සාමාන්‍ය ගණිකාවක් අතුරුදන් වීම හේතු ගණනාවක් නිසා සමාජයේ කතාබහට ලක්වන්නේ නැහැ. ගණිකාවක පිළිබඳ ව නිතරම සොයා බැලීමට කිසිවෙකු නොමැති නිසා කෙටි කලෙකින් බොහෝ දෙනාට අමතක වී යනවා. වැන්කුවර් හි ගණිකාවන් කිහිපදෙනෙකු මෙලෙස අතුරුදන් වන්නට ගත් විට එය, ඒ තරම් අවධානයට ලක් නොවුණේ මේ නිසා.

⛔ 1997 වසරේ එක් දිනෙක කාන්තාවක් පික්ටන්ගේ ගොවිපොළෙන් ඉවතට දිව ආවා. ඇය නිරුවත් හා, සිරුරෙන් රුධිරය වෑස්සෙමින් තිබුණා. ඇය සඳහන් කළ ආකාරයට ලිංගික කර්තව්‍යය උදෙසා ගෙන යාමෙන් අනතුරුව පික්ටන් විසින් ඇය මරා දැමීමට උත්සාහ කර තිබූ අතර, එහි දී ඔහුගේ පිහිය උදුරාගෙන ඉන් ඔහුට ම ඇනීමෙන් පසු, පලා ඒමට ඇය සමත් ව තිබුණා.

⛔ කෙසේ නමුත් ඒ වන විට ඇය බීමත් ව සිටීම ඇතුළු කාරණා කිහිපයක් නිසා පොලිසිය ඇයගේ චෝදනා වැඩි විභාගයකින් තොරව ම ඉවත දමනවා.

⛔ පසුකාලීන ව තව තවත් චෝදනා එල්ල වීමත් සමග ම පික්ටන් හා ඔහුගේ ගොවිපොල පරීක්ෂා කරන්නට බලධාරීන් තීරණය කරනවා. මෙතෙක් කාලයක් සැඟවී තිබූ කුරිරු ඝාතකයෙකුගේ සුළමුල හෙළිවන්නේ ඒ අනුව යි.

⛔ පර්යේෂණවලට අනුව එලෙස හමු වූ සිරුරු කොටස්වල පුද්ගලයින් 26 දෙනෙකුට අයත් ඩී. එන්. ඒ. ගැබ්ව තිබුණා. ඒවා ප්‍රදේශයේ අතුරුදන් වූ ගණිකාවන් ඇතුළු කාන්තාවන්ගේ බැව් හෙළි වුණා.

⛔ වහා ම පික්ටන් අත්අඩංගුවට පත් වූ අතර, එහි දී අනාවරණය වූයේ ඔවුන් සියලු දෙනා ලිංගික ක්‍රියාව සඳහා මුදලට කැමති කරවාගෙන ගොවිපොළ වෙතට ගෙන ඒමෙන් අනතුරුව ඔහු විසින් මරා දමන්නට යෙදුණු බව යි.

⛔ හොඳ හැටි මත්පැන් සපයා, අඩපණ වූ පසු ව පික්ටන් විසින් එම ඝාතනයන් සිදුකර තිබූ අතර, ඉන් අනතුරුව ඔහු ඔවුන්ගේ මාංශය අඹරා ඌරන්ට කන්නට දී තිබුණා.

⛔ පික්ටන් එසේ ඝාතනය කරන ලද කාන්තාවන්ගේ සිරුරු කොටස් කැබලි කර ඉන් කොටසක් ඌරන්ට දී ඇත්තේ අනෙක් ආහාරවලට මිශ්‍ර කරමිනුයි. ඉතිරි කොටස ඌරු මස් සමග මිශ්‍ර කොට ඔහු ප්‍රදේශවාසීන්ට අලෙවි කර තිබුණා. කාන්තාවන් හා සෙසු සමාජය කෙරෙහි තිබූ වෛරය නිසා ඔහු මෙසේ කරන්නට ඇතැ යි පැවසෙනවා.

⛔ ගොවිපොළේ තිබී හමු වූ සිරුරු කොටස් කාන්තාවන් 26 දෙනෙකුගේ වුවත්, තමන් විසින් කාන්තාවන් 49 දෙනෙකු ඝාතනය කළ බැව් ඔහු විසින් පාපොච්ඡාරණය කළා. ඔහු තව දුරටත් කියා සිටියේ 50 වෙනි ගොදුර තමන්ට ගොදුරු කරගැනීමට නොහැකි වීම පිළිබඳ ව දුක් වන බව යි.

නඩු විභාගයකින් පසු 2007 වසරේ දී රොබට් පික්ටන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වෙනවා.

සටහන - අභිරහස් මිනිසා - The mystery man

පාසල් සිසුන් පිරිසක් පණ පිටින් වළලන ලද, ‘චෝචිලා පැහැර ගැනීමේ සිද්ධිය ගැන් ඔයලා අහලා තියෙනවද ?.1976 වසරේ ග්‍රීෂ්ම ඍතුවේ ද...
03/10/2024

පාසල් සිසුන් පිරිසක් පණ පිටින් වළලන ලද, ‘චෝචිලා පැහැර ගැනීමේ සිද්ධිය ගැන් ඔයලා අහලා තියෙනවද ?.

1976 වසරේ ග්‍රීෂ්ම ඍතුවේ දී ඇමෙරිකා එක්සත් ජනපදය ම සලිත කළ සිදුවීමක් එහි කැලිෆෝනියා ප්‍රාන්තයේ චෝචිලා ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ පාසල් සිසු, සිසුවියන් 26 දෙනෙකු හා ඔවුන් ගමන් කරමින් තිබූ පාසල් බස් රථයේ රියැදුරු ද සමග කප්පම් ගැනීම අරමුණින් පැහැර ගැනීමට ලක් වීම යි. ඔවුන් සියලු දෙනා පණ පිටින් ‘වැළලීමට’ සලස්වා තිබීම නිසා මෙහි දරුණුභාවය තවත් වැඩි වුණා. කෙසේ නමුත් වාසනාව තව දුරටත් ඔවුන් සතු ව තිබීම නිසා, ඒ සියලු දෙනා ම කිසිදු උපද්‍රවයකින් තොර ව ගැලවීමට අවසානයේ සමත් වුණා. කෙසේ නමුත්, එම සිදුවීම සිදු වී වසර 42ක් ගත වන මේ මොහොත වන විටත්, එම සිද්ධියට මුහුණ දුන් සමහරක් දෙනා සුළු වශයෙන් හෝ විවිධ මානසික බිඳවැටීම්වලට ලක් වී තිබෙනවා.

1976 වසරේ ජූලි මස 15 වන දා කැලිෆෝනියාවට උදා වූයේ ඉතා පැහැබර වටපිටාවක් සහිත ව යි. පාසලේ දරුවන් වෙනුවෙන් ‘ගිම්හාන කඳවුරක්’ පැවැත්වීමට එහි නිලධාරීන් තීරණය කර තිබුණේ ඒ මස මුල දී ම යි. දරුවන් ඊට සහභාගි වූයේ ඉතා උද්‍යෝගිමත් ව යි.

ජූලි 15 වැනි දා ද කඳවුර සාර්ථක ව පැවැත්වුණු අතර, එය නිම වී නිවෙස් බලා යන්නට සියලු දෙනා පාසල් බස් රියට

සිසුන් නිවෙස් බලා ඇරලවීමේ ගමනේ දී, මෙම බස් රියට ’21 වැනි පටුමග’ නම් එතරම් ජනාකීර්ණ නොවූ මාවතක් ඔස්සේ යන්නට සිදුවෙනවා. බස් රථයේ රියැදුරු ෆ්‍රෑන්ක් එඩ්වඩ් රේ, ඒ මඟට රථය හරවන්නේ කවදත් ගමන් කරන මාර්ගයේ කිසිදු කරදරයක් ඉව නොවැටුණු නිසා යි. එක්වර ම ඔහු දකින්නේ වෑන් රථයක් සිය මඟ අවුරා සිටින අයුරු යි. යම් කාර්මික දෝෂයක් නිසා මෙසේ එය නතර වී ඇතැ යි අනුමාන කළ ඔහු එය මඟ හැර පසෙකින් ගමන් කරන්නට උත්සාහ කරනවා.

බස් රථය පසෙකින් ගමන් කරවීමට උත්සාහ කරනවාත් සමග එඩ්වඩ් එහි සිටි අයට ‘උදව්වක් අවශ්‍ය නම් පවසන’ ලෙස කියා සිටිනවා. ඒ නිමේෂයේ බස් රථය තුළට කඩා වදින අවි අමෝරා ගත්, මුහුණු වසාගත් කිහිපදෙනෙකු එඩ්වඩ්ට තර්ජනය කරන්නේ තමන් පවසන දිශාවට වාහනය පදවන ලෙස යි. කුඩා දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතූ ඔහුට ඊට අවනත වීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.

අවි අත දැරූ ආගන්තුකයින්ගේ අණ කිරීම පරිදි එඩ්වඩ්ට උණ ගස් පිරුණු පෙදෙසක වූ දුෂ්කර මාර්ගයක බස් රථය රැගෙන යන්න්නට සිදුවෙනවා. මේ වන විට දරුවන් සියලු දෙනා භීතියෙන් ඇළලී සිටියා.

බස් රථය අවසානයේ ‘වසන ලද අගලක්’ වැනි යමක් අසලට පැමිණෙන අතර, ඒ අසල වෑන් රථ දෙකක් නවතා තිබුණා. එඩ්වඩ්ට නැවතීමේ විධානය ලැබෙන අතර, බස් රථය නවත්වන ලදු ව සියලු දෙනාට ම වෑන් රථ දෙක තුළට යන ලෙසට පැවසෙනවා. ඉන්පසු ව ඒවා විදුලි වේගයෙන් පිටත් වෙනවා.

සිසුන් රැගත් වෑන් රථ දෙක පැය 11ක් තිස්සේ ඔහේ ඇදී යනවා. වෑන් රථ කොහි යන්නේ දැ යි කිසිවෙකුට දැනගත නොහැකි වූයේ ඒවායේ වීදුරු කළු පැහැ ස්ටිකරවලින් ආවරණය කර තිබූ නිසා යි. වෑන් රථ තුළ දැඩි උණුසුමක් පැවති අතර ඒ අපහසුතාව, බඩගින්න, හා හදිසි අවශ්‍යතාවයන් හේතුවෙන් කුඩා දරුවන් කෑ ගසන්නට වුණා. එහෙත් ආගන්තුකයින් ඒ පිළිබඳ කිසිදු අවධානයක් දැරුවේ නැහැ.

පැය 11ක පීඩාකාරී ගමනකින් පසු වෑන් රථ දෙක ගල් කැඩීම සිදුකරන පතලක් අසල නතර කෙරුණා.

සිසුන් ඉවතට ගත් කප්පම්කරුවන් ඒ සියලු දෙනාගේ ම නම, වයස, ලිපිනය වැනි කරුණු සටහන් කරගත් අතර, ඒ සෑම දෙනාට ම අයත් රෙදි කැබැල්ලක් වැනි යමක් ඉල්ලා ගන්නට ද අමතක කළේ නැහැ.

මෙලෙස තොරතුරු සටහන් කර ගැනීමෙන් අනතුරුව රියැදුරු එඩ්වඩ්ට හා දරුවන් සියලු දෙනාට අණ ලැබෙන්නේ පතල් විවරයේ දෝනාවක් ආරම්භයේ ඇති උඩුබැලි කරන ලද ‘කන්ටේනරයක්’ වැනි යමත් තුළට ගමන් කරන ලෙස යි. එය කඩන ලද ගල් මතුපිටට ගෙන එන සංවෘත පෙට්ටියක් වැනි යමක් වුණා. ඉණිමඟක් ආධාරයෙන් සියලු දෙනා ඒ තුළට යැවීමෙන් අනතුරුව ඉණිමඟ ඉවත් කරන කප්පම්කරුවන්, එහි ඉහළ විවරය වසා දමන්නේ සියලු දෙනා ඒ තුළ සිර කරමිනුයි.

කුඩා දරුවන් ගාල් කරන ලද කන්ටේනර් පෙට්ටියේ ආහාර ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් මෙන්ම හදිසි අවශ්‍යතා ඉටු කරගැනීමට ස්ථානයක් මෙන්ම ජල බෝතල් කිහිපයක් ද තිබුණා. මීට අමතර ව එහි ස්ථානයක මෙට්ට කිහිපයක් ද අතුරා තිබූ අතර, බැටරියෙන් ක්‍රියා කරන විදුලි පංකා කිහිපයක් ද තිබුණා. කෙසේ නමුත් ඒ සියල්ලේ ම බැටරි විසර්ජනය වී අවසන් ව තිබුණා. භයානක ම කාරණය වූයේ යම්කිසි හේතුවක් නිසා කප්පම්කරුවන් මෙහි වායු හුවමාරුව සඳහා තනා තිබූ විවරය අවහිර වී තිබීම යි. මේ හේතු නිසා ඉක්මනින් ම එහි වට පිටාවේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වූ අතර, උෂ්ණත්වය ද ඉහළ ගියා . එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා දරුවන් වමනය දැමීමට පවා පටන්ගත් අතර, හොඳ සිහියෙන් සිටියේ එහි සිටි එක ම වැඩිහිටියා වූ එඩ්වඩ් පමණයි. ඔහුගේ ද ශක්තිය ඉතා ක්ෂීණ ව තිබූ නිසා මේවා සඳහා කිසිදු පිළියමක් යෙදීමට ඔහුට නොහැකි වුණා.

පුදුමාකාර ගැලවීමක්
පැය 16ක් මෙම ‘අපාය’ තුළ සිර වී සිටි පිරිසෙහි යන්තමින්වත් පියවි සිහියකින් සිටියේ රියැදුරු එඩ්වඩ් හා තවත් වැඩිමහල් දරුවන් කිහිප දෙනෙකු පමණයි. ඔවුන් කිහිප දෙනා කෙසේ හෝ ඉක්මනින් ම මින් නොගැලවුණහොත් මරණය නියත බැව් තේරුම් ගෙන සිටියා. මේ නිසා ගැලවීමේ උපායන් ඔවුන් කඩිනමින් සිතුවා. මෙට්ට එක මත එක තබා කන්ටේනරයේ විවරය වෙත ළඟා වී පියන ඉවත් කර ගැනීමට ඔවුන් සැලසුම් කළා. සැලසුම් කළ පරිදි එහි ළඟා වුණත්, එඩ්වඩ්ට වැටහෙන්නේ එහි පියන ට්‍රක් රථවලට අයත් විශාල බැටරියක් මඟින් අවහිර කර ඇති බව යි. ඊටත් ඉහළින් අඩි කිහිපයක අබලි ද්‍රව්‍ය ද ගොඩගසා තිබුණා.

එඩ්වඩ් වැඩිමහල් දරුවන්ට පවසා සිටියේ එහි කොනක් කෙසේ හෝ හාරා ඉවතට යා යුතු බව යි. කෙසේ නමුත් කුඩා දරුවන් බිය වූයේ කප්පම්කරුවන් ඒ අසල සිට තමන්ට වෙඩි තබනු ඇතැ යි සිතායි. කෙසේ නමුත් මෙලෙස රැඳී සිටියොත් ඉක්මනින් ම හුස්ම හිර වී මිය යාමට සිදුවන බව එඩ්වඩ් වටහා දීමෙන් අනතුරුව ඒ සඳහා සැමගේ එකඟතාව පළවුණා.

එඩ්වඩ් හා වැඩිමහල් සිසුන් මඳ වේලාවක වෙහෙසකින් අනතුරුව කන්ටේනරයේ ඉහළ පියනේ පසෙකින් මාර්ගයක් පාදා ගැනීමට සමත් වෙනවා. ඉන් අනතුරුව එකිනෙකා ඉවතට පැමිණෙන්නේ මහත් වූ අපහසුතාවයෙන් යුතු ව උස් වූ අයගේ කර මතිනුයි. මේ වන විට වාසනාව ඔවුන් සතු වූයේ ඔවුන්ගේ ‘ආරක්ෂාවට’ එම ස්ථානයේ රැඳී සිටි සියලු කප්පම්කරුවන්ට නින්ද ගොස් තිබීම නිසා යි.

මේ වන විට කැලිෆෝනියාව පුරාවට මේ පාසල් දරුවන්ගේ අතුරුදන් වීම පිළිබඳ ව ප්‍රසිද්ධ කොට තිබුණු අතර, ඒ අනුව ඔවුන් හඳුනාගත් ඒ පුද්ගලයා වහා ම මේ පිළිබඳ ව පොලිසිය දැනුවත් කරනවා. ඉක්මනින් ම ඔවුන් රෝහල කරා යොමු කෙරෙනවා.
කප්පම්කරුවන් ඉක්මනින් ම හඳුනාගත් අතර, ඔවුන්ගේ ප්‍රයත්නය වී තිබුණේ සිසුන් පැහැරගෙන ඩොලර් මිලියන 5ක කප්පමක් ඉල්ලා ගැනීමට යි. මොවුන් සියලු දෙනා පොහොසත් පවුල්වල අය බැව් හඳුනාගැනීමත් සමග ම කුමන හේතුවක් අරබයා මේ කප්පම් ගැනීම සිදුකිරීමට ගියා ද යැ යි සෑම දෙනාට ම මතු වූ ගැටලුවක් වුණා. මෙයට වඩාත් විශ්වාස කළ හැකි හේතුව ලෙස පෙනී ගියේ, ඒ වන විට කැලිෆෝනියාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතු ව විශාල අතිරික්ත මුදලක් ඇති බවට රාවයක් පැතිර යාම නිසා මොවුන් මේ පියවර ගන්නට ඇති බව යි. කෙසේ නමුත් කප්පම ඉල්ලා සිටින්නටත් පෙර ම ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නට එහි පොලිසිය සමත් වුණා.

කප්පම් කරුවන් සිසුන් පිරිස රැගෙන ගොස් තිබුණේ පැහැරගත් ස්ථානයේ සිට සැතපුම් 100ක් පමණ වයඹදිගින් පිහිටි ලිවමෝර් අසල පිහිටි පතලකට යි. එය සැකකරුවෙකු වූ ෆෙඩ්‍රික් වුඩ්ස්ගේ පියාට අයත් ව තිබුණා. අනෙක් ප්‍රධාන සැකකරුවන් වූයේ රිචඩ් හා ජේම්ස් ශෝන්ෆීල්ඩ් යන දෙසොහොයුරනුයි. ඔවුන් තිදෙනා ම වරදකරුවන් බවට ඔප්පු වූ අතර, දීර්ඝ කාලීන සිරදඬුවම් නියම වුණා.

චෝචිලා සිද්ධියෙන් සියලු දෙනා නිරුපද්‍රිත ව ගැලවුණත්, ඉන් මානසික පීඩනයට පත් වූ දරුවන් කිහිප දෙනෙකුට ම දීර්ඝ කාලීන ප්‍රතිකාර කිරීමට සිදු වූ බැව් කියැවෙනවා.

Page එකත් Fallow කරන්න.

අභිරහස් මිනිසා - The mystery man

වාසනාව ගෙන දෙන ජුලියට්ගේ පියයුරුWilliam Shakespeare විසින් නිර්මාණය කල රෝමියෝ ජුලියට් ආදර කතාවේ ආදරවන්තිය වූ "Juliet" නි...
03/10/2024

වාසනාව ගෙන දෙන ජුලියට්ගේ පියයුරු

William Shakespeare විසින් නිර්මාණය කල රෝමියෝ ජුලියට් ආදර කතාවේ ආදරවන්තිය වූ "Juliet" නිරූපණය කරන අපූරු පිලිරුවක් ඉතාලියේ Verona නගරයේ පිහිටි Juliet House පරීශ්‍රයේ දැකගන්න පුලුවන්. 1969 වසරේදී sculptor Nereo Costantini නම් නිර්මාණකරු විසින් සාදන ලද තඹ ප්‍රතිමාවක් 1972 වසරේදී එවකට වෙරෝනා නගරයේ තිබූ Lions Club පරිශ්‍රයේ තැන්පත් කොට තිබුනා. මෙම ප්‍රතිමාව වසර ගණනාවක් පුරා සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සමත් වූ අතර එය වටා ගෙතුනු මතයක් වූයේ එම පිලිරුවේ පියයුරු ස්පර්ෂ කිරීමෙන් නොබිදෙන ආදරයක් හෝ වාසනාව උදාවන බවයි.

මෙහි පැමිණි සංචාරකයන් පිලිරුවේ පියයුරු ස්පර්ෂ කිරීමෙන් එම පිලිරුවේ පියයුරු අවර්ණ වී තිබුනා. කාලයත් සමග පිලිරුවට හානි සිදුවීම නිසා 2014 වසරේදී එම පිලිරුව එම ස්තානයෙන් ඉවත් කොට Giulietta’s house-museum කෞතුකාගාරය වෙත ගෙන යනු ලැබුවා. නමුත් Juliet පිලිරුවේ අනුරුවක් නිර්මාණය කොට එය Juliet House පරිශ්‍රයේ තැන්පත් කිරීමට කෞතුකාගාර බලධාරීන් 2014 වර්ෂයේදී කටයුතු කලා.

සංචාරක ආකර්ෂණය බහුලවම දිනාගත් මෙම නව පිලිරුවේ පියයුරුත් මේ වනවිට අවර්ණ වී තිබෙනවා. මෙහි පැමිණෙන තරුණ තරුණියන් ජුලියට්ගේ පියයුරු ස්පර්ෂ කරමින් ඡායාරූප ගැනීමට අමතක කරන්නේ නැහැ. ඒ වගෙම ඔවුන් වාසනාව හෝ ආදරය ප්‍රාර්ථනා කිරීමටත් අමතක කරන්නේ නැහැ. වෙරෝනා නගරයේ සංචාරකයන් බහුල වකවානුවලදී මෙම පිලිරුවේ පියයුරු ස්පර්ශ කිරීම සඳහා දිගු පෝලිමක සිටීමට සංචාරකයන්ට සිදුවන බවත් වාර්තා තුල සදහන් වනවා.

සටහන = (අභිරහස් මිනිසා - The mystery man)

කාමර අංක 1046 දී සිද්ධවුන නොවිසඳුණු අබිරහසක් ගැන ඔයාල අහල තියෙනවද?         1935 වසරේ ජනවාරි දෙවැනිදා කැන්සාස් හි පිහිටි ...
02/10/2024

කාමර අංක 1046 දී සිද්ධවුන නොවිසඳුණු අබිරහසක් ගැන ඔයාල අහල තියෙනවද?

1935 වසරේ ජනවාරි දෙවැනිදා කැන්සාස් හි පිහිටි හෝටලයකට "රෝලන්ඩ් ටී ඕවන්" කියල පුද්ගලයෙක් පැමිණෙනවා. ඔහු සතුව පනාවක් හා දත් බුරුසුවක් පමණයි තියෙන්නේ 👀

මෙයා කාමර අංක 1046 කුලියට ගන්නවා. මේකෙන් පස්සේ මෙයාගෙ හැසිරීම ටිකක් අමුතු එකක් වුනා. මෙයා නිතරම එලියට ගියා ආවා පමණයි. හෝටලයෙන් කෑම ගත්තා පමණයි. 👀

එක් දිනක් මෙයා එලියට ආවේ නෑ. එදා දවසේ දහවල් කාලයේදී හෝටලයේ පිරිසිදු කිරීමේ සේවිකාවක් වුන "මේරි" කාමර පිරිසිදු කිරීම සඳහා පිටත් ව ගිය අතර, ඇය කාමර අංක 1046 අසලට පැමිණි විට එය ඇතුලතින් අගුලු දමා ඇති බව දුටුවා 👀

දොරට තට්ටුවක් දැමීමෙන් පසු දොර ඇරගත් ඇයට දකින්නට ලැබුණේ කිසිදු විදුලි පහනක් නොදල්වා කාමරය තුල අදුරේ ඉදගෙන සිටින "⁣රෝලන්ඩ්" වයි . ඇය වචනයක්වත් කතා නොකොට ඉක්මනින් කාමරය පිරිසිදු කොට පිටව ගියා. 😶‍🌫️

දෙවන දිනයේදී කාමර පිරිසිදු කිරීමට ගිය ඇය දුටුවේ කාමරය පිටතින් අගුලු දමා ඇති ආකාරයයි. එනම් කාමරය ඇතුලේ සිටි පුද්ගලයා පිටතට ගොස් ඇති බව පැහැදිලි විය. 👀

එමනිසා හෝට⁣ලයේ යතුරෙන් කාමරයේ දොර විවෘත කල ඇය තිගැස්සී ගියේ, අඳුරේ වාඩි වී සිටින "රෝලන්ඩ්" ව දැකීමෙනි. 😶‍🌫️ ඇය ව්‍යාකූල වූ අතර, කාමරයේ අයිතිකරු කාමරය තුල සිටියදී, එය පිටතින් අගුල දැමුවේ කවුරුන්දැයි සිතාගත නොහැකි විය 👀

ඉක්මනින් කාමරය පිරිසිදු කල ඇය පිටවී ගියාය. ඊටපසු දින උදෑසන කාමර වෙත නැවුම් තුවායන් ලබා දීමට ඇය පිටත්වී ගිය අතර . නැවතත් කාමර අංක 1046 පිටතින් අගුලු දමා තිබුණි . 😶‍🌫️

ඇය දොරට තට්ටු කලවිට ඇතුලතින් පිරිමි කටහඬවල් දෙකක් ඇසුනි. එයින් කියවුනේ ඔවුන්ට තුවා අවශ්‍ය නැති බවත් ,වහාම පිටවී යන ලෙසත්ය 👀

"රෝලන්ඩ්" ව හමුවීමට කිසිදු අමුත්තෙක් නොපැමිණි බව ඇයට ඉතමත් විශ්වාසය. එමෙන්ම තට්ටු ගණනක් උසින් පිහිටි හෝටලයේ කාමරයක් තුලට පිටතින් කෙනෙකුට ඇතුල් වීමටද නොහැක 😶‍🌫️

ඊට පසු දින හෝටල් කාර්ය මණ්ඩ⁣ලයට කාමර අංක 1046 හි. දුරකතන රිසීවරය දුරකතනයෙන් ඉවතට ගෙන ,ඉවතින් තබා ඇති නිසා එය ක්‍රියාවිරහිත වී ඇති බව සොයාගැනීමට හැකිවිය. 👀

කාර්ය මණ්ඩලයේ සේවකයෙකු ගොස් එම කාමරයෙ දොරට තට්ටු කලවිට කාමරය තුලින් පිරිමි පුද්ගලයෙකුගේ බීමත් ශබ්දයක් ඇසුනු අතර, සේවකයා සිතුවේ "රෝලන්ඩ්" බීමතින් දුරකතන ක්‍රියාවිරහිත කර ඇති බවයි. 😶‍🌫️

දොරට තට්ටු කර එය නැවතත් නිසි පරිදි සකස් කරන ලෙස දැනුම් දුන් සේවකයා පිටවී ගියේය. නමුත් හවස 3 පමණ වනතෙක් එය යථා තත්වයට පත්වී නොතිබුණි 👀

එම නිසා කාර්යමණ්ඩල සේවකයෙකු හෝටලයේ යතුරෙන් එම කාමරයේ දොර විවෘත කලේය. එවිට "රෝලන්ඩ්" නිරුවතින් ඇඳ මත නිදාගෙන සිට් අතර ඉක්මනින් දුරකතනය සෑදු සේවකයා කාමරයෙන් පිටවී ගියේය 😶‍🌫️

ඊට පැයකට පමණ පසු නැවතත් දුරකතනය ක්‍රියාවිරහිත විය 👀 මෙවර දොරට තට්ටු කලවිට ඇතුලතින් ඇසුනේ " ඇතුලට එන්න , විදුලි පහන් දල්වන්න" යන හඬයි 😶‍🌫️

නමුත් කාමරයේ සිටි පුද්ගලයා දොරෙහි අගුල ඉවත් කොට දොර විවෘත නොකල නිසා , හෝටලයේ යතුරෙන් දොර විවෘත කිරීමට සිදුවිය. 👀

කාමරයේ දොර විවෘත කල සේවකයා දුටුවේ අති බිහිසුණු දසුනකි. 😶‍🌫️

දොරට අඩි කිහිපයක් දුරින් ලේ ගලමින් කෙනෙක් ඉඳගෙන සිටියයේය. ඔහුගේ අත්දෙක හිසට තබා බැඳ දමා තිබූ අතර . සෑමතැනම කැපුම් පහරවල් දක්නට ලැබුණි 😶‍🌫️

කාමරයේ බිත්ති පුරා , සිවිලිම පුරා සහ සම්පුර්ණ ඇද ඇතිරිලි තෙත් වන ලෙස ලේ විසිරී තිබූ අතර, ඉද⁣ගෙන සිටි පුද්ගලයාගේ පපුවේ පි*හි* ඇ*නු*ම් තිබූ අතර පෙනහලු සිදුරු වී තිබුණි . එමෙන්ම හිස්කබලේ එක් ප්‍රදේශයක් කුඩු වී තිබුණි 😶‍🌫️

නමුත් ඒ වනවිටත් "රෝලන්ඩ්" ට සිහිය තිබූ අතර. ඔහුට මෙය සිදුකලේ කවුරුන්දැයි ඇසූ විට ඔහු පැවසුවේ " කවුරුත් නැහැ" යනුවෙනි 😶‍🌫️

ඔහුව රෝහලකට රැගෙන ගියද ජනවාරි 5 වනදා පාන්දර ඔහු මියගියේය. 😶‍🌫️

ඔහුව හමුවීමට කිසිදු පුද්ගලයෙකු හෝටලය තුලට පැමිණ නැති අතර, කාමරයේ තිබූ කිසිදු ම ආකාරයේ හෝඩුවාවක් හෝ ඝාතනය සඳහා යොදාගත් ආයුධයක් හෝ සොයාගත නොහැකි විය 😶‍🌫️

"රෝලන්ඩ්" හෝටලයේ නැවතීමට එන විය රැගෙන ආ දත්බුරුසුව හා පනාවද අතුරුදන් වී තිබූ අතර දුරකතනයේ සටහන් වී තිබූ ඇගිලි සලකුණු හතරක් පොලිසිය සොයාගත්.නමුත් ඒවා හඳුනාගත නොහැකි විය 😕

ඉන්පසු පරීක්ෂණ වලදී හෙලිවුනේ "රෝලන්ඩ්" නැමැති කෙනෙකු එක්සත් ජනපදයේ කිසිම තැනක ජීවත් වී නැති බවයි 😶‍🌫️ ඔහු සම්බන්ධ කිසිදු වාර්තාවක් හෝ තොරතුරක් කිසිම තැනක සටහන් වී තිබුණේ නැති අතර, එවැනි පුද්ගලයෙකු කිසිදා ජීවත් වී තිබුණේ නැත.
....ඔහුව දන්නා කිසිම කෙනෙකු එහි නොසිටි නිසා මාස දෙකකට පසු සිරුර භූමදානය කලහ

එදින ම අවමංගල සබාවට නිර්නාමික ලිපියක් ලැබුණු අතර "සදාකාලයටම ආදරය- ලුසිල්" ලෙස එහි සටහන් විය 👀

කෙසේ හෝ "රෝලන්ඩ්" ව ඝාතනය කලේ කවුරුන්ද? ඔහු රෝලන්ඩ් කාමරයට පැමිණියේ කෙසේද? සැබැවින්ම රෝලන්ඩ් යනු කවුද ? අවසන් දිනයේ ලියුමක් එවූ ලුසිල් කවුද ? යන සියලුම දේවල් , අදටත් නොවිසඳුණු අබිරහස් බවට පත් වී ඇත.

Credit - Ux Charcoal

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when GenZ To posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GenZ To:

Share