26/05/2026
ජිවිතේ සමහර Chapters close වෙන්නෑ.
ඒවා just Pause වෙලා තියනවා 💯❤
ජීවිතේ සමහර මිනිස්සු ඉන්නවා.
අපි එක්ක ගමනක් ආරම්භ කරලා,
අතරමගදී වෙන මාර්ගයක් තෝරගන්න සිද්ධ වෙන මිනිස්සු.
වෙන් වුණත් වෛරයක් නැති,
අමතක වුණත් මතකයෙන් මැකෙන්නේ නැති මිනිස්සු.
ඔවුන් දෙන්නත් එහෙමයි
Campus එකේ ආදරෙන් බැඳුණු හිත දෙකක්.
අනාගතය ගැන හීන ගොඩක් තිබුණා.
ඒත් ජීවිතේ හැම හීනයක්ම අපි හිතන විදිහටම ලියවෙන්නේ නැහැ.
Campus එකෙන් පිටවෙද්දී,
දෙන්නම නිහඬ එකඟතාවයකින් වෙන් වුණා.
දෙන්නම තම තමන්ගේ ජීවිත ගොඩනඟා ගන්න තීරණය කළා.
කාලය ගෙවිලා ගියා !
කෙල්ලට හිත හදාගන්න ටික කාලයක් ගියා.
මතක අමතක කරන්න උත්සාහ කළා.
අන්තිමට ඇයත් විවාහ වුණා.
ඇයට පුතෙකුයි දුවෙකුයි ලැබුණා.
ඔහුත් ජීවිතේ ඉස්සරහට ගියා.
ඔහුට පුතෙක් ලැබුණා.
අවුරුදු ගාණකට පස්සේ,
අහම්බෙන් වගේ ඔවුන් නැවත හමුවුණා.
බැංකුවක !!!
ලෝන් එකක් ගන්න ආපු ඔහුගේ ලිපිගොනු බලන්නේ,
කවදාවත් අමතක නොවුණු ඒ ඇස් දෙක තිබුණු ඇය.
මොහොතකට කාලය නතර වුණා වගේ.
ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුණා.
කොණ්ඩේ අතරින් සුදු රේඛා කිහිපයක් ඇවිත් තිබුණා.
වගකීම්, දරුවන්, පවුල්... හැමදේම තිබුණා.
ඒත් මතකවලට වයසක් නැහැ.❤️🩹
ටික වෙලාවක් කතා කරපු ඔහු හිනාවක් එක්ක කිව්වා
""ඔයා මෙහේ ඉන්නවා කියලා මම ඇත්තටම දැනගෙන හිටියෙ නෑ.."
"ඇයි දන්නවා නම් එන්නෙ නැද්ද?"
"අනේ මන්දා..
අතීතකාමය කියන්නෙ වේදනාවක්..
සමහරවිට දැනගෙන හිටියා නම් මීට කලින් එන්නත් තිබුණා,
සමහරවිට නොඑන්නම තිබුණා.."
ඇය මොහොතක් නිහඬව බලාගෙන ඉඳලා උත්තර දුන්නා,
"අපිට නැති වුණු දේවල්වලට තමයි අපි වැඩියෙන්ම ආදරේ කරන්නේ..."
ඒ වචන දෙක අතර අවුරුදු ගණනාවක කතාවක් තිබුණා.
සමහර ආදර කතා ජයග්‍රහණයකින් ඉවර වෙන්නේ නැහැ.
සමහර ආදර කතා විවාහයකින් අවසන් වෙන්නෙත් නැහැ.
ඒත් ඒවා අසාර්ථක ආදර කතා කියලා කියන්නත් බැහැ.
මොකද
සමහර මිනිස්සු අපේ ජීවිතේට එන්නේ අපි එක්ක ජීවිත කාලයක් ඉන්න නෙවෙයි.
ආදරේ කියන්නේ මොකක්ද කියලා උගන්නලා යන්න.
ඒ නිසාම!!
කාලය කොච්චර ගෙවුණත්,
සමහර නම් හදවතෙන් මැකෙන්නේ නැහැ.
සමහර මතක අමතක වෙන්නේ නැහැ.
සමහර මිනිස්සු නැතිවුණත්,
ඔවුන් වෙනුවෙන් හදවතේ තිබුණු ආදරේ කවදාවත් සම්පූර්ණයෙන්ම මිය යන්නේ නැහැ. 🖤✨
✍️ Thusitha Dayanga
#නටන්අයෙක්සුරාමතින්