Badulla District Media Unit

Badulla District Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Badulla District Media Unit, News & Media Website, badulla district secretariat, Badulla.

මාධ්‍ය ඒකක සවිබල ගැන්වීමේ මාධ්‍ය පුහුණු වැඩසටහනක් බදුල්ලේදී...========================බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ල...
16/07/2026

මාධ්‍ය ඒකක සවිබල ගැන්වීමේ මාධ්‍ය පුහුණු වැඩසටහනක් බදුල්ලේදී...
========================

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා පළාත් පාලන ආයතනවල මාධ්‍ය ඒකක සවිබල ගැන්වීමේ මාධ්‍ය පුහුණු වැඩසටහන බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අද (16) පැවැත්විණි.

ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන තොරතුරු වඩාත් වේගවත්ව, නිවැරදිව හා කාර්යක්ෂමතාවයෙන් යුතුව ජනතාව වෙත ළං කිරීමට නව මාධ්‍ය භාවිතා කිරීමත්, ප්‍රජාවට සමීප වෙමින් ප්‍රාදේශීය තොරතුරු රාජ්‍ය මට්ටමේ තොරතුරු හා සංවර්ධන තොරතුරු ප්‍රජාවට වැදගත් ලෙසින් ලබාදිය යුත්තේ කෙසේද, එම තොරතුරු විධිමත් පරිදි ජනගත කළ හැකි ආකාරයන් පිළිබඳවත් දැනුවත් කෙරිණි.

මාධ්‍ය භාවිතය හා බලය පිළිබඳව ජනාධිපති මාධ්‍ය උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා විසින් සිදු කළ දේශනයේදී, ජනතාව සිටින තැනට රජයේ පණිවිඩය රැගෙන යෑම වගකීම ලෙස සලකා ප්‍රජාව බලගැන්වීමේ කාර්ය සිදු කළ යුතු අතර ඒ සඳහා කෘතිම බුද්ධිය යහපත් ලෙස භාවිතයට ගත යුතු බවද දැන්වීය.

සංවර්ධන ක්‍රියාවලියේ නව මානයන් සොයා යමින් ප්‍රාදේශීය මාධ්‍යකරණයේ නියැලෙන්නන් ලෙස කටයුතු කළ යුතු බව ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතා විසින් ප්‍රකාශ කළ අතර රාජ්‍ය ආයතනයක සමාජ මාධ්‍යක් ලෙස ප්‍රජාවට සමීප විය යුත්තේ කෙසේද, රජයේ වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙන හා හැකි ආකාරයන් සහ ජනතාවගේ එදිනෙදා කාර්යයන් පහසුවෙන් සිදු කර ගැනීම සඳහා රාජ්‍යයාන්ත්‍රණය තුළින් කටයුතු කළ හැකි ආකාරයන් පිළිබඳව තාක්ෂණික කරුණු රැසක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අධ්‍යක්ෂ මාධ්‍ය හා තොරතුරු ගිහාන් බුද්ධික වීරසිංහ මහතා විසින් දැනුවත් කළේය.

රජයේ ප්‍රවෘත්තිය අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර, ජනාධිපති මාධ්‍ය උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අධ්‍යක්ෂ මාධ්‍ය හා තොරතුරු ගිහාන් බුද්ධික වීරසිංහ යන මහත්වරුන් විසින් සම්පත්දායකත්වය ලබා දුන් වැඩසටහන සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මාධ්‍ය ඒකක නිලධාරින් හා පළාත් පාලන ආයතනවල මාධ්‍ය නිලධාරීන් සම්බන්ධ විය.

මෙම අවස්ථාවට බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්), සහකාර අධ්‍යක්ෂ (සන්නිවේදන) ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - බදුල්ල

බදුල්ල දිස්ත්රික් මාර්ග පද්ධති සම්බන්ධීකරණ අනු කමිටුව රැස්වේ...==========================බදුල්ල දිස්ත්රික් මාර්ග පද්ධති ...
16/07/2026

බදුල්ල දිස්ත්රික් මාර්ග පද්ධති සම්බන්ධීකරණ අනු කමිටුව රැස්වේ...
==========================

බදුල්ල දිස්ත්රික් මාර්ග පද්ධති සම්බන්ධීකරණ අනු කමිටු රැස්වීම පසුගියදා (14) බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දිස්ත්රික් මාර්ග අනු කමිටුවේ සභාපති දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිස්ත්රික්කය තුළ ජාලගතව පවතින සියලූම මං මාවත්වල ඇති ගැටළු අඩුපාඩු හඳුනා ගැනීම හා නිරාකරණය කර ගැනීමත්, ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කර ගැනීම හා දැනට සංවර්ධනය කරමින් පවතින මාර්ගවල ප්‍රගතිය විමසා බැලීමත් මෙහිදී සිදු කෙරිණි.

බදුල්ල, බණ්ඩාරවෙල, කැප්පෙටිපොළ සහ මහියංගණය ඩිපෝ තුළ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්රික්කය තුළ තෝරාගත් දුම්රිය ස්ථාන නවීකරණය කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

මාර්ග සංවර්ධන කටයුතුවල පවතින නෛතික ගැටළු, ආයතනගත ගැටළු හා සම්බන්ධ තීරණ රැසක්ද මෙහිදී ගනු ලැබීය.

මෙම මාර්ග පද්ධති සංවර්ධන කමිටුව සඳහා බදුල්ල නගරාධිපති ඇතුළු දේශපාලන අධිකාරිය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම, මහා මාර්ග අමාත්‍යයංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරින්, පළාත් මාර්ග අමාත්යාංශ ලේකම්, මාර්ග සංවර්ධන පළාත් අධ්යක්ෂ,පොලීසිය, ක්රම සම්පාදන අධ්යක්ෂවරුන්, ප්රාදේශීය ලේකම්වරුන්, රාජ්ය නිලධාරීන් ඇතුළු වගකිවයුතු පිරිසක් එක්ව සිටියහ.

දිස්ත්රික් මාධ්ය ඒකකය - බදුල්ල

“Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) ජාතික වැඩසටහනට සමගාමීව අඹදණ්ඩේගම (ලක්සිරි ගම) වැඩසටහන.=========================2...
16/07/2026

“Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) ජාතික වැඩසටහනට සමගාමීව අඹදණ්ඩේගම (ලක්සිරි ගම) වැඩසටහන.
=========================

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) හෙවත් තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ඊයේ (15) දින බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹදන්ඩේ ගම දී පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ කුඩා තේවතු අංශය නවීකරණය කිරීම, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ තේ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ තෝරා ගනු ලැබූ තේ ගම්මානයක් ලෙස ලක්සිරිගම තේ ගම්මානය තෝරා ගනු ලැබූ අතර එමගින් ප්‍රදේශයේ තේ නව්‍යකරණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම වැඩසටහනට සමගාමීව පොහොර සහනාධාර චෙක් පත් ලබාදීමක්ද සිදු කරන ලදි.

මෙම වැඩසටහන සඳහා අඹ දණ්ඩේගම ප්‍රජා ශක්ති සභාපති තුමන් ඇතුළු නියෝජිතයන් බඹරගම ග්‍රාම නිලධාරීතුමන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීතුමන් ඇතුළු රාජ නිලධාරීන්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ තේ ව්‍යාපෘති නිලධාරී ප්‍රේම කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - බදුල්ල

13/07/2026

බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාර අනතුරින් පීඩාවට පත් සිසුවිය ඇතුළු පවුලේ දරුවන්ට ජනාධිපති අරමුදලින් මාසික ශිෂ්‍යාධාරයක්!
-----------------------------------
පසුගිය මාර්තු මස 23 වැනිදා බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාරය තුළදී සිදුවූ හදිසි අනතුරකින් පිලිස්සුම් තුවාල ලැබූ සිසුවියගේ ඉදිරි ප්‍රතිකාර සහ එම පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් මාසිකව රුපියල් 25,000ක ශිෂ්‍යාධාරයක් ලබා දීමට පියවර ගෙන තිබේ.

විද්‍යාලයේ විද්‍යාගාරය තුළ පිෂ්ඨ පරීක්ෂාවක් (Starch Test) සිදු කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑවේ අදාළ පවුලේ දෙවැනි දරුවා වන සිසුවියයි. පරීක්ෂණය අතරතුර භාවිත කළ ස්පිරිට් උතුරා ගොස් ගිනි ගැනීමත් සමඟ ඇය මෙලෙස පිලිස්සුම් තුවාල ලැබුවාය. අනතුරින් පසු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණු සිසුවිය මාසයකට අධික කාලයක් එහි නේවාසිකව විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලැබූ අතර, මේ වන විට තුවාල සුව අතට හැරෙමින් තිබුණද ඇයට තවදුරටත් අඛණ්ඩව වෛද්‍ය සාත්තු සහ ප්‍රතිකාර සිදු කෙරෙමින් පවතී.

මෙම සිදුවීම සහ පවුලේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුවියගේ මව විසින් ජනාධිපති අරමුදල වෙතින් සිදු කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම සහනය සැලසීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂක සිසිර සෙන්පති කහවත්ත මහතා සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද දින ( ජුලි 11 ) අදාළ සිසුවියගේ නිවස වෙත පැමිණ පවුලේ සාමාජිකයින් හමුවී මෙම ශිෂ්‍යාධාරය නිල වශයෙන් පිරිනැමීම සිදු කළහ.

අනතුරට පත් සිසුවිය ඇතුළු එම පවුලේ ඉගෙනුම ලබන දරුවන් සිවුදෙනාගේම ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සෑම මාසයකම රුපියල් 25,000ක මුදලක් අඛණ්ඩව අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලෙස ලබා දීමට ජනාධිපති අරමුදල මගින් මෙලෙස කටයුතු සලසා ඇත.

බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

මූලික විමර්ශනය, විමර්ශන කාර්යයන් හා විනය සම්බන්ධ පුහුණු වැඩසටහන…=================බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප...
13/07/2026

මූලික විමර්ශනය, විමර්ශන කාර්යයන් හා විනය සම්බන්ධ පුහුණු වැඩසටහන…
=================

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරීන් සඳහා මූලික විමර්ශනය හා විනය පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධව පුහුණු වැඩසටහන පසුගියදා (10) පෙ.ව.9.00 සිට ප.ව.4.30 දක්වා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය අංක 02 ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් බණ්ඩාර නවරත්න මහතා විසින් සම්පත් දායකත්වය ලබාදුන් මෙම වැඩසටහන සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර දිස්ත්‍රික් ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, පරිපාලන නිලධාරීන්, විනය කටයුතු විෂය භාර නිලධාරීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරීන් සහභාගී විය.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ උපදෙස් මත සහකාර දිස්ත්‍රික් ලේකම් සජිත් නාමල් මහතාගේ මග පෙන්වීමෙන් දිස්ත්‍රික් පුහුණු අංශයේ නිලධාරී විසින් වැඩසටහන සංවිධානය කරන ලදි.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - බදුල්ල

  බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාර අනතුරින් පීඩාවට පත් සිසුවිය ඇතුළු පවුලේ දරුවන්ට ජනාධිපති අරමුදලින් මාසික ශිෂ්...
13/07/2026

බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාර අනතුරින් පීඩාවට පත් සිසුවිය ඇතුළු පවුලේ දරුවන්ට ජනාධිපති අරමුදලින් මාසික ශිෂ්‍යාධාරයක්!
-----------------------------------
පසුගිය මාර්තු මස 23 වැනිදා බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාරය තුළදී සිදුවූ හදිසි අනතුරකින් පිලිස්සුම් තුවාල ලැබූ සිසුවියගේ ඉදිරි ප්‍රතිකාර සහ එම පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් මාසිකව රුපියල් 25,000ක ශිෂ්‍යාධාරයක් ලබා දීමට පියවර ගෙන තිබේ.

විද්‍යාලයේ විද්‍යාගාරය තුළ පිෂ්ඨ පරීක්ෂාවක් (Starch Test) සිදු කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑවේ අදාළ පවුලේ දෙවැනි දරුවා වන සිසුවියයි. පරීක්ෂණය අතරතුර භාවිත කළ ස්පිරිට් උතුරා ගොස් ගිනි ගැනීමත් සමඟ ඇය මෙලෙස පිලිස්සුම් තුවාල ලැබුවාය. අනතුරින් පසු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණු සිසුවිය මාසයකට අධික කාලයක් එහි නේවාසිකව විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලැබූ අතර, මේ වන විට තුවාල සුව අතට හැරෙමින් තිබුණද ඇයට තවදුරටත් අඛණ්ඩව වෛද්‍ය සාත්තු සහ ප්‍රතිකාර සිදු කෙරෙමින් පවතී.

මෙම සිදුවීම සහ පවුලේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුවියගේ මව විසින් ජනාධිපති අරමුදල වෙතින් සිදු කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම සහනය සැලසීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂක සිසිර සෙන්පති කහවත්ත මහතා සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද දින ( ජුලි 11 ) අදාළ සිසුවියගේ නිවස වෙත පැමිණ පවුලේ සාමාජිකයින් හමුවී මෙම ශිෂ්‍යාධාරය නිල වශයෙන් පිරිනැමීම සිදු කළහ.

අනතුරට පත් සිසුවිය ඇතුළු එම පවුලේ ඉගෙනුම ලබන දරුවන් සිවුදෙනාගේම ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සෑම මාසයකම රුපියල් 25,000ක මුදලක් අඛණ්ඩව අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලෙස ලබා දීමට ජනාධිපති අරමුදල මගින් මෙලෙස කටයුතු සලසා ඇත.

බදුල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

Address

Badulla District Secretariat
Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Badulla District Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share