23/07/2026
01.කොටස..
ලුහුබැදෙන පෙම්වතා.. .
"ගුඩ්මෝනින් මිස්"
උදේම දොර ඇරගෙන එනකොට දොර ලග ඉදන්
ලස්සනට කපපු රැවුල,හෙයාර්ස්ටයිල් එක, කළුකලිසමට යට කරපු සුදු සර්ට් එක .. ඔහුගේ රුවටනම් ඕනිම කෙනෙක් වශී වන සුළුයි.
"කවුද ඔයා"
"මං තමා මිස්ටර් වීරවර්ධන මිස් වෙනුවෙන් අලුතින් පත්කරපු අලුත්ම බොඩිගාර්ඩ්. මගේ නම අශ්වින් වික්‍රමසිංහ , අවුරුදු 28යි. ගම අනුරාධපුරය "
ඔහු විස්තර කියාගෙන යනකොටනම් මට බැලුනේ ඔහුගේ ඇස් දිහාවෙමයි. ඒ ඇස් මාරම ලස්සනයි .
"අපේ තාත්තිටත් පිස්සුද මන්දා, දැන් බොඩිගාර්ඩ්ලා කීයක්නම් ගෙනාවද.. බලමුකෝ ඔයාවත් අඩුම මාසයක් ඉදීද කියලා. "
වැඩි කතා බහක් නැති ඔහු මාත් සමගින්ම පහල තට්ටුවට ආවේය.
මගේ තාත්තා ප්‍රසිද්ධ ව්‍යාපාරික මහේෂ් වීරවර්ධන විය. අම්මා ප්‍රසිද්ධ නීතිඥ චමිලා වීරවර්ධන විය. ඉතින් මේ දෙන්නගේ එකම දුව මම ශනුකි අමායා වීරවර්ධන ..
අපි පහළට එනකොට අම්මියි තාත්තියි කෑම මේසයේ වාඩි වී සිටියේය.
"තාත්ති ,ඔයා දැන් මට බොඩිගාර්ඩ්ලා කී දෙනෙක්නම් ගෙනාවද? ,එක්කෙනෙක්වත් හරි ගියේ නෑ. අනික හරිම වදයක් මේක. යන යන තැනට එක්කරගෙන යන්න. යාළුවො මට හිනා වෙනවා."
"ඔයාගේ හොදටයි අපි බොඩිගාර්ඩ් කෙනෙක් ගෙනාවේ . අනික මෙයාව සිලෙක්ට් කරේ ඔයාව මැරි කරන්න ඉන්න සිල්වා අන්කල්ගේ පුතා සනුක. එයා තමයි ජපන් වල ඉදන් මෙයාව ඔයාට හොදයි කියලා යෝජනා කලේ."
සනුක සිල්වා කියන්නෙ මගේ තාත්තිගේ හොදම යාලුවගේ පුතා. එයාව මට බන්දලා දෙනවා කියලා මෙයාලා අපි පොඩි කාලේ ඉදන්ම තීරණය කරලා. මං ඒ මනුස්සයව දැකලවත් නෑ. කොච්චර අකමැති උනත් වැඩක් නෑ. අපේ තාත්ති තීරණයක් ගත්තොත් ගත්තමයි. ලෝයර්ස්ලගේ හැටිනේ.
"හරි හරි. ඕනි එකක්. හැබැයි මෙයාවනම් මෙහෙම යුනිෆෝම් වගේ සුදු සර්ට් ඇදගෙනනම් මාත් එක්ක එක්කරගෙන යන්නේ නෑ. මුලින් මං මෙයාව මගේ විදියට හදලා ගන්නවා. ඔයාට ඒකේ ප්‍රස්නයක් නෑනේ අශ්වින්."
"නෑ මිස් . මේක මගේ ජොබ් එකනේ"
"එහෙනම් මෙතනින් වාඩිවෙන්න අපිත් එක්කම කෑම කමු.කමක් නෑනේ තාත්ති මෙයා අපිත් එක්ක කෑම ගත්තට."
එහෙම අහනවත් එක්කම අම්මා පුටුවත් තල්ලු කරගෙන නැගිට්ටේ කේන්තියෙන් .
"පිස්සුද දුව ඔයාට,බොඩිගාර්ඩ්ස්ලා අපිත් එක්ක එකට කන්න. එයාලගේ තැන එයාලට දෙන්න ඕනි එච්චරයි . ඔයා ඕනි දෙයක් කරගන්න . හැබැයි එක දෙයක් අපි එක්ක සම සමවනම් ඉන්න බෑ. ඔයාට තේරුනානේ."
"අම්මි එතකොට මෙයාට මං එක්ක ඕනි තැනකට යන්න හොදයි. කෑම මේසේ වාඩි උනාම වැරදි.අපි යමු අශ්වින් යන්න. "
මං අශ්වින් එක්ක ගෙදරින් එලියට ආවේ කේන්තියෙන් . තාත්තිවත් මොකුත් නොකියපු එකට ඊට වඩා කේන්ති මට.
🖋️ වින්ධ්‍යා විදානගේ
#නවකතා #කෙටිකතා
🚫කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම තහනම් .